Lagna Palapala 2020-09-18 ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Thursday, September 17, 2020

Lagna Palapala 2020-09-18 ලග්න පලාපල | Gurukam.net


ප්‍රවීණ ජෝතිර්වේදී ස වාස්තුහ විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා

ඉර උදාව   - පෙරවරු 06.00 ට

ඉර බැසීම  - පස්වරු 18.07

රාහු කාලය

දිවා 10.30 සිට 12.00 දක්වා

රාත්‍රී 22.30 සිට 00.00 දක්වා

සුභ දිශාව            - උතුර

මරු සිටින දිශාව - ගිණිකොන


මේෂ

ලැබෙන ආදායමට වඩා වියදම් ඉහළ යන දිනයකි. ඉගෙනීමට වඩාත් උනන්දුව ඇති කරගත යුතු වෙයි. රැකියා ස්ථානයේ ගැටළු මතු වෙයි. කෙටි ගමන් බිමන් ආදිය යෙදිය හැකිය. සහෝදරයන් සමඟ මතභේද ඇති වෙයි. මානසික පීඩනය ඇති කරවයි. ගෘහ ජීවිතයට අදාළ කටයුතුවලට ඉවසීම වැදගත් වේ. ජලය ආශ්‍රිත අනතුරු විය හැකිය. පියාට ද තරමක් අපලකාරී දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ

ආර්ථික තත්ත්වය යහපත් වේ. අධ්‍යාපනයට සාර්ථක දිනයකි. සෙම් රෝග සෑදීමට ඉඩකඩ ඇත. මව්පස ඥාතීන් වෙනුවෙන් කාලය, ශ්‍රමය වැය කරයි. ගෘහ ජීවිතයේ සාමය සමඟිය ඇති වේ. අක්ෂි රෝග ආදිය ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. මිතුරු සබඳතා ගොඩනැගේ. දූ දරුවන්ට ද යහපත් දිනයකි. රැකියාවේ තනතුරු උසස් වේ. මවගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. උගුර ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇති විය හැකිය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05

මිථුන

ශරීර සෞඛ්‍ය යහපත් වේ. ආදායම් තත්ත්වය වැඩි දියුණු වේ. හිස ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. රැකියාව ආශ්‍රිත ගමන් බිමන් යෙදේ. තමාගේ අයගෙන් දෝෂාරෝපණයට ලක්විය හැකිය. මවගේ උරුමයෙන් දේපළ ආදිය ලැබීමට වාසනාවන්ත දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධා ඇති වේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා අවධානයක් ලබා දිය යුතුය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක

මානසික පීඩා ආදිය ඇතිවන දිනයකි. මුදල් ලැබීම් අතින් බාධා ගෙන දේ. ගෘහ ජීවිතයේ සතුට අඩුවන දිනයකි. පදිංචි ස්ථානයේ වෙනසක් ඇති වේ. අන්‍යයන් සමඟ අදහස් හුවමාරුවේ දී ගැටලු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. යටි පතුල් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇතිවිය හැකිය. නින්දට බාධා ඇති වේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරයි. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි අයට අයහපත් දිනයකි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

ආදායම් තත්ත්වය යහපත් වේ. කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයකින් සුවය ලැබෙයි. හිත මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. වැඩිමහල් සොහොයුරකු පිළිබඳ කාලය, ශ්‍රමය වැය කිරීමට සිදු වේ. විවාහ ජිවිතය තුළ සතුට සමාදානය ඇති වේ. මවට අනතුරු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. අද දින සමාජ සේවයට කාලය යොදවන දිනයකි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ගමන් බිමන්වල දී ප්‍රවේශම් වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා

රැකියාවෙන් ගෞරවය, ප්‍රසිද්ධිය ඇති වේ. රාජ්‍ය අංශයේ රැකියාවලට සුභ දිනයකි. මහජන සම්බන්ධතා ගොඩනැගේ. පොළොව ආශ්‍රිත ලැබීම් ඇති වේ. ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ලැබේ. දූ දරුවන්ට යහපත් බවක් ඇති වේ. වන්දනා ගමන් බිමන් යෑමට හැකියාව ලැබේ. හවුල්කරුවන් සමඟ කරන කටයුතු ඉතා සාර්ථක වේ. ඉගෙනීම් කටයුතු කරන අයට යහපත් දවසකි. විදේශගත මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙයි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05

තුලා

අද දවස ආගම දහමට සිත යොමු කරන දවසකි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. අන් අයගෙන් උදව් උපකාර ලැබීම හා අන් අය සමඟ සුහදශීලීව තම වැඩකටයුතු කර ගැනීමට හැකියාව ඇත. පියාගෙන් හෝ පිය පාර්ශ්වයේ අයගෙන් ආදායම් හෝ දියුණුවට උදව් උපකාර ලැබේ. උගත් මිතුරු සබඳතාවලට සුභ දිනයකි. තම දූ දරුවන් පිළිබඳ වගකීමෙන් හා කැපවීමෙන් වැඩ කරනා දවසකි. ප්‍රේම සබඳතාවලට යහපත් දිනයකි. අද දවස සුබය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික

තම උරුමකම් පිළිබඳ විමසිලිමත්ව කටයුතු කිරීමට වේ. අන් අයගෙන් තමාට චෝදනා විඳීමට සිදු වේ. මානසික ආතතිය ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය. මුත්‍රාශය සම්බන්ධ රෝග ඇතිවීමට ඉඩ ඇති බැවින් උෂ්ණාධික කෑම ආදියෙන් වැළකිය යුතුය. ආධ්‍යාත්මික වැඩවලට සිත යොමු කරවන දිනයකි. විවාහ ජීවිතයේ දී ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. නීති මාර්ගික කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩ ඇත. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09

ධනු ‍

ප්‍රීතිමත් දිනයක් වේ. විවාහ යෝජනා සාර්ථක වේ. විවාහ උත්සව ප්‍රිය සම්භාෂණ ආදියට ඇරයුම් ලැබෙන දිනයකි. ගෘහ ජීවිතය වෙනදාට වඩා සතුටින් සිටිය හැකි දිනයකි. වියදම් වැඩි කරවන අතර අලුත් ගෘහ භාණ්ඩ ආදිය මිල දී ගත හැකි දිනයකි. රැකියාව තෘප්තිමත්ව කරගත හැකිය. රැකියාව නිසා කාර්යය බහුල බවක් පෙන්නුම් කරයි. මවු පාර්ශ්වයේ අයගෙන් තමාට උපකාර ලැබේ. තුනටිය ආශ්‍රිත රෝග ඇති වීමට ඉඩ ඇත. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03

මකර

අන් අය සමඟ හවුල් ගනුදෙනු කිරීමේ දී සැලකිලිමත් වන්න. පියපස ඥාතීන්ගෙන් විරුද්ධකම් ඇති වේ. උෂ්ණාධික රෝග ද ඇති වේ. රිය පැදවීමේ දී අවධානයෙන් සිටිය යුතුය. අධ්‍යාපන තත්ත්වය යම් පසුබෑමක් ඇතිවන දිනයකි. සුරතල් සතුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. තම මාමාගෙන් තමාට ලැබීම් ඇති වේ. දණහිස් අමාරු සන්ධි ආබාධ ඇති විය හැකිය. දූ දරුවන්ගේ ගැටලු ඇති වේ. රුධිර සංසරණයට බාධා ඇති වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

අධ්‍යාපන ‍ තත්ත්වයේ උසස් දියුණුවක් ඇති වේ. රාජ්‍ය අනුග්‍රහයක් පවතී. රැකියාවේ යහපත් බවක් ඇති වේ. දූ දරුවන්ට අධ්‍යාපනයට ඇති බාධා ඉවත් වේ. ආගමික කටයුතු සඳහා වෙහෙසෙන දවසක් වේ. තම කාලත්‍රයාගේ ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබේ. අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඉටු වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. විනෝද චාරිකා ආදියෙහි සහභාගී වීමට හැකි වේ. තම දරුවන් වෙනුවෙන් කාලය ගත කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

දේපළ ලැබීම් සහ ඒ වෙනුවෙන්ම තම කාලය කැප කරයි. මවු පාර්ශ්වයෙන් උපකාර ලැබීමට හේතු වේ. රාජ්‍ය අංශ වලින් තම රැකියාවට සහයෝගය ලබා දේ. රථ වාහන මිල දී  ගැනීමට සුබ දිනයකි. අලුත් නිවාස ලබා ගැනීමට හැකියාව ඇත. විවාහ ජීවිතය වාසනාවන්ත වේ. ප්‍රේම සබඳතාවලට සුබ වේ. අධ්‍යාපනය යහපත් වේ. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවලට සුභයි. විදේශ ගමන්වලට ඉතා යහපත් දවසකි. සමාජ සුබ සිද්ධිය සඳහා කැප වේ. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03















No comments:

Post a Comment