ඔබේ සමීපතමයා නොසිතූ ලෙස වෙනස්වුයේ ඉනාවක්‌ කැවිලා ද? | Gurukam.net - Gurukam.Net

Wednesday, April 29, 2020

ඔබේ සමීපතමයා නොසිතූ ලෙස වෙනස්වුයේ ඉනාවක්‌ කැවිලා ද? | Gurukam.net


සත්ත්වයා පමණක්‌ නොව අජීවී වස්‌තූන් ද  අවස්‌ථා ගණනකට පත්වේ. ළමාවිය, තරුණවිය, මැදිවිය, මහලුවිය යෑයි ජීවිතයේ විවිධ අවස්‌ථාවන් මේ ලොව උපදින සියලු සත්ත්වයා ගතකරනු ලැබේ.

ගොයම් පැළයක්‌ උදාහරණයකට ගෙන බලන්න. වී ඇටය පැළවී පිදුරු බවට පත්වන තුරු විවිධ අවස්‌ථා ගත කෙරේ. එසේම විද්‍යාත්මකව කරනු ලබන පර්යේෂණ අනුව යම් යම් වස්‌තූන් ළදරු හෝ පරිණත අවධිවල යෑයි කියෑවේ. ආකාශ වස්‌තූන් ගැනද මෙවැනි සඳහන් අපට ඇසේ. බිත්තරය මෝරා දළඹුවා වී ඉන්පසු කෝෂ අවස්‌ථාව ගතකොට සමනලයකු වන ජීවියා ජීවිතයේ අවස්‌ථා ගණනාවක්‌ ගතකරනු ලබනු බව අපට පැහැදිලිය.

 මේ පියවරින් පියවර ගෙවාලන ජීවිතයේ අප අපට අවශ්‍ය පරිදිම ගෙවා දමන්නේද නැතහොත් අන් අයට අවශ්‍ය පරිදි ගෙවන්නේද? අපට අවශ්‍ය, අප පතන රැකියාව අපට ලැබේද? අප පතන සහකාරයා හෝ සහකාරිය අපට ලැබේද? අප පතනා අයුරින් නිවාස, වාහන ලැබේද? මේ බොහෝ දේ තීරණය වන්නේ අපේ කැමැත්තට නොව අන් අයගේ වුවමනාවන්ට හෝ අහඹු ලෙස සිදුවන සිදුවීම් මතය.

අප පතන රැකියාව කෙසේ වෙතත් ජීවත් වීමට අවශ්‍ය නිසා ලැබෙන රැකියාවකට අපට යැමට සිදුවේ. අපගේ දෛවය විසින් අපව හසුරුවනු ලබයි. කැමැති වූවා හෝ නොවූවද අපට දෛවයට අනුව ජීවත් වීමට සිදුවේ. විවාහයද බොහෝ දුරට එසේමය. ප්‍රේම සබඳතා නිසා හෝ අන් අයගේ යෝජනා මත හෝ සිදුවන විවාහ සාර්ථක වීම් මෙන්ම අසාර්ථකවීම් පිළිබඳව ද ගෙවී යයි. ඇතැම් බොහෝ අවස්‌ථාවලදී අප කිසිසේත් බලාපොරොත්තු නොවූ අයකු සමඟ විවාහවන්නට සිදුවී ඇත. සිතට එකඟ නොවූවද අපට ඒ තීරණය ගන්නට වූ අවස්‌ථා ඇත.

විවාහය පමණක්‌ නොව විවාහයෙන් පසුව ඇතිවන අනියම් සබඳතා සිදු වන්නේ පුද්ගල මතය හෝ කැමැත්ත මත නොවේ. ඒත් එය කෙසේ සිදුවූවා ද යන්න තමාවත් නොදන්නා අවස්‌ථා ඇත. උත්තරය "අනේ මන් දන්නේ නෑ, කොහොම වුණාද කියලා" අකමැත්තෙන් සිටි අයකු හා විවාහ වීම හෝ අනියම් සබඳතා ඇතිවූ විට හෝ ළාබාල දැරියක්‌ විවාහ කරදීම වැනි අවස්‌ථාවලදී වැඩිහිටියන් හෝ අසල්වාසීන් පවසන්නේ "මොනා හරි කවලා", "ඉනාවක්‌ දීලා", "රවට්‌ටා ගෙන" වැනි වචනය.

 මෙහිදී මොනාහරි කවලා ආදිය මගින් පෙන්වන්නේ කැමැත්ත නැති අයකු කැමැති කරවා ගන්නට වශී කරගැනීමයි. ඒ සඳහා විවිධ වශී ක්‍රම ඇත. තමාට අවශ්‍ය පුද්ගලයා තමාගේ වසඟයට ගැනීමට ගුප්ත ශාස්‌ත්‍රයේ විවිධ උපක්‍රම ඇත. ඉන් එකක්‌ ලෙස "ඉනාවක්‌ කැවීම" පුරුදු දෙයකි. ඉන් අදහස්‌ කරන්නේ තමාට වසඟ කරගන්නට අවශ්‍ය ස්‌ත්‍රියට හෝ පුරුෂයාට කුමන හෝ දෙයක්‌ කෑමට බීමට දීමයි.

 ඒ මගින් අනෙකා වසඟ කරගැනීමයි.

 තෙල් මතුරා ඉසීම, නූල් පැන්නීම, අදාළ පුද්ගලයාගේ වස්‌ත්‍රවල කොටස්‌ හෝ හිසකෙස්‌, නියපොතු ආදියට ජීවම් කොට ඒවා මගින් අනෙකා වසඟයට ගැනීම පමණක්‌ නොව "කටහඬ" ට මතුරා ගැට ගැසීම්ද සිදුකළ බව සඳහන් වේ. තමා කැමැත්තෙන් නොවූවද ඉබේටම අනෙකාගේ වුවමනා ඉෂ්ට කිරීමට පෙළඹීම මේ මගින් සිදුවේ. බොහෝ විට "ලිංගික අවශ්‍යතා" මත මෙය සිදු වූවත් දේපළ ලබා ගැනීම, මුදල් ලබාගැනීම ආදියටද වශී කර්ම යොදාගත හැකිය. අතීතයේ ඇදුරන් මිනිසුන් පමණක්‌ නොව යක්‍ෂයන් ද වසඟයට ගෙන තමාගේ කාර්ය සිද්ධ කරගත් බව පෙනේ.

ඒත් මෙහි අවසානය එතරම් සුබදායී නොවේ. "ආදරය හා වෛරය කාසියේ දෙපැත්තක්‌" පැවසුවාක්‌ මෙන් යමෙක්‌ බලෙන් වසඟයේ තබා ගැනීම තාවකාලිකය. එහි අවසානය වෛරය පමණක්‌ නොව මරණය ද විය හැක.

 ඉනා බේත් කෑමට ලක්‌වූ පුද්ගලයාට කාලයක්‌ ගතවන විට විවිධ රෝගාබාධ සෑදෙන්නට පුළුවන. ඉනාවකින් පසු කාලයක්‌ ගතවන විට කෑම දිරවීමේ අපහසුව, ආහාර රුචිය අඩුවීම, කොතරම් ශල්‍යකර්ම කළද සුව නොවන අර්ශස්‌ රෝගය, නිතර වියළි කැස්‌ස, පිපාසාව, දිගට නිතර ඇඹුල් හෝ තිත්ත රස දැනීම, නිතර මුඛයට කෙළ ඉනීම, මුඛයෙන් දුර්ගන්ධය පැතිරීම, ශරීරය කෘශවීම, උදරයේ යමක්‌ පවත්නා සේ දැනීම, වරින් වර උදරයේ තද වේදනා ඇතිවීම, සිරුරෙන් ලේ ගැලීම අවසානයේ පිළිකා රෝගය සෑදීම ද විය හැක. එසේම හිසේ තද වේදනාව, හිසේ බරගතිය මේ ආදී රෝග රාශියක්‌ ඉනාව නිසා සිදුවිය හැක.

 ඉනාවක්‌ කැවීම ක්‍රම කීපයකට කළ හැක. ඒවා කිරි මිශ්‍ර ආහාරයක්‌ මගින් දිය හැක. එවැන්නක්‌ නිසා රෝගී වුවහොත් අත් පා හිරිවැටීම, උදරයේ තද වේදනා ඇතිවීම සිදුවේ. තෙල් සහිත (රසකැවිලි ආදිය මගින්) ඉනාවක්‌ දී ඇත්නම් ක්‌ලාන්තය, පපුවේ සහ උදරයේ දැවිල්ල ඇතිවේ. පැණි රස කෑමකට (සීනි, චොකලට්‌, ටොෆි) දී ඇත්නම් උගුරට නිතර ඇඹුල් රස ඒම, තිත්ත රස ඒම ඔක්‌කාරයට ඒම ආදිය දැනේ.

 මෙවැනි රෝගියකුගේ රෝගය වෛද්‍යවරුන්ට පවා සොයාගත නොහැක. එය සොයාගත හැක්‌කේ ගුප්ත විද්‍යාව උපයෝගී කොටගෙනය. මේ සඳහා නියමිත මන්ත්‍රයෙන් ජීවම් කරනු ලබන එළවරා කොළ ගෙන රෝගියාගේ පෙකනිය (නාභිය) මත තබා තදින් ගැට ගැසීම සිදුකළ යුතුය. විනාඩි 20 ක්‌ පමණ ගතවන විට රෝගියාගේ ශාරීරික ලක්‌ෂණ මගින් ඉනාවක්‌ කැවී ඇත්දැයි දැනගත හැක.

 මෙවැනි ඉනා කපා දැමීම "නූල් මැතිරීම" මගින් සිදු කිරීම අපහසුය. ඊට තැඹිලි මතුරා දීමත්, දෙහි මතුරා දීමත්, තෙල් මතුරා සිරුරේ ගැල්වීමත් සිදුකළ යුතුය. දෙහි ගෙඩි තුනක්‌ ගෙන ජීවම් කිරීමෙන් පසු හිස, උදරය, පාද යන ස්‌ථානවල තබා කැපීමත්, තැඹිලි ගෙඩි මතුරා බීමට දීමත් සිදුවේ.

වඩාත් බරපතළ නම් පස්‌ ඇඹුල් මතුරා බොන්නට දී වමනය කිරීමට සැලැස්‌වීමත් කළ යුතුය. ඒත් එය භයානක විය හැක. නොදැන කටයුතු කිරීමෙන් වමනය නතර කරගත නොහැකිව අසාධ්‍ය තත්ත්වයට පත්විය හැක.

ඉනාව කපා දැමීමෙන් පසු බලෙන් සිදු කරගත් සබඳතාවක්‌ ද දෙදරා යැම සිදුවේ. ඉන්පසු ඉතිරි වන්නේ වෛරය පමණි.

(under the courtesy of sithmalyaya.com web)

No comments:

Post a Comment