බලවත් දරු උපත් රැසක ත්‍රිකෝණ යෝගයක්‌ | Gujavascript:;rukam.net - Gurukam.Net

Thursday, June 11, 2020

බලවත් දරු උපත් රැසක ත්‍රිකෝණ යෝගයක්‌ | Gujavascript:;rukam.net


ග්‍රහලොව සුකුමාලිය ලෙස විරුදාවලි ලත් සිකුරු ග්‍රහයා මේෂ රාශියේත්, ග්‍රහලොව මව් රාජණිය වන සඳු ග්‍රහයා සිංහ රාශියේත්,  ග්‍රහලොව මෙහෙකරු සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ධනු රැසේත් ගමන් කරන මාර්තු 28 වැනි බුධ දින උදේ 10.05 සිට මාර්තු 30 වැනි සිකුරාදා දින දහවල් 1.15 දක්‌වා වූ කාලසීමාව තුළ අහස්‌ සිතියමේ නවග්‍රහ සිත්තම තුළ අතිශය බලවත් වූ අසිරිමත් මහා ත්‍රිකෝණ යෝගයක්‌ උදාවනු ඇත.

 මේෂ, සිංහ හා ධනු යන ලග්න 3 න් උපන් ලග්න හිමියන්ට හා මෙම කාලය තුළ ඉන් ජන්ම ලාභය ලබන දරුවන්ට ඉතා සුභදායක ප්‍රතිඵල මෙම යෝගය තුළින් උදාවෙයි.

මේෂ ලග්නයේ දී ලග්න ගතවන සිකුරු ද, සිංහයේ ලග්නගත වන සඳු ද, ධනුවේ ලග්න ගතවන ශනිද, ගෝචරව මෙම අසිරිමත් මහා ත්‍රීකෝණ යෝගය උදා කරනු ඇත. මේෂ, සිංහ හා ධනු යන ලග්න හිමියන්ගේ පෙර පින පෑදෙන ඉතාමත් වාසනාවන්ත කාලයකි.
ඒ අනුව එළැඹෙන මාර්තු 28 සිට 30 දක්‌වා මේෂ, සිංහ හා ධනු යන ලග්නවලින් උපදින දූ දරුවන් ඉතාම පින්වත් හා බුද්ධිමත් මෙන්ම බලවත් හා එඩිතර වූ අනාගත දේශපාලන, පරිපාලන ක්‌ෂේත්‍රයේ හා සමාජයේ මෙන්ම ආරක්‌ෂක අංශවල කැපී පෙනෙන සුවිශේෂ චරිත වනු නොඅනුමානයි.

 එම දරුවන් සෘජු අදහස්‌ ඇත්තා වූ යහපත් පුද්ගලයන් වනු ඇත.  සුබ යෝග ඇතුළු තවත් ග්‍රහ යෝග කීපයක්‌ මෙම කාලය තුළ උදා වනු ඇත.  ඒ අනුව මෙම කාලසීමාව තුළ උදාවන මෙම ත්‍රිකෝණ යෝගය ඉහත දැක්‌වූ ලග්නවලට අමතරව අනෙකුත් සියලුම ලග්න හිමියන්ටත් ඉතාම යහපත් හා සුබදායක කාල සීමාවක්‌ වනු ඇත.
මෙම කාලය දරු උපත් සඳහා අති ප්‍රබල මහා ත්‍රිකෝණ යෝගයක්‌ සහිතව උදාවන අතර මාර්¨තු මාසයේ අග භාගය දක්‌වා ම ඉතාම සුබ දායක වනු ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment