Lagna Palapala 2020-09-09 ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Wednesday, September 9, 2020

Lagna Palapala 2020-09-09 ලග්න පලාපල | Gurukam.net

ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 සැප්තැම්බර් මස 09 වන බදාදා

ඉර උදාව   - පෙරවරු 06.02 ට

ඉර බැසීම  - පස්වරු 18.12

රාහු කාලය

දිවා 12.02 සිට 13.31 දක්වා

රාත්‍රී  00.02 සිට 01.31 දක්වා

සුභ දිශාව             - උතුර

මරු සිටින දිශාව  - නිරිත


මේෂ

තරග කටයුතුවලින් ජය ලැබේ. රැකියාවේ නිරත ආරක්ෂක අංශයේ නියුතු අයට උසස්වීම්, තනතුරු ලැබේ. ගේ දොර යාන වාහන සම්බන්ධ ගැටලු ඇති වේ. රාජ්‍ය අංශයට සම්බන්ධ රැකියා ලාබ ලැබේ. පපුව ආශ්‍රිත රෝග හා වේදනා සිදුවීමට ඉඩ ඇත. මානසික පීඩාවන්ට හේතු වේ. වැය පක්ෂය තරමක් දුරට ඉහළ යනු ඇත. අනවශ්‍ය වියදම් සිදුවිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.

වෘෂභ

රජයට සම්බන්ධ ආයතන තුළින් වාසි අත්වේ. නිවේදන කටයුතු සඳහා ඉල්ලුම් කළ හැකි. උපයා ගත් ධනය ආයෝජනය කිරීමට යහපත්ය. පවුලේ සමඟිය ඇති වේ. උරුමයෙන් දේපළ හිමිවන කාලයකි. රැකියාවේ උසස්වීම් ලබාගත හැකිය. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වේ. අසල්වැසියන් සමඟ හොඳ සබඳතා ගොඩනැගේ. ප්‍රේම සබඳතා සඳහා යහපත්ය. ඇස් පෙනීමේ දුර්වලතා හටගනී. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

මිථුන

මිථුන ලග්න හිමි ඔබට අද දිනයේ ගරු බුහුමන් ලැබේ. උසස් පුද්ගලයන් ආශ්‍රයට ලැබීම, උසස් අධ්‍යාපනයක් ලැබීම, රැකියාවේ උසස් නිලතල ලැබිය හැකිය. උද්යෝගයෙන් කටයුතු කළ හැකි වේ. අනවශ්‍ය වියදම් වැඩි වේ. පාලන ශක්තිය ඇති එඩිතර බව පෙන්වයි. තම කාර්යයන් සඳහා උගත් වැදගත් අය හමුවන දිනයකි. ගේ දොර ඉඩකඩම් වස්තුව ලැබෙයි. ගෘහ ජීවිතය යහපත් වේ. ලැබීම යහපත් වේ. නිරෝගී වේ. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

කටක

කටක ලග්න හිමි ඔබට අද දිනය එතරම් සුබදායක නොවේ. ධනය වැයවන. විදේශ රැකියා ඉල්ලීම සඳහා සුදුසුය. නීති විරෝධී ක්‍රියා නිසා අපවාදයට ලක් විය හැකිය. අධ්‍යාපනය ලබන්නන්ට එතරම් යහපත් නොවේ. සමාජය වෙනුවෙන් කාලය කැප කිරීමට සිදු වේ. ආදායම් තත්ත්වය පහත වැටේ. පවුල් ආරවුල් පැන නඟී. ප්‍රේම සබඳතාවලට යහපත් දිනයක් නොවේ. ඇස්වල ආබාධ ඇති කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.

සිංහ

ඉතාම හොඳ දිනයකි. නිරායාසයෙන් ධනය ගලා එයි. කැපී පෙනෙන චරිතයකි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතාම යහපත්ය. උසස් මිතුරන් ආශ්‍රයට ලැබේ. ජලයට සම්බන්ධ ව්‍යාපාරවලින් ආදායම් ඉපැයිය හැකිය. විවාහ දිවිය ඉතා යහපත් වේ. මවට පියාට පවුලේ සැමට හොඳය. ලොතරැයි ජය ලැබිය හැකිය. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබේ. අසනීපයෙන් පසුවන අය සුවපත් වේ. සතුරු කරදර අඩු වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.

කන්‍යා

උසස් තනතුරු ලැබෙයි. පියාට ඉතාම සුබය. තැන්පත් ධනය සම්බන්ධ ගැටලු ඇතිවේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට එතරම් සුබදායක නොවේ. ප්‍රේම සම්බන්ධතාවල දී රැවටීම්වලට අසුවන හෙයින් කල්පනාකාරීවන්න. ගෘහ ජීවිතය සාමයෙන් ගත වේ. කෙටි ගමන් බිමන් යෙදේ. දූ දරුවන් බලාපොරොත්තු වන විවාහක අයට සුදුසු කාලයක් නොවේ. ඉඩකඩම් යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. සෙම අධික රෝග හට ගනී. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

තුලා

රැකියා ස්ථානයේ ගැටලු මතු කරයි. ස්ථාන මාරුවීම් වැනි කාරණා යෙදේ. ඉඩකඩම් සම්බන්ධ ගැටලු විසඳේ. ව්‍යාපාර සම්බන්ධ ගැටලු ඇති වේ. පියාට සුබයි. පුණ්‍ය කටයුතුවලට ලැදි වේ. අධ්‍යාපනය ලබන්නන්ට විදේශීය රටවල්වලට ශිෂ්‍යත්ව ලැබීමට සුබයි. වියදම් වැඩි වේ. අසනීප වැනි කරදර ඇති වේ. සෙම් අධික රෝග ඇති කරයි. සුරතල් සතුන් ආදීන්ගෙන් ලෙඩ රෝග ඇතිවිය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.

වෘශ්චික

මනස අවුල් සහගත බවක් පෙන්වයි. ශරීර සෞඛ්‍ය පිරිහේ. ගුණ ධර්ම පිරිහේ. සහෝදරයන් සමඟ අමනාප වේ. ආරක්ෂක අංශයේ රැකියාවල නියුතු අයට උසස් වීම් ලැබිය හැකි දිනයකි. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් නොවේ. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. ප්‍රේම සබඳතාවල දී කල්පනාකාරීව කටයුතු කරන්න. අනවශ්‍ය ගමන් බිමන් වැඩි වේ. ආදායම් තත්ත්වය සුබදායක නොවේ. අලස බවක් පෙන්වයි. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   නෙළුම් මලක් පූජා කරන්න.

ධනු

තනිව සිටීමට කැමති වේ. වියදම් වැඩි වේ. වචන බලවත් වේ.අන්‍යයන් සමඟ හවුලේ කටයුතු කිරීමට අපහසුය. අහංකාර වේ. ලිවීමෙන් හා කියවීමෙන් ලාබ ලැබේ. ඉගෙනීම අවුල් කරයි. උරුමයෙන් ලැබෙන දේපළ හිමි වේ. හොඳ මිතුරන් ආශ්‍රයට ලැබේ. හදිසි අනතුරු ඇතිවිය හැකිය. රුධිරය ආශ්‍රිත රෝග හට ගනී. ප්‍රේම සබඳතා වර්ධනය වේ. සමාජ අප ක්‍රියාවලට යොමු වීම වැනි දේ සිදුවිය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

මකර

නිරෝගී වේ. තමාගේ වාසිය පිණිස තමාගේ වාසිය පිණිස කටයුතු කරයි. ඉදිරියට යන ශක්ති සම්පන්න කෙනෙකි. නිරායාසයෙන් ධනය උපයයි. ඉඩකඩම් ලැබීම යහපත් වේ. විවාහ ජීවිතයේ තරමක් ගැටළු ඇති කරයි. නොගැළපෙන සම්බන්ධතා ගොඩනැගෙන බැවින් කල්පනාකාරී වන්න. සතුරු කරදර අඩු වේ. රැකියා සඳහා විදේශ ගමන්වලට යෑමට සුභය. ප්‍රසිද්ධ වේ. මිත්‍ර සබඳතා වැඩි වේ. ස්ත්‍රී පක්ෂයෙන් වැඩිපුර ලාභ ලැබේ. අනතුරුවලට මුහුණ දීමේ අවධානමක් ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

කුම්භ

හොඳ මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. මහජන ප්‍රසාදය හිමි වේ. තමා විසින්ම ධනය උපයා ගනී. ඉගෙනීමට ඉතාම යහපත් වේ. දරුවන්ට සුබ වේ. නාට්‍ය රචනා කිරීම ආදියට සුබ වේ. පියාට ඉතාම යහපත් වේ. රැකියා ස්ථානයේ මාරුවීම් ඇති වේ. වැඩිමහල් සහෝදරයන්ට අපල ඇති වේ. සතුරු කරදර අඩු වේ. යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. ආමාශගත රෝග හට ගනී. වස විස වර්ග ශරීරගත විය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

මීන

ආදායම් මාර්ග යහපත් වේ. ප්‍රේමය විවාහය ගැන තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. අධ්‍යාපනය ලබන්නන්ට  යහපත් නොවේ. දේශපාලනය කරන්නන්ට වැදගත් දවසකි. රැකියා ස්ථානයේ ගැටලු ඇති වේ. ආගමික භක්තිය ඇති වේ. කෙටි ගමන් බිමන් යෙදේ. නෑදෑයන් විරුද්ධ වේ. ඉඩකඩම් ගේ දොර පිළිබඳ කරදර ඇති වේ. සැපය අඩු වේ, මිත්‍රයන් අඩු වේ. පාදවල අමාරු ඇති කරයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.




























































No comments:

Post a Comment