Lagna Palapala 2020-07-08 | ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Tuesday, July 7, 2020

Lagna Palapala 2020-07-08 | ලග්න පලාපල | Gurukam.net


ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 ජුලි මස 08 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 06.01 ට
ඉර බැසීම  - පස්වරු 18.31
රාහු කාලය
දිවා 12.01 සිට 13.30 දක්වා
රාත්‍රී 00.01 සිට 01.30 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ
රැකියා කටයුතුවල අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කර හොඳ නම රැක ගැනීමට හැකි වේ. ආදායම් මාර්ගවලින් නොසිතූ වාසි රැසක් සිදු වේ. ගෘහ ජීවිතයේ කටයුතු මනා පාලනයකින් සිදු කරන තත්ත්වයක් පෙන්නුම් කරයි. අලුත් දේ මිල දී ගැනීමේ ආශාවක් මෙන්ම හැකියාවක් ද ඇති කරයි. බලාපොරොත්තු ඉටුවන දිනයකි. ආහාරපාන ගැනීමේ දී තරමක් කල්පනාකාරී විය යුතු අතර ආහාර විෂ වීම් වැනි අසුබතා පවතී. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ගලා යන ජලයට බුලත් දමන්න.
වෘෂභ
ආගමික කටයුතුවලට සම්බන්ධව වැඩ කටයුතු කරන දිනයකි. දුර ගමනක් හෝ වන්දනා ගමනක් යන්නට අවස්ථාවන් සැලසේ. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. යහපත් පුද්ගලයන් ඇසුරට ලැබේ. සුවබර නින්ද අද දිනයේ මඳක් ඈතට යයි. රසවත් ආහාරපාන රස විඳීමට හැකිවනු ඇත. ඔබ නොසිතන අන්දමට වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. උදරාබාධ වලට ලක්විය හැකිය. මැසි මදුරු කරදර පවතී. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
මිථුන
වාහන ඉඩකඩම් මිල දී ගැනීමක් පෙන්නුම් කරයි. අද දිනයේ ඔබ තරමක් ඉවසීමෙන් වැඩ කටයුතු කළ යුතු දිනයකි. ලියකියවිලිවලට අත්සන් තැබීමේ දී තරමක් බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ. මවගෙන් ලාභ ලැබීමක් පෙන්නුම් කරයි. දූ දරුවන්ගේ වැඩ කටයුතුවල දී තරමක් වෙහෙස මහන්සි වීමට සිදුවන දිනයකි. සහෝදර සහෝදරියන් අතර මතභේද තත්ත්වයන් වර්ධනය විය හැකිය. අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබ පීඩාවට පත් කරයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.
කටක
අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට තරග විභාග ආදියෙන් ජය ලැබෙන දිනයකි. ඔබ රැකියාවේ උසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටි අයකු නම් නොවරදවාම එම උසස්වීම අද දිනයේ ලැබෙනු ඇත. සිතේ එඩිතර බවක්, ආත්ම විශ්වාසයක් ඇතිව අරඹන අද දිනය ඔබට බොහෝ සෙයින් යහපත් වේ. ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යෑමට හැකිය. රැකියා  කටයුතුවල දියුණුවක් පෙන්වයි. ඔබ බොහෝ අයට ආදර්ශයක් පෙන්වයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
සිංහ
අධ්‍යාපන කටයුතුවල නිරත අයට මතක ශක්තිය වර්ධනය කරන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. විවාහ ජීවිතයේ සතුට සමාදානය නොඅඩුව ලැබෙන අද දිනය තුළ සාමාජීය කටයුතුවල නිරත වන ඔබ මනා එඩිතර තත්ත්වයකින් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. නමුත් තීරණ ගැනීමේ දී දෙවරක් කල්පනාකාරී වන්න. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි අද දිනයේ වැඩි උනන්දුවක් දක්වයි. දණහිස් ආශ්‍රිත ආබාධ ඇති කරයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
කන්‍යා
තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට අද දිනයේ ඔබට අවස්ථාව හිමි වනු ඇත. අද දිනය මිශ්‍ර ඵලදායී දිනයකි. වැඩ කටයුතු අධික වේ. ඇසේ ආබාධ ගෙන දිය හැකිය. රැකී රක්ෂාවලට සුභ දිනයකි. මානසික පීඩා ගෙන දෙන දිනයකි. තම කතාව නිසා ලාභ ලැබිය හැකිය. මවගෙන් හෝ පියාගෙන් අද දිනයේ ඔබට උදවු ලැබීමක් පෙන්වයි. පවුල් ජීවිතය සාමකාමීයි. හදිසි අනතුරු ආබාධ ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.
තුලා
පවුලේ කෙනකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබීමට පුළුවන. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවක් පෙන්වයි. වැඩිහිටියන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්වයක් පෙන්නුම් කරයි. අන් අය සමඟ කරන කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙන දිනයකි. ගේ දොර අලංකරණය වෙනුවෙන් වැඩි කාලයක් කැප කරයි. ඒ වෙනුවෙන් මිල දී ගැනීම් සිදු කරයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
වෘශ්චික
තරග විභාග ආදියෙන් ජයග්‍රහණය පෙන්වයි. ණය මුදලක් ආපසු ලැබීමක් පෙන්නුම් කරයි. අද දින‍යේ ඔබට මුදල් ලාභ ලැබෙන, ඥාති මිත්‍රාදීන් සමඟ ප්‍රීතියෙන් කල් ගෙවීමට හැකි දිනයකි. ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයකි. කලක් පැවති අසනීප තත්ත්වයක් සුව අතට හැරේ. තමා අලංකාරය වෙනුවෙන් මුදල් වැය කෙරේ. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය සුබදායකය. ආහාර ගැනීමේ දී ආසාත්මිකතා මතු කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
ධනු
තරමක් වැඩ කටයුතු අධික දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය සුබදායකය. විදේශ ගමන් සාර්ථක වේ. අලුත් බලාපොරොත්තුවක් සහිතව ආරම්භ කරන අද දිනය යහපත් ගති පැවතුම් හා ශක්තිය මතු කරන කටයුතුවලින් සුබදායී ප්‍රතිඵලයන් ලබා ගැනීමට පුළුවන. මෙතෙක් පැවැති මානසික අස්ථිරතාව ඈත් වී මානසික සතුටට හේතුවන කරුණු අද දිනය තුළ ඔබට භුක්ති විඳීමට පුළුවන. ප්‍රේම සබඳතාවලට සුබයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   කළු තල පරිත්‍යාග කරන්න.
මකර
කෙටි ගමන් බිමන් යෙදෙයි. යහපත් පුද්ගල ඇසුරක් ලැබෙයි. ගේ දොර අලුත්වැඩියා කටයුත්තක් සඳහා කාලය වැය කරයි. නඩුහබවලින් ජය ලැබෙයි. දරුවන් වෙනුවෙන් මුදල් වැය කෙරේ. මැණික් කර්මාන්තයේ යෙදී සිටින අයෙක් නම් ඔබ භූමියේ සම්පත්වලින් වඩා ඵල ප්‍රයෝජන ගත හැකිය දිනයකි. ඥාතියකුගේ උදවු උපකාර ලැබෙන දිනයකි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
කුම්භ
ආගමට දහමට ළැදිව කටයුතු කරයි. විදේශ ගමන් ආදිය බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. අද දිනය ඔබට වඩාත් තීරණාත්මක දිනයක් වනු ඇත. ප්‍රේම සබඳතා ආදියට මවුපියන්ගේ අවසර ලැබෙයි. සහෝදර සහෝදරියන් අතර හොඳ හිත දියුණු වේ. සෞඛ්‍ය මෙන්ම ගමන් බිමන්වලදීත් වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. ලොතරැයි දිනුම්, හදිසි ධනලාභ ලැබිය හැකි දිනයක් වේ. රජයේ දඬුවම් ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
මීන
තමා භාරගත් ක්‍රියාවක් අවසන් කිරීමට අද දිනයේ ඔබට හැකියාව ලැබෙයි. මංගල උත්සවයකට සහභාගී වීමට සිදු වේ. රැකියා උසස්වීම් ආදිය පෙන්වයි. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී තත්ත්වයක් ඇති වේ. රැකියා ස්ථානයේ තරමක් කරදර බාධා ගෙන දෙන දිනයකි. පියාගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. ජලය ආශ්‍රිත කටයුතුවල නිරත අය කල්පනාකාරී විය යුතුය. හෘදයාබාධ අවදානමක් ඇති කරයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  බණ පොතක් පූජා කරන්න.





No comments:

Post a Comment