ඔබ රැවටූ වාලම්පුරියේ සත්‍ය කතාව | Gurukam.net - Gurukam.Net

Wednesday, August 26, 2020

ඔබ රැවටූ වාලම්පුරියේ සත්‍ය කතාව | Gurukam.net



  
                        මැණික් පැලඳීම, බෝධි පූජා කිරීම්, නොයෙකුත් දේව පූජා, ශාන්තිකර්ම ආදිය වගේම වාලම්පුරි ළඟ තබාගෙන වත්පිළිවෙත් කිරීමද තම ජීවිතය කරා සෞභාග්‍ය ළඟා කර ගැනීමට හැකි එක් ක්‍රමදෙයක් බව අප දන්නවා. 
ඒකයි ඉස්සර ජන සමාජයේ කියැවෙන්නෙ හරියට "වාලම්පුරියක් ලැබුණ වගේ" කියලා.... මොකද නිවැරැදි වාලම්පුරියක් ඒ තරමටම සෞභාග්‍ය ළඟාකර දෙන නිසයි.සෞභාග්‍ය ළඟාකර ගැනීමටය කියා නොයෙක් ආකාරයේ ඇදහිලි විශ්වාසයන් නොයෙකුත් පුද්ගලයන් සමාජගත කරමින් ඉන්නා අවධියක බොහෝ සේ අපගේ සමාජය වෙළාගත් බොරුවක් හෙළි කිරීමට අද මා සිතුවේ රුපියල් ලක්ෂ ගණන් වියදම් කර සත පහක්වත් වටින්නැති බොරුවකට හසුවී ඇති බොහෝ දෙනකු වෙනුවෙන් ඒ පමණක් නොව හසුවීමට නියමිත ඔබ සහ ඔබගේ දුවා දරුවනුත් වෙනුවෙන්.


 මෑතක ඉඳල මේ දුර්ලභ වාලම්පුරි හෝල්සේල් විකිණෙන්න පටන් අරගෙන විතරක් නෙවෙයි මේ සෞභාග්‍යයේ සංකේතයට නොයෙකුත් නමුත් පටබැඳල එක එක සිප්පි බෙල්ලන් වාලම්පුරි ලෙස අර්ථකථනය කරනව.


මෙවැනි වැදගත් වස්තූන් සහ පිළිගත හැකි විශ්වාස නොයෙකුත් වංචනිකයන් අතට පත්වීම තුළ සිදු වෙන්නෙ අපේ සංස්කෘතික අංගයන් කෙරේ අපේ ජන සමාජය පිළිකුල් කිරීමට පෙලැඹීම.

 මේ හේතුවෙන් මතු පරපුර මේ සියලු දේ මිථ්‍යාවන් ලෙස දැකීමටත් අවදානමක් තියෙනව.

ඒ වගේම පසුගිය වාලම්පුරි පිළිබඳ පළවූ ලිපිය නිසා නොයෙකුත් පුද්ගලයන් නොයෙකුත් මිල ගණන් යටතේ මිලදීගත් ඔය ව්‍යාජ වාලම්පුරි යැයි කියන සිප්පි බෙල්ලන් රැගෙන මෙහි පැමිණියා. 

ඒ සියල්ල ව්‍යාජ සිප්පිකටු බව වටහාගත් විට ඔවුන් අසරණ වූයේ තමා වසර ගණනාවක් අමාරුවෙන් එකතු කළ මුදල් වතුරේ ගියා නේද කියන අර්ථයක්ද ඇතිවයි.මඳක් සිතන්න රුපියල් පහළොස් දහසක් විසිදහසක් වැටුපක් ගන්න පුද්ගලයකු ඉතා අපහසුවෙන් රුපියල් පන්සීය දහස ඉතිරි කරමින් වසර ගණනක් ඉතිරිකර හොයා ගන්නා රුපියල් ලක්ෂයක හැත්තෑපන් දහසක මුදල මෙවන් වංචනිකයන්ට රැවටීමෙන් එම පුද්ගලයාට එය කෙලෙස දැනෙනු ඇත්ද?
මේ ව්‍යාජ වාලම්පුරිවලින් සියයට අනූනවයක්ම මිරිහාන ප්‍රදේශයෙන් මිලදී ගත් ඒවා බව මෙසේ රැවටීමට ලක්වී පැමිණෙන බොහෝ දෙනකු සමඟ කතාබස් කිරීමේදී හෙළි වුණා.


ඒ නිසා ඔබ මෙය හොඳින් සිතට ගන්නා අතරම තවත් මෙවැනි වංචනිකයන්ගේ නොයෙකුත් මුහුණුවරයන් යටතේ ඉදිරිපත් වන කූට උපක්‍රමයන්ට ඔබේ හිතවතුන්ද හසුවීම වැළැක්වීමට හැකි තරම් එකිනෙකා දැනුවත් කරන්න.

නිවැරැදි වාලම්පුරියක් යම් කෙනකුගේ අතට පත් වන්නේ ඉතාම කලාතුරකින්. මේ මුළු ලංකාවම පීරලා සෙව්වත් නිවැරැදි වාලම්පුරි දහයක්වත් ඔබට සොයාගන්නට බැහැ. ඒ වගේම නිවැරැදි වාලම්පුරියකට රුපියල් ලක්ෂ සියයක් හෝ ඊට වැඩි වටිනාකමක් තිබෙනවා.


මෙසේ විකුණන වාලම්පුරි ලෙසින් හඳුන්වන දැන් ප්‍රසිද්ධ කරල තිබෙන බෙල්ලා කිසිසේත් වැලම්පුරියක් නොවන අතර එහි කිසිදු සෞභාග්‍යයේ බලපෑමක් ඔබට ගෙන එන්නෙ නැහැ.

 ඔය පෙන්වන බෙල්ලා ස්වභාවයෙන්ම කැරකෙන්නෙ දක්ෂිණාවෘතවයි. විද්‍යාත්මකව ඔය බෙල්ලා හඳුන්වන්නෙ "බියුස්කෝන් කොන්ටාරියුම්" (Busycon Contrarium) කියන නාමයෙනුයි.

ඕනෑම කෙනකුට අන්තර්ජාලය (Intenet) එකට පිවිසී ඔය කියන විද්‍යාත්මක නාමය  (Busycon Contrarium) ලෙස දත්ත ඇතුළු කර සෙවීමෙන් මෙම වාලම්පුරි ලෙස හඳුන්වන ව්‍යාජ වාලම්පුරි ලක්ෂ ගණනින් දැකගත හැකියි.


මෙම වාලම්පුරි ලෙස හඳුන්වන බෙල්ලන් ඉන්දියාවේ ටොන් ගණනින් අලෙවි වන අතර රුපියල් දහසේ සිට රුපියල් දෙසීය පමණ දක්වා නොයෙකුත් ප්‍රමාණවලින් ලබාගත හැකි වෙනව, ඔය වාලම්ලපුරි යැයි කියමින් ඔබට නොයෙකුත් මාධ්‍ය වැඩසටහන් පවා ඉදිරිපත් කරමින් වංචනිකයන් විකුණන්නෙ ඉන්දියාවෙ පේමන්ට්වල පවා විකුණන්න තිබෙන රුපියල් සියයකට එකසිය පනහකට පමණ මිලට ගතහැකි සිප්පිකටු වර්ගයක් බව හොඳින් සිතට ගන්න.


ඒ නිසා මා ඔබට අවධාරණය කරන්නෙ ඔබ යම් කිසි වංචනිකයකුට හසුවී ඇත්ද? ඔබ දුක් මහන්සියෙන් හරිහම්බ කළ මුදල් නැවැත ඔබට ලබාගැනීම නීතියෙන් ඉතා පහසුයි.ඒ වගේම යම් කිසි කෙනකු මේ වංචාවට හසුවී ඇත්නම් ඔබට ඊට එරෙහිව නීතිමය පියවර ගන්නත් හරිම ලේසියි. මොකද මේ බෙල්ලන් පිළිබඳ දත්ත ඇතුළත් සාගර විශ්වවිද්‍යාලයක් අද ලංකාවේ පිහිටුවල තිබෙනවා.

No comments:

Post a Comment