ජීවිතයම ගොඩයන්න යන්ත්‍ර නිසි ලෙස පළදින්න | Gurukam .net - Gurukam.Net

Thursday, May 14, 2020

ජීවිතයම ගොඩයන්න යන්ත්‍ර නිසි ලෙස පළදින්න | Gurukam .net


          අපි දන්නවා සියලුම සත්ත්වයන් ජීවත්වන්නෙ මේ විශ්වය තුළ. ගස්‌වැල් සත්ත්වයා හැම එකක්‌ම ජීවිතය නැත්නම් පැවැත්ම කරගෙන යන්නේ විශ්වයෙන් ලබන ශක්‌තිය නිසාය. සමහර පෙම්වතුන් පෙම්වතියන් කියනවා ඒ අය කවදාවත් වෙනස්‌වන්නේ නැතිලු. ඔබත් අසා ඇති. ඒ මුල් කාලයේදී නමුත් දිනෙන් දින සතියෙන් සතිය යනකොට ටිකෙන් ටික වෙනස්‌ වෙනවා. කොටින්ම කිව්වොත් සෑම තත්පරයකම එතකොට ඒ අය චපලයි කියලා හිත රිදවා ගන්නවා. චපල නැහැ. ඒක ලෝක ස්‌වභාවයයි.  ජීවිතය සහ ග්‍රහයෝ යන නමින් ශ්‍රේෂ්ඨ පොතක්‌ පළවුණා ඒ වසර කීපයකට කලින්. ජ්‍යෙතිෂ ආධුනිකයින්ට ඉතා අනර්ඝ හොඳ පොතක්‌.

ග්‍රහයෝ කියල මනුෂ්‍ය වර්ගයක්‌ හෝ සත්ව වර්ගයක්‌වත් නැහැ. මේවා කිරණ විශේෂයක්‌. ඒ ඒ ග්‍රහලෝකවලින් පිටකරන කිරණ.  මේ පෘථිවිය උඩ ඉන්න අපි කවුරුත් මෙහොතින් මොහොත වෙනස්‌ වෙනවා. විද්‍යනුකූලව ඒ පෘථිවිය භ්‍රමණය වන නිසා...ඒ වෙනස්‌වීම් අපට දැනගන්න තරම් අපි සංවේදී නැහැ. හැබැයි ධ්‍යාන වඩන යෝගාචරයෝ ධ්‍යානලාභීන් නම් ඒ වෙනස දකිනවා. ඒ මනසින් .ඒක බුදුපොතෙත් සඳහන් වෙනවා. සියලුම සත්ත්වයෝ නැසෙන සුළුයි කිව්වනේ. අපි කවුරුත් මරණයට බය නැහැ. මොකද උපදින කොටමනේ මරණය රැගෙන ආවේ.

ඒක කල්යැමේදී අපි දැන ගන්නවා. දරුවෙක්‌ උපදින කොට වේදනාව විඳින්නේ අම්මා නිසා දරුවට වේදනාව ගැන තියුණු වැටහීමක්‌ නැහැ. වැටහීමක්‌ නැති නිසා බයයි දුක්‌ විඳිනවට. දවසින් දවසට අපි කළේ පුරුදු පුහුණු කළේ එකතු කිරීමයි වැඩිකිරීමයිනේ. අඩුකිරීම් බෙදීම් පුරුදු කළේ නැහැනේ.

ඉතින් දාලා යන්න අකැමැතියි. තදින් අල්ලාගෙන ඉන්නේ උපදින කොට මහෞෂධ පඬිතුමා අතින් උණ්‌ඩිකරගෙන ආවේ හඳුන්කෑල්ලක්‌ කියනවනේ.

අපි උණ්‌ඩිකරගෙන ආවේ තණ්‌හාව, ආසාව, බය. ඉතින් දාලා යන්න කැමැති නැහැ. විශ්වය ඇතුළේ ජීවත්වන හැම සත්ත්වයෙකුටම මේ විශ්ව කිරණ ශරීරයට වදිනවා ඒවා මහාසැර රශ්මි කදම්බ ඔබ දන්නවනේ.

 රවි නැත්නම් සූර්යයා කියන ග්‍රහ ලෝකයෙන් විහිදෙන රශ්මි කදම්බයෙහි සැර විශ්වය තුළ තිබෙන අධිකම රශ්මි කදම්බයක්‌ විහිදෙන ග්‍රහ ලෝකය. පරීéණ කරනවා තියා ළඟටවත් යන්ට බැහැ. ඒක බුදු පොතෙත් සඳහන් වී තිබෙනවා. ළඟට යනකොට දාලා පුච්චලා අළු කරාවි.

 මේ සියලුම කිරණ රශ්මි සාමාන්‍ය වශයෙන් මනුෂ්‍ය ශරීරයට වදින කොට අපි මිතුරුයි කියනවා.සැර වැඩිවුණොත් හතුරුයි කියනවා. ඒ ජ්‍යෙතිෂ වචන වලින්. රවි කිරණය වැඩියෙන්ම බලපාන්නේ ශරීරයේ බලගතු අවයවවලට. ඒ කිව්වේ ඔළුවට. සිහින් ස්‌නායුවලට. ජීවිතය නම් ආත්මයට ජීවයට.

ශරීරය අඩක්‌ පරහ නැති කරන්නේ මෙයා. මේ රවිත් සඳුත් ඒ කිව්වෙ ඥන කාරකයා හා ජීව කාරකයාට අයිති ලග්න වලින් සිංහය හා කටකය. තවත් වචනයකින් කිව්වොත් සිංහ ලග්නයේ අයිති ග්‍රහයා රවි, කටකයේ සඳු, නැතිනම් චන්ද්‍රයා, ජ්‍යෙdතිෂයේ දෙමව්පියෝ .

 ඉස්‌සෙල්ල මේ දෙදෙනා ගැන ටිකක්‌ කතා කරමුකෝ. මේ රවි මොනම භාවයක ගෝචරය වුණත් ගෝචරය වූ ආකාරයට හතුරු මිතුරුකම් පලදෙනවා. සියලුම ප්‍රතිඵල ඔබ මම කර ඇති පව්පිංවලට යමක්‌ වෙනවා. නිකමට වගේ හිතමු මීන ලග්නයේ කේන්දරයක දෙවැන්නේ රවි හිටියා කියලා. දෙවැන්න ධන ස්‌ථානයයි. එතකොට රවිගේ ගෝචරය අඟහරුට අයිති මේෂ ලග්නයේ. දැන් රවි උච්චයි.

එහෙනම් හොඳ සල්ලිකාරයෙක්‌ වෙනවා. මෙතනදීම එකොළහ වැන්න ඒ කිව්වෙ අය ස්‌ථානයන් ටිකක්‌ පරීéd කළොත් තව ටිකක්‌ විස්‌තර දැනගන්න පුළුවන්. හදිසි ආදායම් ගැන එහෙම. ඒ කිව්වෙ මැණික්‌ /ලොතරැයි වාසනා. එහෙම එතැන අඟහරුවා යහපත්ව හිටියා නම් ගොඩම තමයි. ඒ රවි හොඳම පිහිටීම ගැනයි. ඒ වගේම කන්‍යා ලග්නයේ දෙවැන්න සිකුරට අයිති තුලාව මුදල් තියා කන්න ලැබෙයිද කියල සැකයි. මේවා උත්පත්ති කේන්දරවල පිහිටීම. උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම සිදුවන්නේ පෙර භවයන් වල කරන කුසලා/කුසල මත අනිත් ග්‍රහයොත් එහෙමයි.

 සෙනසුරා, රාහු, කේතු, අඟහරුවා මේ පාපියෝ. පාපියෙක්‌ නරක්‌ උනාම දන්නවනේ මත්වතුර බීපු පිස්‌සෙක්‌ වගේ. නාලාගිරියා තව හොඳයි. ග්‍රහයෝ නරක්‌ වුණාම කියලා වැඩක්‌ නැහැ. පාඩු කරන්නේ ආදායම වියදමට විතරක්‌ නොවේ. රෝගත් හදනවා. ජීව කාරකයා නරක්‌ වුණාම සෙම් රෝග සෑදීම අනිවාර්යයි.

රවි නරක්‌ වුණොත් මොළේ සියුම් ස්‌නායු රෝග හදනවා.සමහරවිට පිස්‌සු හැදෙන්නත් බැරි නැහැ. නමුත් වැඩිපුරම පිස්‌සු ඔල්මාද හදන්නේ චන්ද්‍රයා බව අමතක කරන්නත් එපා. ඉගෙන ගන්නා ළමයින්ගේ ධාරණ ශක්‌තිය නැති කරන්නේ මේ රවි ග්‍රහයා. ඒ ටිකක්‌ දුර පාඩම් කරගෙන යනකොට ඔළුව රිදෙනවා කියලයි.

 කේන්දරයක රවි බ්‍රහස්‌පති සමඟ නරක්‌ වුණොත් බුධත් එතැන නම් ශිල්පය කඩලා ඉගෙන ගන්න දරුවන්ගේ මානසිකත්වය වට්‌ටනවා. මනුෂ්‍යයාට රෝගයක්‌ හැදුණාම දé වෛද්‍යවරුන් යම්කිසි ප්‍රතිකාරයක්‌ කරනවා. නැත්නම් ඖෂධයක්‌ දෙනවා. ඒ වගේ ග්‍රහයෙක්‌ තදින් නරක්‌ වුණාම ජ්‍යෙdතිර්වේදියා යන්ත්‍රයක්‌ නියම නරනවා. ඒ අර ග්‍රහ කාලය නිම වන්න කලින් පැළඳීම සඳහා. ඒක එකපාරට මත් කරන්නේ නැහැ. ඖෂධයේ නම වෛද්‍යවරයා දන්නවා වගේ යන්ත්‍රයේ නම ජොHdතිර්වේදියා දන්නවා.

 රවි ග්‍රහයාට සූQර්යමණ්‌ඩලය, විෂ්ණු මණ්‌ඩලය, තමයි නිවැරදි වැදගත් යන්ත්‍ර. නියම විදියට ප්‍රස්‌ථාර කරලා ශරීර ස්‌පර්ශ කරන්න ඕනා. ඒ යන්ත්‍ර තඹ කොළේ ප්‍රස්‌ථාර කරන්න අමාරුයි කියලා නුසුදුසු එකක්‌ ඇඳලා හරියන්නේ නැහැ. ඒ කිව්වේ රවි ග්‍රහයා ගැන අනිත් ග්‍රහයන්ටත් ආවේණික වූ යන්ත්‍ර හා ප්‍රස්‌ථාර ක්‍රමය වෙනස්‌ අයුරින් තිබෙනවා.

 විශ්වයේ උපන් ඕනෑම කෙනකුට විශ්ව ශක්‌තිය විසින් යහපත්දේ කිරීම එමටයි. නමුත් ග්‍රහ පිහිටීම අනුව අයහපත් දේත් කරනවා. ඒ ග්‍රහ කිරණ මගින් අතීත භවයන්වල කරන ලද පිංපව්වලට අනුලෝමව ප්‍රතිලෝමව.

 සඳු නැත්නම් චන්ද්‍රයා ගැන කිව්වොත් සඳු හොඳට පිහිටියොත් සතුට නොපිරිහෙලා ඉටුකරනවා. සතුට දොරේ ගලනවා. නරකට හිටියොත් සෙම්අමාරු ගලපටල රෝග හදනවා. සතුටත් පෑල දොරින් පැනලා යනවා. පුර තිථිය මුදුන් වෙද්දී මානසික ඔල්මාද ප්‍රශ්න වැඩිකරනවා. එච්චරක්‌ නොවේ කාමනිල උද්දීපනයක්‌ වැඩි කරනවා. පුර තිථියට තුවාලයක්‌ වුණොත් ලේ ගලනවත් වැඩියි.

පිංවත් දූ වරුන්ගේ මල්වරය සිදුවන්නෙත් මේ කාලයට. මේ චන්ද්‍රයා අඟහරුවා සමඟ සංයෝග වෙලා. චන්ද්‍රයා නරක්‌ වුණාම රවිට දාන යන්ත්‍ර දාලා වැඩක්‌ නැහැ. එහෙනම් රතන යන්ත්‍රය නවගුණ යන්ත්‍රය වැනි එකක්‌ අවශ්‍ය වෙනවා. මේ යන්ත්‍රයන් පළඳින්න ඕනෑ ග්‍රහ කිරණය පතිත වන කාලය තුළ හෝ ඊට ප්‍රථම කේන්දරය පරීéd කළාම ඒක දැනගන්න පුළුවන්.

ඒ ග්‍රහයා ඕනෑම භාවයකට එන්න ප්‍රථම ක්‍රමයෙන් රශ්මිය දැනෙනවා. නැත්නම් ප්‍රතිඵල දැනෙනවා. එතකොට මේ අවශ්‍ය යන්ත්‍රය ශරීර ස්‌පර්ශ කරන්න ඕනෑ. ඊට පස්‌සේ ශරීරයට එන දෘෂ්ටි කිරණ මේ යන්ත්‍රය විසින් අවශෝෂණය කරනවා. නැත්නම් උරාගන්නවා. හරියට ගෙවල්වලට විදුලිය උරාගන්න පියුස්‌ දාගන්නවා වගේ. එතකොට අලසය නැතිවී ධෛර්යමත්ව වැඩ කරනවා. ඒ ශක්‌තිය ලැබෙනවා.

 විශේෂයෙන් අපි දැකලා තිබෙනවා. විභාගවලින් සමත්වෙන්න යන්ත්‍ර දමනවා. බොරුවලට රැවටෙන්න එපා. යන්ත්‍රවලින් විභාග සමත් කරන්න බැහැ. එහෙනම් ඔය යන්ත්‍ර දමන්නේ පාසල් යන අධ්‍යාපනය හදාරන ළමයින්ට ධාරණ ශක්‌තිය අඩු කරනවා. බුධ, බ්‍රහස්‌පති හා රවි කියන මේ ග්‍රහ සංයෝගය එතකොට තමයි නවනාථය පළඳන්නේ. මේ නවනාථය යන්ත්‍රයෙහි හැටි තමයි ධාරණ ශක්‌තිය වැඩි කරලා එක්‌වරක්‌වත් පාඩම් කළ දේ ධාරණයේ තබා ගැනීම මනසින් ඉවත් වන්නේ නැහැ.

 මතක ඇතිනේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කළ වැඩ දැමූ යන්ත්‍ර එහෙම . මේ නවනාථය දාලා ළමයට පාඩම් කරන්න ටික දිනක්‌ ඉඩ දෙන්න ඕනෑ. අද යන්ත්‍රය දාලා හෙට විභාගයට ඉඳගත්තාම සමත් වන්නේ නැහැ. ඒ නවනාථය යන්ත්‍රයේ හැටි බලගතුයි.

 මේ නවනාථය එක්‌ එක්‌ යන්ත්‍ර පොත්වල සඳහන් නැහැ. නමුත් "නවනාථය" කියලා දුඹුරු පාට පොතක්‌ තිබෙනවා. ඒකේ මේ යන්ත්‍රය ගැන හරි විස්‌තර තිබෙනවා. ස්‌කෝන් නවනාථයයි. නාරසිංහ නවනාථයයි. පාසල් ළමයින්ට අත්දුටු ඉතා අනගි යන්ත්‍ර දෙකක්‌ බව වගකීමෙන් කියනවා.

 ඊළඟට දැවෙන ප්‍රශ්නයක්‌ තමයි විවාහ ප්‍රමාද සහ දරු සම්පත් අහිමිවීම්. මට ලැබෙන දුරකථන පණිවිඩවලින් ඒක වැටහෙනවා. විවාහ ප්‍රමාද අයට පුංචි උපදෙසක්‌ දෙන්නම්. ඉස්‌සෙල්ලා විවාහ කාලයත් කේන්ද්‍රයේ කාම ත්‍රිකොණයන් (3.7.11.) පරීéd කරන්න. සිකුරුගේ තත්ත්වය බලන්න මේවා හතුරු නම් විෂ්ණු අඝෝරය මහා මාතාංගේශ්වරිය, කාම මාතාංගේෂ්වරිය පළඳින එක ඉතා හොඳයි.

 යන්ත්‍ර පළඳිනවා කියන්නේ ගෙඩිපළ¹වට සුදුසු ගහක නියම වෙලාවට පලතුරු හට ගන්නේ නැතිනම් පොහොර දමනවා වගේ වැඩක්‌. පලතුරු පොහොර වෙනුවට පොල් පොහොර දැම්මට ගෙඩි එන්නෙ නැහැ. අනික තමයි ගහට මුලට අඩි 3ක්‌ 4ක්‌ දුරින් දමනවා මිස මුලට දමන්නෙත් නැහැ. ඒ වගේම මාතා ගේශ්වරියට වෙනත් එකක්‌ දාලා හරියන්නේ නැහැ. නියම යන්ත්‍රය තෝරාගැනීමේ දැනීම ජොHdතිර්වේදියාට තිබිය යුතුමයි.

ඉණේ බඳින යන්ත්‍ර බෙල්ලේ දැම්මට හරි නැහැ. මේ හැම යන්ත්‍රයක්‌ම ආරම්භය පුර තිථිය වන්න ඕනෑ.

 දරු සම්පත්වලට අවශ්‍ය යන්ත්‍රය දාලා ඒ කාලෙම "හිඟුරල" අල ටිකක්‌ පොල් සමඟ කන්න. ඒ ඉක්‌මන් කිරීමත් මේ ආකාරයට නියම යන්ත්‍රය අවශ්‍ය ඖෂධ අලේප කරලා පළඳින්න. හරියට හරි.

සෙනසුරාට නීල මණ්‌ඩලය, රාහුට සිද්ධි නාගර්ජුනය අත්හදා බැලූ යන්ත්‍ර වුවත් ජපය හා දිගයිය වෙනස්‌. විවාහ ප්‍රශ්නවලට යන්ත්‍රය දාලා මනාලයා එන දිනයට අර පාට ලේන්සු කෙම කරන්නකෝ.
 මුදල් වැය වන්නේ නැහැනේ. ඔබ හැම දින නින්දට යන්ට ප්‍රථම විශ්ව ශක්‌තිය නැමැද ඔබ කළ යම් කුසලයක්‌ සිහිකර සිහියෙන් නිදන්න.

 ඔබට යහපතක්‌ම වේවා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment