ධන යෝග ඔබටත් හිමිද? | Gurukam.net - Gurukam.Net

Wednesday, May 27, 2020

ධන යෝග ඔබටත් හිමිද? | Gurukam.net


 ඔබට හිමිවන ධනය පිළිබඳ කතා කිරීමේදී "හදිසි ධන ලාභ" යනු සුවිශේෂී ලැබීමක්‌ වේ. එනම් ඔබගේ එදිනෙදා ව්‍යාපාර කටයුතුවලින් හෝ තම රැකියාවෙන් ලැබෙන ධනයට වඩා හදිසි ධනයක්‌ ලැබීමට විශාල වාසනා මහිමයක්‌ තිබිය යුතු වේ.

 හදිසි ධනයක්‌ කියූ සැණින් ඔබට සිහි වන්නේ මුදල් පමණක්‌ වන නමුත් එපමණක්‌ නොව මූල්‍ය වටිනාකමක්‌ ඇති නිවාස, ඉඩකඩම්, යාන වාහන, ව්‍යාපාර, ලොතරැයි වාසනා ආදිය සහ භූමියෙන් ලැබෙන මැණික්‌, නිධාන වැනි වස්‌තූන් ද අයත් වේ.

ඔබ නොසිතූ අවස්‌ථාවක මෙවැනි වටිනා වත්කමක්‌ එකවර ලැබිය හැකි අතර එම වාසනා ගුණය ඔබටත් හිමිද? අහිමිද? යන්න ඔබගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීම තුළින් දැනගත හැකිවේ.
 මෙහිදී කේන්ද්‍රයක 2, 4, 8, 11 වැන්න යන ස්‌ථානයන් හා භාවයන් පරීක්‍ෂා කළ යුතු අතර ඉහත භාවයන්ට අනුරූපීව කුමන ආකාරයේ වත්කමක්‌ ලැබෙන්නේද යන්න තීරණය කළ හැකිය.

 එහිදී ඉහත ස්‌ථානයන්හි අධිපතියන් පිහිටි ස්‌ථානවල ග්‍රහයන් ප්‍රබල වී බලවත් වී සිටීම (රාශියෙන්, නවාංශකයෙන්, නැකතෙන්, අවස්‌ථාවෙන්) තුළින් ප්‍රකාශ කළ හැකිය. මෙහිදී ශරීර ග්‍රහයා, ජිව ග්‍රහයා, නවාංශකාධිපතීන් පිළිබඳව පරීක්‍ෂා කළ යුතු වේ. තවද රාහුගෙන් යෙදෙන යෝගවලින්ද හදිසි ධනලාභ උදා වෙයි. එනම් 8, 11 ස්‌ථානයක රාහු ප්‍රබලව, බලවත්ව පිහිටීමෙන් ද මෙම හදිසි ධන යෝග ක්‍රියාත්මක වෙයි.

 එසේම ඉහත සඳහන් ස්‌ථානවල පිහිටි ග්‍රහයන්, කවර ග්‍රහයන් ද යන්න පරීක්‍ෂා කර (රවි, කුජ, සිකුරු ආදී) කුමන කාලපරිච්ඡේදවල මෙම හදිසි ධනලාභ ඔබට හිමිවේද යන්න තීරණය කළ හැකිවේ.

ඒ සඳහා දශාව සහ ග්‍රහ ගෝචරය පදනම් කරගත යුතු වේ. මෙහිදී කුජ, ශනි මුල් කරගෙන ධන යෝගයක්‌ ක්‍රියාත්මක වන්නේ නම් ඔහුට හෝ ඇයට නිවාස, දේපළ, යාන වාහන හෝ පොළොවෙන් ලැබෙන වටිනා සම්පත්, එනම් මැණික්‌, මිනිරන්, නිධන් වස්‌තු වැනි දෑ එකවර ලැබීමේ වාසනාව ඇත. එය යෙදුණු භාවය පදනම් කරගෙන ප්‍රකාශ කළ යුතු වේ. 
 සිකුරු සහ රාහු මුල් කරගෙන ධන යෝගයක්‌ උදාවේ නම් ලොතරැයි දිණුම්, සූදුව මගින් එකවර නොසිතූ අවස්‌ථාවක විශාල මුදලක්‌ එකවර ලැබීමේ වාසනාව ඇත.

 ගුරු හා බුධ යන ග්‍රහයන් මුල් කරගෙන මෙම ධන යෝගය උදාවේ නම් අතරමැදි කරණයෙන් මුදල් ලැබීම, අන්සතු ධනයක්‌ එකවර ලැබීම හෝ දේපළක්‌ විකුණා එකවර මුදලක්‌ ලැබීම වැනි දෙයක්‌ සිදුවිය හැකිය.  11 වැන්නේ චන්ද්‍රයා ප්‍රබලව පිහිටීම තුළින් ව්‍යාපාරවලින් හදිසි ධනයද, 11 වැන්නේ කුජ පිහිටීම තුළින් මැණික්‌ හෝ මිනිරන් ආදියෙන් හදිසි ධන ලාභ ද හිමි වේ. 
 ඔබට මෙම ධන යෝග ක්‍රියාත්මක වී ධනය කොපමණ ලැබුණද? මෙම ධනය ඔබට කෙසේ කළමනාකරණය කරගත හැකිද යන්න ඔබගේ කේන්දර සටහනට අනුව පරීක්‍ෂා කළ හැකිය.

තවද මෙම වාසනාවන්ත ග්‍රහ පිහිටීම්වලින් ලැබෙන ධනය තුළින් ඔබට යහපතක්‌ සිදුවේද? අයහපතක්‌ සිදුවේද? වාසියක්‌ හෝ අවාසියක්‌ සිදුවේද? යන්න තම කේන්ද්‍ර සටහනට අනුව පැවසිය හැකිය.

එනම් යම් පුද්ගලයකුට මෙවැනි විශාල මුදලක්‌ එකවර ලැබුණු විට එම මුදල් කිසිදු පල ප්‍රයෝජනයක්‌ නොමැතිව විනාශ කරගැනීම හා සදාචාරාත්මක නොවන ක්‍රියාවන්වල නිරතවීම (දුරාචාරය, මත්ද්‍රව්‍යවලට පුරුදුවීම, සූදුව වැනි) සිදුවන අතර තව කෙනකු මෙම මුදල් මනා ලෙස කළමනාකරණය කොට ඵලදායී ආකාරයට යොදාගන්නා අවස්‌ථා ද දැකගත හැකිය.


 මෙම යෝග දුටු පමණින් ඒවා ක්‍රියාත්මක වන බව පැවසිය නොහැකි අතර සමස්‌ත ග්‍රහ පිහිටීම පරීක්‍ෂා කර බලා එහි ඵලදීම නිගමනය කළ යුතු වේ.
 මෙහිදී 12 වැන්නේ පිහිටි ග්‍රහ පිහිටීම, 12 වැන්නාධිපතිගේ පිහිටීම වැනි කාරණා පරීක්‍ෂා කර මෙම ධනය ඔබට කොතරම් දුරට ආරක්‌ෂා කර තබාගත හැකිද යන්න තීරණය කළ හැකිය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment