ජ්‍යෙතිෂය ආලෝකමත් කරන ග්‍රහයින් ගැන දැනගන්න | Gurukam.net - Gurukam.Net

Saturday, August 8, 2020

ජ්‍යෙතිෂය ආලෝකමත් කරන ග්‍රහයින් ගැන දැනගන්න | Gurukam.net

.

 අපි කවුරුත් ආසයි අපේ ජීවිතයට ආලෝකයක්‌ ලබන්නට. ඒ වගේම මේ ජ්‍යෙතිෂයෙන් ඒ විෂයය ආලෝකමත් කරන ග්‍රහයන් ඉන්නවා. ඔබ අහලා ඇති පෘථිවියට කිට්‌ටු ග්‍රහයෙක්‌ වන බුධ ගැන, සෘෂිවරයන් වහන්සේලා දේශනා කරලා තිබෙන්නේ "මේ බුධ කාශ්‍යප මහ රහතුන් වහන්සේ" වගේ රූපශ්‍රීයෙන් බබළවනවා කියලා. බුධ ගේ සෞම්‍ය කිරණ වැදුණ අය.
 "පියංගු කලී කාශ්‍යයින්යං රූපේන බුද්ධං ප්‍රතිමං සෞම්‍යං සෞම්‍ය ගුණෝ පේතං ශාන් බුද්ධං ප්‍රණාමයං" ඔහොමයි ශ්ලෝකයේ කියෑවෙන්නේ.

මේ බුධ වගේම තමයි අනිත් සෞම්‍ය ග්‍රහයා සඳු ඒ කිව්වේ සෞම්‍ය චන්ද්‍රයා. ජ්‍යෙතිෂයේ අම්මා.
එතකොට ඔබ අසාවි මේ අය නැත්නම් කිරණ නපුරු වෙන්නේ නැද්ද කියලා.
ඇයි නැත්තේ. ඕනෑම දෙයක දෙපැත්තක්‌ තියෙනවනේ.
එය එකට චන්ද්‍රයා අව තිථියට ජන්මය රැගෙන මේෂ, මකර, තුලා, සිංහ, රාශිවල හිටියොත් නරකයි. එතකොට සෞම්‍ය වන්නේ නැහැ. එතකොට කෲරයා. ඒ වගේම බුධ යම් රාශියක ගෝචර වුණොත් වැඩිපුරම යහපත් දේ තමයි කරන්නේ. හැබැයි සිංහයට හතුරුයි.
 මීනයට නම් නීචයි. අන්‍ය රාශි 10 ටම හොඳයි. නමුත් බුද්ධඃ පාපිර් ගතෝ පාපඃ" කියලා ශ්ලෝකවල තිබෙනවා. ඒක අමතක කරන්නත් හොඳ නැහැ. ඒ කිව්වේ බුධ යහපත් ග්‍රහ කිරණයක්‌ වුණාට ඊට වඩා රශ්මිය විහිදවන ග්‍රහයෙක්‌ සමඟ ගෝචර වුණොත් නැත්නම් සංයෝග වුණොත් බුධගේ තත්ත්වය අමතක කරලා රවිගේ පැත්ත ගන්නවා. මේවා හරියට රසායන විද්‍යාවේ සංඝටක වගේ. උදාහරණයකට අපි හිතමු යම් භාවයක රවිගේ ගෝචරය කියලා මිතුරුයි හිතමු. හරියට සිංහ වගේ කියමු.

එතැනට එනවා බුධ හතුරු වෙලා. නමුත් මේ සිංහයට ආ බුධ රවිගේ පැත්ත ගන්නවා. මේ සිංහය කිව්වේ උදාහරණයකට විතරයි හොඳේ. හතුරු පැත්තටත් ඒ වගේම තමයි.
 චන්ද්‍රයා ගැන තව ටිකක්‌ කිව්වොත් මේ චන්ද්‍රයා උපතින්ම සිද්ධ සූනියං දෙවියෝ වගේ. චන්ද්‍රයා දෙවි කෙනෙක්‌ නොවුණත් සමහර අතට ඒ විදියට ක්‍රියා කරනවා. අපි අහලා තියෙන විදිහට සිද්ධ සූනියං ඔය සුදු අශ්වයා පිට උඩ වැඩ ඉන්නවා කියන්නේ. මේ දෙවියෝ මාසේ දින 15 ක්‌ යක්‍ෂ වෙසෙසෙනුත් දින 15 ක්‌ දේව වෙසෙසෙනුත් සැරිසරනව කියනවා. මනුෂ්‍ය ලෝකය දිහා බලලා මේ දෙවියෝ උපදෙස්‌ ගන්නේ ඊශ්වර දෙවියන්ගෙන්. දන්නවනේ ඊශ්වර දෙවියන්ගේ බලය.

අවශ්‍ය නම් තුන්වැනි නළලේ තිබෙන ඇහින් බලලා ලෝකය දාල පුච්චලා අළු කරලා දමන්න පුළුවන් කියලා කියන්නේ. එක පැත්තකට ඒ වගේම චන්ද්‍රයත් මාසේ දින 15 ක්‌ පුර තිථිය වශයෙනුත් ඉතිරි දින 15 අව තිථිය වශයෙනුත් ක්‍රියා කරනවා. මේ පුර තිථියේදි සෞම්‍ය භාවයන් අව තිථියෙදි කෲර භාවයත් ලබා දෙනවා. මේ සෞම්‍ය ග්‍රහයා නරක්‌ වුණාම යකා බැඳගත්තා වගේ තමයි. තුන්දොස්‌වලින් සෙම් අමාරු කාරයා. අව තිථියට ඉපදිලා සිංහ, තුලා, මකර රාශිවල නම් ඉවරටම ඉවරයි. ඊටත් වඩා නරකයි වෘශ්චික රාශියට. මේ කරුණු අනුව ඔබේ ජන්ම පත්‍රය සමඟ පිහිටි ග්‍රහයෝ සසඳන්න. එවිට මේ උතුම් ශාස්‌ත්‍රය ඔබටත් වැටහෙනවා.

පුරාණ කාලයේ මේ ශාස්‌ත්‍රය ටියුෂන් ක්‍රමයට ඉගැන්වූයේ නැහැ. දැන් වගෙ ශෘස්‌ත්‍රය ගැන පුළුල් වැටහීමක්‌ තිබුණා. අනික දැන් වගේ සම්මානලාභි අය හිටියෙත් නැහැනේ. දැන් ඉන්නේ විභාග සමත් නොවුණත් සම්මානලාභී අයනේ. දැන් ජ්‍යෙdතිෂයද ඒ දිනවල වගේම වෙනසක්‌ නැහැ.

 වෙනස තිබෙන්නේ කරන අයගේ. තව ටික දිනකින් මන්ත්‍ර කියන කොටත් නටාවි. දැනටමත් බෞද්ධ ගායනා කරන කොටත් වේදිකාවල නටන අයනේ ඉන්නේ. කොහොම කළත් ඔය අය පිරිහෙනවා මිස ශාස්‌ත්‍රය පිරිහෙන්නෙ නැහැ. මම දැකලා තිබෙනවා සම්පූර්ණ විස්‌තර. ඒ කිව්වේ කොළ 5 කින් විතර අවසන් කර පසුව හදන ගොඩක්‌ ජන්ම පත්‍රවල චන්ද්‍රයා, තිථිය සඳහන් නැහැ. අපට පෙර භවයේ පිං තිබුණද සැරි සැරීම හරියටම බලන්නේ ධර්ම කර්ම ඒ කිව්වේ 9 හා 10 රාශියේ ගැන බලලා. පාරම්පරික ජ්‍යෙdතිර්වේදියා ළඟ පරණ ලිත් තිබෙන නිසා එවලේම ඒක හදලා පසුව ගුණ ගුණ කියනවා. ආධුනිකයෙක්‌ නම් ඉතින් තමයි.

 ගුණා ගුණ කියන විට චන්ද්‍රයා හා පැවැත්ම විශේෂයි. ඒ අඩුපාඩුව ඔය අයට එයා කියන්නේ නැහැ. අඩුවෙන් ප්‍රතිඵලය කියනවා.ජීවිතයකට ආලෝකය අත්‍යවශ්‍යයි. ජීවිතයේ ලෞකික පැත්තට වුණත් ලෝකෝත්තර පැත්තට වුණත් ආලෝකය ලබා දෙන්නේ ඥනාලෝකය ලබාදෙන්නේ මේ ග්‍රහ දෙපළ. මේ ග්‍රහ දෙපළ හොඳට හිටියොත් සුභ ඵල දෙනවා වගේ නරකට හිටියොත් මුළු ජීවිතයම වණ කරනවා. මරන්නෙත් නැහැ. එහෙනම් විඳවනවා. මේ එක එක ගෙවල්වල ආදායම හා සතුට බිඳ වැටීම නිසා මහා ලක්‍ෂ්මි යන්ත්‍රය රාමුකර එල්ලා තබනවා. මම දන්නවා ලක්‍ෂ්මි යන්ත්‍රයක්‌, සංජීවනි යන්ත්‍රයත්, පද්ම යන්ත්‍රයත් මේ තුනම සතුට ර¹ පවතින යන්ත්‍ර. මේ කොයි යන්ත්‍රයක වුණත් දීර්ඝ කරලා අන්තිමයට ජප මන්ත්‍රයට පාවිච්චි කරන්නේ මාතාංගේඅවරි මන්ත්‍රය. කිරි ගහට ඇන්න වගේ කියා යන්ත්‍ර නියම පොත්වල සඳහන් කරලා තිබෙනවා. වාර ගණන හා ප්‍රාණ කිරීම් කරන කෙනාට භාරයි.

 දීර්ඝ වශයෙන් මේ චන්ද්‍රයා ඔබේ කේන්දරයේ ගෝචරය බලමු. පළමුවෙන් බලන්න පුර තිථියද අව තිථියද කියලා. ඒක ඔබට ලැබෙන්නේ ඔබේ පෙර පිං මත. දැන් බලමු ගෝචරය ඒක ලැබෙන්නේ මේ භවයේ පිං මත. ඊළඟට ග්‍රහ ගෝචරය අනුව ඉතිරි ග්‍රහකිරණ පතිත වූ හැටි බලලා සාමාන්‍ය දැනුමක්‌ ගන්න සඳු කටකයේ නම් අයිතිකාරයා නරක්‌ වන්න බැහැනේ. ඒ වගේම මිථුන කන්‍යා, ධනු, කුම්භ, මීන නම් හොඳයි. කටකයේ නම් ඉතා හොඳයි. මේෂ සිංහ, තුලා, මකර නම් නරකයි. වෘශ්චිකයෙහි නම් ඉතා නරකයි.
  දැන් බුධ ගුණ තව ටිකක්‌ ලියමු. බුධ ග්‍රහයා වෘෂභයේ, කටකයේ, තුලාවේ, වෘශ්චිකයේ, ධනුවේ, මකරයේ නම් හොඳයි. බුධට අයිති මිථුන, කන්‍යාවේ නම් අනරසයි. හතුරු සිංහයටයි, ගොඩක්‌ නරක්‌ කරන්නේ බ්‍රහස්‌පතිට අයිති මීනයටයි.

 මේ ග්‍රහයෝ දෙන්නා ජීවිතයේ සතුට හා ආලෝකයමයි දෙන්නේ. නරක්‌ වුණොත් සතුට කඩා දමනවාමයි. බෙල්ලෙන් පහළ නහර වේළෙනවාමයි.

 මේ බුධ බුද්ධියට අධිපති සෞම්‍ය දිශාවට අධිපති කොහොඹ විමානයේ වැඩ වසන ගවයෙක්‌ පිට ගමන් යන සෞම්‍ය ග්‍රහයෙක්‌. තරුණ කාලේදී නම් ලැබුව නම් හොඳයි. මේ සඳුත් දෙවැනි නැහැ. ගොඩක්‌ බලපවත්වන්නේ අතුරු දශාවලදී. අයිති වයඹ පළාත, සුදු ඇතෙක්‌ පිට උඩ යන්නේ. කේන්දරයේ 6, 8, 12 ස්‌ථානවලට නපුරුයි. ලස්‌සනට, කෙකටියා, රෑ මනමාලියා වගේ මල් පූදින්න දක්‍ෂයා.

නමුත් ගොයම් බොල් කරවන්නෙත් මේ සඳු මයි. විශේෂයෙන් මේ චන්ද්‍රයා වෙනුවෙන් බුධ වෙනුවෙන් යන්ත්‍ර හදලා ජපකර රාමුකර ස්‌ථානවල බිත්තියේ එල්ලන්නේ රූපාලංකාර කරන ස්‌ථානවල. ඒ අය දන්නවා. ඒ රහස, නමුත් කාටවත් කියන්නේ නැහැ. ඒක මමත් අත්හැදූ එකක්‌ තමයි.

 තව දෙයක්‌ තමයි කවුරුහරි සුභ කටයුත්තක්‌ කරන කොට චන්ද්‍රයා හා බුධ කේන්දරයේ බලවත් කරගෙනයි මුල ආරම්භ කරන්නේ. ඒකේ ප්‍රතිඵල අද්දුරුවයි. විශේෂයෙන්ම දැනගත යුතු කරුණක්‌ තමයි ජලය සමඟද විසිතුරු ලක්‍ෂණ විදහා පාන ව්‍යාපාරවලදී චන්ද්‍රයා හා බුධ දැනුවත් කිරීම.

ජ්‍යෙතිෂය ගැන මහත් විශ්ලේෂණයක්‌ කරලා ඔබටවත් මටවත් තේරුම් ගන්න බැරි වචන හරඹයක්‌ කරලා මුහුකුරා ගිය දැනීමක්‌ ඇති බව පෙන්වීමට වඩා කේන්දරයේ පතිත ගෝචර ග්‍රහයන් ගැන යමක්‌ කියා ඔබ දැනුවත් කිරීම වැදගත් යෑයි සිතුන නිසා මේ සටහන් ඉදිරිපත් කරන්න හිතුණා


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment