Lagna Palapala 2020-09-08 ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Tuesday, September 8, 2020

Lagna Palapala 2020-09-08 ලග්න පලාපල | Gurukam.net

ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා

ඉර උදාව  - පෙරවරු 06.02 ට

ඉර බැසීම - පස්වරු 18.12 ට

රාහු කාලය

දිවා 15.02 සිට 16.31 දක්වා

රාත්‍රී 03:02 සිට 4.31 දක්වා

සුභ දිශාව            - නැගෙනහිර

මරු සිටින දිශාව - බස්නාහිර

 

මේෂ

ධනය ලැබීම් අතින් යහපත් දිනයකි. නමුත් වියදම් පක්ෂය ද ඉහළ යා හැකිය. ආගමික කටයුතුවල යෙදීමට වැඩි කැමැත්තක් දක්වයි. පවුල් ජීවිතය තුළ සතුට, සාමය උදා කරයි. රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. උගුර, කන ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වීමට ඉඩ පවතී. ප්‍රවේසම්වන්න. කලකින් හමු නොවූ ඥාතියෙක් ඔබ සොයා පැමිණෙනු ඇත. ප්‍රිය සම්භාෂණයකට ආරාධනා ලැබෙයි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ

ආත්ම ශක්තියෙන් හා ධෛර්යයෙන් යුතුව දවසේ කටයුතු ඇරඹිය හැකිය. බාධක මර්දනය කරමින් කාර්යක්ෂමව තම කටයුතු සිදුකර ගනියි. ධන ලාභ ලැබීමට ඉඩකඩ පවතී. සහෝදරයන් සමඟ අමනාපකම් ඇති වීමට ඉඩකඩ ඇත. අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින්නට සුබදායකය. ආගමික කටයුතුවල යෙදීමෙන් සිතට සහනය ළඟා කරගත හැකි දිනයකි. නීතිමය කටයුතුවලින් පරාජයන් අත්විඳීමට ඉඩ ඇත. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05


මිථුන

අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින දූ දරුවන්ට ඉතා සුබදායකයි. නව නිර්මාණ ආදිය ඉදිරිපත් කිරීම තුළින් ප්‍රශංසා හිමි වන දිනයකි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් ගමන් බිමන් යෑමේ දී ප්‍රවේශම් වන්න. ණයට දුන් මුදල් ආපසු ලැබෙයි. විවාහක සහකරු හෝ සහකාරියට අපල තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. ගංගා ඇළදොළ ආදියෙහි දිය නෑමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක

ආදායම් මාර්ග විවර වේ. සිතේ නොසන්සුන් තත්ත්වයක් ඇති විය හැකිය. සතුරු කරදර මතු විය හැකිය. පවතින රෝගාදිය උත්සන්න වීමේ අවධානමක් පවතී. ඉඩකඩම් යාන වාහන මිල දී ගැනීමට සුදුසු දිනයකි. මවු පාර්ශවයෙන් ලැබීමට ඇති උරුමකම් ලැබීමට ඉඩකඩ පවතී. යටි බඩ ආශ්‍රිත ප්‍රදේශවලට ආබාධ ඇතිවීමට පුළුවන. ගිලනුන්ට උපස්ථාන කිරීමට කැමැත්තක් දක්වයි. සතුන්ගෙන් හානි සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

කෙටි ගමන් බිමන් යෙදිය හැකිය. සහෝදරයන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධා ඇතිවිය හැකිය. ක්‍රීඩා කටයුතුවල නියැළී සිටින්නට තම දක්ෂතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසේ. ධෛර්යයෙන් යුක්තව ක්‍රියා කරන දිනයකි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් තමන් ජයග්‍රහණ ලබා ගනියි. රැකියා කටයුතුවල දී තම හැකියාවන්වලින් ප්‍රයෝජන ලද හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා

රැකියා කටයුතුවල නියැළී සිටින්නන්ට සුබදායකය. සමාජ කටයුතුවල නියැළීමෙන් ගෞරවය, ප්‍රසිද්ධිය අත්පත් විය හැකි දිනයකි. උසස් අධ්‍යාපනයේ නියැළී සිටින අයට සුබදායකය. ආගමික කටයුතුවල නියැළීමෙන් සිතේ සතුට සැනසීම ඇති කරයි. ධනය වර්ධනය විය හැකි දිනයකි. ප්‍රේම සබඳතාවලට කරදර බාධා ඇතිවිය හැකිය. කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයන් සුවපත් වී සහනයක් ලබාගත හැකි වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05

තුලා

සිතට සහනය ඇති කරන දිනයකි. තමා කරන කටයුතුවලින් කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබිය හැකිය. ප්‍රේම සබඳතාවලට සුබදායකය. පවුල් ජීවිතය තුළ සැනසිලිදායක තත්ත්වයක් උදා කරයි. පියාගෙන් උදව් උපකාර ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. මිතුරන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබිය හැකිය. රැකියා ස්ථානයේ තරමක් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික

ධෛර්යය හා ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට උත්සාහ දරන දිනයකි. ආගමික කටයුතුවලින් සිතේ සහනය ළඟා කර ගනී. සහෝදරයන් සමඟ මතභේද ඇතිවිමට පුළුවන. ධනය ලැබීමට වඩාත් සුදුසුයි. වැය පාර්ශවය ද ඉහළ යයි. ප්‍රේම සබඳතාවලට සුබ දිනයක් නොවේ. කලක් තිස්සේ පැවති රෝගාබාධයන් සුව අතට පත් වන ලකුණු පහළ වේ. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයට ශුභදායක ආරංචි ලැබෙයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09

ධනු

ආදායම් මාර්ග වර්ධනය වේ. අහිමි වී ගිය යමක් නැවත ලබාගත හැකි දිනයකි. මිතුරන්ගේ ඇසුර නිසා ලාභ ප්‍රයෝජන අත්විය හැකිය. වෙහෙස මහන්සි වී වැඩ කටයුතුවල නියැළීමෙන් ලාභ ප්‍රයෝජන අත්වේ. පවුල් ජීවිතය තුළ මත  ගැටලු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඌෂ්ණ රෝග තත්ත්වයන් ඇති වේ. අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට උසස් ප්‍රතිඵල ළඟා කරගත හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03

මකර

රැකියා ලැබීමට ඉතා යහපත් දිනයකි. කීර්ති ප්‍රශංසා ගරු නම්බුනාම ලැබිය හැකි දිනයකි. සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නන්ට උසස් ප්‍රතිඵල අත්වේ. මඟතොටේ දී අනවශ්‍ය කරදරවලට ලක්විය හැකිය. කලක් තිස්සේ පැවැති ගැටලුවලින් සහනයක් ලැබිය හැකි දිනයකි. එහෙත් පවුල් ජීවිතය තුළ මත ගැටුම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ක්‍රීඩා කටයුතුවල නියැළී සිටින්නට ජයග්‍රහණ අත්විය හැකිය. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08  

කුම්භ

ධනය ලැබීමට ඉතා යහපත් දිනයකි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. විදේශ රැකියා හෝ සංචාර සඳහා බලාපොරොත්තු අයට අයහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. ලිපි කටයුතු ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවයි. අධ්‍යාපන කටයුතුවලට ශුභදායකය. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දක්වයි. සතුරු කරදර මතු විය හැකිය. සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවලට ඉල්ලුම් කිරීමට සුබයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06. 

මීන

කාර්මික අංශයේ රැකියාවල නිරත අයට වඩාත් සුබඵලදායක ප්‍රතිඵල පෙන්වයි. නිවාස ඉඩකඩම් දේපළ ලාභ පෙන්නුම් කරයි. ධනය ලැබීම් අතින් යහපත් දිනයකි. පවුල් ජීවිතය සාමකාමීව ගෙව‍යි. කලක් පැවති රෝග තත්ත්වයන් සුව වේ. ප්‍රේම සබඳතාවලට තරමක් බාධා මතුවිය හැකිය. මානසික අසහනය ඇතිවිය හැකිය. හවුල් ව්‍යාපාර ආදියෙන් පාඩු සිදුවිය හැකිය. එම කටයුතුවල දී කල්පනාකාරීව කටයුතු කරන්න. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03




















No comments:

Post a Comment