ජ්‍යෙතිෂයෙන් , සුව පහසු ප්‍රසූතියකට ඔවදනක්‌ | Gurukam.net - Gurukam.Net

Saturday, June 13, 2020

ජ්‍යෙතිෂයෙන් , සුව පහසු ප්‍රසූතියකට ඔවදනක්‌ | Gurukam.net


විවාහය යන්නෙහි විශාල අර්ථයක්‌ ගැබ්ව ඇති සේම, කාන්තාවකගේ තෙවැනි උත්පත්තිය විවාහයයි. ජ්‍යෙතිෂයෙන් , සුව පහසු ප්‍රසූතියකට ඔවදනක්‌ විවාහයෙන් පසු ජීවිතය සියයට සියයක්‌ සාර්ථක වන්නේ සහ රඳා පවතින්නේ දෙදෙනා අතරට අලුතින් එකතුවන නව සාමාජිකයකු - කිරි කැටියෙකු පදනම්වය.

ඒ සඳහා වාසනාව නොමැති දහසකුත් දෙනා අතරින් ,වර්තමානයේ ඒ උත්තරීතර පදවියට හිමිකම් ලබන්නේ අතළොස්‌සක්‌ පමණි. ඒ දෙදෙනා විසින් හෝ තනි තනිව කරන ලද පෙර පින් බල මහිමය නිසා බව මූලිකව සඳහන් කළ යුතුය.

පළපුරුදු ජ්‍යෙdතිෂවේදියා ජන්ම කේන්ද්‍රයෙන් මේ බව අනාවරණය කර ගන්නා අතරම, නොපෙනෙන ආකාරයෙන් යටපත් වී ඇත්නම් එය දිය යට රඳවා ඇති රබර් බෝලයක්‌ එකවර මතුපිටට පැමිණෙන්නාක්‌ මෙන් ඉස්‌මතු කරදීමටද සමත් විය යුතුය.
නමුත් මා මෙහිදී වඩා අවධානයට ලක්‌ කරමින් ඉස්‌මතු කරනුයේ, මේ අන්දමින් ඉතා අමාරුවෙන් හා මහන්සියෙන් ලබාගත් කිරි කැටියා මවගේ කුස තුළින් මෙලොව බිහිවීම දක්‌වා ආරක්‌ෂා කර ගන්නේ කෙසේද යන්නයි.

වර්තමානයේ අප දැක ඇති ආකාරයට බොහෝ ව්‍යාකූල තත්ත්වයන් හේතුවෙන් ප්‍රසූතියේ දී දරුවන් හානියට පත්වේ. දස මසක්‌ කුස තුළ දරා ආදරයෙන් පෝෂණය කරන්නා වූ කිරි කැටියා එවන් අවාසනාවකට මුහුණ දිය යුතුද? කිසිසේත්ම නැත.

 මොනයම් ආකාරයකට හෝ සිදු වන මෙම අකර්මණ්‍යතා දුරුවී, සුවසේ නිරෝගිමත්ව තම කිරි කැටියාට ලෝකය දැකීමට සැලැස්‌වීම මෙන්ම, මවගේත් බිළිඳාගේත් අධ්‍යාත්මය සුවපත් වන ආකාරයෙන් මඟ පෙන්වීමෙන් කටයුතු සිදුකර දීමට ජ්‍යෙdතිෂයෙන් හැකියාව පවතී. පහත දක්‌වා ඇති ආකාරයෙන් සහ මෙම කටයුත්ත බලාත්මක වන ආකාරයෙන් යොදා ගැනීම තුළින්,

 මතු දැක්‌වෙන මුඛ්‍ය කාරණාව සාක්‍ෂාත් කර ගැනීමට හැකි බව සිහි තබා ගන්න. මෙම ක්‍රමවේදය දරු ප්‍රසූතිය සඳහා මව රෝහල්ගත කිරීමේ අනුමත දිනයට දින 03 කට ප්‍රථමයෙන් සිදු කිරීම ප්‍රමාණවත්ය. මේ සඳහා පිරිසිදු නියම තලතෙල් අවශ්‍ය වේ. එසේම නිවසේ අදාළ දින තුනෙහි පිරිසිදු ස්‌ථානයක කුඩා මල් යහනාවක්‌ සාදා ගැනීමත්, ඒ මත අදාළ ද්‍රව්‍ය තබා ජීවම් කිරීමත් කළ යුතුය.

 මවගේ ජන්ම නැකතට සීහෙන පංචාංග ශුද්ධිය ඇති ළඟම දිනයක්‌ යොදා ගෙන නියමිත වේලාවට ප්‍රථමයෙන් පිරිත් සඡ්Cධායනය ආරම්භ කරන්න. පසුව දේවතාරාධනාව සිදුකොට පහත මන්ත්‍රයෙන් 108 වාරයක්‌ මන්ත්‍රය ජප කරන්න. සිද්ධි වේ. දෙවියන්ට පිං දෙන්න.

 මන්ත්‍රය

 ඕං හ්‍රං හ්‍රං හ්‍රං කාලියුරි පූ ඩත්තායුටිකරුවා යුම් කරුවානා යුම් යුන්නාඩියුම් පුරුකාල් කල්ලන් ඔරුප්ප ඔරු කයිල් කන්නෝරු උඩන් නීල් කාමුත්තාල් අයිසානුම් අරු අරු ඉගිල ඉගිල ඒස්‌වාහං

 අවසානයේ බලගතු තලතෙල් ගෙන පිරිසිදු වූ මවගේ හිසේ, පෙකනියේ හා දෙපතුල්වල හොඳින් ගා පිරිමදින්න.

ප්‍රසූතිය සිදුවන දින දක්‌වා සිදු කරන්නේ නම් වඩාත් ප්‍රත්‍යක්‌ෂයි.

 සුවසේ දරු ප්‍රසූතිය සිදුවේ. බිහිවන දරුවාද ඉතා පින්වන්ත සැපවත් දරුවෙක්‌ වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment