පළමු කසාදේ කැඩෙන මෙන්න හේතු | Gurukam.net - Gurukam.Net

Wednesday, July 29, 2020

පළමු කසාදේ කැඩෙන මෙන්න හේතු | Gurukam.net


 පැනනැගෙන ප්‍රශ්න හමුවේ , තම පවුල් ජීවිතය රැක ගැනීමේ චේතනාවෙන් සියලු දුක්‌වේදනා දරාගෙන සිටින පිරසික්‌ද වේ.යුග දිවියක්‌ සාර්ථකව ගෙන යැම කොපමණ අසීරු කරුණක්‌ද? යන්න දන්නේ විවාහ ජීවිතයක්‌ ගත කරන දෙදෙනකු පමණි.

 එය තමාගේ දරුවන් වෙනුවෙන් හෝ ආත්ම ගෞරවය රැක ගැනීම පිණිස විය හැකිය. මෙම ගැටලුවලට මුහුණපා සිටින තවත් පිරිසක්‌ නීතියෙන් වෙන් නොවී ස්‌ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වෙයි.

දික්‌කසාද වන්නේ ද? නොවන්නේද? යන්න තීරණය කර ගත නොහැකිව ලත වෙන පිරිසක්‌ද වෙයි. දික්‌කසාදයකින් විවාහය කෙළවර වීම මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස දැකිය හැකි වේ. මෙවැනි විවාහයක්‌ පොරොන්දම් ගලපා හෝ නොගලපා සිදුවිය හැකි නමුත්, පොරොන්දම් 100% ගැලපුණ ද ඔවුන්ගේ ජන්මපත්‍රවල ග්‍රහ ගැලපීම පරීක්‍ෂා කිරීමේදී පළමු විවාහයේ අසාර්ථක වීම් හෝ දෙවැනි විවාහයක්‌ පවතින්නේද ? යන්න තීරණය කළ හැකිය.

 දෙදෙනාගේ දික්‌කසාදය සඳහා හේතුවන කරුණ වන්නේ, එකිනෙකාගේ අදහස්‌ නොගැලපීමද, අනියම් සබඳතාවක්‌ හේතුකොට ගෙන ද, තම සහකරු සුරාවට හෝ සූදුවට ඇබ්බැහි වීමද එසේත් නොමැති නම් ලිංගික තෘප්තිමත් භාවයක්‌ නොමැතිකම හෝ අසම්මත ලිංගික ආශාවන් හේතුකොට ගෙන ද යන්න, ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීම තුළින් ප්‍රකාශ කළ හැකි වේ.

මෙය ...... වර්තමාන සමාජයේ බහුලවම දක්‌නට ලැබෙන, දික්‌කසාදයට තුඩු දෙන හේතු කාරණා වේ මෙහිදී පළමු විවාහය අසාර්ථක වී, එනම් දික්‌කසාදය සිදුවී දෙවැනි වරටත් විවාහ වන අවස්‌ථා කොතෙකුත් ඇති අතර, වරක්‌ දෙවරක්‌ නොව කීපවරක්‌ විවාහ වන අවස්‌ථා ද නැතුව නොවේ. දික්‌කසාදය හා දෙවැනි විවාහය පිළිබඳ කතා කිරීමේදී ප්‍රථමයෙන් සලකා බැලිය යුත්තේ පළමු විවාහය අසාර්ථක වීමයි.

 පළමු විවාහය අසාර්ථකවීම ආකාර 2 ට සිදුවිය හැකිය. එනම් දික්‌කසාද වීම හෝ තම ස්‌වාමියා හෝ භාර්යාව මියයැම වේ. ජ්‍යෙdතිෂයේදී මෙය වැන්දඹු යෝග ලෙස හඳුන්වනු ලබන අතර එයට බලපානු ලබන්නේ ස්‌වාමි, භාර්යා, නාශක යෝගවේ.

නමුත් ස්‌වාමි භාර්යා නාශක යෝග යෙදුණු පමණින් විවාහය මරණයකින් කෙළවර නොවූ අවස්‌ථාවන් කොතෙකුත් දක්‌නට ලැබෙන අතර, එයට හේතු වන්නේ විවාහවූ සහකරුගේ හෝ සහකාරියගේ ආයුෂ බලවත් වීමයි. නමුත් එම අවස්‌ථාවන්වලදී මරණය සිදු නොවී, දික්‌කසාදයකින් විවාහය බිඳවැටෙනු දැකිය හැකිය.

මෙවැනි යෝගයක්‌ දළ කේන්ද්‍රයක දුටු පමණින් ජ්‍යෙතිෂවේදියා අනාවැකි ප්‍රකාශ නොකළ යුතු අතර, එය නිවැරැදිව යෙදී ඇත්දැයි අනෙකුත් වර්ග පරීක්‍ෂා කර, භාව පරීක්‍ෂා කර, පැවසිය යුතු වේ. භෞම දොaෂය හෙවත් කුජ දොaෂය දුටු පමණින් හෝ 7 වැන්නේ පාපින් සිටීම, 7 වැන්නාධිපති දුර්වලව, පාප පීඩිතව සිටි පමණින් විවාහය අසාර්ථක නොවූ පුද්ගලයන් ද දැකිය හැකිය.

නමුත් එයට හේතුව සූක්‍ෂමව ජන්ම පත්‍රය පරීක්‍ෂාව තුළ එනම් ග්‍රහයන් පිහිටි භාව හා වර්ගවල එම දොaෂයන් යෙදී තිබීම දක්‌නට නොලැබීමයි. නමුත් ඉහත සඳහන් කළ වැන්දඹු හා දික්‌සාද යෝග පිහිටා ඇත්නම් එය සූක්‍ෂම පරීක්‍ෂාවකින් පසු ඒ ආකාරයටම යෙදේ නම්, කර්මානුරූපී බලපෑම ප්‍රබල වී එය එසේම සිදු වේ.

 එය සිදුවන කාලසීමාව මහ දශාවන්, අන්තර් දශාවන්, ගුරුගේ රාහුගේ, ශනිගේ ගෝචරයන් පදනම් කරගෙන සිදු වේ. මෙය ජන්ම පත්‍රයෙන් ජන්ම පත්‍රයට වෙනස්‌වන අතර ඉහත සඳහන් කළ න්‍යාය සෑම විටදීම පලාපල කථනය සඳහා උපයෝගී කරගත යුතු වේ. වැන්දඹු යෝග හා දික්‌කසාද යෝග විශාල සංඛ්‍යාවක්‌ තිබෙන අතර, ඒවා තිබෙන්නේ 7, 8, 11, 2, 3 යන අධිපතීන් සම්බන්ධ කරගෙන වේ.උදාහරණයක්‌ ලෙස 7,8 අධිපතීන් සම්බන්ධවීම, ස්‌වාමියාට අපල ගෙන දෙන යෝගයක්‌ වන අතර, රාශියක 7, 8 අධිපතීන් දුටු පමණින් එය එකවර පැවසිය නොහැකි වේ.

එයට හේතුව එම ග්‍රහයන් දෙදෙනාගේ බල දුබලතාවය එම ග්‍රහයන්ට අනෙකුත් ග්‍රහයන්ගෙන් ලැබෙන ග්‍රහදෘෂ්ටිය ග්‍රහයට අනුරූපීව, ග්‍රහයන් අතර සංයෝගය සිදුවීමට තිබිය යුතු අවම දුර (අංශක ගණන) ඉතා සූක්‍ෂමව පරීක්‍ෂා කර පලාපල කථනය සිදු කළ යුතු වේ.

 උදාහරණ කුජ, සිකුරු සම්බන්ධවීම තුළ අති ධාවනකාරී කාම යෝගයක්‌ ක්‍රියාත්මක වීම පවසන නමුත් ගුරුගේ, රවිගේ දෘෂ්ටිය, ශනිගේ දෘෂ්ටිය තුළ උදාසීන වීම, සංයෝගය සිදුවූ රාශිය, අංශක ගණන තුළ එම යෝගය ක්‍රියාත්මක නොවූ අවස්‌ථා කොතෙකුත් දක්‌නට ලැබේ. සූක්‍ෂම පරීක්‍ෂාව තුළ භාවානුරූපීව ඉහත යෝගයන් නිවැරදිව නිර්නය කර ගත හැකි වේ. මෙය එක්‌ උදාහරණයක්‌ පමණි. දෙවැනි විවාහයේ පලදායිතාවය සලකා බැලීමේදී 2,3, 10 අධිපතීන් පිළිබඳව හා එම ස්‌ථානවල පිහිටි ග්‍රහ පිහිටීම් පිළිබඳව විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතු වේ.

 ප්‍රථම විවාහයේ දරුවන් නොමැතිව, දෙවැනි විවාහයේ දරුවන් ලැබීම ආදී කාරණා ජන්ම පත්‍ර පරීක්‍ෂාව අනුව නිවැරැදිව නිර්ණය කළ හැකි ය. දික්‌කසාද යෝග හා වැන්දඹු යෝග ජන්ම පත්‍රයෙන්, ජන්ම පත්‍රයට වෙනස්‌ ආකාරයට යෙදෙන අතර, එවැනි යෝගයන් ඇත්නම් සහ දෙවැනි විවාහයක්‌ සඳහා ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීමක්‌ පවතී නම්, එම යෝග බලවත් නම් පළමු විවාහය අසාර්ථක වී

දෙවැනි විවාහය සාර්ථක වී දියුණුවට පත්වීම සිදු වේ. නමුත් පළමු විවාහය අසාර්ථක වී පුද්ගලයාගේ ජීවිතය ග්‍රහයන්ගේ ග්‍රහයෝගවල බලපෑමට අනුව ලෝකෝත්තර දිශානතියක්‌ පෙන්නුම් කරන්නේ නම් දෙවැනි විවාහයක්‌ සඳහා ජන්මපත්‍ර හිමියාට කටයුතු සිදු නොවේ. විවාහ කීපයක්‌ පිහිටන යෝග බහු විවාහ යෝග ලෙස හඳුන්වන අතර සල්ලාල යෝග හා වෛශ්‍යා යෝග යෙදේ නම් විවාහ කීපයක්‌ ම සිදු විය හැකිය.

 මෙවැනි යෝග තිබේ නම් ධර්මානුකූලව ජීවත්වීම තුළින් හා වත්පිළිවෙත් සිදු කිරීම මගින් එහි බලපෑම මැඩ පැවැත්විය හැකි අතර, ඒ සඳහා ගත කරන මහ දශාව, අන්තර් දශාව හා ග්‍රහ ගෝචරය සෘජුවම බලපෑම් ඇති කරයි.

 නමුත් ප්‍රබල ආකාරයට මෙහි බලපෑම ජන්ම පත්‍රයෙන් පෙන්නුම් කරයි නම් මතුභවයන්හි යහපත් විවාහයක්‌ හා යුග දිවියේ සතුටක්‌ ඇතිවීම පිණිස ප්‍රාර්ථනා සහිතව, මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් යුක්‌තව, දාන ධර්ම පිළිවෙත්වලින් හා සිල්වත්කමින් ලෞකික ජීවිතය ගෙන යා යුතු වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment