Lagna Palapala 2020-08-08 | ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Friday, August 7, 2020

Lagna Palapala 2020-08-08 | ලග්න පලාපල | Gurukam.net


ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 අගෝස්තු මස 07 වන සිකුරාදා

ඉර උදාව   - පෙරවරු 06.04 ට

ඉර බැසීම  - පස්වරු 18.29

රාහු කාලය

දිවා 10.34 සිට 12.03 දක්වා

රාත්‍රී 22.34 සිට 00.03 දක්වා

සුභ දිශාව            - උතුර

මරු සිටින දිශාව - ගිණිකොන


මේෂ

ඉංජිනේරු හෝ කාර්මික අංශවල යෙදී සිටින්නන් ඔවුුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන අතර ඉන් පැසසුම් ලද හැකිය. ලෞකික දේවලට අදාළ වන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා සමත් වේ. වෙළඳ කටයුතු ආදියට ද සුබදායක වේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කැපී පෙනෙන ආකාරයෙන් ක්‍රියා කරයි. පොදුජන සේවය වෙනුවෙන් මහන්සි වී කටයුතු කෙරෙන දිනයක් වීමේ ඉඩකඩ පවතී. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කර ජයග්‍රහණ ලබා ගත හැකි දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න.

ජය වර්ණය - රතු,   ජය අංකය  -  09, 

වෘෂභ

දේව ඇදහිලි, මන්ත්‍ර ශාස්ත්‍ර ආදියට වැඩි නැඹුරුවක් යෙදිය හැකිය. ලෙඩ රෝග තත්ත්වයක් සමනය වීමේ කරුණු යෙදේ. තමාගේ තත්ත්වය පහත හෙළීමට බලා සිටි අයට වැරදිය හැකිය. දරුවන්ගේ ගණිතමය ඥානය වැඩි දියුණු කර ගැනීමට හැකි දිනයකි. නීති අංශයේ රැකියා කටයුතු කරන්නන්ගේ තර්ක හමුවේ අන් පාර්ශ්වය අසරණ විය හැකිය. පොත්පත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට වෙනදාට වඩා වැඩි ලාභ ප්‍රයෝජන හිමි වීමේ භාග්‍ය පවතී. ප්‍රචාරක කටයුතු සාර්ථකය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,   

මිථුන

සතුරන්ගෙන් එල්ල විය හැකි හිරිහැරවලින් ගැලවී සිටීමට හැකි දිනයකි. කෙරෙන කර්මාන්ත ආදිය සාර්ථක කරවයි. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලැබෙයි. රැකියාව තුළ උසස් වීම් ද ඇති කරයි. ජලය සම්බන්ධව කටයුතු ආදියේ  යෙදීමෙන්  ප්‍රවේශම් සහගත විය යුතුය. කලහ කිරීම් ආදියට පැටලීමේ ස්වභාවයක් පවතින නිසා විමසිලිමත් විය යුතුය. විවිධ දෝෂාරෝපණයන් එල්ල විය හැකි වුවද ඒවාට සාර්ථකව මුහුණ දීමේ ශක්තියක් පවතී. අද දින රස කැවිලි දන් දෙන්න.ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,

කටක

හවුල් ව්‍යාපාර කරන්නන්ට මහජන ගනුදෙනුවලින් ලාභ හිමිවීමේ ප්‍රවණතාවක් පවතී. පවතින වෙළඳ සබඳතා පුළුල් වීමේ හැකියාවක් ඇත. දරුවන්ද තම හැකියාව මත ප්‍රකට වීමේ ස්වභාවය පවතී. හොඳ එකමුතු හැඟීමක් පවතින බැවින් සමාජ කටයුතු ආදියේ දී මුල්තැන හිමි වේ. විවාහ දිවියේ පවතින අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම සාර්ථක වීමේ ලකුණු පෙන්නුම් කරයි. මැසි මදුරු ආදී සතුන්ගෙන් හිරිහැර, කරදර හා ලෙඩ රෝග ඇතිවන බැවින් කල්පනාකාරීවන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,

සිංහ

පෞද්ගලික සතුරන් සිටී නම් ඔවුන්ට ඔබට විරුද්ධ වීමට අපහසු වේ. නීති ගැටලු ආදිය ඉදිරිපත් වන්නේ නම් ඔබට ඒවායින් ජයග්‍රහණය ළඟා කරගත හැකි වටපිටාවක් ගොඩනැගේ. විභාග ආදියෙන් ජයග්‍රහණ අත්විය හැකිය. උදරය ආශ්‍රිතව හටගත් රෝගාබාධ වේ නම් ඉන් සුවය අත්විය හැකිය. කිසියම් නව ශක්තියක් ශරීරයේ ක්‍රියාත්මක වන දිනයකි. රැකියාවේ මෙතෙක් පැවැති බාධක ගැටලු වේ නම් ඉන් තරමක හෝ සහනයක් ලැබීමට ඉඩ ප්‍රස්තා පවතී. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - රතු,  ජය අංක - 01,

කන්‍යා

ගර්භණී කාල සීමාවෙහි සිටින්නියන් ආරක්ෂා සහිතව අද දිනය ගත කළ යුතුය. ආදරවන්තයන් අතර භේද වීම් යෙදිය හැකිය. දරුවන් සමඟ කතා කිරීමේ දී ඉවසීමෙන් කටයුතු කළ යුතුය. දරුවන්ගේ කටයුතු සොයා බැලිය යුතුය. නැතහොත් ඔවුන් සම්බන්ධ ප්‍රශ්න ආදියට මුහුණ පෑමට ඉඩ ඇති කරුණු මතුවේ. විශාල ව්‍යාපෘති භාරගෙන ක්‍රියා කළ අයට විශාල ලාභ ලැබීමේ ප්‍රවණතාවක් යෙදිය හැකිය. හවුල් කටයුතුවල නියැළෙන්නන් ඒ සඳහා විවිධ ප්‍රයෝජන භාවිතා කිරීමට අවකාශ පවතී. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - කොළ,   ජය අංකය -05,

තුලා

වෙනදාට වඩා නිවසහි මුල් තැන ගෙන කටයුතු කිරීමට හැකිය. ඔබ තුළ මානසික ප්‍රමුදිතභාවයකින් යුතු වන දිනයක් වේ. ඕනෑම කටයුත්තක් ඉවසීමක් ඇතිව කෙරෙන බැවින් කිසිවෙකුටත් ඔබව තරහ ගැස්විය නොහැකි වේ. ගන්නා තීන්දු තීරණ අභිවෘද්ධියට හේතු විය හැකිය. සෑම කටයුත්තකටම දුරදිග බලා තීරණ ගන්නා නිසා අද යහපත් දිනයකි. තමා භාරගත් කටයුතු ඉතා ක්‍රියාශීලීව නිම කිරීමට හැකි වටපිටාවක් ගොඩනැගේ. කාලත්‍රයාගේ රැකියා කටයුතු වලින්ද ලැබීම් පවතී. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න.ජය වර්ණය - නිල්,   ජය අංකය - 06, 

වෘශ්චික

නොසෙල්වෙන ආත්ම විශ්වාසයකින් කටයුතු කරයි. මතක ශක්තිය දියුණු කිරීමේ කටයුතුවල නිරත වේ. උසස් අධ්‍යාපනික කටයුතුවල නිරත වන්නන් හට ධෛර්යය හිමි වේ. කලාකරුවන්ට ඔවුන්ගේ වෘත්තීමය විශේෂ දක්ෂතා පෙන්වීමට හැකියාව ලැබිය හැකි දිනයකි. ඉංජිනේරු හෝ ගණිත ක්ෂේත්‍රවල නියැළී සිටින්නන් අත්හදා බලන පර්යේෂණවල සාර්ථකත්වයක් හිමිකර ගත හැකිය. දේශපාලන කටයුතුවල නිරත වූවන් අද දිනයේ පතුරුවන කතා මහජනයා තුළ ප්‍රකට ආකර්ෂණීය තත්ත්වයන් ඇති වේ. පංච වර්ණ මල් පූජා කරන්න.ජය වර්ණය - රතු,   ජය අංකය -09,

ධනු

අසනීප තත්ත්වයන්වලින් සහනයක් ලැබීමට හැකි දිනයක් වේ. වාග් චාතුර්ය බලවත් දිනයක් වන නිසා අන්‍යයන් තම කතාවට යටහත් පහත් වන ස්වභාවයක් පවතී. කතාකර නොපරදින ස්වභාවයක් වේ. පොළොව ආශ්‍රිත කටයුතුවල යෙදෙන්නන් හට මැණික් ආදියෙන් වාසි සහගත විය හැකිය. රැකීරක්ෂා ආදියේ පදවි තානාන්තර හිමිවිය හැකිය. ආරක්ෂක ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ට තම වෘත්තිය හැකියාව හොඳින් පෙන්විය හැකි දිනයක් වනු ඇත. ණය දීම් සහ ගැනීම්වලදී ප්‍රවේශම් විය යුතුය. අද දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03, 

මකර

අද දිනයේ ඔබට ඕනෑම ගැටළුකාරී තත්ත්වයක් දරා සිටීමේ මනා හැකියාව පවතී. ආදායම් හිමිකර ගැනීමට ගන්නා උත්සාහයන් අපතේ නොයයි. එම නිසා ඒවා අතහැර දැමීම අවාසි සහගත වේ. සහකරුට තරමක අපල සහගත සෞඛ්‍යමය ගැටලු යෙදීමට පවතින බැවින් සැලකිලිමත්ව සිටිය යුතුය. ඔබට විරුද්ධව යෙදෙන කුමන්ත්‍රණ ආදියෙන් බේරී සිටීමට වෙර දැරීමට විය හැකිය. දරුවන්ගේ හිතුවක්කාරකම් නිසා ඔබගේ මනස ව්‍යාකූල වීමේ ඉඩකඩ පවතී. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - නිල්, ජය අංකය -08, 

කුම්භ

සිහි මූර්ජා වීම්, නින්ද නොයෑම් ආදී ගැටලු ඇති කළ හැකිය. ණය තුරස් ආදිය පියවීම උදෙසා උත්සාහ කළ හැකි වේ. වංචා ආදියට අසුවීමට ඉඩ පවතින නිසා ඒ පිළිබඳව අවධානයෙන් පසු විය යුතුය. රහස් සතුරු බලවේගයන්ට බුද්ධිමත්ව හා සාර්ථක ලෙස මුහුණ දීමට උත්සාහ ගනී. ශාස්ත්‍රීය කටයුතු කෙරේ වැඩි නැඹුරුවක් සහිතව ක්‍රියා කිරීමට ඉඩ පැවතිය හැකිය. ඉඩකඩම් ආශ්‍රිත ව්‍යාපාරයන්හි නිරතවන්නන් හට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු වේ. අද දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - නිල්, ජය අංකය - 06,

මීන

මිත්‍රයන් සමඟ කටයුතු කිරීමේ දී වාසිදායක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතී. පොදු සේවා කටයුතුවල දී කැපී පෙනෙන චරිතයක් විය හැකිය. දෙවියන් කෙරෙහි භක්තිමත් බව වැඩි වේ. අහිමි වී ගිය දෙයක් නැවත ගොඩනගා ගැනීම සඳහා වඩාත් උනන්දු වේ . කාන්තා පක්ෂයට අවශ්‍ය දෑ වෙළදාම් කිරීමේ දී වඩාත් ලාභ ඉපැයිය හැකි වේ. ණයට මුදල් ලබා දෙන්නන්ට නියමිත මුදල් නැවත ලැබිය හැකි දිනයකි. තම යහපත් අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමට සුදුසු දිනයකි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න.ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,



















ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000


අද දවස ඔබට


2020 අගෝස්තු මස 08 වන සෙනසුරාදා

ඉර උදාව  - පෙරවරු 06.04 ට

ඉර බැසීම - පස්වරු 18.29 ට

රාහු කාලය

දිවා 09.04 සිට 10.32 දක්වා

රාත්‍රී 21.04 සිට 22.32 දක්වා

සුභ දිශාව            - දකුණ

මරු සිටින දිශාව - නැගෙනහිර


මේෂ

ජලය සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් විය යුතු දිනයකි. මුත්‍රා ආබාධයන් මතු කරයි. මවගේ සෞඛ්‍ය තත්ත්වයට ද ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. ස්ත්‍රී පක්ෂයේ කටයුතු වෙනුවෙන් මුදල් වැය වීමක් සිදුවිය හැකිය. සහෝදරියකගේ රැකියාව සම්බන්ධව අවහිර බාධා මතුවිය හැකිය.  විවාහකයන්ට අතර  පීඩාවට පත් කෙරෙන විහිළු තහළු මතු වීමෙන් ගැටලු යෙදේ. චරිතය සම්බන්ධ අවමාන දෝෂාරෝපණ යෙදිය හැකි නිසා කල්පනාකාරී විය යුතුය.ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.

