මිනිසාට ගුප්ත දෝෂ සහ ග්‍රහ කර්ම වලින් බලපෑම් කරහැකිද? | Gurukam.net - Gurukam.Net

Thursday, June 25, 2020

මිනිසාට ගුප්ත දෝෂ සහ ග්‍රහ කර්ම වලින් බලපෑම් කරහැකිද? | Gurukam.net


 පැරණි කාලයේ ඒ කිව්වේ වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලයේත් යම් යම් දෝෂවලට ප්‍රතිකර්ම කළා. කොටින්ම කිව්වොත් වා- පිත් සෙම් දෝෂවලට තවමත් ගුරුකම් කරනවා. ඒවා අදටත් හරියනවා. මේ ආකාරයට ජ්‍යෙතිෂයෙත් එක්‌ එක්‌ දෝෂ හටගන්නවා.සමහර ශාරීරික දෝශ තිබෙනවා.

වෛද්‍යවිද්‍යාවට අසුවන්නේ නැහැ. ඒවා ග්‍රහ කිරණ දෝෂ යම්කිසි ප්‍රතිකර්මයක්‌ ජ්‍යෙdතිෂ විද්‍යාව පැත්තෙන් කළාම සුව වනවා.

 මේ ජ්‍යෙdතිෂයට නියම විෂය නිර්දේශයක්‌ නොමැති වීම නිසාත් මේ විෂය හරියාකාරව පරීක්‍ෂණයට භාජනය නොවුණු නිසාත් මෙය දියුණු වුණේ නැහැ. පුංචිම උදාහරණයක්‌ වශයෙන් කිව්වොත් පිරිතෙන් ලෙඩ සුව වනවා. ඒක කවුරුත් පිsළිගන්නවා. නමුත් ඒ කොහොමද වෙන්නේ කියලා විශ්ලේෂණය කරලා වැඩි දියුණු කළේ නැහැ. මං හිතන්නේ අපි තවද පරගැතියි කියලා.ජ්‍යෙතිෂය හරි සංකීර්ණ විෂයක්‌. වගේම ගුප්ත ශාස්‌ත්‍රය ඊටත් වඩා සංකීර්ණයි.

මේ ගුප්ත විද්‍යාව ගැන කිසිම විශ්වාසයක්‌ නැති සමහර අයගේ නෝනා මහත්වරු යම් යම් ප්‍රශ්නවලදී ඔහු හෝ ඇය හැර ගියාම මා ළඟටම ඇවිත් ගෙන්වා ගැනීම සඳහා යන්ත්‍ර රත්කළ අය කී දෙනෙක්‌ සිටිනවාද? අද රට කරවන බලවත් වූ කීදෙනෙක්‌ගේ ඇඟිලිවල ඉණ වල් වල සුර - මුදු පලදාගෙන ඉන්නවද? මම මේවා ලියන්නේ වගකීමෙන්. (විශේෂයෙන්ම එකක්‌ ලියන්න ඕනෑ. වෛද්‍ය විද්‍යාවේදී, රෝගියාට ප්‍රතිකාර කරන්නේ පරීක්‍ෂණවලින් පසුවයි. ඒ රෝහලේදී නමුත් ජ්‍යෙdතිෂශාස්‌ත්‍රයේදී ජන්ම පත්‍රය පරීක්‍ෂාවෙන් රෝගය හඳුනාගන්නවා. ඒ විතරක්‌ නොවේ.

ශරීරයේ මතුකරන කාලසීමාවන් කියන්න පුළුවන් දක්‍ෂතාවයක්‌ තිබෙන අය නැතිව නොවේ. අද වැඩිපුර ඉන්නේ ජ්‍යෙdතිෂ සම්මාන වේදීන් සහතික නැහැ, සම්මානයි තිබෙන්නේ. ඒක ප්‍රදානය වන්නේත් ජ්‍යෙdaතිෂය ගැන නොදන්න ආයතනයකින්. මේ කරුණු අනුව ජ්‍යෙdතිෂය ගුප්ත විද්‍යාව මේ විදියටවත් රදා පැවතීම ලොකු පුදුමයක්‌.

මේ ජ්‍යෙdතිෂයට අයත් ගුප්ත විද්‍යාවෙන් මන්ත්‍ර ශාස්‌ත්‍රය උපයෝගී කරගෙන යම් යම් ශාරීරික දෝෂ භංගවන බව ගොඩක්‌ අය දන්නවා. මෙතැනට අවශ්‍ය නිවැරදි තාවයයි. පුංචි උදාහරණයක්‌ කියමු. ඕනෑම වශී ගුරුකමක්‌ කරලා ඒක නිවැරදි තාවය බලන්න ඕනෑ නම් බුරාගෙන එන බල්ලෙකුට ඒ සුරය හෝ යන්ත්‍රය අල්ලන්න. ඌ නිහඬ වී වල්ගය වනාවි.

සමහර අයට මේවා විහිලු. හැබැයි විහිලු කියලා හිතා හිටි අය ප්‍රායෝගිකව සිදු වුණාම මට්‌ටු වෙනවා. තවත් පුංචි බාධකත් නැතුවා නොවේ. ඖෂධ වර්ග එක එක දේවල්. දැනීම නැති කමින් පරගැතියෝ අපේ මේවා අරගෙන ගිහින් යම් යම් බෙහෙත් හදලා වැඩි ගණනකට අපිටම එවනවා. දැනීම තිබෙනවා නම් අපිට ශ්‍රී ලංකාවේම නිපදවන්න හැකි බව අපි අපේ බලධරයෝ පිළිගන්නේ නැහැ. ග්‍රහදොaෂ කර්මදෝෂවලට ඉතා සමීපයි ගුප්ත ශාස්‌ත්‍රය. මේ ශාස්‌ත්‍රය ශරීරයෙන්ම පරම්පරාවෙන්ම ගෙනෙන්න ඕනෑ. මන්ත්‍ර ශාස්‌ත්‍රය ඉගෙන ගන්න ගිහින් මානසික රෝග හදාගත් අය වර්තමානයෙත් ඉන්නවා. දැන් ටිකක්‌ වැටහුනා නේද මේ ශාස්‌ත්‍රයේ අඳුරු පැත්ත.

යම් නිවසකට නැකැත් දෙනකොට අතුරු දශාවේ පංචමයට නැකැත් විස අහුවන්න නැකැත් දෙන්න. ඉතාම ටික දිනකින් ඒ නිවසේ වැඩ නවතීවි. ක්‍රමයෙන් පාළුවට යාවි. කරලා බලන්නකෝ. මේවා මහ පුදුම එළවන ක්‍රියා.

කිරීම නොකිරීම ඔබට භාරයි. ඒකයි කිව්වේ ගුප්ත ශාස්‌ත්‍රය පිං පව් බලා කරන්න කියලා. බුදු දහමේ දේශනා කළා මතකද? "මනෝපුබ්බං ගමා ධම්මා" කියලා. අමතක කරන්න එපා. ගුප්ත ශාස්‌ත්‍රය කියන්නෙ වෙඩික්‌කාරයාගේ වැඩ වගේ මම කලින් සඳහන් කළ පරිදි දෝශ ගුප්ත දෝශ යෑයි. හැඳින් වෙනවා. ස්‌වකීය ජන්ම පත්‍රයේ 9 වැන්න ධර්ම ස්‌ථානය හා 10 කර්ම ස්‌ථානය වැනි ස්‌ථාන ඒ නම්වලින් කියෑවනවා. විශේෂයෙන්ම මේ ස්‌ථානවල පතිත වන කිරණවල සුභ, අශූභ තත්ත්වය මත කර්ම දෝෂය බලපවත්වනවා.

මේ රාශි ගැන කතා කරන විට අපි බලමු කාටද අයිති කොහොමද ක්‍රියා කිරීමේ තත්ත්වය කියා. මේ අතරම එකක්‌ කියන්නම ඕනෑ. මේ භාවය කිසිවිටෙකත් වෙනස්‌ වන්නේ නැහැ. 10 වැනි භාවය ධර්ම ස්‌ථානයට තමයි.

 ඕනෑම කෙනකුගේ 10 වැන්න ධර්ම ස්‌ථානයමයි. නමුත් වෙනස්‌ වන්නේ ඒ රාශියට පතිත වන ග්‍රහ කිරණය පමණයි. ලග්නය මිථුන යෑයි හිතමු. එවිට පළමු රාශිය අයිති බුධට මිථුන රාශිය අයිති බුධ ග්‍රහයට. බුධ ග්‍රහයට රාශි දෙකයි. එනම් මිථුන හා කන්‍යා. සමහර විට මේ ලග්නයේ වෙන කවුරු හරි වෙනත් ග්‍රහයෙක්‌ ගෝචරය වී ඇති. පසුව ඒ ගැන කියමුකෝ දැනට මිථුන රාශිය අයිති බුධට කිවූවනේ. හතර වැනි රාශියත් අයිතියි. දැන් අපට වැඩිපුර බලපවත් වන්නේ ලග්නයත් හතර වැන්නත් මුල් කරගෙනයි. මොකද මේ ස්‌ථානවල බල වැඩියි.10 වැන්නේ සිදු වන්නේ කර්ම දෝෂය. යම් ග්‍රහයෙක්‌ කරන දෝෂය ග්‍රහදෝෂය වනවා.

මේ කර්ම දෝෂය චන්ද්‍රයා විසින් හරියට ඇති කරනවා. ඒ සතුට සම්බන්ධවයි. සමහර විට බෝධි පූජාවන් වගේ පුණ්‍යකර්ම කිරීමෙන් හරියන්න ඉඩ තිබෙනවා. ඒක හරියටම කියන්න බැහැ. මොකද බෝධි පූජාවන්හි නියම ගුණ දෙන්නේ බ්‍රහස්‌පති ග්‍රහ දෝෂවලට ඊසාන දිශාව බලා කිරීමෙන්. ග්‍රහදෝෂ ඇති වුණාම ඒ ඒ ග්‍රහයාට අවශ්‍ය පිළියම් කළාම හරි. අපි හිතමු විවාහක ස්‌ථානය අයිති සෙනසුරාට කියලා. එහෙම වුණොත් හවසට හවසට පිරිමි අයට බඩ පුරවා දමනවා කියලා. ඒ වගේ ස්‌ත්‍රී පක්‍ෂයේ මාසික ශුද්ධිය දින වෙනස්‌ කරනවා කියලා.

මේ ක්‍රියාවන් වන්නේ සෙනසුරු මහදශා හෝ අතුරු දශා ලබන කාල සීමාවක නම් පරිස්‌සම් වෙන්න ඕනෑ. මොකද සෙනසුරුට අයිති ශරීර කොටස යටිබඩ නිසා ජ්‍යෙdතිෂ කිරණ හා ගුප්ත වැඩ මහ පුදුම සහගත විෂයයක්‌. එකම ග්‍රහයා එක එක රාශිවල වේගයෙන් වෙනස්‌ වෙනවා. අඟහරුවා මකරයට උච්චයි.

කටකයට නීචයි. අයිතිකාරයා සෙනසුරු එකට දිශාවකට භ්‍රමණය වන කිරණය හරියට දවල්ට රශ්මිය දුන්නට ඒ වෙලාවටම තව තැනකට සීතල දෙනවා වගේ.

සමාජයේ වැඩියෙන් කියෑවෙන ප්‍රශ්න අතර විවාහක ප්‍රශ්න ගැන ගොඩක්‌ කනස්‌සලු වෙනවා. පුංචි උදාහරණයක්‌ ගනිමු. විවාහක ස්‌ථානයේ උත්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු ගෝචරය නම් ජන්ම පත්‍රය හිමියගේ විවාහය සිදු වන්නේ මේ සෙනසුරාට ඕනෑ විදියටයි. එක රාශි දෝෂ හෝ නිර්දෝශ මත ඉතා ස්‌වල්පයක්‌ වෙනස්‌ නොවනවා නොවේ. මේ සෙනසුරා හිටියට, මිනිසුන් බය වුණාට විවාහයට සෙනසුරා එච්චරම චපල වැඩ කරන්නේ නැහැ. ප්‍රමාදවෙලා හරි වයසින් ටිකක්‌ වැඩි කෙනෙක්‌ව හරි හොඳ විවාහයක්‌ කර දෙනවා.

ඕබේ කේන්දරයේ ඔබ නොසිතන ගොඩක්‌ දේවල් ගුප්තව සඳහන් වෙනවා.  මේවා ඉතින් කර්ම දෝෂයකටත් වැටෙනවා තමයි. ග්‍රහයෝ විශේෂයෙන් අඟහරු රවි, ශනි, රාහු, කේතු කරදර කරන්න කලින්, කලින් රාශියේ සිටියදී අවශ්‍ය ප්‍රතිකර්මය කළාම හොඳයි කියන එක මගේ අදහස. මොකද විෂබීජය පැතිරෙන්න කලින් සුව කරගන්තාම ඉතා හොඳයිනේ.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment