Lagna Palapala 2020-06-29 | ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Monday, June 29, 2020

Lagna Palapala 2020-06-29 | ලග්න පලාපල | Gurukam.net


ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 ජුනි මස 29 වන සඳුදා
ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 ජුනි මස 29 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 05.59 ට
ඉර බැසීම - පස්වරු 18.30 ට
රාහු කාලය
දිවා 07.29 සිට 08.58 දක්වා
රාත්‍රී 19.29 සිට 20.58 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
අධ්‍යාපනය ලබන දරුවන්ට මදක් බාධක එල්ල වන දිනයකි. දූ දරුවන්ගේ අසනීප ගති ද මතු කරවිය හැකිය. වැය පාර්ශවය අධික වන දිනයකි. මිතුරු සබඳතාවල දී කල්පනාකාරී විය යුතුය. අක්ෂි ආබාධ ආදිය මතු කරවිය හැකිය. ගෘහ ජීවිතය තරමක් කලබලකාරී වේ. කලක පටන් නිම කිරීමට නොහැකිව තිබූ දෙයක් නිම කර ගැනීමට අවස්ථාව සැලසේ. දෛනික කටයුතුවල දී අනතුරුකාරී දේ විය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
කලකින් හමු නොවූ හිතවතකු ඔබ සොයා පැමිණේ. අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. රැකියා කටයුතුවල උසස්වීම් ඇති කරවයි. බලාපොරොත්තු වන සුබ කටයුතු ආරම්භ කිරීම සඳහා බාධා පැමිණේ. තම සිත්විලි අයහපත් විය හැකිය. ආගමානුකූල දේට යොමු වීම මානසික සංවරය වැදගත් වේ. නව මිල දී ගැනීම් කිහිපයක් සඳහා වැය පාර්ශවය අධික කරවයි. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
තම බුද්ධිමත් තීරණ අනාගත ආයෝජනයන් බවට පත් වේ. දරුවන්ගේ කටයුතුවලට වැඩි කාලයක් ශ්‍රමයක් කැප කිරීමට වේ. ගේ දොර අලංකරණ කටයුතු වෙනුවෙන් වැය පාර්ශවය අධික වේ. තෙල් සහිත ආහාර ගුණදායකය. තමා දරන නිලතලවලින් කීර්තියක් අත්කර ගත හැකි දිනයකි. ක්‍රියාශීලීව හා කඩිසරව තම කාර්යයන් ඉටු කරගත හැකිය. රැකියා කටයුතුවල අවශ්‍යතා වෙනුවෙන් ගමන් බිමන් යෙදිය හැකි දිනයකි. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
බොහෝ පිරිසක් අතර පිළිගැනීමට ලක්වන අදහස් උදහස් කිහිපයක් ඔබ අතින් ප්‍රකාශ වේ. යහපත් මිතුරු සබඳතා ගොඩනැඟෙනු ඇත. හදිසි අනතුරු හා අනපේක්ෂිත රෝගාබාධා ආදිය මතු කරවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. කාර්යබහුල දිනයකි. ගේ දොර අලංකරණ කටයුතු සඳහා කාලය වැඩිපුර යොදවයි. කලත්‍ර පාර්ශවයේ සහාය අපේක්ෂා කළ හැකිය. වැය පාර්ශවය අධික කරවන දිනයකි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
රැකියා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. දවසේ කාර්යයන් සහ කාල වේලාව කළමණාකරණය අපහසු වේ. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි. ලාභ අපේක්ෂාවන් ඉහළ යා හැකිය. ගමන් බිමන් අධික කරවන දිනයකි. ගෙදර දොර අලංකරණය කටයුතු සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. දූ දරුවන්ගේ  කටයුතුවලට සුබදායක නැත. අසනීප ගති හදිසි අනතුරු ආදිය ද පෙන්නුම් කරයි. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
පවුලේ සමඟිය සාමය රැක ගැනීමට කල්පනා කළ යුතුය. නිවාස පිළිබඳ සිහිනය සැබෑ කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී යම් බාධාකාරී සිදුවීම් විය හැකිය. රථ වාවාහන ගමනාගමනයේ දී හා නිවෙසේ කටයුතුවල දී අනතුරුකාරී දේ පිළිබඳව කල්පනාකාරීවන්න. ආහාරපාන පිළිබඳව විශේෂ සැලකිල්ල දැක්විය යුතු දිනයකි. ගනුදෙනු ආදියේ දී කල්පනාකාරී විය යුතුය. දුර බැහැර ගමන් කිහිපයක් නිසා තරමක් අවිවේකී දිනයක් වේ. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
වැය පාර්ශවය අධික කරවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා අවහිරතා එල්ල විය හැකිය. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. සමාජශීලී කටයුතු වෙනුවෙන් වැඩි කාලයත් ශ්‍රමයත් කැප කිරීමට වේ. හිත මිතුරන් සමඟ ප්‍රීතියෙන් කාලය ගත කළ හැකිය. වාද විවාද ආදියට සිත යොමුවන අතර වචන භාවිතය ප්‍රවේශමෙන් කළ යුතුය. තම කටයුතු වෙනුවෙන් කලත්‍ර පාර්ශවයේ සහයෝගය ද ලැබෙයි. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
පොත්පත් ආශ්‍රිත කටයුතු වෙනුවෙන් වෙහෙසක් දැරීමට වනු ඇත. ප්‍රීති උත්සව ප්‍රියජනක දේ සඳහා ආරාධනා ලැබිය හැකිය. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් වැයක් පෙන්නුම් කරයි. ඇසුරු කරන අය අතර මත භේදයන්ට ලක්විය හැකිය. මිතුරු සබඳතාවලට ද සුබදායක නැත. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේ. ආදායම් තත්ත්වය සුබදායක නැත. වැටුප් වර්ධක ආදියට බලපෑම් ඇතිවේ. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීම සඳහා වැඩි කාලයක් යොමු කරයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ගැටලුකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. තම දෛනික ආහාර රටාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දණහිස් ආශ්‍රිත රෝගාබාධ හෝ වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ආදායම් තත්ත්වය සුබදායක වුවත් වැය පාර්ශවය ද අධික කරවයි. ජාතික වැදගත්කමකින් යුත් කාර්යයක් සඳහා යෙදවෙයි. මිතුරු සබඳතා අලුත්වන දිනයකි. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
නව රැකියා අවස්ථා බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් මල් ඵල දරයි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. නින්දේදී මැසි-මදුරු ආදීන්ගෙන් කරදර විය හැකිය. ආගමික භක්තිය වර්ධනය වන දිනයකි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. ගමන් බිමන් කටයුතු සඳහා වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැය වේ. බොහෝ පිරිසක් සමඟ කරන කටයුතු කිහිපයකට මැදිහත් වීමට වේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
සංචාරක කටයුතුවල නියැළි අයට අද දිනය සුබදායකය. සතුරු කරදර ඇතිවිය හැකි නිසා ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ශරීරයේ අධික වියළි බවක් පෙන්වන දිනයකි. යාන වාහන කටයුතුවලින් ද ලාභ ලද හැකිය. උදරයේ පහළ අසනීපගති මතු කරයි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. බලාපොරොත්තු රහිත වැයක් පෙන්වන දවසකි. සමීපතම හිතවතකුගේ කාර්යකට මැදිහත් වීමට සිදුවේ. පිට පළාත්වල ගමන් බිමන් ආදිය විය හැකිය. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ඉඩකඩම්, යාන වාහන වැනි කටයුතුවල දී වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න. තම කථිකත්වය ප්‍රයෝජනයට ගෙන බොහෝ පිරිසක් හික්මවා ගත හැකිය. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ මතභේද ඇතිවිය හැකි නිසා කල්පනාකාරී වන්න. උසස් අධ්‍යාපන කටයුතුවල දී බාධා අවහිරතා මතු වේ. සෙම් රෝග ඇති වේ. ව්‍යාපාරික කටයුතුවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. ගෙදර දොර කටයුතු නිසා දවසේ සවස් කාලය විඩාබර වේ. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


































No comments:

Post a Comment