මකර ලග්න හිමියෝ සොයන ඉක්‌මන් දියුණුව | Gurukam.net - Gurukam.Net

Monday, April 27, 2020

මකර ලග්න හිමියෝ සොයන ඉක්‌මන් දියුණුව | Gurukam.net



විශ්ව රාශි චක්‍රයෙහි මකරයට හිමිවන්නේ දසවැනි ස්‌ථානය වන අතර මෙහිදී සෙනසුරු ස්‌වෙත්‍ර වේ. පොළව හෙවත් මිහිතලය පාලන කාරකය කරගත් මකර ලග්නය චර රාශියකි. එම නිසා මකර ලග්නයෙන් උපත ලද ඔබේ සිත තුළ නිරතුරුවම චංචල බවක්‌ පවතී. සෑම දෙයක්‌ හා සෑම කෙනෙක්‌ පිළිබඳවත් ඔබ තුළ ඇත්තේ සැකයකි.


 ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට අයත්වන පළමු ලග්නය වන්නේ මකරයයි.
 මකරයෙන් උපන් ඔබට නිකරුණේ ගත කිරීමට කාලයක්‌ නැත. ගෙවී යන සෑම තත්ත්පරයක්‌ම ඔබට ඉතාම වැදගත්ය. ඔබ ඉපිද ඇත්තේ කාලය කෑමට නොව, කාලයෙන් උපරිම ඵල නෙළීමට යෑයි ඔබට නිතරම සිතෙන්නේ ඒ නිසාය.

 කාලය කළමනාකරණය කර ගනිමින් වැඩකටයුතුවල නිරත වීමට මකර ලග්නයෙන් උපත ලද ඔබ අති දéයෙකි.සිත සිතා සිටීමට ඔබට කාලයන් නැත. සිතීමට ගත කරන කාලය ද ඔබ යොදාගනුයේ වැඩ කටයුතුවල නිරත වීමටය. එය ඔබ සතු විශේෂත්වයකි. දවසේ පැය විසිහතර ඔබට මදිය. එය පැය හතළිස්‌ අටක්‌ වේ නම් ලොව සිටින මිනිසුන් අතරින් වැඩියෙන්ම සතුටුවන්නේ අන් කවරෙකුත් නොව ඔබය. මකරයෙන් උපන් ඔබට "කාලය" යනු මුදල්ය.

 සෑම විනාඩියක්‌ම මුදල් කරගැනීමට ඔබ තරම් හපනෙකු ලග්න දොළහ තුළ නොමැත.
 ඔබට සිතිවිලිවලින් ඵලක්‌ නොමැත. ඔබගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ කෙසේ හෝ ඉක්‌මණින් දියුණුවට පත්වී, ඉහළ සමාජය නියෝජනය කිරීමය. එය සාédත් කර ගැනීම සඳහා රෑ දවල් නොතකා නිදිවරමින්, කයට සැපක්‌ නොදෙමින්, දැඩි වෙහෙසක්‌ දරමින්, වැඩ කටයුතුවල නිරත වීම ඔබ තුළින් දැක ගත හැකි විශේෂ ලක්‌ෂණයකි.

මෙලෙස ක්‍රියා කිරීමෙන් ඔබ බලාපොරොත්තුවන තැනට ඉක්‌මණින්ම පැමිණීමට හැකි වෙතැයි ඔබ තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි.ඉහත කී කරුණු පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කිරීමේදී ඔබ පිළිබඳ එක්‌ දෙයක්‌ පැහැදිලිව දැකගත හැකිය. එනම් ඔබ දැඩි ආත්මශක්‌තියකින් හා ආත්ම අභිමානයකින් කටයුතු කිරීමට නැඹුරු වූ අයකු බවය.ලග්නාධිපති සෙනසුරුගේ නෛසර්ගික ගුණය වූ දුක දරා ගැනීමේ හැකියාව, අරපිරිමැස්‌ම, පරාජය හමුවේ නොසැළී ඉදිරියට යැම, ආත්ම දමනය, අධිෂ්ඨාන ශක්‌තිය, විපතට දුර තියා බියවීම මකර ලග්නයෙන් උපන් ඔබට සහජයෙන් ම පිහිටන ලද ගතිගුණයන් වේ.

 බලයට ඔබ තුළ ඇත්තේ දැඩි කෑදර කමකි. බලය ලබා ගැනීම සඳහා සම්මතයෙන් පිට දෙයක්‌ වුවද කිරීමට ඔබ මැළිවන්නේ නැත. හොඳින් හෝ නරකින් තම අදහස ඉටුකර ගැනීමට මකරයෙන් උපන් ඔබගේ ප්‍රධාන ලéණ යයි. නමුත් සියල්ල දියත් කරනුයේ අන් අයට කිසිසේත් නොදැනෙන්නට වීම මෙහි ඇති විශේෂත්වය වේ. එමෙන් ම දැඩි ආත්මාර්ථකාමී ගතියක්‌ද ඔබ තුළ ඇත. එය මතුපිටින් දැකගත නොහැකිය. ඇසුරු කිරීමේදී පමණක්‌ දැකගත හැකි ප්‍රබල ලéණයකි.  පඨවි ගතිය වැඩි ලග්නය බැවින් මකරයෙන් උපන් ඔබ තුළ ලෞකික ආශාව ඉතා බලවත්ව පවතී. ඔබ යමක්‌ ඉල්ලා ගත්තද එය නැවත දීමට අකමැතිය. අන්සතු දේ තමා සතු කරගැනීමේ බලවත් ආශාවන් ඔබගේ සිත තුළ උපතින්ම තැන්පත්ව ඇත

 සෑම දෙයකට ම වැඩි කොටසේ අයිතිය තමා සතු විය යුතු යෑයි යන සිතිවිල්ල නිතරම ඔබගේ මනසේ රැව් පිළිරැව් දෙන්නා සේ ඔබට හැඟෙනු ඇත.

 ආර්ථික විද්‍යාව මව් කුසයේදීම හදාරා මෙලොවට බිහිව ඇති මකරයෙන් උපන් ඔබ, වියදම් කරනුයේ ද ගණන් හිලව් බලමින් පොත්පත්වල සටහන්කර ගනිමින්ය. මෙය මකර ලග්නයෙන් උපත ලද බොහෝ දෙනකු ඇසුරු කිරීමෙන් මා ලද අත්දැකීමක්‌ය. එමෙන්ම මුදල් වලට හා ඉඩකඩම් ගේ දොරවල දැඩි ආශාවක්‌ හා දැඩි කෑදරබවක්‌ ද ඔබ තුළ උපතින්ම පිහිටා ඇත.

 අනුන් තුළින් දකින සුළු දෙයක්‌ වුවද ලොකු කරමින් කථා කරන බව ක්‍රමානුකූලව පාලනයක්‌ සඳහා දස්‌කම් දක්‌වන අයෙකි. විශාල ව්‍යාපාරයන්හි මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ ශක්‌තියක්‌ ඔබට උපතින්ම දායාද වී ඇත. විපතකදී පවා අනුන්ගේ උදවු ඉල්ලීමට ඔබ දක්‌වන්නේ මැළි ගතියකි. එසේ වුවද අඩුවට ගත් භාණ්‌ඩ ගිනිගාණට විකිණීමට නම් ඔබට මනා දéතාවක්‌ ඇත.

 "කපටිකම" යනු දéතාවයි. එවැනි කෛරාටික ගතිද සමහර මකර ලග්නයෙන් උපන් අය තුළ පැහැදිලිව දැක ගත හැක. දé ව්‍යාපාරිකයන් බෙහොමයක්‌ ඉපිද ඇත්තේ මකර ලග්නයෙන් බව හෙළිවී තිබේ. මකරයෙන් උපන් සමහරු අවාසිය දුටුවිට හෙමිහිට මඟහැර යැමට ද දéවෙති.

 මකරයෙන් උපන් බොහෝ දෙනෙකු ගේ දොර, වතුපිටි, ඇතුළු දේපළ වස්‌තුවට දක්‌වනුයේ පුදුමාකාර තෘෂ්ණාවකි. පවුලේ අය ගැන වුවද වැඩි තැකීමක්‌ නොකරන මොවුන්, ඔවුන්ට ලැබිය යුතු දෙයක්‌ වුවද තමාගේ මඩියටම දමා ගන්නේ කෙසේ දැයි කල්පනා කර බලන්නෙකි. ඉහෙන් උතුරන්න තිබුණ ද මකර ලග්නකරුවා සෑහීSමට පත්වන්නේ නැත. ඔවුන්ගේ එකම අරමුණ බෙදා ගැනීම නොව බදා ගැනීම බව ප්‍රකාශ කළ හැකිය.

 මකර ලග්නයෙන් උපන් ඔබ බුද්ධිමත්ය. එහෙත් එම බුද්ධිය ඔබ යොදාගනුයේ අනුන්ගේ යහපතට වඩා තමන්ගේ අර්ථ ලාභය වෙනුවෙන් වීම විශේෂත්වයකි. සමහර මකර ලග්නකරුවන් මා දන්නා පරිදි අවංකය. බලාපොරොත්තු සහගතය. බොහෝ වෙහෙස වී අනුන්ගේ යහපත පිළිබඳව ද සොයා බලන බව මගේ පර්යේෂණයන්ගෙන් හෙළි වී ඇත. එවැන්නක්‌ සිදුවන්නේ බොහෝවිට පොදු වැඩ කටයුතු වලදීය.

 කඩිනමින් දියුණුවක්‌ අපේéd කරන මකරයෙන් උපන් ඔබ, භාරගන්නා ඕනෑම වැඩක්‌ වුව ද ඉතා විශ්වාසවන්ත අයුරින් ක්‍රමාණුකූල ලෙසින් හා පිරිසිදු ආකාරයෙන් ඉටු කිරීමට උත්සාහ ගන්නා අයෙකි. එය ඔබ සතු මහඟු ගුණාංගයක්‌ ලෙස පෙන්වා දිය හැකිය.

 මකර ලග්නයෙන් උපත ලද සැවොම තුළ එකම වාගේ ගති ගුණ පිහිටා නැත. කුම්භ ලග්නය දෙසට වැඩි අංශක ගණනක්‌ මකර ලග්නය ගමන් කර ඇති විටදී මකරයෙන් උපත ලද අය සමාජය වෙනුවෙන් බොහෝ කැපවීම් කරන බව හෙළිවී ඇත. ඔවුන් ආත්මාර්ථය හා පරාර්ථය යන ගුණයන් දෙකේ සම්මිශ්‍රණයකි. උපතේදී චන්ද්‍රයා ද මකරයේ පිහිටන ලද ජන්මීන් ඉතාම මසුරු බවක්‌ පෙන්වන බව සත්‍යයකි.වැඩ කටයුතු වගකීමෙන් යුතුව ඉටු කරන මකර ලග්නයෙන් උපන් ඔබ එය තම යුතුකමක්‌ සේ සලකා ක්‍රියා කරන්නෙකි. ඔබගේ කටයුතුවලට කෙබඳු විරෝධතා පැන නැඟුණද ඔබ ගන්නා ලද තීරණයක්‌ නම් පහසුවෙන් වෙනස්‌කරන්නේ නැත. එම තීරණයක්‌ ක්‍රියාත්මක කර මිසෙක නැවත ආපසු හැරෙන්නේ ද නැත.

 අන් අයට වඩා මකර ලග්නයෙන් උපන් ඔබ, මුදලේ වටිනාකම හොඳින් දන්නා අයෙකි. ඒ නිසා අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමට ඔබ කැමති නැත. අරපිරිමැස්‌මෙන් කටයුතු කරමින් මුදල් ආරéd කරගන්නා අතර අනාගතයේ ඇතිවිය හැකි ආර්ථික දුර්භික්‌ෂයන්ගෙන් ප්‍රවේශම් වීමට කල් ඇතිවම සූදානම් වීම ඔබගේ සිරිතය. එය ඉතා අගය කළ යුතු ගුණයක්‌ ලෙස මම දකිමි. ඔබ විටෙක ත්‍යාගශීලීsය. ධාර්මික කටයුතු වලදී ඉදිරියෙන්ම සිටීමට සැමවිටම උත්සාහ ගන්නා ඔබ සාමාජීය වගකීම්වලදී මූලිකත්වය ගෙන ක්‍රියාකරන්නකු ලෙස ප්‍රසිද්ධියට පත්වනු ඇත. ඔබගෙන් සමාජයට ඉටුවිය යුත්තේ කුමක්‌ දැයි පිළිබඳව ඔබ නිරන්තර අවධියෙන් පසුවන්නකු වේ.

 ඔබ සුළු ජයග්‍රහණයකින් සෑහීමට පත්වන්නකු නම් නොවේ. ඔබව පහසුවෙන් සතුටු කළ නොහැකි අතර ඔබගේ ගමන් මඟට බාධා වන්නන් කිසිසේත්ම ඔබට රුස්‌සන්නේ නැත. ඔබ අපේéd කරනුයේ නිරතුරුවම විජයග්‍රහනණයමය. එය ඔබගේ ඒකායන ප්‍රාර්ථනයයි.

 ඔබ යමක්‌ දී ඒ වෙනුවට තවත් යමක්‌ ලබා ගැනීමේ හුවමාරු ආර්ථිකය තදින්ම පිළිපදින අයෙකි. නමුත් ඔබ ඔබට අවශ්‍ය සෑම දෙයක්‌ම ලබා ගන්නේ මුදල ඉදිරියට දමමින් වීම විශේෂත්වයකි. මුදල් නැති ලොවක්‌ පිළිබඳවම ඔබ සිහිනෙනුදු නොසිතනු ඇතැයි නොබියව පැවසිය හැක.

 ඔබට පුළුල් මිත්‍ර සන්ධානයක්‌ ඇත. ඔබගේ ප්‍රිය මනාප කථා විලාසයත් වෙහෙස මහන්සිවී වැඩකිරීමත් හේතුකොට ගෙන සමාජයේ උසස්‌ තලයකට ඔබට පැමිණීමට පුළුවන. විනෝදවීමට ඔබ කැමතිය. නමුත් ඒ සඳහා වැඩි මුදලක්‌ වියදම් කිරීමට ඔබ තුළ වැඩි කැමැත්තක්‌ නැත.

 කලාව, සංගීතය හා ගායනය සහජයෙන්ම ඔබ තුළ පිහිටා ඇත්තේ යෝග කාරක සිකුරුගේ බලය හේතුකොට ගෙනය. ඔබගේ ආර්ථික ලෝකය චිත්‍රශිල්පියෙකු ලෙසින් කටයුතු කරමින්ද බබළවාගත හැකි අතර කලා කටයුතුවල නියෑළීමෙන් හා ඒ පිළිබඳව කථා කිරීමෙන්ද ඔබ මහත් සතුටක්‌ භුක්‌ති විඳිනු ඇත.

 ඔබ අපල කාලවලදී සැඟව සිටීමට දé වනවා මෙන්ම සුබ කාලවලදී ඉදිරියට පැමිණ ද සතුටින් කටයුතුවල යෙදීමට ද දක්‌වන්නේ බලවත් ආශාවකි. දේශපාලන වැඩකටයුතු හා ක්‍රියාකාරකම් ද ඔබට යෝග්‍යවන අතර ජනතාවද ඒබව ඉහළින්ම පිළිගනු ඇත.
 ඔබගේ ප්‍රධාන දුර්වලකම වනුයේ අධික ලෙස වෙහෙසවෙමින් මුදල් ඉපැයීමට උත්සහ කිරීමත්, මුදලට ඇති ගිජු බවත්ය. එම දුර්වලතා තරමක්‌ දුරට හෝ අඩුකර ගැනීමෙන් දේශපාලඥයකු ලෙසින් සමාජයට යහපත් සේවයක්‌ කිරීමට ඔබට හැකිවනු ඇතැයි මම පවසමි.


 ඔබගේ ජයග්‍රාහී අංක වනුයේ අංක 04, 05, 06, 08 යන අංකයන්ය. ඔබ පැළඳිය යුත්තේ නිල් මැණික්‌ හා දියමන්ති වන අතර ඔබ පිහිට පැතිය යුත්තේ  විෂ්ණු දිව්‍යරාජයා ගෙන්ය. උතුර ඔබේ ශුභ දිසාව වේ.

කටක, තුලා, වෘෂභ හා කන්‍යා ලග්න ඔබට වඩාත් ගැළපෙන ලග්නයන්වේ.

දණහිස්‌වල ආබාධ, කකුලේ වළලුකර ආශ්‍රිත ලෙඩ දුක්‌, ලේ අඩුකම, රක්‌තවාතය, හන්දිපත් රුදාව, වාතරෝග, ඔබට පහසුවෙන් වැළඳෙන රෝගාබාධ වේ.

බදාදා, සිකුරාදා හා සෙනසුරාදා ඔබට යහපත් දිනයන්a වන අතර ඉරිදා හා සඳුදා අයහපත් දිනයන්a වේ.

 කොළ හා නිල්පැහැය ඔබට වාසනාව ගෙනෙන වර්ණයන් වන අතර එම වර්ණයන්ගෙන් සැදුම්ලත් ඇඳුම් අඳිමින් වැදගත් ගමන්වල යෙදීමෙන් එම ගමන් සාර්ථක වනු ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment