Lagna Palapala 2020-06-16 | ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Monday, June 15, 2020

Lagna Palapala 2020-06-16 | ලග්න පලාපල | Gurukam.net


ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 ජුනි මස 16 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 05.56 ට
ඉර බැසීම - පස්වරු 18.27 ට
රාහු කාලය
දිවා 14.56 සිට 16.25 දක්වා
රාත්‍රී 02:56 සිට 04.25 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර

මේෂ
රැකී රක්ෂාවල වෙනස්කම් ඇති වේ. වෘත්තීය පරිසරය අයහපත් වේ. විශේෂයෙන් ආයතන ප්‍රධානීන් හා කටයුතු කිරීමේ දී වඩා ඉවසිලිවන්තව කටයුතු කිරීම වැදගත්ය. මවගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවේ. ගේ දොර වැඩ කටයුතු කඩිසරව සිදු කර ගනී. කෑමෙන් බීමෙන් ලෙඩ රෝග ඇති විය හැකිය. තව ද පාද ආශ්‍රිත මෙන්ම දණහිස් ආශ්‍රිත රෝගාබාධ ඇති වීමේ ප්‍රවණතාව පවතී. ආගමානුකූල කටයුතුවලට සම්බන්ධ වීම සුබයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
වෘෂභ
නිෂ්ඵල වියදම් ඇති වේ. මූලික අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂයෙන්ම යහපත් දිනයක් බව පෙනේ. ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවේ. හදිසි අනතුරුවලට භාජනය විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. පියාට අපල ඇති කරයි. ඉවසිලිවන්ත බව අඩු වේ. නමුත් ක්‍රියාශීලී බව වැඩි වේ. තමා ළඟින් ඇසුරු කරන යහපත් අයගෙන් වෙන් වී පහත් මිතුරන් ඇසුරට වැටීමට ඉඩ ඇත. සිතේ සහනය අඩු වේ. විනෝද ගමන් ආදියට ආරාධනා ලැබෙයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
මිථුන
නිවාස, ඉඩකඩම්, වාහන ලැබීම් ඇති කරවන දිනයකි. හවුල් ව්‍යාපාරවල නිරත වන්නන්ට මහන්සි වී කටයුතු කිරීමෙන් ව්‍යාපාර සාර්ථකත්වයට ඇතිකර ගත හැකිය. අවි ආයුධවලින් ගින්නෙන් අනතුරු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය. නීතිමය වශයෙන් ලබා ගැනීමට නියමිත වූ උරුමයන් ළඟා කරගත හැකිය. උපායශීලීව අන් අයගෙන් උදවු උපකාර ලබා ගැනීමට හැකි වේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව ලැබේ. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
කටක
ආදායම් තත්ත්වය යහපත්ය. හිස හා යටිබඩ ආශ්‍රිත රෝග පීඩා වැළඳිය හැකිය. ආත්ම ශක්තිය කටයුතු කරමින් සියලු බාධක මැඩගෙන කටයුතු කිරීමට හැකි වේ. වාහනයක් මිල දී ගැනීමට සුබ දිනයකි. යහපත් මානසිකත්වයක් ඇති වේ. ධාරණ ශක්තිය වැඩි වේ. තරග විභාගවලින් ජය ලැබේ. අලුතින් තනන ලද නිවසකට පදිංචියට යෑමට සුභ දිනයකි. තම ඉලක්ක සාර්ථක කර ගැනීමට යහපත් දිනයකි. සුරතල් සතුන්ට අසුබයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
සිංහ
උෂ්නාධික රෝගාබාධ වැළඳීමට ද ඉඩකඩ පවතී. සහෝදර සහෝදරියන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. තැන්පත් ධනය වර්ධනය වේ. විනෝදයට නැඹුරුවීමෙන් මුදල් හානි සිදුවිය හැකිය. විදේශගත අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වේ. සතුරු පීඩා ගෙන දෙයි. යටපත් වී ඇති රෝගාබාධ ඉස්මතු වේ. හදිසි ලාභ උදා වේ. විනෝද ගමන්වල දී අනතුරු සහිත ස්ථානවල දිය නෑමෙන් වළකින්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
කන්‍යා
අය තත්ත්වය යහපත් වේ. විදේශ ගමන් යෙදේ. අවිවාහක අයට ප්‍රමාද වූ විවාහ කටයුතු ඉක්මන් වේ. නිවස තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන වැඩ කටයුතු මන්දගාමී වේ. තුනටිය ආශ්‍රිත රෝගාබාධ වැළඳීමට ඉඩ පවතී. පවුල තුළ සමඟිය වර්ධනය වේ. මවු පාර්ශ්වයේ ලැබීමේ උරුමයන් හිමි වේ. අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. අයහපත් මිතුරු ඇසුර නිසා ගැටලු ඇති කරයි. නින්දට බාධා ගෙනෙන දිනයකි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
තුලා
වෘත්තීය පරිසරය යහපත් වේ. නිලතල තනතුරු ලැබීමේ බාධා පවතින දිනයකි. ඒ නිසා මානසික ව්‍යාකූලතාව ඇතිවන දිනයකි. විනෝද කටයුතුවලට මුදල් වැඩිපුර යොදවයි. උත්සව ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට අවස්ථාව සැලසේ. අලස ගති ඉස්මතු කරයි. ඒ නිසා වැඩ කටයුතු කල් දමයි. ඒ පිළිබඳව කල්පනාකාරීවන්න. තම සහෝදර සහෝදරියන්ගේ ධන තත්ත්වය ඉහළ යයි. මවුපස ඥාතීන්ට අසුබතා ඇති කරයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
වෘශ්චික
විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක දිනයකි. උගුර, කන, නාසය ආශ්‍රිත රෝගාබාධ වැළඳීමට ඉඩකඩ පවතී. අපේක්ෂකයන්ට ඉතා සුබයි. රැකියා කටයුතුවල මන්දගාමී තත්ත්වයක් ඇති කරයි. ව්‍යාපාරවල නිරත වන අයට ලාබ උපයා ගත හැකි වේ. පවුලේ සාමාජිකයන් අතර මත ගැටුම් ඇති වීමට ඉඩකඩ පවතී. තැන්පත් ධනය අඩු වීමට ඉඩ ඇත. කාලත්‍ර පාර්ශවයන්ට හදිසි අනතුරු ආදිය පෙන්නුම් කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
ධනු
නව ව්‍යාපාර ආරම්භ කිරීමට අයහපත් කාලයකි. මානසික පීඩාකාරී තත්ත්වයන් වර්ධනය වේ. අලස බව පෙන්වයි. ආවේගශීලී කතා නිසා අන් අයගේ සිත් රිදීමට හැකි බැවින් ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්න. කලට වේලාවට වැඩ කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවිය හැකිය. වැටීම් තැලීම්වලින් අනතුරු සිදුවිය හැකිය. පෙර පැවති සතුරු කරදර අඩුවීමක් පෙන්වයි. කාලත්‍රයාගේ ධන හානි තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
මකර
මෙතෙක් නොවිසඳුණු ගැටලු නිරාකරණය කරගත හැකිය. විවාහ අපේක්ෂිත අය හට සුබදායකයි. දුර ගමන් හෝ වන්දනා ගමන් යෙදේ. උද්යෝගිමත් බව ඇති වේ. උනන්දුවෙන් උත්සාහයෙන් තම කටයුතු සිදුකර ගනී. ආත්ම ශක්තිය බලවත් වේ. කලා අංශයෙන් උසස් අධ්‍යාපනයය ලබන දූ දරුවන්ට ඉතා සුබයි. හිස ආශ්‍රිත  රෝගාබාධ ඇති වීමට ඉඩකඩ පවතී. වියදම් ඉහළ යයි. ජලය ආශ්‍රිත ක්‍රීඩාවල යෙදෙන අය ප්‍රවේසම් වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   බණ පොතක් පූජා කරන්න.
කුම්භ
පාද ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකිය. ආදායම් වර්ධනය වේ. ආර්ථික ස්ථාවරත්වය ඇති වේ. ඉලක්කගතව කරන කටයුතු සිදුකර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම ප්‍රමාද වූ වැඩ කටයුතු සිදු කරගත හැකි දිනයකි. සතුරු කරදර සිදුවිය හැකි දිනයක් බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. නීතිමය ගැටලු පැන නැඟීමට ද ඉඩකඩ පවතී. මවුපස මාමාවරුන්ට අපල ඇති වේ. මැසි මදුරු ආදීන්ගෙන් රෝග ඇති වීමේ අවධානමක් පවතී. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.
මීන
තම හැකියාවන් දියුණු කර ගැනීමට හැකියාව පවතී. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබේ. වෘත්තිය කටයුතු මන්දගාමී වේ. නමුත් වෙහෙස මහන්සි වී කටයුතු කිරීම තුළින් වෘත්තිය සාර්ථකත්වය ළඟා කර ගත හැකිය. අයහපත් සම්බන්ධතා ගොඩනැඟීමට ඉඩකඩ පවතී. විවාහ ජීවිතය තුළ සතුට සමාදානය වර්ධනය වේ. හවුල්කරුවන්ගේ ආදායම් තත්ත්වය ද යහපත් වේ. කෙටි ගමන් බිමන් යෙදේ. පිය පාර්ශවයේ උරුමයන් ලැබෙන දිනයකි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.



No comments:

Post a Comment