පාට සහ දින ලග්නයට ගෙනෙන වාසනාව | Gurukam.net - Gurukam.Net

Wednesday, July 15, 2020

පාට සහ දින ලග්නයට ගෙනෙන වාසනාව | Gurukam.net



           ජේ‍යාතිෂයේ විශේෂයෙන් දවස්වලට සුබ වර්ණ යොදා ගැනීමටද පුරාණයේ සිටි ඍෂිවරුන් දේශනා කර ග්‍රන්ථාරූඪ කර ඇත.ඈත අතීතයේ පටන් වර්ණවලට, පාටවලට විශේෂ තැනක් හිමි විය. අපි ජේ‍යාතිෂයේ එක් එක් දිනයේ නැකැත් ගන්නා විට ඒ ඒ දිනට අවශ්‍ය පාට, වර්ණ භාවිත කෙරේ.

 ඉරිදා දිනට රන්වන් පාටද, සඳුදා දිනට සුදු පාටද, අඟහරුවාදා දිනට රතු පාටද, බදාදා දිනට කොළ පාටද, බ්‍රහස්පතින්දා දිනට කහ පාටද, සිකුරාදා දිනට විවිධ වර්ණද (වෛවර්ණ), සෙනසුරාදා දිනට නිල් පැහැයද භාවිත කෙරේ.

එම දිනට අධිපති ග්‍රහයාගේ වර්ණය පාවිච්චි කිරීමෙන් සුබපල ඇති කෙරේ. ඒ වගේම ඔබ නිතර පාවිච්චි කරන මෝටර් රථයක්ද, ඔබගේ කාමරයේ පාවිච්චි කරන වර්ණ තුළින්ද ඔබගේ උනන්දුව උත්සාහය වැඩි කරන අතරම කරන්නා වූ වැඩය පහසුවෙන් කරගෙන යෑමට ඉඩ සැලැසේ.

මේෂ ලග්නය
රතු පාට, රෝස පාට, සුදු පාට සුදුසුයි. ඒ වගේම ඔබට සුබ දවස් වන්නේ අඟහරුවාදා, සෙනසුරාදා හා සිකුරාදාය. සඳුදා හා සිකුරාදා තරමක් සුබයි. අනෙක් දවස් සුබ නොවේ. වියදම වැඩි වෙයි.

වෘෂභ ලග්නය
රෝස පාට හා සුදු පාට සුබ වර්ණ වන අතර සාමාන්‍යයෙන් සුබ දවස සිකුරාදාය. ජයග්‍රාහී දිනය බදාදාය. සෙනසුරාදා ප්‍රතිඵල පමා කෙරේ. නමුත් කෙසේ හෝ සෙනසුරාදා දිනය ජයග්‍රහණය ගෙනෙනු ලබයි. අඟහරුවාදා අනවශ්‍ය වියදම් පෙන්නුම් කරයි. බ්‍රහස්පතින්දා හවුල්කරුවන්ගෙන් ලාභ ලබාදෙයි. සඳුදා දිනවල කෙටි ගමන්, පී්‍රතිමත් ලිපි ගනුදෙනු හා ඉරිදා නිවෙසේ විවේකය ගතකිරීමට යොදාගැනීම සුබයි.

මිථුන ලග්නය
සුබ වර්ණය වනුයේ කොළ හා කහ පාට වෙයි. රතු වර්ණවලින් වළකින තරමට සුබයි. සඳුදා ආදායම වැඩි වන අතර අඟහරුවාදා සුබයි. බදාදා සුබ වන අතර බ්‍රහස්පතින්දා දින ජයග්‍රාහී දිනය වශයෙන් සලකන්න. සිකුරාදා දිනය ප්‍රීතිමත් දිනයක් වුවත් ඔබගේ මුදල් වැය වෙයි. සෙනසුරාදා දින කරදර ඇති වෙයි.

කටක ලග්නය
ඔබේ සුබ වර්ණය වනුයේ සුදු හා කහ වෙයි. කොළ වර්ණ අසුබ වන අතර අඟහරුවාදා හා සිකුරාදා සුබ දින වෙයි. අප්‍රේල් හා මැයි ජය මාස වෙයි. රැකී රක්‍ෂා හා අධ්‍යාපනය සඳහා සඳුදා දින ඉතා සුබ වෙයි.

සිංහ ලග්නය
රතු, කොළ මිශ්‍ර කහ වර්ණය සුබ වෙයි. නිල් හා සුදු වර්ණ අසුබ වෙයි. ඉරිදා ඕනෑම වැඩකට උසස් නිලධාරීන් හමුවීමට විදුලි උපකරණ මිලදී ගැනීමට සුබ වෙයි. සඳුදා සුබ නොවේ. අඟහරුවාදා ඉතාම සුබ දිනයකි.
දීර්ඝ ගමනක් යෑමට හා තරග විභාගවලින් ජය ගැනීමට හැකිවනු ඇත. ඔබ දුර්වල අයෙක් වුවත් අඟහරුවාදා දින ජය ගැනීමට හැකියාව යෙදේ. බදාදා වාසනාව උරගා බැලීමට සුදුසුය. සිකුරාදා කෙටි ගමන් යෙදේ. උසස් වීම්වලට සුබ වෙයි. රැවැටිලිවලට වංචාවලට හසු වන්නේ සෙනසුරාදාය.

කන්‍යා ලග්නය
කොළ හා කහ වර්ණ සුබ වෙයි. රතු සහ නිල් අත්හරින්න. ලෙඩ රෝගවලට හා හදිසි අනතුරුවලට මඟපාදයි. බදාදා වාසනාවන්ත දිනයකි. සිකුරාදා ධනය ලැබේ. අඟහරුවාදා, සෙනසුරාදා හා ඉරිදා අසුබ වෙයි. සඳුදා මිතුරන් හමුවීම හා මිතුරන් හා ගනුදෙනුවට සුබ වෙයි. මෝටර් රථ මිලදී ගැනීමට හා ව්‍යාපාරවලට මුදල් යෙදවීමට හා ප්‍රේම සම්බන්ධතාවලට ඉතා සුබ වෙයි.

තුලා ලග්නය
තැඹිලි පාට ඉතා සුබ වෙයි. සුදු හා රතු සුබ වන අතර විවාහයට තරගවලට රතු පැහැය සුබ වෙයි. ඉරිදා හා සඳුදා දිනය වාසනාවන්ත වන අතර සෙනසුරාදා දින විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙයි. අඟහරුවාදා තරගවලට හා නඩුවලට මෙන්ම ඡන්ද විමසීම්වලට සුබ වෙයි. බලාපොරොත්තු නොවූ ලාභ ලැබෙයි. සිකුරාදා මිශ්‍ර පල ඇතිකරන අතර බ්‍රහස්පතින්දා අසුබයි.

වෘශ්චික ලග්නය
කහ හා රතු පරිහරණයට ගන්නා ඉරිදා දින උසස් අය හමුවීමට හා රැකී රක්‍ෂා සඳහා පිට වීමට සුබ වෙයි. බැංකු ගිණුමක් ඇරැඹීමට හා විවාහයට බ්‍රහස්පතින්දා සුබ වෙයි. සෙනසුරාදා ණය ගෙවීමට සුබ වන අතර බදාදා වැදගත් ලේඛනවලට අස්සන් නොකරන්න. සිකුරාදා දින මුදල් බැඳීම් හා පොරොන්දුවලින් වළකින්න.

ධනු ලග්නය
සුබ වර්ණය වනුයේ සුදු, ක්‍රීම්, කොළ, තැඹිලි හා ළා නිල් පාට වෙයි. රතු හා මුතු වර්ණ අසුබයි. සුදු මිශ්‍ර කහ වර්ණය ආණ්ඩුවෙන් ආධාර ලබා ගැනීමට සුදුසුයි. බදාදා හා සිකුරාදා ඉතාමත් වාසනාවන්ත වෙයි. බ්‍රහස්පතින්දා ජයග්‍රහණ ලබන අතර සඳුදා කරදර සිත් තැවුල් ඇති වෙයි. බදාදා ප්‍රසන්නභාවය හා සමෘද්ධිය ලැබෙන අතර සෙනසුරාදා අන් අයගෙන් උදවු ලැබේ. සිකුරාදා දින අධික ලාභ ලැබීමට මුදල් යෙදීමට සුබ වෙයි.

මකර ලග්නය
සුදු, රතු හා නිල් වාසනාවන්ත වර්ණ වන අතර කහ හා ක්‍රීම් වර්ණවලින් වළකින්න. සුදු වාසනාවන්ත දරුවන් ලැබෙන අතර මුදල් ලාභ සහිත වෙයි. ව්‍යාපාරවලින් නොසිතූ ලාභ ලැබෙන අතර සිකුරාදා, අඟහරුවාදා හා සෙනසුරාදා සුබ දවස් වෙයි. බදාදා ජය ගන්නා දිනයකි. බ්‍රහස්පතින්දා හා ඉරිදා වියදම් අධික වෙයි.

කුම්භ ලග්නය
කහ, රතු, සුදු හා ක්‍රීම් පාට වාසන්වන්ත වෙයි. කහ පාට ආදායම වැඩි වීමට හා ප්‍රීතිමත් පවුල් ජීවිතයකට සුබ වෙයි. රතු පාට සතුරන්ගෙන් ජය ගැනීමට හා කීර්තියට සුබ වෙයි. බ්‍රහස්පතින්දා, සිකුරාදා, අඟහරුවාදා යන දින කුම්භ ලග්නයට ඉතාමත් සුබයි. බදාදා හා ඉරිදා එතරම් සුබ නොවන අතර මුදල් යෙදවීම අසුබ වෙයි.

මීන ලග්නය
රෝස, රතු හා තැඹිලි වර්ණවලින් වළකින්න. සුදු, කොළ හා ක්‍රීම් වර්ණයන් සහකරුවාට සුබ වන අතර මීන ලග්නයේ අයට මෙම වර්ණයන් සුබ නොවේ. බ්‍රහස්පතින්දා රක්‍ෂාවට හා කීර්තියට සුබ වන අතර අඟහරුවාදා දීර්ඝ ගමන් හා මිල මුදල් කටයුතු සඳහා සුබයි.

ඔබගේ ලග්නයට අනුව පාට වර්ණ තෝරා ගැනීමෙන් ඔබගේ මූලික අරමුණ ඉලක්කය කරා යෑමට පහසුවක් වනු නොඅනුමානය.

No comments:

Post a Comment