ඔබේ ලග්නෙට ගැළපෙන සහකරු හෝ සහකාරිය | Gurukam.net - Gurukam.Net

Saturday, August 22, 2020

ඔබේ ලග්නෙට ගැළපෙන සහකරු හෝ සහකාරිය | Gurukam.net


අද අප මෙම ලිපිය මගින් සාකච්ඡා කරන්නේ ඔබේ ලග්නෙට ගැළපෙන සහකරු හෝ සහකාරිය හඳුනාගන්නේ කෙසේද යන්නයි.සොඳුරු විවාහයක් පතන යුවතිපති ඔබේ උපන් ලග්නෙට ගැළපෙන සහකරු හෝ සහකාරිය නිවැරදිව හඳුනාගැනීම ඉතාමත් වැදගත්ය.ඔබ අප සෑම කෙනෙකුම මේ ලෝකයට පා තබන වේලාව පදනම්කොට ගනිමින් නැගෙනහිර ක්ෂිතිජයේ පායන ග්‍රහ තාරකා අනුව පුරාණ ඉසිවරුන් විසින් දේශිත ජ්‍යොතිෂ ගණිතයට අනුව අපට උත්පත්ති ලග්නයක් හිමිවේ. 

ඒ අනුව එම ජන්ම ලග්නය අනුව එකිනෙකාගේ ගති ලක්ෂණ, ආකල්ප, චර්යාවන්, සිතුම් පැතුම් හා හැකියාවන් විවිධාකාරයෙන් වනු ඇත. මේ ලොව සෑම කෙනකුම ලග්න 12 ක් මුල්කොට ගනිමින් ඉන් එක් ලග්නයක් පදනම්කොට ගනිමින් මෙලොව උපත ලබා ඇත.විශේෂයෙන්ම දෙදෙනෙකුගේ විවාහය අරබයා එක් අයෙකු උත්පත්ති ලග්නයට අනෙක් කෙනාගේ උත්පත්ති ලග්නයේ ගැළපීම ඉතාම වැදගත් වනු ඇත. 

එසේ තමන් ජන්ම ලග්නයට තමාගේ පෙම්වතා හෝ පෙම්වතිය ජන්ම ලග්නය මනාව ගැළපේ නම් එය ඔබගේ විවාහ දිවියේ පැවැත්මට ඉතාමත් වටිනා සාධකයක් වනු ඇත. 

ඒ තුළින් සාමය සමගිය දියුණුව හා ආදරයෙන් පිරි සාර්ථක විවාහ ජීවිතයක් දිගු කලක් ගෙන යාමට ඔබට හැකි වනු ඇත. මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ හා මීන යන එක් ලග්නයකින් උපන් ඔබගේ උපන් ලග්නයට වඩාත් ගැළපෙන ලග්නයක් ඔබගේ ලග්නයට අධිපති හා විවාහ ස්ථානය වූ හත්වැන්නට අධිපති හත අධිපති ග්‍රහයා පදනම් කොට ගෙන නිවැරදිව තෝරා ගත හැකිය.පහත දැක්වෙන්නේ ලග්න 12 පදනම් කොටගෙන ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය තෝරාගන්නා ආකාරයයි.

ඒ අනුව ඔබ රාශි වළල්ලේ පළමු ලග්නය වන අගහරුට අයත් මේෂ ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ බුධට අයත් මිථුන ලග්නය, රවිට අයත් සිංහ ලග්නය හෝ සිකුරුට අයත් තුලා යන ලග්නයකින් උපන් කෙනෙකි.රාශි වළල්ලේ දෙවෙනි ලග්නය වන සිකුරුට අයත් වෘෂභ ලග්නයෙන් උපන් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ රවිට අයත් සිංහ, සිකුරුට අයත් තුලා හා ගුරු හෙවත් බ්‍රහස්පතිට අයත් ධනු යන ලග්නයකින් උපන් කෙනෙකි.

ඔබ ජන්ම ලාභය ලැබුවේ රාශි වළල්ලේ තෙවන ලග්නය වන බුධට අයත් මිථුන ලග්නයෙන් නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ මිථුන, සිංහ, තුලා යන ලග්නයකින් උපන් කෙනෙකි.ඔබ රාශි වළල්ලේ සිව්වන ලග්නය වන කටක ලග්නයෙන් උපන් කෙනෙකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ කන්‍යා, වෘෂභ, මකර යන ලග්නයකින් උපන් සහකරුවෙකි.

ඔබ රාශි වළල්ලේ පස්වන ලග්නය වන රවිට අයත් සිංහ ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ සිකුරු හිමි තුලා, ගුරු හිමි ධනු, ශනි හිමි කුම්භ යන ලග්නයකින් උපන් සහකරුවෙකි.
ඔබ රාශි වළල්සේ හයවන කන්‍යා ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ වෘෂභ, වෘශ්චික, මීන යන ලග්නයකින් උපන් කෙනෙකි.

ඔබ රාශි වළල්ලේ හත්වන ලග්නය වන කන්‍යා ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ මේෂ, මිථුන, කුම්භ යන ලග්නයකින් උපන් කෙනෙකි.ඔබ රාශි වළල්ලේ අටවන ලග්නය වන වෘශ්චික ලග්නයෙන් උපන් කෙනෙකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ තුලා, මකර, මීන යන ලග්නයකින් උපන් කෙනෙකි.

ඔබ රාශි වළල්ලේ නමවන ලග්නය වන ධනු ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ මිථුන, සිංහ, කුම්භ යන ලග්නයකින් උපන් කෙනෙකි.ඔබ රාශි වළල්ලේ දසවන ලග්නය වන මකර ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ වෘෂභ, කටක, කන්‍යා යන ලග්නයකින් උපන් කෙනකි.

ඔබ රාශි වළල්ලේ එකොළොස්වන ලග්නය වන කුම්භ ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ මිථුන, සිංහ, ධනු යන ලග්නයකින් උපන් කෙනෙකි.ඔබට වඩාත් ගැළපෙන තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී ඔබ රාශි වළල්ලේ අවසන් ලග්නය වන ගුරුට අයත් මීන ලග්නයෙන් උපන් කෙනකු නම් ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා හෝ පෙම්වතිය වන්නේ බුධට අයත් කන්‍යා ලග්නය අගහරුට අයත් වෘශ්චික ලග්නය හෝ ශනිට අයත් මකර යන ලග්නයකින් උපන් කෙනෙකි.

ඉහත සඳහන් ආකාරයට ඔබේ ලග්නෙට ගැළපෙන සහකරු හෝ සහකාරිය හඳුනාගමු.එසේ තමන් ජන්ම ලග්නයට තමාගේ පෙම්වතා හෝ පෙම්වතිය ජන්ම ලග්නය මනාව ගැළපේ නම් එය ඔබගේ විවාහ දිවියේ පැවැත්මට ඉතාමත් වටිනා සාධකයක් වනු ඇත. 




No comments:

Post a Comment