ජ්‍යෙතිෂයෙන් ජීවිතය ජයගන්න උපදෙසක්‌ | Gurukam.net - Gurukam.Net

Friday, July 31, 2020

ජ්‍යෙතිෂයෙන් ජීවිතය ජයගන්න උපදෙසක්‌ | Gurukam.net


මනුසත් ආත්ම භවයක්‌ ලැබීමට නම් පින්කළ යුතුයි. එවන් මනුසත් ආත්මය නිවැරැදිව ගත කිරීමටත් සැපවත් කර ගැනීමටත් අප සියල්ලෝම උත්සාහ කළ යුතුයි.ජීවිතය යනු විඳීමට ඇති දෙයක්‌ මිස විඳවීමට ඇති දෙයක්‌ නොවේ.  පුද්ගලයකු ජන්මය ලබන අවස්‌ථාවට වඩා මියයන මොහොතේ පියවරක්‌ හෝ ඉදිරියෙන් සිටී නම් ඔහු යම්තාක්‌ දුරට ජීවිතය ජයගෙන ඇති බව අපට කිව හැක. නිරෝගී සම්පත හා ධන සම්පත අතර ඇත්තේ මනා සමීප සම්බන්ධතාවයකි.

ධන නිරෝගී සම්පත ලබා ගැනීම සඳහා යමෙකු ධන සම්පත වැය කරන අතර තවත් සමහරකු ධන සම්පත ලබා ගැනීම සඳහා නිරෝගී සම්පත අවධානයේ හෙළන අවස්‌ථා ද අප දැක තිබේ. මේ දෙකම යමෙකුට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.පුද්ගලයකුගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීමේදී 02 හා 11 වැනි භාවයන් ධන සම්පත පිළිබඳ අවධානය යොමු වේ. නිරෝගී සම්පත උදෙසා 6, 8, 03, 12 වෙනි භාවයන්ට විශේෂ අවධානය යොමු වේ. ඉහත ස්‌ථානයන්හි ශුභව ග්‍රහයන් පිහිටා ඇත්නම් ඔහුට මේ දෙකම නොඅඩුව ලැබේ.

එහෙත් බොහෝ දෙනෙකුට මේ සම්බන්ධව වරින්වර ගැටලු පැන නැඟේ. 11 වැනි හා 02 වැනි භාවයේ ග්‍රහයන් දුර්වල සිට ඔවුන්ගේ අතුරු දශා යන කාලවලදී ඔබට මුදල් අතින් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.එසේම සෙනසුරු ග්‍රහයා අශුභව සිටින අයට ජන්ම හා අෂ්ඨම ඒරාෂ්ටකයන්හිදී ණය වී දේපළ පවා අහිමි වීමට පුළුවන. නිරෝගී සම්පතට ද ඒ අයුරින් බලපෑම් ඇති කරයි.

මෙවන් කාලයකදී ඔබගේ ජන්ම පත්‍රය දක්‍ෂ ජ්‍යෙdතිෂවේදියකුට ඉදිරිපත් කළහොත් ඔබගේ මෙම දුර්වලතා හඳුනාගෙන ඔබට පුද සත්කාර ලබාදීම් මගින් මෙම තත්ත්වයෙන් මිදිය හැක. යම් පුද්ගලයකුගේ ජීවිතය සමෘද්ධිමත් කිරීමට මෙවැනි පුද පූජා ලබාදී උපකාරී කිරීම ජ්‍යෙතිෂවේදියාට තුඩු පඬුරු වලට වඩා වටින්නේය.

සමහර මිනිසුන් කොතරම් මහන්සි වී වැඩ කළ ද ඔහුගේ අවශ්‍යතාවලට සරිලන ලෙස මුදල් නොලැබේ. එසේම තම අරමුණු ඉතා ක්‍ෂණිකව බිඳ වැටීම්වලට ලක්‌වීමට පුළුවන.
මෙවන් පුද්ගලයකුගේ කේන්ද්‍ර පරීක්‍ෂා කිරීමේදී ග්‍රහ පිහිටීම්වල දුර්වලතා හඳුනාගත හැක. එසේම 05 වැනි භාවයේ සෙනසුරු සිටී නම් බොහෝ අයට ඉහත තත්ත්වයන්ට මුqහුණ දීමට සිදුවේ.

 එවන් පුද්ගලයන් මුළු ජීවිත කාලය පුරාවටම හැකි හැම සෙනසුරාදා දිනකම විෂ්ණු දෙවියන් උදෙසා නිල් මල් වට්‌ටියක්‌ හා එළඟිතෙල් පහනක්‌ බුලත් 01, පඬුරු 01 පූජා කර දෙවියන්ට පිං දී තමාගේ ජීවිතයට නිරෝගී සම්පතත්, දියුණුවත් ප්‍රාර්ථනා කරන්න. එවිට ඔබට යහපත උදාවෙන අයුරු අත්විඳිය හැක.එසේම යමකු අමාවක තිථියෙන් ඉපිද ඇත්නම් ඉහත අයුරින්ම බලාපොරොත්තු අහිමි වීමේ හා මුදල් ගැටලු ද, නිරෝගී සම්පතට ද යම් හානි වීමට පුළුවන. යමෙකු අමාවක තිථියෙන් ඉපිද ඇත්නම් සෑම මසකම පළමු සතියේ දිනක හවස 6 - 7 ත් අතර බෝධීන් වහන්සේ අභියස සුදු මල් වට්‌ටියක්‌ හා අවම වශයෙන් පහන් 9 ක්‌ දල්වා බෝධිය අධිගෘහිත දෙවියන්ට පිං දී තමාගේ ජීවිතයට නිරෝගී සම්පතද, සමෘද්ධිය ද ප්‍රාර්ථනා කරන්න.

 ඔබට යහපතක්‌ උදා වනු ඇත. මෙම පූජාවද ජීවිත කාලය පුරාවටම කළ යුතු දෙයකි. එසේම ජය පිරිත දවසට 03 වර බැගින් තරමක්‌ උස්‌ හඬින් සඡ්Cධායනා කිරීම තුළින් ඔබගේ නිරෝගී සම්පත හා ධනය ලබාගැනීමට මහත් පිටිවහලක්‌ වේ.

එසේම අමාවක තිථිය දින අටවිසි බෝධීන් වහන්සේලා වෙනුවෙන් කිරිබත්, කැවුම් හා කෙසෙල් හා පැන් පූජා කිරීම ද ධන සම්පත් හා නිරෝගී සම්පත් වර්ධනය කර ගැනීම ද හේතු සාධක වේ.බොහෝ මිනිසුන් පින් කළ ද එය දෙවියන්ට අනුමෝදන් නොකරති. සෑම මිනිසකුම තමන් එදිනෙදා කළ පින් නිවසේදී හෝ ආගමික සිද්ධස්‌ථානයකදී දෙවියන්ට අනුමෝදන් කළ යුතුය.

එසේ කිරීම ඔබගේ ග්‍රහ අපල දුරුකර ජීවිතය සමෘද්ධිමත් කිරීමට හේතු වනු ඇත. පැරැන්නෝ පින් පොත ලෙස තමන් එදිනෙදා කළ පින් පොතක ලියූහ. එනිසාම ඔවුන්ගේ ජීවිත අදට වඩා බොහෝ සමෘද්ධිමත් වන්නට ඇත්තේ මේ නිසාවෙනි.ධනය හා නිරෝගී බව අහිමි කිරීමට ග්‍රහයන්ගේ අශුභ දෘෂ්ටි ප්‍රබල බලපෑමක්‌ එල්ල කරයි. මෙවන් කාල පරාසයක දී ඔබගේ චිත්ත ශක්‌තිය ග්‍රහයන්ගේ දෘෂ්ටිට වඩා ශක්‌තිමත් කර ගත යුතුයි. ඔබට කොතරම් මුදල් අසීරුතා පැමිණිය ද හෙට දවසේ මගේ ආර්ථිකය ශුභ වේවා යෑයි සිතන්න. බෞද්ධ දර්ශනයේ ද මෙම කරුණ ගැන ඉතා මැනවින් පැහැදිලි කරයි.
ඒ අයුරින්ම නිතරම ඔබ නිරෝගීමත් පුද්ගලයකු යෑයි සිතන්න. යම් රෝගී තත්ත්යකින් පෙළුනද හෙට දවසේ මා සුවපත් වේවා යි සිතන්න.

එවිට ග්‍රහ දෘෂ්ටිය හා චිත්ත ශක්‌ති යන සටනින් ඔබ ජයගනු ඇත.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment