හඳහනේ ධන යෝග තිබූ පමණින් පොහොසතෙක්‌වේද? | Gurukam.net - Gurukam.Net

Saturday, May 30, 2020

හඳහනේ ධන යෝග තිබූ පමණින් පොහොසතෙක්‌වේද? | Gurukam.net


සෑම මිනිසෙකුම ජීවත්වීම පිණිස කුමන හෝ රැකියාවක නිරත වේ. ඒ වෙනුවෙන් වැටුපක්‌ද ලබයි.  ධනය හා රැකියාව එකිනෙක සම්බන්ධ කාරණා දෙකකි. ධනය උපයන්නේ කුමන හෝ වෘත්තියකිනි. වෘත්තියක්‌ කරන්නේ ධනය ඉපැයීම පිණිසය. එබැවින් මේ දෙක ගහට පොත්ත මෙන් එකට බැඳී පවති.

ඇතැම් විට කාර්යාලයක වැඩ කරන ලිපිකරුවාට වඩා කුලී වැඩක නියෑළෙන කම්කරුවා මාසිකව ලබන වේතනය වැඩි අගයක්‌ ගනී. නමුත් එහි උස්‌ පහත් බව සමාජය විසින් තීරණය කරනු ලබන්නේ ඊට ලැබෙන සමාජ තත්ත්වයේ අඩු වැඩිකම් මතය. සම්මතයට අනුව ලිපිකරුවා, කම්කරුවාට වඩා උසස්‌ තත්ත්වෙහිලා සලකයි. උපයන මුදල ඉහළ වුවද කම්කරුවා ලිපිකරුවාට "සර්" කියා අමතයි. ඒ කෙසේ වුවත් මේ සියලු දෙනාටම තම කාර්යය වෙනුවෙන් ගෙවන්නේ වැටුප්ය.

ඒ අනුව බැලීමේදී යාචකයන් හැර මෙළොව වෙසෙන සියලු දෙනාම තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම පිණිස රැකියාවක්‌ කර වැටුපක්‌ ලබයි. නමුත් ඒ අතරින් බහුතරයකට තම ජීවිකාව ගෙනයැමට ලැබෙන්නේ අගහිඟකම් මධ්‍යයේයි. හේතුව තමන් ලබන වැටුපෙන් තම මූලික අවශ්‍යතා හෝ සපුරාගැනීමට නොහැකි වීමයි. ජ්‍යෙdතිෂයට අනුව ධනය ඇත්ද, ධන යෝග තිබේ ද යන සාධකය ඉස්‌මතු වන්නේ මෙවන් පසුබිමකය. ධන යෝග නමින් විශේෂ යෝග බොහෝමයක්‌. ජ්‍යෙතිෂයේ දැක්‌වේ. ඒවා තුළින් පෙන්නුම් කරන්නේ යමකු ධනය අතින් උසස්‌ තත්ත්වයකට පත්වීම පිළිබඳවයි.

 ඒ අතර ප්‍රබල ධනයෝග නොමැති වුවද යම් පුද්ගලයකුට අගහිඟයකින් තොරව තම එදිනෙදා ජීවිකාව පවත්වා ගෙන යැමට ලැබෙන්නේ දැයි අප පළමුව විමසා බැලිය යුතුය.
හඳහනක ධනය පිළිබඳ විමසීමේදී දෙවැන්නට හා එකොළොස්‌වැන්නට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමිවේ. දෙවැන්න ධනය තිබීම හෝ නොතිබීමද, එකොළහ ධනය ලැබීම් හා ඊට එරෙහි වන බාධකද පෙන්නුම් කරයි. ඊට අමතරව හතර වැන්නද යම් ඉඟියක්‌ දෙයි.

මන්ද හතරවැන්න බලවත් නම් හෙතෙම ගේ දොර ඉඩකඩම් යාන වාහන ඇත්තෙකු විය යුතුය. එසේ වන්නේ එම කේන්ද්‍ර හිමියා කුමන ආකාරයෙන් හෝ මුදල් ඇත්තෙකු වන බැවිනි. ඇතැම් විට එය විවාහයෙන් පසු ලබන දියුණුවක්‌ විය හැක. එවිට අටවැන්න ද බලවත් විය යුතුය. අටවැන්නේ ගුරු වැනි ග්‍රහයකු සිටීනම් විවාහයෙන් දායාදලැබේ. එයම හදිසි ධන යෝගයක්‌ විය හැක. එකොළොස්‌වැන්නාධිපති දෙවැන්නේ සිටීමත්, දෙවන්නාධිපති එකොළොස්‌වැන්නේ සිටීමත්. ලග්නාධිපති එකොළොස්‌වැන්නේ සිටීමත්. ලග්නාධිපති, එකොළොස්‌වැන්නාධිපති සමඟ පරිවර්තනය වීමත්, ප්‍රබල ධන යෝග ගණයට අයත් වේ.

 දෙවැන්නේ ශුභ ග්‍රහයෙක්‌ බලවත්ව, පාප දෘෂ්ටි නොලබා සිටීම ජන්මියාගේ තැන්පත් ධනයට ඉතා හිතකර පිහිටීමකි.නමුත් යම් කේන්ද්‍රයක ධන යෝගයක්‌ දුටු සැණින් ඉක්‌මන් නොවිය යුතුය. එම යෝගය බිඳෙන යෝග ද එම කේන්ද්‍රයේම තිබිය හැක. ඊට අමතරව ධන යෝගයක්‌ තිබේ නම් එම කේන්ද්‍ර හිමියා ධනවතෙකු වැන්නේ කුමන අයුරකින්ද යන්න සොයා බැලිය යුතුය. ඒ සඳහා ඔහු හෝ ඇයගේ හැකියාවන්, අධ්‍යාපන සුදුසුකම් ආදිය කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.

ඊට අමතරව කේන්ද්‍ර හිමියාගේ භාග්‍ය නැත්නම් වාසනාව පෙර පින කෙබඳු දැයි බැලීම ද වැදගත් වේ. පෙර පින හෙවත් වාසනාව නැත්නම් කිසිදු යෝගයකින් ඵලක්‌ වන්නේ නැත. ලග්නය, පස්‌වැන්න සහ නමවැන්න ඒ සඳහා බලපවත්වයි. විශේෂයෙන්ම නමවැන්නාධිපති කේන්ද්‍ර ස්‌ථානයක හෝ පස්‌වැන්න හෝ තම භාවයේම ස්‌වක්‍ෂේත්‍රව ඇත්නම් එය වටිනා පිහිටීමකි. ලග්නාධිපති, නමවැන්නාධිපති සමඟ එක්‌ව කේන්ද්‍රස්‌ථානයක හෝ ලග්න ත්‍රිකෝණයේ සිටී නම් එය ඉතාම උතුම් පිහිටීමක්‌ වෙයි. ඊළඟට පින මතුවන්නේ කෙසේදැයි සොයා බැලීමේදී එය අධ්‍යාපනයෙන් ද, සහජ දක්‌ෂතාවයකින aද, නැත්නම් වෙනයම් හදිසි ධන ලාභයක ස්‌වරූපයෙන් ද යන්න පරීක්‍ෂාවට ලක්‌ කළ යුතුය. උගත්කමත්, සහජ දක්‍ෂතාවයත්, හැකියාවත් නැත්නම් කෙනෙකුට ඉහළට යැමට නොලැබෙයි.


 තවත් අයෙක්‌ අධ්‍යාපන සුදුසුකමක්‌ හැකියාවක්‌, ධෛර්යය යන මේ කිසිවක්‌ නැතිවම ධනවතෙකු වෙයි. එවන් අයගේ ධනයෝග පිය උරුමයෙන්, විවාහයෙන් (දායාද ලැබීමෙන්) එසේත් නැත්නම් හදිසි ලොතරැයි, සූදු ආදී දිනුමකින් මතුවෙයි.මේ අතර මහා ධනවතෙකු වීමට නොවූවද තමන්ගේ එදිනෙදා කටයුතු කරගැනීම පිණිස සහ අගහිඟයකින් තොරව තම කටයුතු සපුරාගැනීම සඳහා කෙනෙකු රැකියාවක්‌ කළ යුතුය. එය මූලිකවම කේන්ද්‍රයේ දසවැන්නනෙන් බැලිය යුතුය.

 (නමුත් දළ කේන්ද්‍රයේ දසවැන්න පමණක්‌ බැලීම ප්‍රමාණවත් නැත.) දසවැන්න බලවත් වූ තරමට සහ දසවැන්නෙන් දෙවැන්න වූ එකොළාස්‌වැන්න බලවත් වූ තරමට රැකියාවෙන් ලැබෙන ආදායම් වැඩි දියුණු වේ. දසවැන්නාධිපති බලවත්ම කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ ස්‌ථානයක සිටීමත්, දසවැන්නාධිපති සිටින නවාංශකාධිපතිගේ පිහිටීමත්, එකොළොස්‌වැන්න පාප පීඩිතව නොවීමත් ඊට ප්‍රබල පිටිවහලක්‌ වේ. මීට අමතරව චන්ද්‍රයාගෙන් දසවැන්න ද, ආරූඪ ලග්නයෙන් දසවැන්න ද රැකියාව පිළිබඳ තවත් රහස්‌ පෙන්වා දෙයි.

අරූඪ ලග්නයෙන් එකළොස්‌වැන්නේ සිටින ග්‍රහයින් සහ ඊට දෘෂ්ටි දෙන ග්‍රහයන් පුද්ගලයා ආදායම් ලබන ආකාරය තවදුරටත් පැහැදිලි කර දෙයි. උදාහරණයක්‌ ලෙස ආරූඪයෙන් එකොළහේ බුධ සිටීම හෝ බුධ දැකීම කේන්ද්‍ර හිමියා වෙළෙඳාමෙන්, උගත්කමින්, ලිපි ලේඛන ඇතැමෙක්‌ විධිමත් අධ්‍යාපනයක්‌ නොලැබුවද තමා තුළ වන හැකියාව, කැපවීම සහ අධිෂ්ඨානය තුළින් දියුණුවේ හිනි පෙත්තටම ගමන් කරයි. ප්‍රවීණ සූපවේදී පබ්ලිස්‌ සිල්වා ඊට කදිම උදාහරණයකි.තවත් ධනයෝග කාරයෙකුට විශේෂ හැකියාවක්‌ හෝ අධ්‍යාපන සුදුසුකම් යන දෙකම නැති නමුත් ඔහුගේ ධෛර්යය සහ අධිෂ්ඨානය තුළින් පෙර පින පාදා ගනිමින් මහා ධනවතෙකු බවට පත්වෙයි.

 මගින් ආදායම් ලබන්නෙකු බවට ඉඟි කිරීමකි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment