ජ්‍යෙතිෂයෙන් නිසි පල නෙළාගනිමු | Gurukam.net - Gurukam.Net

Thursday, May 21, 2020

ජ්‍යෙතිෂයෙන් නිසි පල නෙළාගනිමු | Gurukam.net


             විද්‍යාවේ ආලෝකය "ජෝතිර්වේදය" යනුවෙන් හඳුන්වා දිය හැකිය.ජෝති යනු ආලෝකයයි. වේද යනු විද්‍යාව යි.  ඉදිරියේදී සිදුවිය හැකි සිදුවීම් කල්වේලා ඇතිව දැන ගැනීමට මේ උතුම් ශාස්‌ත්‍රය තුළින් අපට හැකි වේ. සිදුහත් කුමරුව පළමුවරට බැහැ දැකීමට පැමිණි තම පිය රජුගේ ගුරුවරයාගේ නළල මත සිදුහත් කුමරුගේ දෙපා වැදීම මත පවා ප්‍රබල අනාවැකියක්‌ ප්‍රකාශ වී තිබේ. ඒ සිදුහත් කුමරා ඒකාන්ත වශයෙන්ම බුදු වන බවයි.

මෙම උතුම් ශාස්‌ත්‍රය හිතවත්කම මත, ලාභ ප්‍රයෝජන මත, සිත සතුටු කිරීමට හෝ සැබෑ තත්වය වෙනස්‌කර, මත ප්‍රකාශ කිරීම නිසා පසුගිය කාලයේ පහතට වැටුණු බව සත්‍යයකි.කේන්ද්‍රයක හිරු සඳු බලවත්වීම, ලග්නාධිපති බලවත්වීම, යෝග කාරකයා බලවත්වීම, පංච මහා පුරුෂ යෝග තිබීම, ගුරු බලවත්වීම, කාලසර්ප යෝග ආදී දරිද්‍ර යෝග නොතිබීම අත්‍යවශ්‍යයි.

තමන්ගේ කේන්ද්‍රය දුර්වල තත්ත්වයක ඇතිනම් එය පෙර සසරේ තමන්ම කළ අකුසල කර්මවල ප්‍රතිඵලය බව අවබෝධධ කරගැනීම වටී. තමන් ව්‍යාපාරිකයකු නම් , තමන්ට එවන් දුර්වල කේන්ද්‍රයක්‌ ඇත්නම් බලවත් කේන්ද්‍රයක්‌ තිබෙන අයෙකු සමග හවුල් ව්‍යාපාරයකට යොමුවීම ඉතා වැදගත් වේ.

විවාහ වෙන කෙනකු නම් බලවත් කේන්ද්‍රයක්‌ හිමි අයෙකු සමග විවාහ වීම වැදගත් වේ. විවාහ වී සිටින කෙනෙක්‌ නම් කුසල් බලය වැඩි දරුවෙකු බිරිඳගේ මවු කුසට කැන්දා ගැනීම ඉතා වැදගත් වේ. කුසල් බල අඩු කෙනෙකුට කුසල් බල වැඩිකෙනෙක්‌ හා විවාහ වීම හෝ ව්‍යාපාර කොටස්‌ කරුවෙකු කර ගැනීම හෝ ප්‍රබල කුසල් බල වැඩි දරුවකු ගෙන්වා ගැනීම හෝ තමන්ට අසීරු වන්නේ තමන්ගේ පෙර පින නොමැති නිසාය.

මෙලොව වශයෙන් හොඳ කුසල් කරමින් එවැනි සොයා ගැනීමක්‌ කළොත් පලක්‌ ඇති වේ.

 විවාහයකදී බලන්නේ කේන්ද්‍ර දෙකෙහි ගැලපීම පමණි. බල දුබලතාවය විමර්ශනය නොකෙරේ. විවාහවීමට සූදානම්ව සිටින දෙදෙනෙකු දෙදෙනාටම දහනව (19) අවුරුද්දක්‌ සෙනසුරු මහ දශාවන් අසුබව ගෙවන්නාවූ යුවළක්‌ නම් තරුණ අවධියේම 19 අවුරුද්දක්‌ම විවාහ ජීවිතයේ සෙනසුරු නිසාම සැප ලැබීමට බදාගෙන දෙනු ඇත. මොවුන් කටක හෝ සිංහ හෝ මේෂ හෝ ලග්න වුවහොත් තත්ත්වය තවත් බරපතළ වනු ඇත. සෙනසුරු දශාව තම ජීවිතය තුළින් ඉවත්වන විට දෙදෙනාගේම ශාරීරිකව පිබිදුණු තරුණ කාලය පහව ගොස්‌ තිබෙන්නට පුළුවන්.

 එම නිසා පොරොන්දම් ගැලපීමත්, ග්‍රහ ගැලපීමත්, දශා ගැලපීමත් අත්‍යවශ්‍ය වන්නේ මේ හේතුව නිසාය.අධ්‍යාපනය ලබන දරුවෙකුගේ කේන්ද්‍රයේ ගුරු බලවත්වීම අධ්‍යාපනයට මහත් රුකුලකි. රටේ ලෝකේ පිළිගැනීම වැඩිවීම නිසා විවිධ උසස්‌ වෘත්තීන්වල යෙදීමට උත්සාහ කළත් ඒ සඳහා සුදුසුකම් කේන්ද්‍රයේ තිබේද? යන්න විමසා බැලීම වටී. උදාහරණයක්‌ හැටියට කුජ 10 වැන්නේ උච්චවී තිබෙන දරුවෙකුට ඉඳගෙන, වාඩිවී අනුන් යටපත් කරනා රැකියා නුසුදුසු වේ.

හේතුව කුජ ග්‍රහ මණ්‌ඩලයේ දාමරිකයායි. මෙවැනි දරුවෙකු ත්‍රිවිධ හමුදාව, ව්‍යාපාර, අනුන්ට යටත් නොවන ප්‍රබල චරිත වීමට සුදුසුකම් තිබේ.බොහෝ දෙනෙකුට බ්‍රහස්‌පති මහ දශා ලබා තිබුණත් ඇති ගුණයක්‌ නැති බවට මැසිවිලි නගමින් සිටී. බ්‍රහස්‌පති උපතින් නීච වීම නිසා නමට බ්‍රහස්‌පති ලැබුවට ඇති පලය කුමක්‌ද? බ්‍රහස්‌පති ලැබූ පමණින් සුබ නොලැබී තමන්ගේ තත්ත්වය එකතැන පල්වන තත්ත්වයක්‌ ගොඩ නැගේ.

එම ග්‍රහ කිරණ මර්දනය කර බ්‍රහස්‌පතිගේ සුබ ප්‍රතිඵල ලැබීමට කළයුතු වත්පිළිවෙත් කිරීම කොතරම් වටිනා දෙයක්‌ වේද? මේෂ ලග්නයට සිකුරු මාරක ග්‍රහයා වේ. කටක ලග්නයට සෙනසුරු මාරක ග්‍රහයා වේ. මේෂ ලග්නයේ කෙනෙකු සිකුරු මහ දශාව ගෙවන කාලයක සිකුරුට අධිපති මැණික වන දියමන්ති හෝ සුදු නිල පැළඳගැනීම හුදු ප්‍රඥාගෝචර නොවේ. තම මාරක ග්‍රහයා බලවත් කරගැනීම තමන්ට අසුබ විපාක වර්ධනය කර ගැනීමට හේතු වේ.


විවාහ වන යුවළකට විවාහයේදී එක නිවසක පදිංචි වන තුරුම දෙදෙනාගේ වෙනස්‌කම් මතු නොවේ. ලිංග පොරොන්දම් නයි මුගටි වුවහොත් ලිංගික ජීවිතයට ඇතුල් නොවී සිටින තෙක්‌ එහි විරුද්ධකම් ඇති නොවේ.

එහි සතුටක්‌ නොමැති වන කල්හි දෙදෙනාගේ නුරුස්‌නාකම් මතු වේ. එයම ප්‍රශ්න වැලකට හේතු නොවන්නේද? අපගේ ජීවිතවල බොහෝ දුක්‌ සහිත දේ සිදුවී ඇත්තේ අපේම වරදිනි. නොසැලකිල්ල නිසාවෙනි. ඉපැරණි දේ ගණන් නොගැනීම නිසාවෙනි.

 කේන්ද්‍රය යනු මාර්ග සලකුණකි. එය ඔබට සුබවාදී දිශාවකට මග පෙන්වනු ඇත. අධ්‍යාපනය ලබන දරුවෙකුට නිවැරදි විෂයයන් තෝරාගැනීමටද උපකාරී වේ. කොතරම් දක්‌ෂ දරුවෙකුට වුවද ඉගෙන ගන්න කාලයේ සිකුරු මහ දශාව ලැබුවහොත් ඉගෙනීමට හැකියාව තිබුණත් සැපට ඉඳගෙන, සැපෙන් යුක්‌තව, මහන්සි නොවී විභාග සමත් කරගන්නට සිතුවිලි ඇති වේ. එහෙත් සිකුරුට හිමි ප්‍රතිකර්ම කිරීමෙන් ඒවා සමනය වේ.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment