ඔබ හතර කේන්දරය ගැන දැනුවත්ද | Gurukam.net - Gurukam.Net

Tuesday, July 21, 2020

ඔබ හතර කේන්දරය ගැන දැනුවත්ද | Gurukam.net


ආවාහ විවාහ කටයුතු සිදු නොවීම හෝ ප්‍රමාදයන් වන විට,කරන කියන කාර්යයන් අතරමඟ නතර වන විට,  සුරාවට, සූදුවට, මතට ඇබ්බැහිව නිකරුණේ කාලය කා දමන විට හතර කේන්දර පාලුවක්‌ ගැන බොහෝ දෙනා කතා කරති.ඔව්හු තම තම නැණ පමණින් විවිධ අදහස්‌ ප්‍රකාශ කරති. එවැන්නෝ ජන්මපත්‍රයක ඇසිදිසි මාන ප්‍රකාශකයෝය.

කේන්දරයක 1, 4, 7, 10 හතර කේන්දරයට අයත් වේ.

 1. ලග්න, තනු හෙවත් කල්පස්‌ථානය

 4. බන්ධු, මාතෘ, ගෘහ හෙවත් සුඛස්‌ථානය

 7. කලත්‍ර, මංගල හෙවත් විවාහකස්‌ථානය

 10. කර්ම, අභිමාන හෙවත් පීතෘස්‌ථානය



 උක්‌ත කේන්ද්‍රස්‌ථාන හෙවත් භාව සතරෙහි ග්‍රහ පිහිටීමක්‌ නොවූවද චන්ද්‍රයාගේ පිහිටීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. සඳුගෙන් 1, 4, 7, 10 යන භාවයන්හි ග්‍රහ පිහිටීමක්‌ නොමැති නම් ඊළඟ පියවර විය යුත්තේ ශුක්‍ර හෙවත් සිකුරුගෙන් 1, 4, 7, 10 යන භාවයන්හි ග්‍රහ පිහිටීම් නොමැතිද යන්න පිළිබඳ පරීක්‍ෂාකාරී වීමයි.
 මෙම පියවර තුනෙන් පසු අප විසින් ඊළඟට කළ යුත්තේ ත්‍රිකෝණ බල ස්‌ථානයන්ද 5 සහ 9 යන භාවයන් පරීක්‍ෂා කිරීමයි.

 5 වැන්න බුද්ධිස්‌ථානය හෙවත් පුත්‍රස්‌ථානය නමින් හැඳින්වෙයි. එම භාවයේද ග්‍රහ පිහිටීමක්‌ නොමැති නම් භාග්‍යස්‌ථානය හෙවත් පුණ්‍යස්‌ථානය නමින් හැඳින්වෙන 9 වැන්න පිළිබඳ පරීක්‍ෂාකාරී විය යුතුය. 9 වැන්නේද ග්‍රහ පිහිටීම් නැති වූයේ නම් කරුණු එකිනෙක පෙළගැස්‌විය යුත්තේ පහත පරිදිය.

 A - ලග්නය සමඟ කේන්ද්‍රස්‌ථානයක්‌ වූ 1, 4, 7, 10 ග්‍රහ පිහිටීම් නොමැති අවස්‌ථාවක්‌.

 - චන්ද්‍රයාගෙන් 1, 4, 7, 10 ග්‍රහ පිහිටීම් නොමැති අවස්‌ථාවක්‌

 - සිකුරුගෙන් 1, 4, 7, 10 ග්‍රහ පිහිටීම් නොමැති අවස්‌ථාවක්‌

 ඊ - ත්‍රිකෝණස්‌ථාන වූ

 - 5 හෙවත් බුද්ධිස්‌ථානයේ ග්‍රහ පිහිටීම් නොමැති අවස්‌ථාවක්‌.

 - 9 හෙවත් පුණ්‍ය ස්‌ථානයේ ග්‍රහ පිහිටීම් නොමැති අවස්‌ථාවක්‌ හතර කේන්ද්‍ර පාලුවක්‌ යෑයි ප්‍රකාශ කළ හැකිය. ග්‍රහ ගෝචර අනුව මෙවැනි අවස්‌ථා උදාවිය හැකිය.

1, 4, 7, 10 භාවයන්හි ග්‍රහ පිහිටීමක්‌ නොමැති විටෙක හතර කේන්දරය පාලු එකකැයි කීම ශාස්‌ත්‍රය පිළිබඳ නොදැනුවත් ප්‍රකාශයකැයි බැහැර කළ යුතුය. ජ්‍යෙතිෂය පිළිබඳ නොදත් අය එවැනි ප්‍රකාශයන්ගෙන් වැළකී සිටීම ශාස්‌ත්‍රයට මෙන්ම පුද්ගලයාට කරනු ලබන සාධාරණයකි. මානසික හා කායික වශයෙන් පුද්ගලයෙකු අඩපණ කිරීම විශාල පාප කර්මයක්‌ වන හෙයිනි.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment