ඔබේ ලග්නයට බුධ නීචවීම කොහොමද? | Gurukam.net - Gurukam.Net

Monday, June 15, 2020

ඔබේ ලග්නයට බුධ නීචවීම කොහොමද? | Gurukam.net


ලබන මාර්තු 03 වැනිදා සිට මැයි 09 වැනි දින දක්‌වා බුධ ග්‍රහයා මීන රාශියේ නීචත්වයට පත්වී ගමන් කරනු ඇත. බුධගේ මෙම දුර්වලතාවය මත රටේ ජාතික වශයෙන් අධ්‍යාපනික ක්‍ෂේත්‍රයේ මන්දගාමී ස්‌වභාවයක්‌ මෙන්ම උසස්‌ ගිහි පැවිදි බුද්ධිමතුන් මෙන්ම සිසු දූ දරුවන්ට සහ කුඩා අවධියේ පසුවන පොඩි දරුවනටද අසුභ කාලයක්‌ වශයෙන් හැඳින්විය හැකිය ,සෞරග්‍රහ මණ්‌ඩලයේ සූර්යයාට ආසන්නව ගමන් කරන ග්‍රහ තරුව වශයෙන් සැලකෙන බුධ ග්‍රහයා බුද්ධියට අධිපති බුද්ධි කාරක වශයෙන්ද විශේෂිත නමක්‌ දරන අතර මෙම ග්‍රහයා යමෙකුගේ ජන්ම කේන්ද්‍රයේ නීචත්වයට හෙවත් දුර්වලවීමෙන් තමාගේ මානසික සුවදායක බවට විවිධ අවස්‌ථාවන්හි බාධා පැමිණවීමට ඉවහල්වනු ඇත.


විශේෂයෙන් සිංහ රාශිය නියෝජනය වන රාජ්‍ය පාලන තන්ත්‍රයටද මෙම කාලසීමාව මතභේද අවුල්, වියවුල් සහගතවන කාලපරිච්ඡේදයක්‌ වශයෙන් සැලකිය හැකිය.

 මේෂ ලග්න හිමියන්ගේ දොළොස්‌ වැන්න හෙවත් වැයස්‌ථානයේ බුධ ග්‍රහයා නිචත්වයට පත්වීමෙන් දැඩි ආර්ථික අපහසුකම් හා ණය තුරුස්‌වීමට ලක්‌වනු ඇත. සමාජයෙන් නින්දා අපහාස විඳීමට හා නීතිමය ගැටලු ඉස්‌මතුවීමට මෙම කාලයේදී ඉඩ ඇත.
 වෘෂභ ලග්න හිමියන්ගේ අයස්‌ථානය හෙවත් එකොළොස්‌වැන්නේ බුධ නීචවීමෙන් තමාට ලැබිය යුතු ධනය මෙන්ම භෞතික සම්පත් පවා අහිමිවීමේ හේතු සාධක මෙන්ම අසුභ ඵල උදාකිරීමට ග්‍රහ බලය ඉස්‌මතු වනු ඇත.

 මිථුන ලග්න හිමියන්ගේ දහවැන්නේ බුධ ග්‍රහයා දුර්වලවීම හේතු කොට ගෙන තම තමන්ගේ වෘත්තීමය කටයුතුවලට මෙන්ම අවුල් වියවුල් රහසිගත කුමන්ත්‍රණ ආදී විවිධ බාධාවන් පැමිණීමට නියමිතය. කටක ලග්න හිමියන්ගේ නව වැන්න හෙවත් භාග්‍යස්‌ථානයේ බුධ නීචත්වයට පත්වෙනවා මෙන්ම රාහු ග්‍රහයා තම ලග්නයේ සතුරු වී ගමන් කරන කාලයක්‌ බැවින් තමාගේ මතු දියුණුව උදෙසා කෙරෙන යහපත් වැඩ කටයුතු ද ආපස්‌සට හරවන කාලයකි. ආධ්‍යාත්මිකත්වය ද පිරිහීමේ සම්භාවිතාව වැඩිවනු ඇත.

 සිංහ ලග්න හිමියන්ගේ මාරක ස්‌ථානය හෙවත් අටවැන්නේ ඉතා දුර්වල වී ගමන් කරන බුධ ග්‍රහයාගේ අසුභ ඵලවිපාක හේතුවෙන් තමා නොසිතූ අයුරින් රෝගාදී පීඩනයට ගොදුරුවීමේ ප්‍රවනතාවය වැඩිය. ධන හානිද වැඩිවන කාලයකි. ස්‌නායු ආබාධ මෙන්ම මානසික පීඩා හා සතුරු බාධක ගෙන දේ.කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ දුර්වලව හත්වැනි භාවයේ හැසිරෙන මෙම කාලය තුළ විවාහක අයට මෙන්ම ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන අයට ද අසුභ කාලයක්‌ වශයෙන් හැඳින්විය හැකිය. තම තමන්ගේ අනාගත ප්‍රාර්ථනා බිඳවැටීම් සහ අවුල් වියවුල් මතභේද තුළින් සිත් තැවුල් වැඩිවන කාලයකි.

 තුලා ලග්න හිමියන්ගේ හයවැන්න හෙවත් රෝගස්‌ථානයේ බුධ ග්‍රහයා දුර්වල වූ විට හදිසි රෝග පීඩා මෙන්ම තමාට රහස්‌ සතුරු උවදුරු මෙන්ම තම ඥති වර්ගයාගෙන් නින්දා අපහාස ලැබීමට මෙන්ම දුරස්‌වීමට ද සිදුවේවෘශ්චික ලග්න හිමියන්ගේ පස්‌වැන්නේ බුධ නීචව හැසිරෙන මෙම කාලයේ අධ්‍යාපනය ලබන අයෙකු නම් එම කටයුතුවලට විවිධ බාධා ගෙන දේ. වැඩිහිටි අයෙකු නම් තම දූ දරුවන් නිසා දැඩි හිත් වේදනා කම්පාවන්ට පත්වීමේ ඉඩකඩ වැඩිය. සහගත රෝග පීඩාවනට ලක්‌වීමේ ප්‍රවනතාවය වැඩිය.

 ධනු ලග්නය හිමියන්ගේ හතර වැන්නේ බුධ දුබල වීම නිසා තම තමන්ගේ ගෘහ ජීවිතයට මෙන්ම ගේදොර ඉඩකඩම් පිළිබඳව ප්‍රශ්න ගැටලු සහලත සිත් තැවුල් මතුවන කාල සීමාවකි. මෙම ලග්න හිමියන්ට සෙනසුරු ඒරාෂ්ටක කාල සීමාවක්‌ බව ද සිහිපත් කරමි. මකර ලග්න හිමියන්ගේ තුන්වැන්නේ හෙවත් වික්‍රමස්‌ථානයේ බුධ ග්‍රහයා නීචත්වයට පත්වීමෙන් මෙතෙක්‌ පැවැති තම උසස්‌ කීර්ති නාමයන්ට සමාජයෙන් අපකීර්ති නින්දා අපහාස අතරින් තම ප්‍රතිරුපයට හානි සිදුවෙන අතර බාල සහෝදර කාරකාදීන්ටද අනතුරු විපත්වලට මුහුණදීමට සිදුවේ.

 කුම්භ ලග්න හිමියන්ගේ ධනස්‌ථානය හෙවත් දෙවැන්නට බුධ ග්‍රහයා දුර්වලවී පැමිණීම විශේෂයෙන් තම ආර්ථික වර්ධනයට බාධා පැමිණේ. දැඩි වචන හුවමාරු නිසා හිතමිතුරන් පවා දුරස්‌ වේ. මීන ලග්න හිමියන්ගේ ලග්නගතව බුධ ග්‍රහයා නීචවීම මත දැඩි සිත් තැවුල් මෙන්ම විවිධ කලකිරීම් මත සමාජයෙන්ද කොන්වීමට සිදුවේ. තම ආත්ම අභිමානය පවා පිරිහී යන කාලසීමාවක්‌ වශයෙන් හැඳින්විය හැකිය.

ශාන්ති කර්ම වශයෙන් විෂ්ණු දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම, බෝධි පූජා තබා ආශිර්වාද ලබා ගැනීම හා විෂ්ණු ආඝෝරය හෝ විෂ්ණු නීල මණ්‌ඩල යන්ත්‍ර ජීවම් කර පැළඳීම සහ පච්ච මැණික්‌ ඇල්ලූ රිදී හෝ පස්‌ලෝ මුදුවක්‌ පැළඳ ගැනීමෙන් බුධ ග්‍රහයාගේ අපල දුරුකර ගැනීමට හැකිවනු ඇත.යමෙකුගේ ජන්ම කේන්ද්‍රයේ බුධ නීච වී ඇතිනම් හෝ බුධ මහ දශා අතුරු දශා ඇත්නම් බුධගේ අපල කාලය වඩාත් අසුබ බවට හැරෙනු ඇත.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment