මල්වර නැකතින් ගෙන එන දියණියගේ වාසනාව | Gurukam.net - Gurukam.Net

Thursday, May 7, 2020

මල්වර නැකතින් ගෙන එන දියණියගේ වාසනාව | Gurukam.net


 මල්වර වීමට ජ්‍යෙතිෂයේදී මූලික ස්‌ථානයක්‌ හිමිවේ .පුංචි බිලිඳිය වසරින් වසර වැඩී යෞවනයට පිවිසීම මල්වරය ලෙස හඳුන්වයි. ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව බිලිඳිය මාතෘත්වය සඳහා මූලිකව සූදානම් කිරීම ලෙස මල්වරය අර්ථ දැක්‌විය හැකිය.

එක එක්‌ අයගේ ශරීර ක්‍රියාකාරීත්වය අනුව මල්වර වීම වෙනස්‌ වේ. සාමාන්‍යයෙන් අවුරුදු 11-14 ත් අතර කාලය මල්වර සමය ලෙස දැක්‌විය හැකිය.මල්වර වූ විට එය දුටු වේලාව අනුව පලාපල ප්‍රකාශ කර ස්‌නානය සඳහා ශුභ මුහුර්තයන් සකසා දීම මල්වර නැකත නම් වේ. මේ සඳහා ජ්‍යෙතිර්වේදියා විසින් මල්වර කේන්ද්‍රයන් සාදනු ලබයි.

ලිතෙහි සඳහන් පරිදි මල්වර දිනයට මාසයට තිථියට හා නැකතට අනුව පලාපල පැවසීම සිදුවේ. ඊට අමතරව ස්‌නානය සඳහා වේලාවක්‌ද සකසා දෙනු ලැබේ. මල්වරය සිදුවීම සඳහා සුදුසු වයසක සිටින දියණියකගේ කේන්ද්‍රයේ මිථුන, කන්‍යා, තුලා, ධනු, කුම්භ යන රාශියක සදු පිහිටා උත්පත්ති කුජගේ හෝ ගෝචර කුජගේ දෘෂ්ටිය හෝ සංයෝගයන් සිදුවේ නම් එය මල්වරය සිදුවීමට අවස්‌ථාවක්‌ වෙයි.මල්වර කේන්ද්‍රය පිළියෙල කරන ආකාරය

 1. මල්වරය දුටු වේලාව අසා දැනගෙන එම වෙලාවට සඳුගේ හා කුජගේ ස්‌ඵුට ගණනය කරගන්න.

 2. කුජගේ ස්‌ඵුටයේ සිට සඳුගේ ස්‌ඵුටයට ඇති අංශක කලා ගණන සොයා ගන්න. (කුජගේ ස්‌ඵුටයෙන් සඳුගේ ස්‌ඵුටය අඩු කරන්න.

 එම පිළිතුර 15 න් බෙදන්න

 පිළිතුර ලෙස එන අගය පැය හා විනාඩි ලෙස සලකා දුටු වේලාවේ සිට ආපස්‌සට ගණින්න එම වෙලාව මල්වරය වූ වෙලාව වේ.

 එම වෙලාවට හි`දිනු ලබන තත්කාල කේන්ද්‍රය මල්වර කේන්ද්‍රය වේ.

 උදාහරණ මල්වර කේන්ද්‍රය

 දුටු වේලාව පෙ.ව. 6.30

 කුජගේ ස්‌ඵුටය සිංහ 11Z250

 සඳුගේ ස්‌ඵුටය තුලා 10. 31

 කුජට යායුතු දුර 30.00-11.25

 සිංහ රාශියේ 18.35

 කන්‍යා රාශියේ 30.00

 ස`දු තුලාවේ ගිය දුර 10.31

 59.06

 59.0660-3540406

 3546-15

 236.4

 පැය කිරීමට - 236.4-60

 පැය - 3 විනාඩි 56

 දුටු වේලාව උදේ 6.30

 පැය ගණනය 3.56

 2.34

 මල්වර සිදුවී ඇත්තේ පාන්දර

 2.34ටය

 මෙම වේලාවට පිළිsයෙල කරන කේන්ද්‍රය මල්වර කේන්ද්‍රය වේ.
 මෙම මල්වර කේන්ද්‍රයේ 4 වැන්නෙන් හා ස`දුගෙන් මව පිළිබ`දවද,
 9 වැන්නෙන් හා රවිගෙන් පියා පිළිබ`දවද,
 3 වැන්නෙන් හා කුජගෙන් සහෝදරයන්වද නිවේදනය වේ.

 කේන්ද්‍රයේ ශනිගේ හා කේතුගේ බලපෑමක්‌ තිබීම මල්වර දෝෂයන් වේ. මේ ස`දහා ශාන්ති කර්ම කර ගත යුතු වේ.
 මල්වර කේන්ද්‍රයේ 7 වැන්න විවාහය නිවේදනය කරයි. ඒ අනුව විවාහය කෙසේ සිදුවේද යන්න පැවැසිය හැක.

 නිවසේ හෝ අසල නිවෙසක දුකක්‌ කරදරයක්‌ මරණයක්‌ වූ අවස්‌ථාවක මල්වර වීම අශුභ ඵල ගෙන දේ. මල්වර කේන්ද්‍රයේ ආපස්‌සට ගණින පැය ගණන අනුව ස්‌නානය ස`දහා දිනය තීරණය කරනු ලැබේ. පැය 5කට වැඩිය ආපස්‌සට ගන්නේ නම් දින 5කට පසුව ස්‌නානය කිරීමට ප්‍රකාරයි.

 මල්වර ස්‌නානය ස`දහා ළමයාගේ උපන් නැකතට සීහෙන තැනක්‌ වේලාවක්‌ පිළියෙල කරනු ලබයි.

 සුබ ග්‍රහ පිහිටීම් ඇති ශූභ හෝරාවන් හදාරන ස`දුදා, බදාදා, බ්‍රහස්‌පතින්දා සිකුරාදා යන ශුභ දිනයන්ගෙන් එකක්‌ ස්‌නානය ස`දහා යොදා ගනී.

 නියමිත වේලාවට ස්‌නානය කරවා දිනයට සුදුසු වර්ණයෙන් වස්‌ත්‍රයන් ඇන`aදවීම සිදුකරයි. විශේෂයෙන් පළමු දිය කළය බෙහෙත් ඖෂධ යොදා දියණියක මව නාවන්නේ නම් ඉතා සුදුසු වේ. මවක තරම් සෙනෙහස ඇති අන් කවරෙක්‌වත් දියණියකට නොමැත.

 දිනයට අනුව වස්‌ත්‍ර ස`දහා සුදුසු වර්ණ

  ඉරිදා - තඹ, තැඹිලි, රන්වන් පාට

 සදුදා - සුදු පාට - රිදී පාට

  අගහරුවාදා - රතු

 බදාදා - කොළ

 බ්‍රහස්‌පතින්දා - කහ, රන්වන් පාට

 සිකුරාදා - විචිත්‍ර වර්ණ - දිලිසෙන වර්ණ

 සෙනසුරාදා - නිල් පාට

 තරු සළකුණු කර ඇති දින ස්‌නානය ස`දහා යොදා නො ගනී. එසේම මල්වර වූ දිනය අනුව පහත පලාපල ලෙස විග්‍රහ කර ඇත.

 ඉරිදා දිනෙක නම් - නපුරු, තරමක්‌ හිතුවක්‌කාරී ගති ඇති අයෙකි.

 සදුදා දිනෙක නම් - සැප සම්පත් හිමි වන සෞම්‍ය ගති ඇති අයෙකි.

 අගහරුවාදා දිනෙක නම් - රෝග පීඩා ඇති කරන, කටකාර ගති ඇති අයකු වේ.

 බදාදා දිනෙක නම් - නෑයන්ට හිතවත් වේ. සැප සම්පත් ලබයි.

 බ්‍රහස්‌පතින්දා දිනෙක නම් - සියලු සැප සම්පත් ලබයි. පුත්‍ර ලාභ හිමිවේ. ස්‌වාමිපුරුෂයාට ඉතා හිතවත් වේ.

 සිකුරාදා දිනෙක නම් - සහෝදරයන්ට යහපත් වේ. සැප සම්පත් හිමි වේ.

 සෙනසුරාදා දිනක නම් - දිළිදු වේ. ඉඩකඩම් විනාශ වේ. ලෙඩ දුක්‌ ඇති වේ.

 මල්වර කේන්ද්‍රය සැකසීමේදී මල්වර වූ දිනය අශූභ
 නම් හාල් වැනි ධාන්‍ය වර්ගද නැකැත අශුභ නම් එළගි තෙල් ද, යෝගය අශූභ නම් පලතුරු, රස කැවිලිද කාරණය අශූභ නම් ඇදුම් පැළදුම් ද දන් දීමෙන් සියලු දෝෂ නසා යහපත සැලසේ.

 දියණියකගේ මල්වරය ඇයගේ අනාගතය විදහා දක්‌වන කැඩපතකි. මල්වර මොහොත ශූභ නම් ඇගේ අනාගතය ද කිරි ගහට ඇන්නා සේ සෞභාග්‍යමත් වාසනාවන්ත අනාගතයක්‌ම වේ.

යහපත් විවාහයක්‌ සිදු වී යහපත් දූ දරුවන් ලබා සතුටින් සමගියෙන් ජීවත් වීමට ඇය පින්වන්තියක්‌ම වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment