Gurukam.Net: LAGNA PALAPALA TODAY

Showing posts with label LAGNA PALAPALA TODAY. Show all posts
Showing posts with label LAGNA PALAPALA TODAY. Show all posts

Friday, April 30, 2021

Friday, December 25, 2020

Lagna Palapala 2020-12-26 | ලග්න පලාපල | Gurukam.net

December 25, 2020 0
Lagna Palapala 2020-12-26 | ලග්න පලාපල | Gurukam.net

 

ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 26 වන සෙනසුරාදා

ඉර උදාව  - පෙරවරු 06.21 ට

ඉර බැසීම - පස්වරු 18.04 ට

රාහු කාලය

දිවා 09.21 සිට 10.50 දක්වා

රාත්‍රී 21.21 සිට 22.50 දක්වා

සුභ දිශාව            - දකුණ

මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ

ආගමානුකූල සිතිවිලි ඈත් කරවා පවිටු සිතුවිලි ළං කරවයි. අධ්‍යාපන කටයුතුවල සාමාන්‍ය තත්ත්වය බැහැර කර අවුල් සහගත දේ නිර්මාණය කරයි. මවගේ ධනය වැය වීමට කරුණු කාරණා යෙදිය හැකිය. උදරයේ අසනීපවලට හේතුවේ. යහපත් දරු උපත් බලාපොරොත්තු වන අයට අද දිනය සුබදායක නැත. ප්‍රේම සබඳතාවල ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය කරයි. අයහපත් නොගැළපෙන සබඳතාවලින් අද දිනයේ ප්‍රවේසම්වන්න. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ

ආයතන ප්‍රධානීන් සමඟ හා තම සමඟ සේවය කරන පිරිස් අතර ගැටලුකාරී දේ නිර්මාණය විය හැකි දිනයකි. කල්පනාකාරීවන්න. පියාගේ ඉඩකඩම් සම්බන්ධයෙන් කටයුත්තකට කෙටි ගමන් කිහිපයක් පෙන්වයි. තම දූ දරුවන්ගේ අසනීප පිළිබඳ කල්පනාවෙන් සිටිය යුතුය. උකුල් ඇටය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයක් මතු කරයි. බලාපොරොත්තු වූ රැකියා අවස්ථාවන් නොලැබී යා හැකිය. උසස්වීම්වලට ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායක නැත. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන

ඥාතියකුගේ අසනීප තත්ත්වයක් මත හෝ හදිසි අනතුරු තත්ත්වයක් මත ආරෝග්‍ය ශාලාවට යෑමට විය හැකිය. විදේශගතවීමේ සිහිනයන් ඉටු නොවේ. මිතුරු සබඳතාවලට සුබදායක නැත. යටි පතුල් ආශ්‍රිත ආබාධ නිර්මාණය කරයි. තමාගේ පදිංචිය පිළිබඳ ගැටලු සහිත දේ නිර්මාණය කරයි. නිදි සුවය පිළිබඳ ගැටලු ඇති කරන දිනයකි. ණය තුරුස් ආදියෙන් පීඩාවට පත් වීම විය හැකිය. පවිටු සිතුවිලි තම මනස තුළ නිර්මාණය වේ. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05 

කටක

තම ගෘහය තුළ අලස බවක් හා ගැටුම්කාරී දේ නිර්මාණය කරයි. ප්‍රවේශම්වන්න. හෘදය සම්බන්ධ රෝගාබාධවලට හේතු වේ. ගංගා ඇළ දොළ ආදියේ විනෝද කටයුතු අද දිනය තුළ ඔබ අපහසුතාවයට පත් කළ හැකිය. කෘෂිකර්මය හා සම්බන්ධ කට කටයුතුවලින් බලාපොරොත්තු ලාභ ළං නොකරයි. කුලී නිවාසවල පදිංචි අයට අද දිනය සුබදායක නැත. පෞද්ගලික කටයුතු කිහිපයක් අද දිනයේ බලවත් ලෙස ව්‍යාකූල තත්ත්වයට පත්වෙයි. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

සියලු මාර්ගවල ලැබීම්වලට අසුබදායක දිනයකි. යහපත් ක්‍රියාවලින් ඈත් වී අයහපත් ක්‍රියාවලට සිත යොමු විය හැකිය. දණහිස් හා වළලුකර ආශ්‍රිත රෝග තත්ත්වයන් නිර්මාණය කරයි. බැංකු අණකර චෙක්පත් ආදිය නිකුත් කිරීමේ දී දෙවරක් කල්පනා කළ යුතු දිනයකි. තමාට හිමිවීමට තිබූ දෙයක් තමා ඉදිරිපිටදීම අන් අයකුට ලැබීමක් පෙන්නුම් කරයි. තම අභිමතාර්ථයන් ඉෂ්ටකර ගැනීමට අද දිනය සුබදායක නැත. එළඟි තෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා

පවිටු සිතුවිලි ඇතිවන අතර ඒවා අද දිනය තුළ පාලනය කරගත යුතුමය. තමා කරගෙන ආ කටයුතු ද යම් අන්දමකට බාධාවන්ට ලක් කරවයි. වැය පාර්ශ්වය ඉහළ දමා ආර්ථික තත්ත්වය අසුබදායක කරයි. බැංකු හා මුදල් ගනුදෙනුවල දී ප්‍රවේශම් විය යුතුය. තමාට එරෙහිව සතුරු බලවේග හිස ඔසවන දිනයකි. නොයෙක් අපවාද චෝදනා මත ඔබගේ දෛනික කටයුතු අවුල් කරවයි. ලෙඩ රෝග හදිසි අනතුරු ආදිය ද මතු කරවිය හැකිය. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

උසස් අධ්‍යාපන කටයුතුවල බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබෙන දිනයකි. අයහපත් ඇසුර අද දිනයේ බොහෝ දෙනකු අතර ඔබ අපහසුතාවයට පත් කරවයි. පිය පාර්ශවයේ ඥාතීන් සමඟ ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වේ. පියාට ද අසනීප ගතියක් පෙන්නුම් කරයි. රැකියා ස්ථානවල ද තම වටිනා දේ අහිමි වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ආගමික භක්තිය සිතින් ඈතට යනු ඇත. ජලයෙන් ප්‍රවේසම්වන්න. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික

හිස අමාරු, ඇස් ආශ්‍රිත වේදනා ආදිය නිසා ඔබ පීඩාවට පත්විය හැකිය. කාලත්‍ර පාර්ශ්වයට අසුබදායක දිනයකි. කල්පනාකාරීවන්න. තම පෞරුෂය පිළිබඳ ගැටලු සහිත දේ ඔබගේ ආවේගශීලීත්වය නිසා නිර්මාණය විය හැකිය. දුක් කම්කටොලුවලට හේතුවන කරුණු කිහිපයක් පිළිබඳ තීරණ අද දිනයේ සිදු විය හැකිය. දෙවරක් කල්පනා කරන්න. දිනයේ සවස් කාලයේ දැඩි වෙහෙසකර බවක් නිර්මාණය කරයි. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09

ධනු

රැකියා ස්ථානවල දී කල්පනාකාරීව කටයුතු කළ යුතුය. වෙළඳ කටයුතුවලින් දැඩි ලාභ අපේක්ෂා කළ නොහැකිය. වෛරකාරී සිතිවිලිවලින් මනස පිරී යන නිසා ආගමානුකූල කටයුතුවලට මැදිහත්වීම අසුබදායකයි. උදරයේ පහළ අසනීපගති මතු කරයි. යුගදිවි සබඳතා ගැටලු ඇති කරයි. විවාහ යෝජනා ආදියට ද අද දිනය සුබදායක දිනයක් නොවේ. හවුල් ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු ප්‍රතිඵල ඇති නොකරයි. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03

මකර

පිය පාර්ශවයේ කෙනකුගේ හදිසි අසනීප තත්ත්වයක් මතු කරවන දිනයකි. මවගේ ඉඩකඩම් දේපළ පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන්වලට මැදිහත් වීමට සිදුවේ. සතුරු කරදර ඇති කරවයි. මිතුරු සබඳතාවලට සුභ නොවේ. හදිසි අනතුරු විපත් ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ මතු කරවිය හැකිය. කාලත්‍රයාගේ ධන තත්ත්වයට හානි කරවන සිදුවීම් ඇතිවේ. අධ්‍යාපන කටයුතුවල දී විශේෂ ජයග්‍රහණ අත්කර ගත හැකිය. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

පිය පාර්ශවයේ ඥාතියකුට අසුබදායක දිනයකි. අරමුණකින් තොරව ගමන් කිහිපයක් නිසා දිනයේ වැඩි කාලයක් නාස්ති විය හැකිය. ධන හානිය ද පෙන්වන දිනයකි. සහෝදරයන් සමඟ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ලිපි ගනුදෙනු, ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී අද දිනයේ ඉතා කල්පනාකාරී විය යුතුය. හවුල් ව්‍යාපාර හා කොන්ත්‍රාත් ආදියෙන් පාඩු සිදුවිය හැකිය. තමාට එරෙහිව කට කතා ආදිය පැතිර යා හැකිය. කල්පනාකාරී වන්න. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

බැංකු කටයුතු, ණය ගනුදෙනු ආදියට ද අද දිනය සුබදායක නැත. තම කල්පනා ශක්තිය අඩුවීම නිසා අර්බුද නිර්මාණය විය හැකිය. වචන පාවිච්චිය ප්‍රවේශමෙන් කරන්න. සහෝදරයකුගේ අලාභයක් පෙන්නුම් කරයි. තැන්පත් ධනය වැය කිරීම සඳහා කරුණු යෙදෙයි. පවුල් සබඳතාවල ගැටලු සහිත දේ නිර්මාණය කරයි. කාලත්‍ර පාර්ශවයේ හදිසි අනතුරු ආදිය පෙන්වන නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03




Wednesday, December 23, 2020

Lagna Palapala 2020-12-24 | ලග්න පලාපල | Gurukam.net

December 23, 2020 0
Lagna Palapala 2020-12-24 | ලග්න පලාපල | Gurukam.net

 ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා

ඉර උදාව   - පෙරවරු 06.20 ට

ඉර බැසීම  - පස්වරු 18.03 ට

රාහු කාලය

දිවා 13.50 සිට 15.19 දක්වා

රාත්‍රී 01.50 සිට 03.19 දක්වා

සුභ දිශාව             - උතුර

මරු සිටින දිශාව - දකුණ


මේෂ

අධ්‍යාපන කටයුතුවල දී වෙනදාට වඩා ප්‍රගතියක් පෙන්නුම් කරයි. දරුවන්ට රෝගී තත්ත්වයක් ඇති කරවිය හැකිය. ගේ දොර අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් කැප කරයි. දේශපාලන කටයුතුවල නිරත අයට සුබදායකය. වෙනදාට වඩා ප්‍රීතිදායක දිනයකි. වෙළඳ ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු වන ලාභ ලැබිය හැකිය. අනවශ්‍ය වැය පාර්ශවය ද ඉහළ යයි. කරන කටයුතුවලට අසල්වැසි පුද්ගලයන්ගෙන් උදවු ලැබෙයි. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ

ඔබ ආශ්‍රය කරන අයගේ ප්‍රශංසාවට හේතු වන කරුණු කීපයක් ඔබ අතින් ඉටු වේ. හිස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතුවිය හැකිය. ආදායම් තත්ත්වය සුබදායක නැත. අතමාරුවක් කර ගැනීමට ද සිදුවිය හැකිය. ඔබ මෙතෙක් කරගෙන ආ කටයුතුවල යම් අඩාල වීමක් ද අද දිනයේ සිදු වේ. වෙනදා නොමැති කඩිසර බවක් අද දිනයේ ඔබ තුළ පෙන්වයි. නඩුහබ ආදියට පැටලීමක් සිදුවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන

තරග විභාගවලින් ජය ලැබීමට අද දිනය සුබදායකය. මුත්‍රාශය සම්බන්ධ ආබාධ මතු කරයි. සුළු අසනීප ගති තත්ත්වයන් මතු කරවන දිනයකි. ඔබගේ ධෛර්යය වෙනදාට වඩා ප්‍රදර්ශනය කෙරේ. හිස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකි නිසා කල්පනාකාරී වන්න. ශරීරයේ බාහිර අලංකරණය සඳහා වැඩි කාලයක් ඔබ කැප කරනවා ඇත. යම් පුද්ගලයන්ගෙන් නින්දා අපහාස ඔබ වෙතට අද දිනයේ පැමිණිය හැකිය. ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක

සෞන්දර්යාත්මක දේ පිළිබඳව කටයුතු කරන අයට විශේෂ දිනයකි. රැකියා කරන ස්ථානයේ දී වචන හුවමාරු ආදිය සිදුවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. පදිංචි ස්ථානයේ යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. යාන වාහනවල අලුත්වැඩියා කිරීම් ආදිය සඳහා කාලය වැය කරයි. මවට හෝ මවුපස ඥාතියකුට අසුබදායක දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් වැඩි ලාභ අත් කරවයි. වටිනා බඩුබාහිර ආදිය අස්ථානගත වීමක් පෙන්නුම් කරයි. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

පුණ්‍ය කටයුතු කිහිපයක් සඳහා ඔබගේ දායකත්වය ලබාදේ. තමාගේ පෙර කුසල බලය මතු කරවිය හැකිය. මුහුණේ යම් ආබාධකාරී තත්ත්වයන් පෙන්වන දිනයකි. හිසේ කැක්කුමක් නිසා දවසේ සවස් කාලය ඔබ පීඩාවට පත් කරවයි. අහංකාර ගතියක් සිත තුළ මතු කරවන දිනයකි. අඹු සැමියන් අතර වැඩි අවබෝධයක් තබා ගත හැකිය. අලංකරණ කටයුතු සඳහා වැඩි වියදමක් දැරීමට අද දිනයේ සිදු වේ. ආදර සබඳතාවලට අද දිනය ඉතා සුබදායකය. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා

ඉතා ළඟින් ඇසුරු කළ හිතවතුන් කිහිපදෙනකු ඔබ සමඟ අමනාප විය හැකිය. නිවසේ කටයුතුවල දී ආවේගශීලී නොවීමට වග බලාගන්න. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබිය හැකිය. උදරයේ පහළ වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. ආදායම් තත්ත්වය සුබදායක නැත. ණය ගනුදෙනුවලට මැදිහත් විය හැකිය. බැංකු ඇපකර ආදියට අත්සන් තැබීමට සුභ දිනයක් නොවේ. කරගෙන ආ කටයුතුවල යම් වෙනස්වීමක් ද අද දිනයේ සිදු වේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

තම මතය තහවුරු කර විශේෂ ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. ප්‍රීති උත්සවවලට සහභාගි වීම සඳහා ආරාධනාවක් ලැබෙයි. බාල සහෝදරියක් සමඟ යම් මතභේද තත්ත්වයක් මතු කරවිය හැකිය. උදරයේ පහළ වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. ආර්ථික තත්ත්වය සුබදායක වේ. අලංකාරය පිණිස හේතුවන දේ සඳහා වැඩි වියදමක් දරයි. සංචාරක කර්මාන්තයේ රැකියාවල නියුතු අයගේ ආදායම් තත්ත්වය වර්ධනය වීමට හේතු වේ. බණ පොතක් පූජා කරන්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික

දේපළ, වස්තු ආදියට බාහිර පුද්ගලයන්ගේ බාධාකාරී තත්ත්වයන් මතු කරවයි. වාත රෝග නිසා ශරීරයට පීඩා ඇති කරවයි. බොරු චෝදනා නිසා අද දිනයේ ඔබගේ වැඩකටයුතු අඩාල විය හැකිය. නිවසේ වැඩි කාර්යක්ෂම බවක් පෙන්නුම් කරන දිනයකි. තමා නොදැනුවත්ව වන කාර්යයක් නිසා වැඩි අලාභයක් පෙන්නුම් කරයි. ඥාති සබඳතාවලට සුභ දිනයක් නොවේ. ගැබිනි මව්වරුන් අද දිනයේ ඉතා කල්පනාකාරීව සිටිය යුතුය. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09

ධනු

ඥාතීන්ගේ විශේෂ ගෞරවයට ඔබ පාත්‍ර විය හැකිය. ඒ පවුලේ වැඩ කටයුතුවලට කාර්යක්ෂම දායකත්වයක් ලබා දීමෙනි. යුගදිවි සබඳතාවල දී ගැටලුකාරී තත්ත්වයන් මතු කරවයි. ආරක්ෂක අංශවල රැකියාවලට සුබදායක දිනයකි. ශරීර සනීපය එතරම් යහපත් නොවන දිනයකි. වෙළෙඳ ව්‍යාපාරවල නිරත අයට සතුරු කරදර ආදිය මතු කරවිය හැකිය. ගුප්ත විද්‍යා වැනි දේවලින් වැඩි අවස්ථා ලබා ගැනීමට මනස වෙහෙසවයි. අධ්‍යාපන කටයුතුවලට සුභ දිනයකි. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03

මකර

වැඩිහිටි ඥාතියකුට අපලකාරි තත්ත්වයක් මතු කරවයි. බලාපොරොත්තු රහිත අනතුරු ආදිය විය හැකි නිසා රථවාහන ධාවනය දී කල්පනාකාරී වන්න. මිතුරු සබඳතාවලට අද දිනය සුබදායක නැත. වටිනා දෑ ආරක්ෂා කරගත යුතුයි. සිත් තැවුල් හා දුක් දොම්නස් නිසා දවසේ වැඩකටයුතු අඩාල කරවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත අයට අද දිනය සුබදායක නැත. ඉගෙනීමේ කටයුතුවලට දැඩි කලබලකාරී බව බාධා කරයි. සිතිවිලි යහපත් නොවේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

අලංකාර ලෙස සිටීම සඳහා වැඩි කාලයක් කැප කරයි. සතුරු බිය ඇති කරන දිනයකි. හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයන් මතු කරවිය හැකිය. කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතුවල දී ඔවුන්ගේ හිතුවක්කාරී බව ඔබගේ අප්‍රසාදයට ලක් වේ. ඔබගේ යම් නුරුස්නා ගති පැවතුම් නිසා ඉතා ළඟින් සිටි මිතුරන් කිහිපදෙනෙක් ඔබත් සමඟ අමනාප වෙනවා ඇත. උෂ්ණ රෝග හෝ උදරයේ ගිනියම් රෝග ඇති කරවිය හැකිය. නිදි සුවය අහිමි වේ. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

දේපළ ඉඩකඩම් යානවාහන සම්බන්ධ ගැටලු තත්ත්වයන් ඇති කරයි. උදරයේ පහළ අසනීප තත්ත්වයන් මතු කරවිය හැකිය. ප්‍රීති උත්සව ප්‍රිය සම්භාෂණ ආදියට ආරාධනා ලැබෙයි. ගමෙන් පිට සිටින අයකුගේ බලාපොරොත්තු නොවන හමුවීමක් අද දිනය තුළ වේ. අහිමි වී ගිය රැකී රක්ෂා තනතුරු නැවත ඉල්ලා සිටීමට අද දිනය සුබදායකය. විශේෂ ධන ලාභ ඇති කරවන නිසා ලොතරැයි වාසනාව ආදිය උරගා බැලීමට සුදුසුයි. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03














Lagna Palapala 2020-12-23 | ලග්න පලාපල | Gurukam.net

December 23, 2020 0
Lagna Palapala 2020-12-23 | ලග්න පලාපල | Gurukam.net

ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 23 වන බදාදා

ඉර උදාව   - පෙරවරු 06.20 ට

ඉර බැසීම  - පස්වරු 18.03

රාහු කාලය

දිවා 12.20 සිට 13.49 දක්වා

රාත්‍රී 00.20 සිට 01.49 දක්වා

සුභ දිශාව             - උතුර

මරු සිටින දිශාව  - නිරිත


මේෂ

පවුලේ වැඩිහිටියකුට අපලකාරී තත්ත්වයක් පෙන්වයි. යුගදිවි සබඳතා තර කරවන දිනයකි. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ ආරංචියක් ලැබෙයි. දණහිස් ආශ්‍රිත රෝගාබාධ මතු කරවයි. තරග විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබිය හැකිය. තම වචනය ද බොහෝ දෙනකුට ප්‍රියදායක වේ. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. මිහිරි ආහාරපාන ලැබෙන දිනයකි. ඔප්පු තිරප්පු ආදියට අත්සන් තැබීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.

වෘෂභ

ගොවිතැන් කටයුතු ආදියෙන් වැඩි ලාභ ලැබිය හැකි දිනයක් නොවේ. යුග දිවියේ සතුට ඈත් කරවන දිනයකි. උදරාබාධ, හම ආශ්‍රිත රෝග, හිසේ කැක්කුම් ආදියෙන් ප්‍රවේශම් වන්න. කරගෙන ආ කටයුතු අද දිනයේ වෙනස්වීම්වලට ලක්විය හැකිය. දවසේ වැඩ ප්‍රමාණය අධික වීම නිසා දැඩි කලබලකාරී බවක් පෙන්වයි. බඩු බාහිරාදිය කැඩී යෑමේ අවධානමක් ද ඇත. තම ගෞරවයට හානිකර දේ සිදුවිය හැකි නිසා වචන භාවිතයේ දී කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.

මිථුන

බලාපොරොත්තු නොවූ ඥාතියකු හෝ මිතුරකු ඔබ හමුවීමට පැමිණේ. ගෙදරදොර සුව පහසුව ඈත් කරවන දිනයකි. ප්‍රධානීන්ගේ අවධානයට අද දිනයේ ඔබ ලක්විය හැකිය. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්වයි. උදරය හා බහු ආශ්‍රිත රෝගී තත්ත්වයන් මතු කරවිය හැකිය. නව මිතුරු සබඳතා ගොඩනැඟෙන දිනයකි. කලක් තිස්සේ සැලසුම් කළ ආදායම් මාර්ගයක් අද දිනයේ සඵල කරගත හැකි වනු ඇත. ව්‍යාපාරික කටයුතුවලට ද සුබදායකය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. 

කටක

රූපලාවණ්‍ය හා පොත්පත් සම්බන්ධ ව්‍යාපාරවලින් වැඩි ලාභ අත්කර ගත හැකිය. හෘදය සම්බන්ධ ආබාධ තත්ත්වයක් පෙන්නුම් කරයි. ප්‍රේම සබඳතාවලට සැපදායකය. දූ දරුවන් හා මවුපියන් අතර වෙනදාට වැඩි සබඳතාවක් ගොඩනැඟේ. මවුපස ඥාතියකුට අපලකාරී දිනයක් විය හැකිය. නිවසේ බඩු භාණ්ඩ ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. කලබලකාරී බව අද දිනයේ ඔබට අවාසි සහගත වේ. වැය පාර්ශවය අධික කරවන දිනයකි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.

සිංහ

රැකියා කටයුතු ආදියේ දී ප්‍රධානීන්ගේ උදහසට ලක්විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අසනීප ආදියෙන් සුවය ලැබීමට හැකිය. සිදුවන අසාධාරණයක් පිළිබඳ බොහෝ දෙනෙකු සමඟ ඔබ සංවිධානය වේ. ණය ආදිය ලබා ගැනීමේ දී ප්‍රවේශම් වන්න. අන්‍ය ආගමිකයන්ගේ හෝ පූජක පක්ෂයේ ඇසුර ලැබෙන දිනයකි. සහෝදර සහෝදරියන්ට යහපත් කාලයක් පෙන්නුම් කරයි. උසස් අයගේ ආධාර උපකාර ලබා ගැනීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. 

කන්‍යා

හිතවත් අයකුගෙන් ත්‍යාග ආදිය ලැබීමට අද දින‍යේ ඉඩකඩ ඇත. රැකියා ස්ථානය තුළ දී තමාගේ කාර්යයන් වැඩි පිරිසකගේ ප්‍රශංසාවට ලක් වේ. උදරාබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. මවු පාර්ශවයේ ලැබීම් සඳහා අද දිනය සුබදායකය. නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි දායකත්වයක් දක්වයි. ජලය ආශ්‍රිත කටයුතුවලින් පීඩාකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. ඥාති මිත්‍රාදීන් සමඟ කටයුතු කිරීමේ දී ඉවසිලිවන්තභාවය වඩාත් වැදගත් වේ. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.

තුලා

ඔබ බොහෝ පිරිසකගේ අප්‍රසාදයට පත්විය හැකි නිසා කල්පනාකාරීව අද දිනයේ කටයුතු කරන්න. ආගමික  නැඹුරුව වැඩි. සුබදායකය. උදරයේ පහළ අසනීප ගති මතු කරවයි. ව්‍යාපාර කටයුතු ආදියට අද දිනය සුභදායක නොවේ. හවුල්කරුවන් අතර මතභේද තත්ත්වයන් වර්ධනය කරවිය හැකිය. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් පාඩු කරවයි. පවුලේ අයගේ උදවු උපකාර අද දිනයේ ඔබට නොලැබී යනු ඇත. වාසස්ථාන පිළිබඳ ගැටලු ඇති කරවයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.

වෘශ්චික

අධ්‍යාපන කටයුතුවලට නිරත දූ දරුවන්ට තම මතක ශක්තිය වැඩි කරගත හැකිය. සහෝදරයකුගේ කාර්යයක් පිළිබඳ යම් මතභේදාත්මක තත්ත්වයක් පෙන්වයි. කල්පනාකාරී වන්න. යකඩ හා යන්ත්‍ර සූත්‍ර ආදී කටයුතුවල නිරත අයට වැඩි ලාභ උපදවයි. මිතුරු ඇසුර සඳහා සුබදායක දිනයක් නොවේ. ධන ලාභ ආදියට හිමිකම ඇති නිසා ලොතරැයි වාසනාව උරගා බැලීමට සුබදායකය. නිවසේ පාවිච්චිය සඳහා පැරණි ගෘහ භාණ්ඩ පිළිබඳ ඇල්මක් ඇති කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. 

ධනු

වෙනදා නොතිබූ සැහැල්ලුවක් මනසට දැනේ. නිර්මාණකරණයේ නි‍යැළි අයට මනා සංකල්පනා පහළ කරවන දිනයකි. සහෝදරයකුගේ කාර්යයක් පිළිබඳ සුභ ආරංචියක් කන වැකෙනු ඇත. යටි පතුල ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. සතුටින් කාලය ගත කළ හැකි දිනයකි. ශරීරයට වෙනදා නොතිබූ සනීපයක් දැනේ. මිහිරි ආහරපාන ලැබෙන දිනයකි. ගෙදර දොර වැඩ කටයුතු සහ අලංකාරය වෙනුවෙන් වැඩි කාලයක් කැප කරයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   කළු තල පරිත්‍යාග කරන්න.  

මකර

යහපත් දූ දරුවන් බලාපොරොත්තු වන අයට අද දිනය විශේෂිතය. ඉඩම් සහ නිවාස ආශ්‍රිත ව්‍යාපාරවල නියැළි අයට විශේෂ ලාභ හිමි කරයි. විනෝද ගමන් ආදියට වැය පාර්ශවය අධික විය හැකිය. සතුරු කරදර ආදිය ඉවත්ව යන දිනයකි. මුත්‍රා ආබාධ ආදිය ඇති කරවයි. උසස් අයගෙන් ආධාර උපකාර ලැබෙයි. රැකියාවේ උසස්වීම්වලට ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. තරග විභාග ආදියෙන් ජය හිමිවේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.

කුම්භ

රැකියා ස්ථානවල දී වෙනදාට වඩා සුහදශීලී බවක් මතු කරවන දිනයකි. වෙහෙසකර ගමන් බිමන් ආදිය නිසා ඔබගේ ධනයට හානි කරයි. කල්පනාකාරී වන්න. කාලයක් සැලසුම් කළ කටයුතු කිහිපයක් අද දින‍යේ යථාර්ථයක් බවට පත් කරගත හැකිය. ඒ සඳහා මිතුරන් කිහිප දෙනකුගේ ද විශේෂ උපකාරයක් හිමි වේ. පවුලේ වැඩිහිටියන්ගේ ද උපකාර බලාපොරොත්තු විය හැකි දිනයකි. වෙනදාට වඩා වැඩි උද්යෝගයක් අද දිනයේ ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.

මීන

ක්‍රීඩා භාණ්ඩ ආදිය අලෙවියේ නියුතු අයට විශේෂ ලාභ ඇති කරවන දිනයකි. පාරම්පරික ධනය  පිළිබඳ ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. රෝහල් සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් හෝ ආගමික කටයුත්තකට වැඩි කාලයක් කැප කරයි. යටිපතුල් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. මිතුරු සබඳතා සඳහා අද දිනය සුබදායක නැත. වචන හුවමාරුවීම් ද විය හැකිය. රැකියා ස්ථානවල දී අද ඔබ විශේෂ ප්‍රසංසාවට හා ඇගයීමට ලක්වේ. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.






























Monday, December 21, 2020

Lagna Palapala 2020-12-22 | ලග්න පලාපල | Gurukam.net

December 21, 2020 0
Lagna Palapala 2020-12-22 | ලග්න පලාපල | Gurukam.net

ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 22 වන අඟහරුවාදා

ඉර උදාව  - පෙරවරු 06.19 ට

ඉර බැසීම - පස්වරු 18.02 ට

රාහු කාලය

දිවා 15.19 සිට 16.48 දක්වා

රාත්‍රී 03:19 සිට 04.48 දක්වා

සුභ දිශාව            - නැගෙනහිර

මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ

පිය පාර්ශවයේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට වේ. යාන වාහනවල අලුත්වැඩියා කටයුතු කරයි. රැකියා කටයුතුවල දී ඔබ බොහෝ පිරිසකගේ උපදේශකයෙක් බවට පත්වේ. ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියි. මිල මුදල් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් ඇති කරවයි. කය වෙහෙසා වැඩ කරන අයට වැඩි වාසි හිමිවන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ. දරු ඵල බලාපොරොත්තුව සිටි අයගේ සිහින බොඳ කරවයි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ

හවුල් ව්‍යාපාර ආදියේ බදු ගෙවීම් ආදිය ද අද දිනයේ විය හැකිය. ගේ දොර සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරීව කටයුතු කළ යුතුය. හෘදය සම්බන්ධව රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන නිසා ශරීර සෞඛ්‍යය ද අද දිනයේ සුබදායක නොවේ. දුර බැහැර ගමන් කිහිපයක් නිසා වැය පාර්ශ්වය මෙන්ම අධික මහන්සිය ද ඇති කරවයි. අධ්‍යාපන කටයුතු සම්බන්ධව සුබදායක දිනයක් නොවේ. ප්‍රේම සබඳතාවල ගැටලු සහගත තත්ත්වයන් ඇති කරවයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන

උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායක දිනයක් නොවේ. පපුවේ සෙම් රෝග තත්ත්වයන් මතු කරවිය හැකිය. මවුපස ඥාතියකුට අසුබදායකය. මිතුරු සබඳතාවල දී වචනය නිසා අමනාපකම් ඇති කරවයි. නිවස ආශ්‍රිත කටයුතු කිහිපයකට අසල්වැසියන්ගේ ආධාර උපකාර ලබා ගනියි. රැකියා ස්ථානවල දී මුදල් කටයුතු සම්බන්ධව ගැටලු ඇතිවිය හැකි නිසා කල්පනාකාරී වන්න. බඩු බාහිරාදිය අස්ථාන ගතවීම්වලට ද ලක්විය හැකිය. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක

ඔබගේ නිර්භීත බව නිසා අසල්වාසීන්ගේ පැසසුමට ලක්වේ. නිවසේ ආගන්තුකයන් කිහිප දෙනෙකු වෙනුවෙන් සංග්‍රහයක් සංවිධානය වේ. සහෝදරයකුගේ කටයුතුවලට රජයේ කාර්යාලයකට පිය මනින දිනයකි. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරවිය හැකිය. හෘදය සම්බන්ධ වේදනාකාරී තත්ත්වයන් හෝ සුළු අසනීප ගති මතු කරවිය හැකිය. දුර ගමන් කිහිපයක් යෙදීමට පුළුවන. සිතේ ධෛර්ය යොදා කරන කටයුතුවලින් වැඩි ලාභ ලැබිය හැකිය. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

රැකියා කරන ස්ථානවල දී වෙනදා නොමැති උද්යෝගයක් ඔබ තුළින් දැකිය හැකිය. යටිපතුල් ආශ්‍රිත වේදනා මතු කරයි. ගමන් බිමන් කිහිපයක් යෙදිය හැකිය. ලියකියවිලි වැඩ කිහිපයක් සඳහා කාලය ශ්‍රමය වැය කරයි. නිවසේ බඩුමුට්ටුවල වෙනස්කම් කිහිපයක් ඔබ අතින් සිදු කෙරෙයි. අසනීප ගතිවලින් සුවය ලැබීමට අද දිනය සුබදායකය. පොත්පත් හා සංගීත භාණ්ඩවලට විශේෂ ඇල්මක් ඇති කරයි. එවැනි දෑ මිලට ගැනීමක් ද වේ. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා

බාල සහෝදරයකුගේ රැකියා කටයුත්තක් සම්බන්ධයෙන් සුබදායක ආරංචියක් ලැබෙයි.  විවාහ ජීවිතය තුළ කලහකාරී තත්ත්වය මතු කරවන නිසා කල්පනාකාරී විය යුතුය. ආගමික කටයුතු සඳහා නැඹුරු වීම ඔබගේ දෛනික කටයුතුවලට වඩාත් ප්‍රතිඵලදායකයි. කලාත්මක කටයුතු පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කරන දිනයකි. ධන ලාභ ආදියට අද දිනය සුබදායකය. ලොතරැයි වාසනාව ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

යාන වාහන ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් වැඩි වාසිදායකය. ජලය සම්බන්ධ කටයුතුවල නියැළෙන අය විශේෂ කල්පනාවෙන් සිටිය යුතුය. ගරු සැලකිලි හා නම්බු නාම අපේක්ෂා කරන අයට අද දිනය සුබදායකය. සෙම් කෝපය නිසා ඇතිවන අසනීපවලට හේතුවේ. හිතවත් අයකුගේ කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට සිදු වේ. ආධ්‍යාත්මික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. ආර්ථික කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික

බැංකු කටයුතු සඳහා මැදිහත් වීමෙන් ඔබට වැඩි වාසි අත්කර ගත හැකිය. නිවෙසේ පැරැණි බඩුබාහිරාදිය කිහිපයක අලුත්වැඩියා කටයුතු සිදු කරයි. මවු පාර්ශ්වයේ ඥාතියකුට අපලකාරී දිනයකි. ශරීරයේ බාහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතුවිය හැකිය. කල්පනාකාරීවන්න. අධ්‍යාපන කටයුතුවලට අද දිනය සුබදායකය. ගොවිතැන් කටයුතුවල නිරත අයට වැඩි ප්‍රතිලාභ ළඟා කරවයි. මිත්‍ර සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09

ධනු

දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද සුබදායක දිනයකි. හදිසි අනතුරු ආදිය ඇති කරවිය හැකි නිසා ගමන් බිමන්වල දී කල්පනාකාරී විය යුතුය. ගුප්ත විද්‍යා ආදී ගැඹුරු දේ අධ්‍යයනයට අද දිනය සුබයි. නිවාස, යන්ත්‍ර සූත්‍ර හා වාහන අලෙවි කටයුතුවල විශේෂ ප්‍රගතියක් අත්කර ගත හැකිය. යහපත් මාර්ගවලින් ආදායම් තත්ත්වය වර්ධනය සඳහා අද දිනය සුබදායකය. දරු සම්පත් බලාපොරොත්තු වන අයගේ පැතුම් ඉටු කරගත හැකිය. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03

මකර

හුදකලා බවකින් ගෙවී යන දිනයකි. කෘෂි කාර්මික හා භූමිය ආශ්‍රිත වෙනත් කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය යහපත් කරයි. හවුල් සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. බාධාකාරී තත්ත්වයන් මතු කරවයි. ශරීරයේ පාද ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. උසස් සිතුවිලි හා උපදේශාත්මක හැකියාව දියුණු වන දිනයකි. අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ඉතා සුබදායකය. නිවසේ කටයුතුවල දී දැඩි වෙහෙසකාරී බවක් ඇති කරවයි. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

රැකියා කරන ස්ථානවල දී විශේෂ ගෞරවයට ලක්විය හැකි දිනයකි. යුගදිවි සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. හවුල් ව්‍යාපාර කටයුතුවල දී ඉතා කල්පනාකාරී විය යුතුය. හවුල්කරුවන් අතර මතභේද ඇති කරවිය හැකිය. අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ප්‍රගතියක් පෙන්වයි. පවුල් සබඳතාවල දී තම මතය තහවුරු කර ගැනීමට උත්සාහයක් දරයි. ආර්ථික කටයුතුවලින් වැඩි වාසි අත්වන දිනයකි. මිතුරු සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

මනසේ සිතුවිලි එක් අරමුණක තබා ගැනීමට වෙහෙස විය යුතුය. පවිටු සිතුවිලි ද ඇතිවිය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. ගිවිසුම් ආදියට එළඹීමට අද දිනය සුබදායකය නැත. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගැනීමට අපහසුය. උදරය සම්බන්ධ අසනීප තත්ත්වයන් මතු කරයි. කල්පනාකාරීවන්න. ආදායම් තත්ත්වයට අද දිනය සුබදායක නැත. වැය පාර්ශවය අධික කරවන දිනයකි. කරගෙන ආ කටයුතුවල වෙනස්වීමක් අද දිනයේ විය හැකිය. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03







Sunday, December 20, 2020

Lagna Palapala 2020-12-21 | ලග්න පලාපල | Gurukam.net

December 20, 2020 0
Lagna Palapala 2020-12-21 | ලග්න පලාපල | Gurukam.net


ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 21 වන සඳුදා

ඉර උදාව  - පෙරවරු 06.18 ට

ඉර බැසීම - පස්වරු 18.02 ට

රාහු කාලය

දිවා 07.18 සිට 09.17 දක්වා

රාත්‍රී 19.18 සිට 21.17 දක්වා

සුභ දිශාව            - නැගෙනහිර

මරු සිටින දිශාව - වයඹ


මේෂ

යහපත් මේ මිතුරු සබඳතා වර්ධනය වේ. දේව භක්තිය කෙරෙහි වැඩි නැඹුරුතාවක් අපේක්ෂා කළ හැකිය. කෙනකු දුටු පමණින් අවබෝධ කර ගැනීමේ හැකියාව ඔබ තුළ වර්ධනය වේ. චෙක්පත් හා ගනුදෙනු ආදියට සුබදායකය. හදිසි ධන ලාභ අපේක්ෂා කළ හැකිය. රූපලාවණන්‍ය ආදී කටයුතු සඳහා වැයක් පෙන්නුම් කරයි. ස්නායු ආබාධ මතු කරවිය හැකිය. ආර්ථික තත්ත්වය හා සියලුම ආදායම් මාර්ග යහපත් කරවන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.

වෘෂභ

දුර බැහැර ගමන් සංවිධානයය කරන දිනයකි. පොත්පත් ප්‍රකාශන ආදියේ විශේෂ ප්‍රගතියක් ඇති කරවයි. ප්‍රචාරක කටයුතු ආදී ක්ෂේත්‍රවල වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. පෙර භවයන්හි කුසල් මතුවීම අද දිනයේ බලාපොරොත්තුවන්න. ආගමික භක්තිය වැඩි කරවයි. පිරිසිදු සිතුවිලිවලින් දිනය පිරී යනු ඇත. උසස් අධ්‍යාපනය බලාපොරොත්තුවෙන් විදේශගත වන අයට අද දිනය වැදගත් වේ. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් වළකින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.

මිථුන

යම් කාර්යයක් භාර ගැනීමේ අවශ්‍ය සහයෝගය ඔබට සියලු ආකාරයෙන් අපේක්ෂා කළ පරිදි ලැබෙනු ඇත. අපවාද ආදියට නිසි පිළිතුරු ලැබී ඔබගේ ගමන සාර්ථක වනු ඇත. මවුපස මාමා කෙනෙකුගේ විශේෂ හමුවක් අද දිනයේ බලාපොරොත්තු විය හැකිය. සම්මුඛ පරීක්ෂණයේ දී කල්පනාකාරීව කටයුතු කරන්න. බැංකු තැන්පත්, බැංකු අණකර හා ණය ගනුදෙනු ආදියෙන් විශේෂ ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  කළු තල පරිත්‍යාග කරන්න. 

කටක

තම පරාක්‍රමාන්විතභාවය වර්ධනය වනු ඇත. මවුපස වැය වැඩි කරවන දිනයකි. වැව් ජලාශ්‍ර ආදියේ විනෝද වීමට අවස්ථාව සැලසේ. පෙනහළු ආශ්‍රිත සෙම තත්ත්වයන් වර්ධනය වේ. දර්ශනවාදය වැනි ගැඹුරු දේ අධ්‍යයනය සඳහා අද දිනය සුබදායකය. ප්‍රභූන් පිරිසක් මධ්‍යයේ ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. ආයතන කිහිපයකට ලිපි ගනුදෙනු කිහිපයක්ද වනු ඇත. සහෝදර සබඳතා සඳහා අද දිනය සුබදායක වනු ඇත. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.

සිංහ

කල්ගතව නිම කිරීමට නොහැකිව තිබූ කාර්යයක් අසල්වාසීන්ගේ ද සහයෝගය ඇතිව නිම කිරීමට අවස්ථාව ලැබෙයි. තම දැනුම ශක්තිය උරගා බැලීමේ තරග ආදියට ඉදිරිපත් වීමට අද දිනය සුබදායකය. හිසේ කැක්කුම් වැනි ආබාධ මතු කරයි. තම පෞරුෂත්වය පිළිබඳ තමාට අභිමානයක් ඇති වන දිනයකි. ශරීර සෞඛ්‍ය යහපත් වේ. යහපත් සිතුවිලිවලින් අද දිනය පිරී යනු ඇත. ඔබ බොහෝ පිරිසකගේ උපදේශකයෙක් බවට පත් වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.

කන්‍යා

ආරක්ෂා සහිතව ඇති මුදල්වල්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වේ. වෙළඳ හා බැංකු කටයුතුවලින් ලාභ අත්වන දිනයකි. උදරයේ පහළ අසනීපගති මතු කරවයි. විවාහ සබඳතාවලට ඉතා සුබදායක දිනයකි. යහපත් මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. මහජන සම්බන්ධතා කටයුතුවලට ඉතා වැඩදායකය. සුවඳ විලවුන්, අනර්ඝ ආහාර ආදිය සඳහා විශේෂ වැදගත්කමක් අද දිනය තුළ හිමිවනු ඇත. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   ගලා යන ජලයට බුලත් දමන්න.

තුලා

විශාල පිරිසකගේ කටයුතු වෙනුවෙන් ඔබ මැදිහත්වීමක් අද දිනයේ වේ. තනතුරු නම්බු නාම ආදිය සඳහා ඔබ නම් කෙරෙනු ඇත. රැකියා කටයුතු ආදිය අපේක්ෂාවෙන් සිටින අයට අද දිනය සුබදායකය. ආගමික කටයුතු වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරවනු ඇත. අධ්‍යාපන කටයුතු සාර්ථක කරන දිනයකි. රැකියා කටයුතු කරන ස්ථානවල දී ඔබ විශේෂ ගෞරවයට පාත්‍රවනු ඇත. ජලයෙන් හානි පෙන්වයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.

වෘශ්චික

යහපත් පවුල් සබඳතා ගොඩනැඟෙන දිනයකි. ජලය ආශ්‍රිත කටයුතුවලින් අලාභ පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයක් නොවේ. මවුපස ඥාතීන්ගේ හමුවීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකිය. යාන එන ගමන් ආදියේ දී ප්‍රවේශම් විය යුතුය. තෙල් සහිත ආහාර උදරාබාධ ආදිය මතු කරයි. අන්තිම කැමති පත්‍ර ආදියෙන් ධනය ලබා ගැනීමට අද සුභ දිනයකි. කාලත්‍රයාගේ ධන තත්ත්වය ඉහළ යනු ඇත. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. 

ධනු

කලා කටයුතුවල නව නිර්මාණ බිහි කිරීමට අද දිනය වැදගත් වේ. ආගමානුකූල සිතිවිලි වර්ධනය වන අතර ඒ සම්බන්ධ කටයුතුවලට ද මැදිහත් වනු ඇත. සුබ කටයුත්තක් සඳහා ගෞරවනීය ආරාධනයක් අද දිනය තුළ ඔබට ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇති කරවන දිනයකි. යහපත් දූ දරුවන් බලාපොරොත්තු වන විවාහකයන්ට අද දිනය සුබදායකය. මැසි මදුරු ආදීන්ගෙන් පීඩා ඇතිවිය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. 

මකර

තමා සන්තක දේපළ වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. කෞතුක දේ සඳහා විශේෂ ඇල්මක් ඇති කරවන දිනයකි. මවුපස ඥාතීන් සමඟ යහපත් සබඳතා අද දිනය තුළ ගොඩ නැඟෙනු ඇත. තෙල් සහිත ආහාර අද දිනයේ ඔබ අපහසුතාවයට පත් කරවයි. ගේදොර අලංකරණ කටයුතු සඳහා අද දිනය විශේෂ වැය කිරීමක් අපේක්ෂා කළ හැකි සුඛෝපභෝගී දේ මිලට ගනී. ජනප්‍රියත්වය පතා කරන කටයුතු සඳහා සුබදායක දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.

කුම්භ

ස්වර්ණාභරණ වටිනා මැණික් ආදී ව්‍යාපාරවල නියැළී අයට අද දිනය වැඩි ලාභ අත් කරවයි. සුරකුම්පත් ආයෝජනයේ විශේෂ ප්‍රතිලාභ අපේක්ෂා කළ හැකිය. තෙල් සහිත ආහාර ආදිය නිසා ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණයය කළ හැකිය. තැන්පත් ධනය වර්ධනය කර ගැනීම සඳහා අද දිනය සුබදායකය. බැංකු කටයුතුවලින් විශේෂ ලාභ ද අපේක්ෂා කළ හැකිය. යහපත් පවුල් සබඳතා වර්ධනය වන දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.

මීන

කලකින් හමු නොවූ ඥාතිවරයකුගේ විශේෂ හමුවක් අද දිනයේ බලාපොරොත්තු වන්න. පදිංචි ස්ථානවල වෙනසක් කිරීමට සිතා සිටින අයට අද දිනය සුබදායකය. විවාහ සබඳතාවල ගැටලු සහගත තත්ත්වයන් මතු කරවන දිනයකි. වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතුවල නියැළි අයට අද දිනයේ සුබදායකය. කාලයක් තිස්සේ ගෙවීමට තිබූ ගෙවීම් කිහිපයක් අද දිනය තුළ ගෙවීමට හැකි වේ. නිවසේ සුරතල් සතුන්ට අසුබකාරී දිනයකි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.

Saturday, December 19, 2020

Lagna Palapala 2020-12-20| ලග්න පලාපල | Gurukam.net

December 19, 2020 0
Lagna Palapala 2020-12-20| ලග්න පලාපල | Gurukam.net


 

ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 20 වන ඉරිදා

ඉර උදාව   - පෙරවරු 06.17 ට 

ඉර බැසීම  - පස්වරු 18.01 ට

රාහු කාලය

දිවා 16.47 ට සිට 18.16 දක්වා

රාත්‍රී 04.47 සිට 06.16 දක්වා

සුභ දිශාව            - දකුණ

මරු සිටින දිශාව - උතුර


මේෂ

අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරයි. හවුල් ව්‍යාපාර තුළින් බලාපොරොත්තු ලාභ අපේක්ෂා කළ නොහැකිය. බොහෝ පිරිසක් අතර තම පෞරුෂත්වය වර්ධනය කර ගැනීමට ඉඩකඩ ලැබෙන දිනයකි. තම ශක්තිය වීර්යය පෙන්වා ජයග්‍රහණ ලබා ගත හැකිය. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙන දිනයකි. තමා පදිංචි වට පිටාවේ කටයුත්තක් වෙනුවෙන් අසල්වාසීන් සමඟ කටයුතු කිහිපයකට ද මැදිහත් වේ. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ

දේව භක්තිය වැඩි කරවා ඒ සම්බන්ධ කටයුතුවලට ද මැදිහත් වනු ඇත. දුර දක්නා නුවණින් සිදු කරන කටයුතුවලින් විශාල මානසික සහනයක් ලබාගත හැකිය. විදේශ ගමන් සාර්ථක වේ. හන්දිපත් ආශ්‍රිත වේදනා මතු කරවනු ඇත. ආගම දහම පිළිබඳව පොත්පත් නිබන්ධන ආදියේ විශේෂ ප්‍රගතියක් ඇති කරවයි. පියාගේ කටයුතු සම්බන්ධ විශේෂ දිනයක් බවට අද පත්වෙයි. මුදල් තත්ත්වය වර්ධනය සඳහා අද දිනය සුබදායකය. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන

කාලත්‍රයාගේ ධන හානි තත්ත්වයක් පෙන්නුම් කරයි. තම ඉවසීම ප්‍රගුණ කිරීම සඳහා සිදු කරන කටයුතුවලට අද දිනය සුබදායක වනු ඇත. අක්ෂි ආබාධ මතු කිරීමේ අවදානමක් පවතී. ලාභ බලාපොරොත්තුවෙන් කරන කටයුතුවලින් සුබඵල අපේක්ෂා කළ නොහැකිය. පවුල් සබඳතාවල තම වචනය බොහෝ පිරිසකගේ අවමානයට ලක් විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවල දී මතක ශක්තිය දුර්වල විය හැකිය. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක

කලක් අස්ථානගතව තිබූ යම් දෙයක් පිළිබඳව ආරංචියක් අද දිනයේ ලබාගත හැකිවනු ඇත. පියාගේ කටයුත්තක් සම්බන්ධයෙන් කටයුතු කිහිපයකට කෙටි ගමන් යෙදෙනු ඇත. රැකියා බලාපොරොත්තු වන අයගේ අපේක්ෂාවන් මල් ඵල ගන්වන දිනයකි. අක්ෂි ආබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. රාජ්‍ය සේවයේ නියුතු අයගේ හැකියාවන්  වර්ධනය වේ. ඒ සඳහා විශේෂ පුහුණුවලට ද සහභාගි වීමට අද දිනයේ අවස්ථාව සැලැසේ. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

තම පුත්‍රයකුගේ යහළු මිත්‍රාදීන් සම්බන්ධ කටයුත්තකට උදවු කිරීමක් සිදු කරයි. උරහිස් බහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. ජාතික හැඟීම් පුබුදු කරවන දේ ඔබ අතින් නිර්මාණය වනු ඇත. නීතිය සම්බන්ධ කටයුතු කිහිපයකට ලියකියවිලි කිහිපයක් ඔබ අතින් නිර්මාණය වේ. ඒ හා සම්බන්ධ ආශිර්වාද ප්‍රාර්ථනා කරන දිනයකි. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා

පිය පාර්ශ්වයේ අසනීපයක් වෙනුවෙන් රෝහලකට යෑමක් පෙන්නුම් කරයි. විදේශ රැකියා ආදියේ සුබදායක තත්ත්වයන් පෙන්නුම් කරයි. පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ඇති කරවනු ඇත. වළලු කර ආශ්‍රිත ආබාධ ඇති කරයි. රජයේ දඬුවම් ආදියට ලක් විය හැකි දිනයක් බැවින් සියලුම කටයුතු කල්පනාකාරීව සිදුකළ යුතුය. මානසික හිංසාවන්ට ලක් විය හැකිය. නින්දේ දී මැසි මදුරු ආදීන්ගෙන් බාධා සිදුවිය හැකිය. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

අසත්‍ය ප්‍රකාශ ආදියෙන් තම කීර්ති නාමයට හානි කර දේ සිදු කිරීමට යම් උත්සාහ දරයි. තමා භාරගත් දෙයක් උසස් අයුරින් නිම කිරීම සම්බන්ධයෙන් විශේෂ ඇගයීමකට ලක් වන දිනයකි. සෙම් රෝග ආදිය මතුකර විය හැකිය. ප්‍රභූවරයෙකුගේ හමුවීමක් පිණිස එවැනි ස්ථානයකට හෝ උසස් ආයතනයකට ගමන් බිමන් පෙන්නුම් කරන දිනයකි. පදිංචි ස්ථානය පිළිබඳව අභිමානයක් තමා තුළ ඇති වේ. ජලය ආශ්‍රිත කටයුතුවලින් ප්‍රවේසම් වන්න. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික

තම කාලත්‍රයාගේ පවුල් සබඳතාවලට වැඩි මැදිහත්වීමක් පෙන්නුම් කරයි. කල් පැවති රෝගාදියෙන් මිදීම අද දිනයේ සිදු වේ. තම පුත්‍රයකුගේ දේපළ සම්බන්ධ නීතිමය කටයුත්තකට මැදිහත් වීමක් සිදු කරයි. මුත්‍රා ආබාධ ඇති කරයි. අන්තිම කැමති පත්‍රවලින් ධනය ලැබීමට අද දිනය සුබදායකය. මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රවල වැඩි ප්‍රගතියක් අත්කරවිය හැකිය. පියාගේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09

ධනු

නීතිමය කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි දිනයකි. විදේශ රටවල නියුතු අයට තම කටයුතු ගෞරවාන්විතව සිදුකළ හැකිය. විදේශ වෙළෙඳ කටයුතුවල නියැළෙන අයට අද දිනය පාඩු කරවන දිනයකි. විවාහ සබඳතාවල දී තම ආධිපත්‍ය පැතිර වීම සුබදායක නොවේ. හවුල් ව්‍යාපාර ආදී කටයුතුවල දී අලාභ සිදුවිය කළ හැකිය. මහජන සම්බන්ධතා කටයුතුවල නියැළෙන අයට අද දිනය සුබදායකය. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03

මකර

විනෝද කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ගත කරනු ඇත. ප්‍රේම සබඳතාවල දී කලහකාරී තත්ත්වයන් මතු කරවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. නීත්‍යානුකූල නොවන දේ අද දිනය තුළ සිදු නොකරන්න. අධ්‍යාපන කටයුතුවල නියැළී දරුවන්ගේ විශේෂ ප්‍රගතියක් අද දිනයේ අපේක්ෂා කළ හැකිය. ගව මහේෂාදීන්ගේ කටයුතුවලින් ලාභ අපේක්ෂා කළ නොහැකිය. මවු පාර්ශවයේ මාමා කෙනකුගේ අසනීප තත්ත්වයක් අසන්නට ලැබෙනු ඇත. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

තමා බොහෝ පිරිසකගේ උපදේශකයකු ලෙස ක්‍රියා කරන බවක් පෙන්වයි. ඥාති සහෝදරයකුගේ කටයුත්තකට නීතිමය පිළිසරණක් සඳහා ඔබගෙන් උදව්වක් ඉල්ලයි. පාදයේ ආබාධ ඇති කරවනු ඇත. පොත්පත් ලිපි ලේඛන හා වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතුවලින් විශේෂ ලාභ අපේක්ෂා කළ හැකි දිනයකි. තමා බලාපොරොත්තු වූ අභිලාෂයන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගත හැකිය. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

කලක් තිස්සේ පැවතුණ මානසික ගැටලු අද දිනයේ නොදැනෙයි. මවගේ කටයුත්තක් වෙනුවෙන් කෙටි ගමන් කිහිපයක් ද යෙදෙනු ඇත. ආරක්ෂක අංශවල රැකියාවන්හි විශේෂ ප්‍රගතියක් අපේක්ෂා කරගත හැකිය. කල්ගතව තිබූ අසනීපවලින් සුවය ලැබීමට අවශ්‍ය ප්‍රතිකාර සඳහා මඟ පෙන්වීම අද දිනයේ ලැබෙයි. තමාට එරෙහි වන සතුරු බලවේග මර්දනය කරමින් තම අභිමතාර්ථ ජයග්‍රහණය කරගත හැකි වනු ඇත. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03




Friday, December 18, 2020

Lagna Palapala 2020-12-19 | ලග්න පලාපල | Gurukam.net

December 18, 2020 0
Lagna Palapala 2020-12-19 | ලග්න පලාපල | Gurukam.net

ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 19 වන සෙනසුරාදා

ඉර උදාව  - පෙරවරු 06.17 ට

ඉර බැසීම - පස්වරු 18.01 ට

රාහු කාලය

දිවා 09.17 සිට 10.46 දක්වා

රාත්‍රී 21.17 සිට 22.46 දක්වා

සුභ දිශාව            - දකුණ

මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ

සහෝදරයකුගේ කටයුත්තකට සතුරු කරදර ඇතිවනු ඇත. උදරයේ පහළ අසනීප ගති මතු කරවන දිනයකි. මානසික වේදනාව වැඩි කරවන දිනයකි. තමා සමාජයේ නරක අයකු වශයෙන් හැඳින්වීමට පිරිසක් උත්සාහ කරන බව පෙනෙයි. තම මෙහෙකරුවන් තමාට එරෙහි විය හැකි දිනයකි. ශරීරයේ අංගවල තුවාල සිදුවීම් ඇති කරවිය හැකිය. අසුබ සිහින ආදිය ඔබට නින්දේ දී බාධා කරයි. අධ්‍යාපන කටයුතුවලට බාධාකාරී දේ වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.

වෘෂභ

තම ගති පැවතුම් යහපත් වන අතර සහෝදර සහෝදරියන්ගේ කටයුතුවලට ද යහපත් දායකත්වයක් ලබා දෙයි. මතක ශක්තිය වර්ධනය කරවා අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරවනු ඇත. කලා හා සංගීත සම්බන්ධ පොත්පත් ලිපි ලේඛන ආදිය සම්බන්ධ කටයුතුවලට මැදිහත්වීමක් වේ. කියවීමේ රුචිකත්වය ද වර්ධනය වේ. මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු අයට අද දිනය සුවිශේෂී වනු ඇත. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.

මිථුන

රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරන කටයුත්තකට ඔබ විශේෂ ආරාධිතයෙක් වේ. තම වැඩිහිටියන්ට විශේෂ උදවු උපකාර අද දිනයේ ඔබ අතින් සිදුවනු ඇත. ආගමික භක්තිය වැඩි කරන කෙටි ගමනක් යෙදෙන දිනයකි. දණහිස් ආශ්‍රිත ආබාධ මතු කරයි. රැකියා කරන ස්ථානවල දී ඔබ වැඩි ඇගයීමකට හා අවධානයකට ලක් වනු ඇත. වෙළෙඳ හා වාණිජ කටයුතුවලින් වැඩි ලාභ අත් කරවයි. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට අද දිනය සුබදායක දිනයකි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. 

කටක

කලක් පෙළෙමින් සිටි ආබාධයකින් සුවය ලැබීමට ප්‍රතිකාර පිණිස අද දිනයේ සුබදායකය. තම මවගේ උරුමකම් ආදියට අද දිනය යහපත් වනු ඇත. රූපලාවණ්‍ය අලංකරණ ආදී කටයුතුවලට වැඩි කාලයක් ශ්‍රමයක් සහ මුදලක් වැය කරවනු ඇත. විනෝද කටයුතු සඳහා වැඩි නැඹුරුතාවක් ඇති කරවයි. පොදු යහපත පිණිස කරන කටයුතුවල දී ඔබ ප්‍රමුඛත්වයක් ගනු ඇත. ප්‍රේමණීය හැඟීම් මතු කරවනු ඇත. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.

සිංහ

ඉඩකඩම්, යාන වාහන ආදී කටයුතුවලින් අද දිනයේ වැඩි ප්‍රතිඵල ළඟා කරවයි. අසනීපවලින් සුවය ලැබීමට අද දිනය සුබදායකය. කලා හා සංගීත ක්ෂේත්‍රයේ රැකියා හා අධ්‍යාපන කටයුතුවල නියැළි අයගේ කටයුතු අද දිනයේ සාර්ථක කරයි. ප්‍රේම සබඳතා සඳහා සුබදායක දිනයකි. විනෝද කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවලින් ප්‍රගතියක් ද අපේක්ෂා කළ හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.

කන්‍යා

නීති මාර්ගික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි හේතු වේ. මුහුණේ කාන්තිය වැඩි කරවනු ඇත. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට අද දිනය සුබදායක වේ. පවුලේ ඥාති සොහොයුරු සොහොයුරියන් අතර යහපත් සබඳතා වර්ධනය වනු ඇත. ලෞකික වශයෙන් ළඟා කරගත යුතු දේ සඳහා වැඩි කැපවීමක් අද දිනයේ කරනු ඇත. තමා සන්තක දේ වර්ධනයට සැලසුම් සකස් කිරීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.

තුලා

කාන්තා පාර්ශවයේ කටයුත්තක් සඳහා වැය අධික කරවන දිනයකි. කලකට පෙර ලබා ගෙන සිටි ණය මුදලකින් අද දිනයේ නිදහස්වීමේ අවස්ථාව පවතී. කෙටි ගමන් කිහිපයක් යෙදිය හැකි‍ය. ඒ තුළින් ධන හානියක් ද පෙන්නුම් කරයි. මවුපස මාමා කෙනකුගේ කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට වේ. සාත්තු නිවාස පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආදියේ සේවයේ නියුතු අයට අද දිනය සුබදායකය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.

වෘශ්චික

තමා පදිංචි ස්ථානයේ විශේෂ උත්සව සංවිධාන වන දිනයකි. ව්‍යාපාරිකයන්ගේ ධන තත්ත්වය අද දිනයේ සුබදායක වනු ඇත. ඉඩකඩම් සහ ගේදොර වැඩ කටයුතු සඳහා අද දිනයේ වැඩි කාලයක් යොමු කරවනු ඇත. රථ වාහන සම්බන්ධ විශේෂ ලාභ ද ඇති කරවනු ඇත. තමා කිරීමට භාරගත් දෙයක් යහපත් ආකාරයෙන්ම නිම කරනු ඇත. සුවඳ විලවුන් හා බෙහෙත් වර්ග සඳහා වැඩි වියදමක් පෙන්නුම් කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.

ධනු

යහපත් කතාවලට සවන්දීමට මෙන්ම එවැනි කතා ජනතාව අතරට ගෙන යෑමට අද දිනයේ ඔබට අවස්ථාව ලැබෙනු ඇත. කාලත්‍රයාගේ කෙටි ගමන් සඳහා සහභාගි වීමට ඔබට අද දිනයේ සිදු වේ. කලා ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරවනු ඇත. තම පිය පාර්ශ්වයේ ඥාති සොහොයුරියක් ඔබට මුණ ගැසෙන දිනයකි. තමා කරන කටයුතුවලට ආගමික භක්තිය වැඩි වශයෙන් දායක කර ගනී. ජලයෙන් හානි සිදුවිය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03, මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.

මකර

මුහුදු ගමන් ආදියේ යෙදෙන අයට අද දිනය බලාපොරොත්තු ප්‍රතිඵල ළඟා නොකරයි. මව සම්බන්ධයෙන් කටයුත්තකට කෙටි ගමනක් යෙදෙනු ඇත. ප්‍රතිශක්තීකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ආරක්ෂා විය යුතුය. තමාට එරෙහිව යම් අපවාදයන්ට ලක්විය හැකිය. හෘදය සම්බන්ධ සෙම තත්ත්වයන් මතු කරවන දිනයකි. මානසික තත්ත්වය දුර්වල කරන දේ අද දිනයේ සිදුවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   බණ පොතක් පූජා කරන්න.

කුම්භ

යහපත් මිතුරු සබඳතා අපේක්ෂා කළ හැකි දිනයකි. ලලිත කලා නිර්මාණ, පින්තාරු කිරීම් ආදී කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇති කරයි. රන්, රිදී, මුතු මැණික් ආදී භාණ්ඩ අද දිනයේ විශේෂයෙන් ආරක්ෂා කරගත යුතුය. වවුචර්, බැංකු අණකර ආදිය ලබා දීමට අද දිනය සුබදායකය. මිහිරි ආහාර පරිභෝජනයට අවස්ථාව සැලසේ. කාන්තා කටයුතු සම්බන්ධයෙන් ව්‍යාපාරවල නියැළි අයට අද දිනය සුබදායකය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.

මීන

සුවඳ විලවුන් හා රසවත් ආහාර වෙනුවෙන් වැය පාර්ශවය අධික කරවයි. පෙම්වතුන්ගේ කටයුතුවලට අද දිනය වැදගත් වේ. මවගේ දේපළවලට අයිතිය යහපත් ලෙස ඉල්ලීමට අද දිනය සුබදායකය. යහපත් විවාහ සබඳතා අද දිනයේ ස්ථිර කරගත හැකිය. වඩා සුබදායක ව්‍යාපාරික සම්බන්ධතාවන් ද ගොඩනැඟෙයි. කාන්තාවන්ට අවශ්‍ය දේ සම්බන්ධ හවුල් ව්‍යාපාරවල විශේෂ ප්‍රගතියක් අද දිනයේ ඇති කරවයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.








Thursday, December 17, 2020

Lagna Palapala 2020-12-18 | ලග්න පලාපල | Gurukam.net

December 17, 2020 0
Lagna Palapala 2020-12-18 | ලග්න පලාපල | Gurukam.net


 ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට


2020 දෙසැම්බර් මස 18 වන සිකුරාදා

ඉර උදාව   - පෙරවරු 06.17 ට

ඉර බැසීම  - පස්වරු 18.00

රාහු කාලය

දිවා 10.17 සිට 12.16 දක්වා

රාත්‍රී 22.17 සිට 00.16 දක්වා

සුභ දිශාව            - උතුර

මරු සිටින දිශාව - ගිණිකොන


මේෂ

යහපත් මිතුරු සබඳතා සඳහා සුබදායක දිනයක් වේ. ආගමික භක්තිය ඈත් කරවා තම සිතුවිලි අයහපත් දේ සඳහා යොමුවිය හැකිය. දණහිස් ආශ්‍රිත ආබාධකාරී තත්ත්වයන් පෙන්නුම් කරයි. ආහාර පිළිබඳව ද කල්පනාකාරී වන්න. තම ගෞරවයට, කීර්ති නාමයට හානි කරන දේ අද දිනයේ සිදුවිය හැකිය. ලෞකික ආශාවන් පිළිබඳ කටයුතු කිරීම නිසා අද දිනයේ ගැටලු මතු කරයි. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ

තම ආදායම් මාර්ගවල යම් වෙනස්කම් කිරීමට වන දිනයකි. මිල දී ගැනීම් සහ විකිණීම් යන කරුණු දෙකටම සුබ දිනයක් නොවේ. මිතුරකුගේ පුත්‍රයකු සම්බන්ධ කටයුත්තකට මැදිහත් වේ. මහජනයා අතර ජනප්‍රියත්වයට හේතු වන කරුණු යෙදේ. විවාහ සබඳතා ස්ථිර කර ගන්නේ නම් අද දිනයේ දෙවරක් කල්පනා කළ යුතුය. ප්‍රේම සබඳතාවලට සුබදායක නැත. හවුල් ව්‍යාපාර ගිවිසුම්වල නීතිමය ගැටලු මතු කරයි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන

රහස් කටයුතු කිහිපයක් ඔබ අතින් අද දිනයේ වනු ඇත. නිවාස කුලියට දීම් ආදී කටයුතුවල දී කල්පනාකාරී විය යුතුය. කෘෂිකර්මයට අදාළ ආර්ථික කටයුතුවල ගැටලුකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. හෘදයාබාධ සම්බන්ධ අවදානමක් ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. නිවාස, ඉඩකඩම්, දේපළ සම්බන්ධ කටයුතුවල ගැටලුකාරී තත්ත්වයක් මතු කළ හැකිය. මවු පාර්ශ්වයේ ඥාතීන්ට අසුබදායී දිනයකි. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක

තම වචනය නිසා ගැටලුකාරී දේ විය හැකිය. කල්පනාකාරීව වචන හසුරුවන්න. ආගමික ලියකියවිලි සම්බන්ධව කටයුතු කිහිපයකට මැදිහත් වීමට වේ. ඇස් ආබාධ මතු කරවිය හැකි දිනයකි. පවුල් සබඳතා සඳහා අද දිනය ශුභ දායක නැත. තැන්පත් ධනය වැය කරවා අත මාරුවක් ඉල්ලා ගැනීමට ද විය හැකිය. කාලත්‍රයාට අසනීප ගති පෙන්වයි. බාල සහෝදරයකු වෙනුවෙන් මුදල් වැය කිරීමක් ද සිදු වේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

තමා ප්‍රිය කරන අයකුගේ හමුවක් අද දිනයේ බලාපොරොත්තු විය හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ඈත්ව සිටීම අද දිනයේ සුබදායකය. හවුල් ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නන්ට සුබදායක දිනයක් නොවේ. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ තත්ත්වයක් මතු කරවනු ඇත. හදිසි අනතුරු ආදියෙන් අද දිනයේ ප්‍රවේශම් විය යුතුය. ණය ගැනීම්, ණය දීම් වැනි කරුණුවල දී දෙවරක් කල්පනා කළ යුතු වේ. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා

දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණෙනු ඇත. නව සබඳතා ගොඩ නැඟීමේ දී ඉතා කල්පනාකාරී විය යුතුය. මංමුලාවීම් සිදුවිය හැකි දිනයකි. යහපත් දරු උපත් සඳහා අද දිනය සුබදායක නැත. දරුවන් බලාපොරොත්තුව සිටින අය අද දිනයේ කල්පනාකාරී විය යුතුය. ලොතරැයි දිනුම්, සුදු ආදී කටයුතුවලින් අද දිනයේ ලාභ ඇති කරවයි. කොටස් වෙළඳපොළ කටයුතුවල අර්බුද මතු කරවිය හැකිය. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

තම වටිනා බඩුබාහිර ආදිය අද දිනයේ ප්‍රවේශම් කරගත යුතු වනු ඇත. මවගේ අසනීප තත්ත්වයන් මතු කරවිය හැකිය. වැඩිමහල් සහෝදරයෙකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වීමට වේ. වළලුකර ආශ්‍රිත වේදනා මතු කරවිය හැකිය. තම අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමට අද දිනය සුබදායක නොවනු ඇත. සියලු මාර්ගවලින් ලැබෙන ආදායම්වලට අද දිනය බාධාකාරී විය හැකිය. දේව භක්තිය වැඩි කරවා ඒ පිළිබඳ කටයුතුවලට පමුණුවයි. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික

බලාපොරොත්තුව සිටි යමක් ළඟා කර ගැනීමට අවස්ථාව ලැබෙයි. සතුරු කරදර නිසා මෙතෙක් පැවති අවහිරතා අද දිනයේ මඟ හැරෙනු ඇත. තම සේවක කාරකාදීන් කාර්යක්ෂමව තම සේවය ලබා දෙනු ඇත. මානසික පීඩාවන් අවම කරගෙන දිනය ගත කළ හැකිය. කුඩා බඩවැලේ හට ගන්නා තුවාල ආදිය දිනයේ සවස් කාලයේ යම් අපහසුතාවක් මතු කරන බවක් පෙන්වයි. තම මාමා කෙනකු පිළිබඳ සුභදායක ආරංචියක් ලැබෙනු ඇත. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09

ධනු

මවු පාර්ශවයේ කටයුත්තකට වැය පෙන්නුම් කරන දිනයකි. මවුපස මාමා කෙනකුගේ රැකියාව පිළිබඳ අසුබ ආරංචියක් ලැබීමට පුළුවන. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදිය හැකිය. ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. තමා කරන පර්යේෂණ හා උසස් අධ්‍යාපනයට සම්බන්ධ කටයුතුවලින් බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබේ. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03

මකර

ජීවිතය සාමාන්‍ය ව්‍යුහය වෙනස් කරවන දිනයක් බවට අද පත් වනු ඇත. තම කාර්යක්ෂමභාව වැඩිකර ගැනීම අද දිනයේ වනු ඇත. හදිසි ගමන් කිහිපයක් යෙදෙනු ඇත. ව්‍යාපාරික කොටස්කරුවන් අතර මතභේද ආදිය මතු කරවිය හැකිය. කල්පනාකාරී වන්න. තමාගේ ගුණ යහපත්කම අඩු වීමට හේතුවන කරුණු යෙදේ. බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වේ. කාලත්‍ර පාර්ශවයේ අසුබතාවක් ද මතු කරවයි. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

කාලත්‍ර පාර්ශවයේ අවශ්‍යතාවක් වෙනුවෙන් කෙටි ගමන් කිහිපයක් යෙදෙන දිනයකි. පවුලේ අයකුගේ දේපළ පිළිබඳ ගැටලු ඇති කරයි. පොත්පත් ආශ්‍රිත කටයුතුවල නියැළෙන අයට අද දිනය සුබදායක නැත. ආගම දහම  පිළිබඳ සිතිවිලිවලින් අද දිනයේ ඔබ ඈත් වෙයි. උසස් අධ්‍යාපන කටයුතුවල ගැටලු සහිත දේ නිර්මාණය කරයි. පිය පාර්ශවයේ ඥාතීන් සමඟ ආරවුල් මතු කරවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වනු ඇත. අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී කල්පනාකාරීව කටයුතු කරන්න. ව්‍යාපාරිකයන්ගේ ආයතනික වියදම් වැඩි කරවන දිනයකි. දෙපතුල් ආශ්‍රිත ආබාධ තත්ත්වයන් මතු කරවිය හැකිය. නින්ද පිළිබඳ ගැටලු ඇති කරන දිනයකි. හිතවත් අයකුගේ අසනීපයක් හේතුවෙන් රෝහලකට යෑමට වේ. මවුපස මාමා කෙනෙකුට අසුබදායක දිනයකි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


Wednesday, December 16, 2020

Lagna Palapala 2020-12-17| ලග්න පලාපල | Gurukam.net

December 16, 2020 0
Lagna Palapala 2020-12-17| ලග්න පලාපල | Gurukam.net


 අද දවස ඔබට

ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

2020 දෙසැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා

ඉර උදාව   - පෙරවරු 06.16 ට

ඉර බැසීම  - පස්වරු 18.00 ට

රාහු කාලය

දිවා 13.46 සිට 15.15 දක්වා

රාත්‍රී 01.46 සිට 03.15 දක්වා

සුභ දිශාව             - උතුර

මරු සිටින දිශාව - දකුණ


මේෂ

ගේදොර වැඩ කටයුතු කඩිසරව කරයි. ආධ්‍යාත්මික වැඩ සටහන්වලට වැඩි වශයෙන් දායක වන දිනයකි.  සහෝදරයකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. පිය උරුමයෙන් දේපළ පිළිබඳ සතුටුදායක ආරංචියක් ලැබේ. ආගමික භක්තිය වැඩි වේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. ආරක්ෂක අංශවල වෘත්තියේ යෙදෙන්නන්ට ඉතා යහපත්ය. මැසි මදුරු ආදී කෘමි සතුන් නිසා පීඩා ඇතිවන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.

වෘෂභ

තමන්ගේ සහජ කුසලතා වර්ධනය කර ගනී. කාව්‍යකරණය, නිර්මාණකරණය වැනි කලා අංශවල දියුණුවක් ඇති කරවන දිනයකි. ගිවිසුම් කොන්ත්‍රාත් අත්සන් කිරීමට අවස්ථාව ලැබේ. තමා ළඟින් ඇසුරු කරන අයගෙන් ඈත් වෙයි. මුත්‍රාබාධ මෙන්ම යටි බඩ ආශ්‍රිත රෝග වැළඳීමට හැකියාව පවතී. මවට අනතුරු ඇතිවිය හැකිය. විදෙස් ගමන් බලාපොරොත්තු වන අයට සුබ ශුභදායක ආරංචි ලැබෙයි. ජලය ආශිත කටයුතුවල දී ප්‍රවේශම් වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.

මිථුන

අවදානම් කටයුතුවල යෙදීමෙන් වැටීම්, තුවාල වීම් විය හැකි බැවින් කල්පනාකාරී වන්න. යුග ජීවිතයේ මත භේදකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකිය. නීතිමය වශයෙන් ලබා ගැනීමට නියමිත වූ උරුමයන් ළඟාකර ගත හැකිය. උපායශීලීව අන් අයගේ උදවු උපකාර ලබා ගත හැකිය. ඉවසිලිවන්ත බව අඩු වේ. මවගේ ධන තත්ත්වය යහපත් වේ. මානසික වශයෙන් සතුට සැනසුම උදා වේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් දිනයකි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. 

කටක

උද්යෝගයෙන් වැඩ කළ හැකි දිනයකි. ඉඩකඩම්වලින් නොසිතූ ආදායම් ලැබේ. නිවාස ගොඩනැඟිලි ඉදි කරන්නන්ට වාසි සැලසේ. මවුපස ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. සහෝදර සහෝදරියන්  සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබේ. හවුල් ව්‍යාපාරවල දී හොඳින් සිතා කටයුතු කිරීම ඉතා වැදගත්ය. ගේදොර වැඩ කටයුතුවල දී වෙනදාට වඩා කැප වීමෙන් කරයි. උෂ්ණාධික රෝග වැළඳීමට ඉඩකඩ පවතී. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.

සිංහ

තම මවගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් වෙහෙසීමට වේ. රැකී රක්ෂා කටයුතු සඳහා යහපත් දිනයකි. කාන්තාවන්ට ගර්භාෂය ආශ්‍රිත රෝග පීඩා ඇති වීමට ඉඩකඩ පවතී. ආදායම් මාර්ග සරුවන දිනයකි. ප්‍රේම සබඳතා සඳහා සුභ දිනයක් නොවේ. යටපත් වී තිබූ රෝග ඉස්මතු වේ. විදේශගත අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වූ අයට එම බලාපොරොත්තු ඉටු වේ. නීතිමය කටයුතුවලින් ජය ලැබේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. 

කන්‍යා

ආදායම් තත්ත්වය සුබදායකයි. නිවස තුළ කරන කටයුතු කඩිනම් වේ. තුනටිය ආශ්‍රිත රෝග වැළඳීමට ඉඩ ඇත. ඉදිරි වැඩ කටයුතු යහපත් ලෙස සැලසුම් කර ගැනීමට අවස්ථාව ලැබේ. නමුත් සිතේ සැනසුම අඩුවන දිනයකි. දරුවන් පිළිබඳ අසුබ ආරංචි ලැබේ. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ට එම බලාපොරොත්තු ඉටු වේ. අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි දිනයකි. විදෙස්ගත ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබෙයි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.

තුලා

පොළොව ආශ්‍රිත කටයුතුවලින් වැඩි ආදායමක් ලැබේ. ගේදොර යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. රෝගවලට හසුවීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. හෘද රෝග වැළඳීමට ඉඩකඩ පවතී. එමනිසා ප්‍රවේශම් වන්න. මවුපස ඥාතීන් සමඟ ගැටලු ඇති කර ගැනීමට ඉඩකඩ පවතී. වෘත්තීය පරිසර යහපත්ය. උසස්වීම් ලැබීමට ඉඩකඩ පවතී. ගැඹුරු ශාස්ත්‍ර ධර්ම ඉගෙනීමට උනන්දුව ඇති වේ. පොත්පත් ආදිය මිල දී ගනී. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ගලා යන ජලයට බුලත් දමන්න.

වෘශ්චික

අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට යහපත්ය. ගෘහ ජීවිතයට අදාළ කටයුතුවල දී ඉවසිලිවන්ත වන්න. වැයවීම් ඉහළ යයි. තම සහජ කුසලතා වැඩි දියුණු කර ගනී. සහෝදරයන් හා මත ගැටුම් ඇති වීමට ඉඩකඩ පවතී. යුග ජීවිතය තුළ සතුට සමාදානය ගොඩනැඟේ. විවාහ අපේක්ෂිතයන්ට ශුභදායකයි. අසල්වාසීන් සමඟ ගැටුම් ඇතිවිය හැකිය. මවුපස මාමාවරුන්ට සුබදායකය. උදරයේ පහළ අසනීප ගති මතු කරන නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. 

ධනු

නව ව්‍යාපාර ඇරඹීමට යහපත් කාලයකි. පියාට අපල ඇති කරවයි. දූ දරුවන්ට ලෙඩ රෝග වැළඳීමට ඉඩකඩ පවතී. ගෘහ ජීවිතය සාමකාමීය. උද්යෝගයෙන් වෙහෙස වී කටයුතු කිරීමෙන් සියලු ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබේ. හවුල් ව්‍යාපාර අලුතින් ආරම්භ කිරීමටත් සුබදායකයි. හිසේ ආබාධ ඇතිවිය හැකිය. හදිසි අනතුරු ඇතිවිය හැකිය. යන එන ගමන් බිමන්වල දී හෝ රථ වාහන ධාවනයේ දී කල්පනාකාරී වන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. 

මකර

උනන්දුවෙන් හා ආත්ම ශක්තියෙන් තම කටයුතු කර ගනී. විනෝද ගමන්වලට සහභාගි වීමට අවස්ථාව සැලසේ. වෘත්තීය පරිසරය යහපත් වේ. විශේෂයෙන් උපදේශන වෘත්තීයවල නිරත වන්නන්ට ඉතා සුබදායකයි. අඹු සැමියන් අතර මත ගැටුම් ඇති වීමට ඉඩකඩ පවතී. යහපත් ප්‍රේම සබඳතා ගොඩනැඟේ. වැය පාර්ශ්වය ඉහළ යයි. පාද ආශ්‍රිත රෝගාබාධ වැළඳිය හැකිය. මවුපිය උපස්ථානයට භාග්‍ය ලැබේ. කලක් තිස්සේ පැවැති රෝගාබාධ සුවපත් වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   කළු තල පරිත්‍යාග කරන්න.

කුම්භ

ආදායම් මාර්ග සරුවන දිනයකි. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. යාන වාහන පිළිබඳ ගැටලූ ඇති වේ. ප්‍රයෝගවලට හසුවීමට ඉඩකඩ පවතී. පාද කලවා ආශ්‍රිත රෝගාබාධ ඇති වේ. මනසේ කලබල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමට හැකිය. මිතුරන් සමඟ අමනාපකම් ඇති වීමට ඉඩකඩ පවතින බැවින් කල්පනාකාරී වන්න. විනෝද කටයුතු ආදියේ දී ප්‍රවේශම් වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.

මීන

මවුපස ඥාතීන්ගේ උදවු උපකාර ලැබේ. මෙතෙක් පැවැති මානසික ගැටලු විසඳේ. විවාහ අපේක්ෂිතයන්ට තම බලාපොරොත්තු ඉටු වේ. අලුතින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යහපත් දිනයකි. ලිපි කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවන දිනයකි. ආදායම් තත්ත්වය යහපත් නොවේ. අඹු සැමියන් අතර සමඟිය ඇති වේ. රජයේ දඬුවම් හෝ වෙනත් නීතිමය ගැටලු ඇති කරන නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.


Tuesday, December 15, 2020

Lagna Palapala 2020-12-16| ලග්න පලාපල | Gurukam.net

December 15, 2020 0
Lagna Palapala 2020-12-16| ලග්න පලාපල | Gurukam.net

 


ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000 

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 16 වන බදාදා

ඉර උදාව   - පෙරවරු 06.16 ට

ඉර බැසීම  - පස්වරු 17.59

රාහු කාලය

දිවා 12.16 සිට 13.45 දක්වා

රාත්‍රී 00.16 සිට 01.45 දක්වා

සුභ දිශාව             - උතුර

මරු සිටින දිශාව  - නිරිත


මේෂ

ගැටලු මධ්‍යයේ තම වෘත්තිය කටයුතු කිරීමට සිදු වන දිනයකි. බණ භාවනා දී ආගමික කටයුතු සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වේ. ගමන් බිමන් යෙදේ. මානසික අසහනය ඇති වේ. ධන හානි ඇති වීමට ඉඩකඩ ඇත. සහෝදර සහෝදරියන් හදිසි අනතුරුවලට මුහුණ දීමට ඉඩ පවතී. සතුරු කරදර අඩු වීමට ඉඩ ඇත. ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැළඳීමට හැකියාව පවතී. අඹු සැමියන් අතර සමඟිය වර්ධනය වේ. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ

කාව්‍ය නිර්මාණ කටයුතුවල නිරත වන්නන්ට ඉතා සුබදායකයි. දියවැඩියාව හා හෘද ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් වඩාත් කල්පනාකාරීවන්න. විදේශ ගමන් සාර්ථක වීමට ඉඩ පවතී. ප්‍රිය සම්භාෂණ සඳහා සහභාගි වීමට ඇරයුම් ලැබේ. ලොතරැයි දිනුම් ලැබීමට භාග්‍ය පවතින දිනයකි. තමන් ව්‍යාපාරවල නිරත වන්නේ නම් ඒ තුළින් ලාභ උපයා ගැනීමට හැකි වේ. නීතිමය කටයුතුවලින් පරාජයන් අත්විඳීමට හැකි විය හැකිය. කල්පනාකාරී වන්න. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන

ලාභ ලැබීමේ අදහසින් කරන කටයුතු අසාර්ථක විය හැකිය. මවු පාර්ශ්වයේ දේපළ ඉඩකඩම් උරුම වීමට ඉඩ පවතී. තම දූ දරුවන් නිරත වන්නා වූ රැකියාවන් නිලතල තනතුරු ලැබීම් පෙන්වයි. මෙතෙක් පැවැති මානසික ව්‍යාකූලතා නැති වී සිතට සහනය උදා වේ. විවාහ ජීවිතය තුළ තරමක් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අලුතින් වාහන මිල දී  ගැනීමට සුබදායක දිනයකි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක

ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන දිනයකි. තමාට එන අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දීමට හැකි වේ. අඹු සැමියන් අතර මතභේද තත්ත්වයන් පැන නැඟීමට ඉඩකඩ පවතින බැවින් ඉවසීමෙන් කටයුතු කිරීමට උත්සාහ කරන්න. තුනටිය ආශ්‍රිත රෝග පීඩා මතුවිය හැකිය. මවු පාර්ශ්වයෙන් ලැබීමට ඇති උරුමකම් හිමි වීමට ඉඩ පවතින දිනයකි. තමා යටතේ සිටින සේවකයන් සම්බන්ධයෙන් විවිධ ගැටලු පැන නැඟිය හැකිය. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

තමාගේ තැන්පත් ධනය වර්ධනය වේ. ආදායම් තත්ත්වය ද යහපත් වේ. සේවකයන් අතර ආරවුල් ඇති වීමට ඉඩකඩ පවතී. ප්‍රේම සබදතාවලට බාධා පැමිණීමට හැකියාව පවතී. තම සහෝදර සහෝදරියන්ගේ රැකියාවන්හි දියුණුව අපේක්ෂා කළ හැකි වේ. නඩු හබවලින් ජය ලැබෙයි. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටු වේ. දරුවන් වෙනුවෙන් වැඩිපුර කාලයත් ශ්‍රමයත් වැය කිරීමට වේ. සුරතල් සතුන්ට හානිදායකයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා

තම ආදායම් මාර්ග වර්ධනය වන දිනයකි. ලොතරැයි දිනුම් ලැබීමට භාග්‍ය හිමිවන සුබදායක දිනයකි. කතාවෙන් අන් අය පාලනය කර ගැනීමට හැකි වේ. ජලය ආශ්‍රිත රැකියාවල නිරත පුද්ගලයන්ට ලැබීම් සඳහා සුබදායකයි. පවුලේ සාමාජිකයින් තුළ සතුට සමාදානය වර්ධනය වේ. විදේශගතව අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටු වේ. මවට අපලදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

රැකියා කටයුතු සාර්ථක වුවත් ආයතන ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. පියාගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. කීර්ති ප්‍රශංසා නම්බුනාම හිමිවන දිනයකි. බෙල්ල ආශ්‍රිත රෝගාබාධ මතු වීමට ඉඩකඩ පවතී. තම දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබේ. මෙතෙක් පැවති සතුරු කරදර තරමක් අඩුවීමක් විය හැකිය. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන සම්බන්ධයෙන් ගැටලූ මතුවිය හැකිය. වාහන ධාවනය දී කල්පනාකාරී වන්න. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික

නව ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතාමත් යහපත් දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන දූ දරුවන්ට යහපත්ය. දීර්ඝ ගමන් බිමන් යෙදේ. වැය පක්ෂය ඉහළ යයි. නීතියේ රැහැනට හසු වූවන්ට සහන සලසනු ඇත. පවුල තුළ සන්සුන් වාතාවරණයක් ගොඩ නැඟීමට ඉඩකඩ පවතී. ඇස්, නාසය ආශ්‍රිත ආබාධ ඇති වීමට හැකියාව පවතී. මංගල කටයුතු සාර්ථක වේ. ඥාතියකුගේ හමුවක් බලාපොරොත්තු වන්න. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09

ධනු

වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් තම දෛනික කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ. හිසේ ආබාධ ඇති වීමට ඉඩකඩ පවතී. ආදායම් තත්ත්වය යහපත්ය. විශේෂයෙන් ව්‍යාපාරවල නියුතු පුද්ගලයන්ට ලාභ උපයා ගත හැකිය. පවුලේ සාමාජිකයන් අතර මතභේද ඇති වීමට ඉඩකඩ ඇත. කලා අංශය නිර්මාණකරණය තම වෘත්තිය කරගත් අය හට තම වෘත්තිය කටයුතු සාර්ථක කරගත හැකි වේ. සුරතල් සතුන් නිසා ලෙඩ රෝග ඇති වේ. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03

මකර

රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන් ඉතා සුබදායක දිනයකි. බලාපොරොත්තුවෙන් සිටි නිලතල, තනතුරු හිමිවීමට ඉඩ පවතී. පිය උරුමයෙන් ලබන ධනය ලැබීම පෙන්වයි. පාද ආශ්‍රිත ආබාධ ඇති වීමට ඉඩකඩ පවතී. කලක් තිස්සේ පැවති ගැටලු තත්ත්වයක් අවසන් වී සහනයක් ලැබීමට හැකියාව පවතී. කලා අංශයෙන් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඉඩකඩ පවතී. ප්‍රේම සබඳතාවලට යහපත් දිනයකි. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

උෂ්ණාධික රෝග වැළඳීමට ඉඩකඩ පවතී. සතුරු කරදරවලට මුහුණ දීමට විය හැකිය. දණහිස් ආශ්‍රිත රෝග පීඩා ඇති වීමට ඉඩකඩ පවතී. දරුඵල අපේක්ෂාවෙන් සිටි විවාහකයන්ගේ බලාපොරොත්තු ඉටු වේ. විනෝද කටයුතුවලට කාලය වැඩිපුර යොදවයි. සේවක ගැටලු පැන නැඟුනත් ඒවා විසඳා ගැනීමට හැකි වේ. ධාර්මික යහපත් මිතුරන් ඇසුරුට ලැබේ. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් දිනයකි. ප්‍රිය සම්භාෂණයකට ආරාධනා ලැබෙයි. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

කාර්මික අංශයේ රැකියාවල නියුතු අයට සුබදායකයි. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ට තම බලාපොරොත්තු ඉටු වේ. ආදායම් තත්ත්වය අඩු වේ. මව හදිසි අනතුරුවලට මුහුණ දීමට ඉඩ පවතී. දායාද උරුම වේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත්ය. කාලත්‍රයාට අසනීප ගති පෙන්වන දිනයකි. ව්‍යාපාර කොටස් මිල දී ගැනීමට යහපත් දිනයකි. මවු උරුමයෙන් ලැබෙන දේපළ පිළිබඳ සතුටුදායක ආරංචි ලැබෙයි. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03



Monday, December 14, 2020

Lagna Palapala 2020-12-15| ලග්න පලාපල | Gurukam.net

December 14, 2020 0
Lagna Palapala 2020-12-15| ලග්න පලාපල | Gurukam.net

ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000 

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 15 වන අඟහරුවාදා

ඉර උදාව  - පෙරවරු 06.15 ට

ඉර බැසීම - පස්වරු 17.59 ට

රාහු කාලය

දිවා 15.15 සිට 16.44 දක්වා

රාත්‍රී 03:15 සිට 04.44 දක්වා

සුභ දිශාව            - නැගෙනහිර

මරු සිටින දිශාව - බස්නාහිර  


මේෂ

රැකී රක්ෂාවල වෙනස්කම් ඇති වේ. වෘත්තීය පරිසරය අයහපත් වේ. විශේෂයෙන් ආයතන ප්‍රධානීන් හා කටයුතු කිරීමේ දී වඩා ඉවසිලිවන්තව කටයුතු කිරීම වැදගත්ය. මවගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවේ. ගේ දොර වැඩ කටයුතු කඩිසරව සිදු කර ගනී. කෑමෙන් බීමෙන් ලෙඩ රෝග ඇති විය හැකිය. තව ද පාද ආශ්‍රිත මෙන්ම දණහිස් ආශ්‍රිත රෝගාබාධ ඇති වීමේ ප්‍රවණතාව පවතී. ආගමානුකූල කටයුතුවලට සම්බන්ධ වීම සුබයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.

වෘෂභ

නිෂ්ඵල වියදම් ඇති වේ. මූලික අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂයෙන්ම යහපත් දිනයක් බව පෙනේ. ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවේ. හදිසි අනතුරුවලට භාජනය විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. පියාට අපල ඇති කරයි. ඉවසිලිවන්ත බව අඩු වේ. නමුත් ක්‍රියාශීලී බව වැඩි වේ. තමා ළඟින් ඇසුරු කරන යහපත් අයගෙන් වෙන් වී පහත් මිතුරන් ඇසුරට වැටීමට ඉඩ ඇත. සිතේ සහනය අඩු වේ. විනෝද ගමන් ආදියට ආරාධනා ලැබෙයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.

මිථුන

නිවාස, ඉඩකඩම්, වාහන ලැබීම් ඇති කරවන දිනයකි. හවුල් ව්‍යාපාරවල නිරත වන්නන්ට මහන්සි වී කටයුතු කිරීමෙන් ව්‍යාපාර සාර්ථකත්වයට ඇතිකර ගත හැකිය. අවි ආයුධවලින් ගින්නෙන් අනතුරු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය. නීතිමය වශයෙන් ලබා ගැනීමට නියමිත වූ උරුමයන් ළඟා කරගත හැකිය. උපායශීලීව අන් අයගෙන් උදවු උපකාර ලබා ගැනීමට හැකි වේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව ලැබේ. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. 

කටක

ආදායම් තත්ත්වය යහපත්ය. හිස හා යටිබඩ ආශ්‍රිත රෝග පීඩා වැළඳිය හැකිය. ආත්ම ශක්තිය කටයුතු කරමින් සියලු බාධක මැඩගෙන කටයුතු කිරීමට හැකි වේ. වාහනයක් මිල දී ගැනීමට සුබ දිනයකි. යහපත් මානසිකත්වයක් ඇති වේ. ධාරණ ශක්තිය වැඩි වේ. තරග විභාගවලින් ජය ලැබේ. අලුතින් තනන ලද නිවසකට පදිංචියට යෑමට සුභ දිනයකි. තම ඉලක්ක සාර්ථක කර ගැනීමට යහපත් දිනයකි. සුරතල් සතුන්ට අසුබයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.

සිංහ

උෂ්නාධික රෝගාබාධ වැළඳීමට ද ඉඩකඩ පවතී. සහෝදර සහෝදරියන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. තැන්පත් ධනය වර්ධනය වේ. විනෝදයට නැඹුරුවීමෙන් මුදල් හානි සිදුවිය හැකිය. විදේශගත අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වේ. සතුරු පීඩා ගෙන දෙයි. යටපත් වී ඇති රෝගාබාධ ඉස්මතු වේ. හදිසි ලාභ උදා වේ. විනෝද ගමන්වල දී අනතුරු සහිත ස්ථානවල දිය නෑමෙන් වළකින්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. 

කන්‍යා

අය තත්ත්වය යහපත් වේ. විදේශ ගමන් යෙදේ. අවිවාහක අයට ප්‍රමාද වූ විවාහ කටයුතු ඉක්මන් වේ. නිවස තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන වැඩ කටයුතු මන්දගාමී වේ. තුනටිය ආශ්‍රිත රෝගාබාධ වැළඳීමට ඉඩ පවතී. පවුල තුළ සමඟිය වර්ධනය වේ. මවු පාර්ශ්වයේ ලැබීමේ උරුමයන් හිමි වේ. අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. අයහපත් මිතුරු ඇසුර නිසා ගැටලු ඇති කරයි. නින්දට බාධා ගෙනෙන දිනයකි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.

තුලා

වෘත්තීය පරිසරය යහපත් වේ. නිලතල තනතුරු ලැබීමේ බාධා පවතින දිනයකි. ඒ නිසා මානසික ව්‍යාකූලතාව ඇතිවන දිනයකි. විනෝද කටයුතුවලට මුදල් වැඩිපුර යොදවයි. උත්සව ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට අවස්ථාව සැලසේ. අලස ගති ඉස්මතු කරයි. ඒ නිසා වැඩ කටයුතු කල් දමයි. ඒ පිළිබඳව කල්පනාකාරීවන්න. තම සහෝදර සහෝදරියන්ගේ ධන තත්ත්වය ඉහළ යයි. මවුපස ඥාතීන්ට අසුබතා ඇති කරයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.

වෘශ්චික

විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක දිනයකි. උගුර, කන, නාසය ආශ්‍රිත රෝගාබාධ වැළඳීමට ඉඩකඩ පවතී. අපේක්ෂකයන්ට ඉතා සුබයි. රැකියා කටයුතුවල මන්දගාමී තත්ත්වයක් ඇති කරයි. ව්‍යාපාරවල නිරත වන අයට ලාබ උපයා ගත හැකි වේ. පවුලේ සාමාජිකයන් අතර මත ගැටුම් ඇති වීමට ඉඩකඩ පවතී. තැන්පත් ධනය අඩු වීමට ඉඩ ඇත. කාලත්‍ර පාර්ශවයන්ට හදිසි අනතුරු ආදිය පෙන්නුම් කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.

ධනු

නව ව්‍යාපාර ආරම්භ කිරීමට අයහපත් කාලයකි. මානසික පීඩාකාරී තත්ත්වයන් වර්ධනය වේ. අලස බව පෙන්වයි. ආවේගශීලී කතා නිසා අන් අයගේ සිත් රිදීමට හැකි බැවින් ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්න. කලට වේලාවට වැඩ කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවිය හැකිය. වැටීම් තැලීම්වලින් අනතුරු සිදුවිය හැකිය. පෙර පැවති සතුරු කරදර අඩුවීමක් පෙන්වයි. කාලත්‍රයාගේ ධන හානි තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. 

මකර

මෙතෙක් නොවිසඳුණු ගැටලු නිරාකරණය කරගත හැකිය. විවාහ අපේක්ෂිත අය හට සුබදායකයි. දුර ගමන් හෝ වන්දනා ගමන් යෙදේ. උද්යෝගිමත් බව ඇති වේ. උනන්දුවෙන් උත්සාහයෙන් තම කටයුතු සිදුකර ගනී. ආත්ම ශක්තිය බලවත් වේ. කලා අංශයෙන් උසස් අධ්‍යාපනයය ලබන දූ දරුවන්ට ඉතා සුබයි. හිස ආශ්‍රිත  රෝගාබාධ ඇති වීමට ඉඩකඩ පවතී. වියදම් ඉහළ යයි. ජලය ආශ්‍රිත ක්‍රීඩාවල යෙදෙන අය ප්‍රවේසම් වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   බණ පොතක් පූජා කරන්න.

කුම්භ

පාද ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකිය. ආදායම් වර්ධනය වේ. ආර්ථික ස්ථාවරත්වය ඇති වේ. ඉලක්කගතව කරන කටයුතු සිදුකර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම ප්‍රමාද වූ වැඩ කටයුතු සිදු කරගත හැකි දිනයකි. සතුරු කරදර සිදුවිය හැකි දිනයක් බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. නීතිමය ගැටලු පැන නැඟීමට ද ඉඩකඩ පවතී. මවුපස මාමාවරුන්ට අපල ඇති වේ. මැසි මදුරු ආදීන්ගෙන් රෝග ඇති වීමේ අවධානමක් පවතී. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.

මීන

තම හැකියාවන් දියුණු කර ගැනීමට හැකියාව පවතී. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබේ. වෘත්තිය කටයුතු මන්දගාමී වේ. නමුත් වෙහෙස මහන්සි වී කටයුතු කිරීම තුළින් වෘත්තිය සාර්ථකත්වය ළඟා කර ගත හැකිය. අයහපත් සම්බන්ධතා ගොඩනැඟීමට ඉඩකඩ පවතී. විවාහ ජීවිතය තුළ සතුට සමාදානය වර්ධනය වේ. හවුල්කරුවන්ගේ ආදායම් තත්ත්වය ද යහපත් වේ. කෙටි ගමන් බිමන් යෙදේ. පිය පාර්ශවයේ උරුමයන් ලැබෙන දිනයකි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.





Saturday, December 12, 2020

Lagna Palapala 2020-12-13| ලග්න පලාපල | Gurukam.net

December 12, 2020 0
Lagna Palapala 2020-12-13| ලග්න පලාපල | Gurukam.net

ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000 

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 13 වන ඉරිදා

ඉර උදාව   - පෙරවරු 06.14 ට 

ඉර බැසීම  - පස්වරු 17.58 ට

රාහු කාලය

දිවා 16.14 ට සිට 18.13 දක්වා

රාත්‍රී 04.14 සිට 06.13 දක්වා

සුභ දිශාව            - දකුණ

මරු සිටින දිශාව - උතුර

මේෂ

විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ පැතුම් ඉටු කරයි. තම හිතවත් අය කිහිපදෙනකු සමඟ අමනාපකම් ඇති කරවයි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු දිනයකි. යුග දිවියේ සතුට රැඳෙන දිනයකි. අද දිනය අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට මතක ශක්තිය ඈත් කරවන දිනයකි. දෛනික කටයුතුවල අලස බවක් පෙන්නුම් කරයි. දුර බැහැර ගමන් කිහිපයක් යෙදිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.

වෘෂභ

නාට්‍ය කලා හා සංගීත අංශවල අධ්‍යනය කටයුතුවල නිරත අයට සුවිශේෂිි ජයග්‍රහණ කිහිපයක් අත් කරවයි. වටිනා බඩු බාහිර ආදිය අස්ථානගත වීමේ අවදානමක් ඇති දිනයකි. උරහිස් හෝ බාහු ආශ්‍රිත රෝගාබාධ මතු කරවිය හැකිය. බාල සහෝදරයකුගේ කාර්යයක් සඳහා වැඩි වගකීමක් දරන කාර්යයකට මැදිහත් වේ. රැකියා අවශ්‍යතාවක් සඳහා ගමන් කිහිපයක් යෙදිය හැකිය. ගෘහ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.

මිථුන

පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් අද දිනය ඔබට වෙහෙස ඇති කරවයි. ධන හානි තත්ත්වයක් ද පෙන්නුම් කරයි. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ තත්ත්වයන් මතුවිය හැකිය අධ්‍යාපන කටයුතුත් සඳහා ද දඅද දිනයේ සුබදායක නැත රැකියාස්ථානය ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් වැඩි ලාභ ප්‍රයෝජන අත් කරවයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.

කටක

නිවසේ අවශ්‍යතාව සඳහා පැරණි ගෘහ භාණ්ඩ කිහිපයක් මිල දී ගනියි. මවු පාර්ශවයේ ඥාතියකුට අපලකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. තමා බලාපොරොත්තුව සිටි ණය මුදලක් ලැබීමට පුළුවන. හෘදය සම්බන්ධ වේදනාකාරී තත්ත්වයන් මතුවිය හැකි නිසා කල්පනාකාරී වන්න. අද දිනය අධ්‍යාපන කටයුතු සඳහා ඉතා සුබ දිනයකි. ජයග්‍රහණ කිහිපයක් අත් කර ගත හැකිය. නිවසින් පිටත කරන කාර්යයන් කිහිපයකට ගෘහණිය මැදිහත් වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.

සිංහ

රැකියා ස්ථානවල දී ආවේගශීලී වීම පාලනය කරගත යුතුය. උසස් අධ්‍යාපන කටයුතුවල වැඩි ජයග්‍රහණ පෙන්නුම් කරයි. නව කලාත්මක සිතුවිලි ඇති කරන නිසා කාව්‍ය නිර්මාණකරණයට සුබ දිනයකි. තමාට වඩා උසස් මිතුරන්ගෙන් ලාභ ප්‍රයෝජන අත්කර ගත හැකිය. වැඩිහිටි පාර්ශවයේ ආශිර්වාදය ඇතිව ප්‍රේම සබඳතා සාර්ථක කර ගනියි. දූ දරුවන්ගේ කටයුතුවලින් වෙනදාට වඩා වෙහෙසකර තත්ත්වයක් ඇති කරවයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. 

කන්‍යා

නිවසේ රසවත් ආහාර ආදියෙන් අමුත්තන්ට සංග්‍රහ කිරීමක් සිදු කෙරේ. තැන්පත් ධනය පිළිබඳ එතරම් ශුභ තත්ත්වයක් පෙන්නුම් නොකරයි. හිස ආශ්‍රිත වේදනාකාරී තත්තත්වයන් මතු කරවිය හැකිය. අද දිනය තුළ ඔබට මිශ්‍රඵල උදා කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට වැඩි ප්‍රතිලාභ ලැබිය හැකිය. කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවල නව සොයා ගැනීම් සඳහා කටයුතු මෙහෙයවීමට ද අද දිනය සුබයි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.

තුලා

හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදු විය හැකිය. අවිවාහක අයට විවාහ ස්ථිර වීමට හැකිය. ආහාරපාන ගැනීමේ දී ප්‍රවේශම් විය යුතුය. ශරීරයේ තෙල් ගතිය වැඩි වීම නිසා ඇතිවන අසනීප ගති ඇති කරයි. කල්පනාකාරී විය යුතුය. ක්‍රීඩා කටයුතුවලින් ජය හිමිවන දිනයකි. කලකින් හමු නොවූ මිතුරන් කිහිපදෙනෙකු හමුවීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවලට එතරම් යහපත් තත්ත්වයක් පෙන්නුම් නොකරයි. පවුලේ කෙනෙකුට අසනීප තත්ත්වයක් නිසා වියදම් වැඩි දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.

වෘශ්චික

නිවසට නව සුඛෝපභෝගී භාණ්ඩ කිහිපයක් මිල දී ගැනීමේ කතිකාවතක් ඇති වේ. සම්මුඛ පරීක්ෂණ ආදියට ඉදිරිපත් වන අයට ජයග්‍රහණ අත්පත් කරවයි. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ. ආවේගශීලී ගති මතු කරවයි. කල්පනාකාරීවන්න. අද දිනය තුළ හදිසියේ ගන්නා තීරණ නිසා ඔබ අපහසුතාවයට පත් කරවයි. මනස මෙහෙයවා කරන ව්‍යාපාර කටයුතුවලින් අලාභ පෙන්වයි. තමා වෙත පැවැති සතුරු කරදර ආදිය ඉවතට යයි. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. 

ධනු

බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවල දී කල්පනාකාරී විය යුතුය. ආදායම් තත්ත්වය යහපත් වන අතර දුර ගමන් හෝ විනෝද චාරිකා යෙදේ. නිවසේ කටයුතු වෙනදාට වඩා කාර්යක්ෂමව වේ. වටිනා බඩු බාහිරාදිය නැති වීමේ අවදානමක් ඇති දිනයකි. කල්පනාකාරීවන්න. අද දිනය ඔබට සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවේ. හදිසි වැටීම් හෝ රෝග ආදිය හට ගැනීමට ඉඩ ඇත. රැකියාවේ උසස් වීමක් හෝ නව රැකියා බලාපොරොත්තු වන අයට යහපත්ය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගලා යන ජලයට බුලත් දමන්න. 

මකර

සහෝදරයකුගේ අවශ්‍යතාවක් සඳහා ලිපි කටයුත්තක් තමා අතින් කිහිපයක් කෙරේ. උස් ස්ථානවල නැඟීම වැනි අවදානම් සහ සහගත දේ අද දිනයේ ඔබ පීඩාකාරී කරවිය හැකිය. කල්පනාකාරීවන්න. අධ්‍යාපනය ලබන දරු දැරියන්ට තම හැකියාවන් තුළින් වැඩි ජයග්‍රහණ ළඟා කරවයි. අද දිනය තුළ දැඩි වෙහෙසකාරී තත්ත්වයක් මතු කරවයි. ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කරන කටයුතුවලට ඉතා සුබදායකය. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   බණ පොතක් පූජා කරන්න.

කුම්භ

අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ යහපත් ආරංචියක් ලැබේ. තැන්පත් ධනය වැය වන දිනයකි. අධ්‍යාපන කටයුතුවල විශේෂ ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. නිදන්ගත රෝග තිබෙන අය ඉතා ප්‍රවේශම්කාරී විය යුතුය. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ගමන් බිමන් යෑමේ දී ප්‍රවේශම් විය යුතුය. ආගම දහම කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම තුළින් සියලු බාධක ජයගත හැකිය. යුග දිවියේ සතුට මඳක් ඈතට යයි. ආරවුල් ගැටුම් ගැන ද අවදානමක් පෙන්වයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.

මීන

ආදායම් මාර්ග වර්ධනය සඳහා කරන කටයුතුවලින් වැඩි අවදානමක් තමා වෙත රඳවා ගැනීමට සිදු වේ. ආගමික කටයුතු සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කරන දිනයකි. දෙපතුල් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. අද දිනයේ තම බලාපොරොත්තුව සිටි ගැඹුරු දේ පිළිබඳ අධ්‍යයනයට සුබ දිනයකි. තද සීතල ප්‍රදේශවල සංචාරය සඳහා අද දිනය සුබදායක නැත. පවුලේ අය සමඟ ඉතා සුහද සබඳතාවන් පවත්වා ගත හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.









































Friday, December 11, 2020

Lagna Palapala 2020-12-12| ලග්න පලාපල | Gurukam.net

December 11, 2020 0
Lagna Palapala 2020-12-12| ලග්න පලාපල | Gurukam.net

 


ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000 

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 12 වන සෙනසුරාදා

ඉර උදාව  - පෙරවරු 06.14 ට

ඉර බැසීම - පස්වරු 17.57 ට

රාහු කාලය

දිවා 09.14 සිට 10.43 දක්වා

රාත්‍රී 21.14 සිට 22.43 දක්වා

සුභ දිශාව            - දකුණ

මරු සිටින දිශාව - නැගෙනහිර


මේෂ

තමාගේ හිතවත් මිතුරන් කිහිප දෙනෙකු අමනාප විය හැකි නිසා අද දිනයේ කල්පනාකාරීවන්න. පවුලේ කටයුත්තක් වෙනුවෙන් වැඩි වෙහෙසක් ඇති කරවන දිනයකි. උදරාබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගෙන් අද දිනයේ ඔබට ප්‍රශංසා හිමිවනු ඇත. උසස් සිතුවිලි ඇති කරවන දිනයකි. නිර්මාණකරණයට සුභ දිනයකි. ආගමික භක්තිය වැඩි කරවන කටයුතු කිහිපයකටම මැදිහත් වීමට සිදු වේ. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ

සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් ඔබගෙන් උපදෙස් හා අනුශාසනා ලබා ගනියි. වෙහෙසකර ගමන් බිමන් කිහිපයක් නිසා තම ධනය හානි තත්ත්වයක් පෙන්වයි. උදරයේ අසනීප ආදියෙන් ඔබ පීඩාකාරී විය හැකිය. දූ දරුවන්ගේ කටයුතුවලින් වැඩි වෙහෙසක් ඇති කරවයි. දරු සම්පත් බලාපොරොත්තු වන අයට ද සුබ දිනයක් නොවේ. නිවසේ බඩු බාහිරාදිය ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතුය. කැඩීම්, බිඳීම්වල අවදානමක් ඇත. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන

අලංකාරය පිණිස හේතු වන දේ කිහිපයක් වෙනුවෙන් මුදල් වැය කිරීමක් කරයි. ආහාරපාන ආදිය නිසා ශරීර සෞඛ්‍ය ගැටලු ඇති කරවිය හැකිය. දුර ගමන් කිහිපයක් වෙනුවෙන් සැලසුම් සකස් කෙරේ. යුග දිවියේ සාමය සතුට රැඳෙන දිනයකි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. ඉතා සතුටෙන් කාලය ගත කිරීමට හැකි වන දිනයකි. උසස් උගත් අය ඇසුරට පත්වන දිනයකි. ආදායම් තත්ත්වය යහපත් කරවයි. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක

පිය පාර්ශවයේ ඥාතියකුට අසුබදායක දිනයකි. රජයේ දඬුවම් ආදියෙන් අද දිනයේ ඔබට පීඩා ගෙනදිය හැකිය. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු වාසි අත් නොකරයි. පවුලේ අයකුගේ අවශ්‍යතාවක් සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. තැන්පත් ධනය පිළිබඳ සුබ දිනයක් නොවේ. රැකියා ස්ථානයේ අවශ්‍යතාවක් සඳහා වැඩි වෙහෙසක් දැරීමට විය හැකිය. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. සුදු කටයුතු, ක්‍රීඩා වැනි තරගකාරී කටයුතුවලින් අද දිනයේ ලාභ ප්‍රයෝජන ලැබිය නොහැකිය. අක්ෂි ආබාධ නිසා අද ඔබට පීඩාවට පත්විය හැකිය. නුසුදුසු ආහාර අනුභවය නිසා රෝගී තත්ත්වයන් ඇති කරවිය හැකිය. කල්පනාකාරීවන්න. නිවසේ කටයුතු කිහිපයක් වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට වේ. යම් අතමාරුවක් සිදු කර ගැනීමට ද කටයුතු යෙදිය හැකිය. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා

පිය පාර්ශ්වයේ කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට වේ. හෘදය ආශ්‍රිත හදිසි අසනීප තත්ත්වයන් මතු කරවිය හැකි නිසා කල්පනාකාරී වන්න. තෙල් සහිත ආහාර නිසා අද දිනයේ ඔබට පීඩාකාරී තත්ත්වයන් ගෙන දිය හැකිය. දෙගිඩියාවෙන් කරන වැඩ නිසා අලාභ හානි ඇති කරවයි. පවුලේ ඥාතියෙකුට අපලකාරි තත්ත්වයක් පෙන්නුම් කරයි. යුග දිවියේ සතුට ඈත් කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට වැඩි වාසි ගෙනදෙන දිනයකි. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

බැංකු කටයුතු ආදියෙන් බලාපොරොත්තු ලාභ අත් නොකරයි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද එතරම් යහපත් නොවේ. ඒ වෙනුවෙන් වැය කිහිපයක් ද වනු ඇත. මානසික පීඩනය අධික වන දිනයක් නිසා ආරම්භයේ සිටම සංයමයෙන් සිටීමට කල්පනාකාරී වන්න. අද දිනය වියදම් පාර්ශවය අධික කරවන දිනයකි. ගින්දර, වෙඩි බෙහෙත් ආදිය කටයුතුවලින් අද දිනය ඔබට අනතුරු ඇති කරවයි. කල්පනාකාරී වන්න. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික

අධ්‍යාපන කටයුතුවල දී මතක ශක්තිය ගිලිහී යන දිනයකි. උදරය සම්බන්ධ අසනීප තත්ත්වයන් මතු කරවිය හැකිය. සිත් තැවුල් ආදියෙන් අද දිනයේ ඔබ වෙහෙසට පත් කරවයි. තැන්පත් ධනය සඳහා සුබදායක දිනයක් නොවේ. සහෝදරයකුගේ කාර්යයක් සඳහා කායික, මානසික ශ්‍රමය වැය කිරීමට කටයුතු යෙදේ. මවු පාර්ශවයේ ඥාතියකුගේ අසනීපයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට වැඩි කාලයක්, ශ්‍රමයක් කැප කරයි. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09

ධනු

තම සේවක කාරක ආදීන් අවංකවම තම සේවය ඉටු කරයි. නිවසට අමුත්තන් කිහිප දෙනෙකු පැමිණෙනවා ඇත. යුග දිවියේ සතුට අද දිනයේ මඳක් ඈත් කරවයි. දරු ඵල අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තුවලට සුබ නැත. නව නිවාස පිළිබඳ අදහස් ඇති කරවන දිනයකි. නිවාස හා යාන වාහන කටයුතුවලින් වැඩි ලාභ ද පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවලින් වැඩි වාසි අත් කරවන දිනයකි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ ළඟා කරවයි. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03

මකර

ඉවසිලිවන්ත බව ප්‍රගුණ කිරීම අද දිනයේ ඔබගේ වැඩ කටයුතු වැඩි සාර්ථකත්වයට පත් කරවයි. තමා නොදන්නා කරුණු කිහිපයක් ඉගෙනීමට අවස්ථාව සැලසේ. දුර බැහැර ගමන් කිහිපයක් යෙදෙයි. වෙහෙසකර දිනයක් විය හැකිය. නමුත් සිතේ සතුට වෙනදාට වඩා වැඩි දිනයක් බව සිතෙයි. කලකින් හමු නොවූ ඥාතියකු හමුවීමට ද අවස්ථාව සැලසේ. කාලත්‍ර පාර්ශවයේ අනු දැනුමින් තොරව කටයුතු කිහිපයක් ඔබ අතින් සිදුවනු ඇත. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

රැකියා කරන ස්ථානවල දී තමාගේ හැකියාව මත බොහෝ ප්‍රශංසාවට ලක් වේ. මුදල් ගනුදෙනු ආදියෙහි ඉතා  කල්පනාකාරීව කටයුතු කරන්න. ගිවිසුම් ආදියට එළැඹීමට අද දිනය සුබදායක නැත. උදරයේ ඉහළ වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. කල්පනාකාරී වන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට තම  බලාපොරොත්තු ඉටු කරගත හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ හැකියාවන් ඔප් නංවා ගත හැකි දිනයකි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවක්කින් කටයුතු කළ හැකිය. ආරක්ෂක අංශවල රැකියාවල නිරත අයගේ කටයුතු සාර්ථක කරයි. ආදායම් තත්ත්වයේ වර්ධනයට සැලසුම් පිණිස සුබ දිනයකි. රැකියාවේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසකර ගමන් යෙදිය හැකිය. මිතුරු සබඳතාවල දී කල්පනාකාරී විය යුතු දිනයකි. නොගැළපෙන ඇසුර නිසා ඔබගේ කීර්ති නාමයට හානි ගෙන දේ. නිවසේ අලුත්වැඩියා කිහිපයක් තමා අතින් වන දිනයකි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03




Thursday, December 10, 2020

Lagna Palapala 2020-12-11| ලග්න පලාපල | Gurukam.net

December 10, 2020 0
Lagna Palapala 2020-12-11| ලග්න පලාපල | Gurukam.net

ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000 

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 11 වන සිකුරාදා

ඉර උදාව   - පෙරවරු 06.13 ට

ඉර බැසීම  - පස්වරු 17.57

රාහු කාලය

දිවා 10.43 සිට 12.12 දක්වා

රාත්‍රී 22.43 සිට 00.12 දක්වා

සුභ දිශාව            - උතුර

මරු සිටින දිශාව - ගිණිකොන


මේෂ

උසස් ඉගෙනීම් කටයුතුවල නිරත අයගේ විදේශ අධ්‍යාපන ගමන් පිළිබඳ සිහින සැබෑ කරයි. අස්ථානගතව තිබූ දෙයක් හදිසියේ ඔබට හමුවනු ඇත. මිතුරු සබඳතා සඳහා සුභ දිනයක් නොවේ. කලකිරීම් සහ සිත් බිඳීම් ඇති කරවිය හැකිය. හදිසි ධන ලාභ ආදිය භූමිය ආශ්‍රිත කටයුතුවලින් ඇති කරවයි. වෙනදාට වඩා ඉදිරිපත්වීමේ ගතිය ඇති කරවන දිනයකි. රැකියා ස්ථානයේ සිදුවන අසාධාරණයක් පිළිබඳ ඔබ හඬ අවදි කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.

වෘෂභ

වැඩිහිටියකුගේ අසනීපයක් සම්බන්ධයෙන් වැඩිපුර කාලයක් යොමු කරයි. හවුල් ව්‍යාපාරවල කටයුතුවලින් අලාභ විය හැකිය. ත්‍යාග ආදිය ලැබීමට ඉඩකඩ ඇති දිනයකි. ආගම දහමට සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් සකස් කෙරේ. දරුවන්ගේ කටයුතුවල දී වෙනදාට වඩා වෙහෙසකර බවක් ඇති කරවන දිනයකි. දෙපතුල් ආශ්‍රිත වේදනා මතු කරයි. රැකියා කටයුතු වෙනුවෙන් දුර බැහැර ගමන් හෝ වෙහෙසකාරීව කටයුතු කිරීමට වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.

මිථුන

තමාගේ උපදෙස් නොතකා වැඩ කිරීම නිසා දරුවකු අපහසුතාවයට පත් වේ. සහෝදරයකුගේ කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට වේ. තමා අතින් ලිපි කටයුතු කිහිපයක් වනු ඇත. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබදායක දිනයකි. අක්ෂි ආබාධවලින් ප්‍රවේශම් වන්න. දැඩි සේ විශ්වාස කළ පුද්ගලයකු නිසා අද දිනයේ ඔබ අපහසුතාවයට පත්විය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. තීරණ ගැනීමේ දී දෙවරක් සිතා බැලිය යුතු දිනයකි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. 

කටක

රැකියා ස්ථානවල වෙනදා නොමැති ප්‍රබෝධයකින් කටයුතු කළ හැකිය. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ළඟා කරයි. මංගල කටයුතු සඳහා අද දිනය සුබදායක නැත. වංචාවලට හසු වීමට ඉඩකඩ පවතී. ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුවක් ඇති කරවන දිනයකි. ලාභ බලාපොරොත්තුව කරන කටයුතුවලින් ලාභ නොලබයි. දණහිස් ආබාධ ආදිය මතුකර විය හැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.

සිංහ

යාන වාහන කටයුතුවල නිරත අයගේ ලාභ තත්ත්වයන් වැඩි කරවයි. උදරාබාධ හා දණහිස් ආබාධ ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් නිසා ඔබ අපහසුතාවයට පත් කරවයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ මතක ශක්තිය  දුර්වල කරවයි. අද දිනය ඔබට නොසිතූ යහපත් දේ ළඟා කරවන දිනයකි. විනෝද චාරිකා ආදියට ආරාධනා ලැබිය හැකිය. හදිසි ධන ලාභ ආදිය ඇති කරවන නිසා ලොතරැයි වාසනාව උරගා බැලීම යහපත්ය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. 

කන්‍යා

රැකියාවේ කටයුතුවල දී මුදල් සම්බන්ධ දේ නිසා අපහසුතාවට පත්විය හැකිය. කල්පනාකාරී වන්න. දිනයේ සවස් කාලයේ දී අසහනකාරී සිතිවිලිවලින් ඈත්ව ප්‍රබෝධවත් මනසකින් කටයුතු කළ හැකිය. තමා බලාපොරොත්තු නොවූ ත්‍යාගයක් ඔබට ලැබිය හැකිය. යුග දිවි කටයුතුවල දී ආවේගශීලී නොවීමට කල්පනාකාරීවන්න. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. සහෝදරයකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට වන දිනයකි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.

තුලා

නිවසට තමා බලාපොරොත්තු නොවූ ප්‍රභූ පුද්ගලයෙකු පැමිණීම වේ. වෙහෙසකර දුර බැහැර ගමන් නිසා කාලය ශ්‍රමය මෙන්ම ධනය ද වැය කරයි. හිසේ අමාරු ගති මතු කරවිය හැකිය. නව නිර්මාණකරණයේ යෙදෙන අයට අද ඉතා  සුබදායක දිනයකි. බලාපොරොත්තුව සිටි අයකුගෙන් තමාගේ මනසේ සතුටුට හේතුවන කරුණක් අසන්නට ලැබේ. වැඩිහිටි අයකුගේ කටයුත්තක් වෙනුවෙන් රෝහල් සම්බන්ධ කටයුත්තක නිරත වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.

වෘශ්චික

කලා කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය වර්ධනය කරයි. නිවසේ වටිනා බඩු බාහිර ආදිය අස්ථානගත වීමේ අවදානමක් ඇත. කල්පනාකාරී වන්න. රැකියා කටයුතුවල නිරත අයට සතුටින් එම කටයුතු කරගත හැකිය. නව රැකියා බලාපොරොත්තු වන අයට ද සුබදායක දිනයකි. වැඩිහිටියන්ගේ ආශිර්වාද ප්‍රේම සබඳතා සඳහා ලබාගත හැකිය. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ පැතුම් ඉටු වේ. යුග ජීවිතය සාමකාමී වේ. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. 

ධනු

තැන්පත් ධනය ආදිය නිකරුණේ වියදම් වීමට කරුණු යෙදීම නිසා කල්පනාකාරී වන්න. ඔබ බලාපොරොත්තු නොවූ අයෙකුගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබෙනු ඇත. එය ඔබගේ රැකියාව සම්බන්ධයෙන් සුභ ආරංචියක් වේ. දණහිස් ආබාධ ආදිය මතුකර විය හැකි දිනයකි. අධිෂ්ඨානයෙන් සහ උත්සාහයෙන් ජීවිතයේ එදිනෙදා කටයුතු සාර්ථක කර ගන්නා දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ බලාපොරොත්තු සඵල කරවයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. 

මකර

නිවසේ කටයුතුවලින් යම් වෙහෙසකාරී බවක් ඇති කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවලින් වෙනදාට වඩා ප්‍රගතියක් අත් කරගත හැකිය. කාලත්‍ර පාර්ශවයේ අසනීපයක් පිළිබඳ පෙන්නුම් කරයි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. නව මිතුරු සබඳතා කිහිපයක් ගොඩනැඟේ. ඔබ දැඩිව තැබූ විශ්වාසය නිසා යම් පසුතැවීම් ද ඇති කරයි. එබැවින් කල්පනාකාරීව දෛනික කටයුතු සිදු කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   බණ පොතක් පූජා කරන්න.

කුම්භ

අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ කටයුතු සඳහා එතරම් සුබදායක දිනයක් නොවේ. තම වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම් කරගත යුතු දිනයකි. නිවාස ඉඩකඩම් ආදී ව්‍යාපාරවල නිරත අයට ලාබ ඇති කරයි. පපුව ආශ්‍රිත වේදනාකාරී තත්වයන්වලින් අද දවසේ ඔබ පීඩාවට පත් කරවයි. කලක් අත පසුව තිබූ කාර්යයක් නිම කර ගැනීමට අද දිනයේ අවස්ථාව උදා වේ. යුග ජීවිතය තුළ ඔබ බලාපොරොත්තුවන සාමය සතුට හා සෙනෙහස පිරී යයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ගලා යන ජලයට බුලත් දමන්න. 

මීන

සහකාර සබඳතා සඳහා සුබදායක දිනයක් නොවේ. වචන හුවමාරු ආදිය විය හැකිය. රජයේ දඬුවම් ආදිය විය හැකි නිසා රථ වාහන ධාවනයේ දී කල්පනාකාරී වන්න. කලකින් හමු නොවූ මිතුරකු ඔබ සොයා පැමිණෙනු ඇත. දවසේ වැඩකටයුතු අලස බවකින් යුතුව වන දිනයකි. තැන්පත් ධනය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් මතු කරවයි. උදරයේ පහළ කොටස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයක් මතු කරවයි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.