වෘෂභ

මහජනයා සමඟ කෙරෙන කටයුතු ආදිය හොඳින් සිතා බලා සිදු කළ යුතුය. වෙළඳාමෙන් වඩාත් වාසි වාසිදායක තත්ත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකිය. ප්‍රේම සබඳතාවල ගැටලු මතු විය හැකිය. අර්ශස් වැනි රෝගයන්ගෙන් පෙළෙන්නන් වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. වැරදි හැඟීම් දැනීම් ඇති වීමෙන් නීතිමය ගැටලු මතු විය හැකිය. සංචාරක කටයුතු කරන්නන් සැලකිල්ලෙන් යුතුව වැඩ කිරීම යහපත්ය. හවුල් ව්‍යාපාර කරන පුද්ගලයන් අතර ද විවිධ මතභේද මතුවිය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

මිථුන

තැන්පත් ධනය වැය වීමට කටයුතු යෙදිය හැකිය. ශරීරයේ තුවාලයන් ඇති වීමේ ඉඩකඩ වැඩිය. දූ දරුවන්ගේ  අධ්‍යාපන තත්ත්වය පහත වැටීමක් හෝ කාලත්‍රයාගේ වියදමේ කිසියම් වැඩි වීමක් විය හැකිය. උණ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් එම රෝග යටපත් කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෙම තත්ත්වයන්ගෙන් පීඩා විඳීම නිසා ඇස්වලට ඉහළින් නළල ප්‍රදේශයේ පීඩාකාරී තත්ත්වයන් මතුවිය හැකිය. සනීපාරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු දිනයකි.ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

කටක

අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසෙයි. රේස් වැනි සූදුවල යෙදීමේ ප්‍රවණතාව වැඩි බැවින් ආර්ථික ගැටලු ඇතිවිය හැකිය. ප්‍රේම  සබඳතාවලට යහපත් දිනයක් වනු ඇත. හවුල් ව්‍යාපාර කරන්නන්ගෙන් ලාභ හිමි විය හැකිය. දරුවන්ගේ ශරීර සෞඛ්‍ය සැලකිලිමත් විය යුතුය. පුද්ගලයන් සමඟ නීති විරෝධී කටයුතු පවත්වා ගැනීමට සිදුවිය හැකිය. රහස් මිත්‍රත්වයන් යෙදීමේ හැකියාව පවතී. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම තුළින් අද දවසේ කටයුතු බොහොමයක් සාර්ථක කර ගත හැකිය.ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.

සිංහ

මව් පස ඥාතීන් සමඟ විරෝධකම් මතු විය හැකිය. කුලී නිවැසියන්ට කරදර යෙදිය හැකිය. දරුවන් උදෙසා වැඩි වියදමක් දැරීමට සිදු වේ. කෘෂිකාර්මික කටයුතු සඳහා සුබදායී දවසකි. භාරගත් කටයුතු කෙසේ හෝ නිම කිරීමට උත්සාහ කරයි. සිතෙහි සැනසුම අඩුවන අතර චංචල ගතිය වැඩිවිය හැකිය. තමාගේ සැඟවුණු තොරතුරු ප්‍රසිද්ධ වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුය. මවගේ සුබ සිද්ධිය ගැන වෙහෙසී වැඩ කිරීමට සිදු වේ. සෙම් ආබාධයන් ඇතිවිය හැකිය.ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.

කන්‍යා

ගිවිසුම් හෝ කොන්ත්‍රාත් අත්සන් කිරීමේ දී ලාභ දායක විය හැකිය. උසස් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතුවල ප්‍රගතියක් ඇත. කෙටි ගමන් බිමන් බහුලව යෙදිය හැකි දිනයකි. මුහුදු ගමන්වල දී කල්පනාකාරි විය යුතුය. සෙම් ගෙඩි ආදියෙන් පීඩා වේ. පියාට අපලදායක තත්ත්වයක් ඇති කරයි. දේපළ බෙදා වෙන් කිරීම් ආදියෙන් ඥාතීන් සමඟ අර්බුධ මතු වීමට  ඉඩ ඇත. ඔබ පිළිබඳ නොයෙකුත් කතා පැතිර යෑමට ඉඩ පවතී. තම ගණිතමය ඥානය වැඩිදියුණු කරගත හැකි දිනයකි.ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

තුලා

පවුලේ සාමාජිකයන් පිළිබඳ වැරදි අවබෝධයකින් පසු වේ. උණ රෝග ආදී අසනීප තත්ත්වයන් වැඩිවිය හැකිය. වෙළහෙළඳාම් කටයුතුවලින් අලාභ හානි සිදු වේ. කල්පනා ශක්තිය දුර්වල වේ. කතාවෙන් වුවද සතුටක් නොලැබිය හැකි නිසා වචන ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුය. රැකියාවට සම්බන්ධ දැනුම සොයා යාමේ වැඩපිළිවෙළක් බාධක මධ්‍යයේ ඇති විය හැකිය. ගේ දොර, යාන වාහන මිලදී ගැනීම සඳහා උනන්දුවක් ඇතිවිය හැකිය. සිතේ ස්ථාවරත්වය දෙදරා යා හැකි ස්වභාවයකි.ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.

වෘශ්චික

අත්නොහරින උත්සහයෙන් ක්‍රියා කිරීම තුළින් සාර්ථකත්වයක් කරා ළඟාවිය හැකි දිනයකි. මුහුණේ පවතින කාන්තිමත් ස්වභාවය අඩු විය හැකිය. ආර්ථික ලාභ ප්‍රයෝජන හිමිවිය හැකි දිනයකි. හිස්කෙස්වල ස්වභාවයන් වෙනස් කිරීමට වැඩිපුර වෙහෙසිය හැකිය. තම කාලත්‍ර පාර්ශ්වයේ ඥාතීන්ගෙන් දෝෂාරෝපණයන් එල්ල විය හැකි නිසා කල්පනාකාරීත්වය අවශ්‍ය විය හැකිය. වන්දනා  ගමනකට අවස්ථාවක් පවතී. තම කීර්ති නාමය රැක ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.

ධනු

මානසික පීඩා මතුවිය හැකි දිනයකි. හුදකලාව සිටීමට ප්‍රියතාවක් ඇති වේ. වගා කටයුතුවලට කෘමිනාශක භාවිතයේ දී සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති වීමට කරුණු යෙදේ. දරුවන්ට රෝග පීඩා යෙදිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. ණය තුරස් ආදියට පැටලීමේ අවකාශ පවතී. රහස් සතුරු බලවේග හිස එසවිය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම තුළින් අද දවසේ කටයුතු බොහොමයක් සාර්ථක කර ගත හැකිය.ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

මකර

දණ හිස් හා ඒ ආශ්‍රිත ප්‍රදේශය තුළ වේදනා ආදිය මතුවීමේ ප්‍රවණතාවක් ඇත. කොමිස් ලබන මාර්ගවලින් හෝ ධනය රැස් කිරීමේ ආශාවකින් පසුවන දිනයක් විය හැකිය. සහකාර සබඳතා තුළ එතරම් සාර්ථකත්වයක් දැකිය නොහැකිය. සමාජීය ජයග්‍රහණය හිමිකර ගැනීමට උත්සාහ වන තරමට ප්‍රතිඵල නොලැබෙනු ඇත. බැංකු කටයුතුවල දී ද අදාළ කොන්දේසි හා පොලිය සොයා නොබලා කටයුතු නොකළහොත් අමාරු තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවිය හැකිය.ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

කුම්භ

ධීවර කටයුතුවල යෙදෙන්නන්ට එතරම් සුබ නොවේ. ස්ත්‍රී පාර්ශවය සමඟ කෙරෙන රැකියාවල දී විවිධ අර්බුද හට ගනී. දණහිස් ආබාධ හෝ වාත අමාරු මතුවීමට ඉඩ ඇත. ලෞකික කටයුතු සඳහා ධනය වැය වීමට වැඩි ඉඩක් පවතී. වෙළෙඳ හා වාණිජ කටයුතු තුලින් යම් සාර්ථකත්වයක් ඇතිවිය හැකිය. දූ දරුවන්ට රෝග ආදිය වැලඳීමේ ඉඩ ඇත. රැකියා කටයුතුවල අන්‍යයන් අතර කැපී පෙනීමට යෑම නිසා විවිධ වූ අර්බුදයන් මතුවිය හැකිය.ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

මීන

පීනස, වාත රෝග ආදියේ වැඩිවීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකිය. ක්‍රීඩා කටයුතු සඳහා ජලය එක්රැස් වන ස්ථාන තෝරා ගැනීම යහපත් නොවේ. දූ දරුවන්ගේ අධ්‍යාපනික කඩඉම් සාර්ථක කර ගැනීමට අපහසු කරුණු යෙදේ . අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී විවිධ වූ බාධාවන් යෙදී වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. අදහන ආගමට පරිබාහිර වෙනත් ඇදහිලිවලට යොමු වීමට ඉඩකඩ මතු වේ. කලකින් හමු නොවූ මිතුරකුගේ හමුවක් බලාපොරොත්තු විය හැකිය.ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

















No comments:

Post a Comment