ඔබේ කේන්දරට අනුව ඔබ වැඩිපුරම බියවන දේ මෙන්න | Gurukam.net - Gurukam.Net

Wednesday, April 29, 2020

ඔබේ කේන්දරට අනුව ඔබ වැඩිපුරම බියවන දේ මෙන්න | Gurukam.net


ඔක්ස්ෆර්ඞ් ඩික්ශනරියේ සඳහන් වෙන පරිදි, බිය යනු යමෙකුගෙන් හෝ යම් දෙයකින් අනතුරක් සිදුවෙතියි යන බිය නිසා සිත තුල ඇතිවෙන අනියත හැගීමකි. නමුත් ඔබට බිය උපදවන දෙයක්, තවත් කෙනෙකුට බිය නොඋපදවන දෙයක් වෙන්නටද පුළුවන්. එහෙයින් බිය යනු තේරුම් ගැනීමට පවා අපහසු ඉතාමත්ම සංකීර්ණ පුද්ගල මනෝභාවයකි.ඔබ මෙලොව වැඩිපුරම බිය කුමකටද ? එම ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමට හදිසි නොවී, බිය යන්නෙන් ඇත්තටම අර්ථවත් වෙන්නේ කුමක්ද කියා අපි පළමුව සොයා බලමු.


ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?


අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්න ඒ පිළිබඳවයි.

1. මකර
සමාජය් ඉදිරියේ ලැජ්ජාවට සහ අපහසුතාවයට පත්වීමට

2. කුම්බ
නිදහස අහිමි වෙනවා දැකීමට

3. මීන
සිත රිදවා ගැනීමට සහ අතරමං වෙනවා දැකීමට

4. මේෂ
තමන් ආදරය කරන පුද්ගලයින්ගේ අවධානයට සහ ආදරයට ලක්නොවී ජීවත් වීමට සිදුවීම තරම් බියගෙන දෙන දෙයක් මේෂ ලග්න හිමියන්ට තවත් ඇත්තේ නැහැ. තමන්ව කෙමෙන් අමතකව යනවා දැකීමටද ඔවුහු බියවෙති.

5. වෘෂභ
මිල මුදල් නොමැතිව, දුගී දුක්පත්ව විසීමට සිදුවීම

6. මිථුන
ඒකාකාරී නීරස දිවිපෙවතක් ගෙවීමට සිදුවීම

7. කටක
නිවස යැයි පැවසීමට හැකි තැනක් මෙලොව නොමැතිවීම

8. සිංහ
සිංහ ලග්න හිමියන් යනු තරමක් ආඩම්භාරකාර උඩ ගති වලින් හෙබි පුද්ගලයෝය. ඔවුහු සැමවිට අපේක්ෂා කරන්නේ කිසිවෙකුට දෙවෙනි නොවී අභිමනාවත්ව ජීවත් වීමටයි. එහෙයින් අන් අයගේ ඇස් ඉදිරියේ කැපී පෙනෙන පුද්ගලයෙක් ලෙස අභිමානවත්ව ජීවත්වීමට නොහැකි වෙනවා දැකීමට ඔවුහු අතිශයින්ම බියවෙති.

9. කන්‍යා
තම අඩුපාඩුකම් ඉදිරියේ අසරණ වෙන්නට සිදුවීම

10. තුලා
අයුක්තිය සහ අසාධාරණය විඳ දරාගෙන බොහෝ කාලයක් ජීවත් වෙන්නට සිදුවීම.

11. වෘශ්චික රාශිය
තම ආදර”ය පුද්ගලයෙකුගේ අතින් පාවාදීමට ලක්වීම

12. ධනු
ඔබව දඩයම් කිරීමට පැමිණෙන අතීතය.

ඒ ඒ ලග්නයට ආවේනික වූ චිත්තවේග, ශක්තීන් සා දුර්වලතාවයන්ද පවතිනවා. එම කරුණු කාරනා විශ්ලේෂණය කරමින්, ඔබ වැඩිපුරම බිය කුමකටද යන්න අනාවරණය කරගන්නට හැකියාව තිබෙනවා.

මේ ඉහත සඳහන් කරනු ලැබූ තොරතුරු වල යම් සත්‍යයක් තිබෙනවාද ? ඔබේ සිත පතුලේ තැන්පත්ව ඇති බිය ඉන් හෙළිදරව් උනාද ? කරුණාකර ඔබේ අදහස පහතින් සඳහන් කරන්නටත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment