ලග්න වලින් කියෙවෙන රහස් මගින් ඔබේ අනාගතය ඔබම බලා ගන්න | Gurkam.net - Gurukam.Net

Wednesday, April 22, 2020

ලග්න වලින් කියෙවෙන රහස් මගින් ඔබේ අනාගතය ඔබම බලා ගන්න | Gurkam.net


 සිදු කරන ලද ගවේශනයේදී මෙම යෝග ඇති කේන්දර හිමියන් කෙසේ හෝ උපන් තත්වයෙන් ඉතා ඉහලට පැමිණි සාර්ථක මිනිසුන් බවත් විවිධ දක්ෂතා පෙන්නුම් කරන ලක්ෂපතියන් කෝටි පතියන් බව  සොයා ගන්නා ලදී.තමා උපන් මට්ටමෙන් ඉතා ඉහලට යන මිනිසුන්ගේ කේන්ද්‍ර වල මෙම පිහිටීම් දක්නට ලැබෙන අතර මේවා ” පංච මහා පුරුෂ” යෝග නමින් පුරාණ පොත් වල සදහන් වේ.ඒවා ලග්නය අනුව ඔබටම සොයා ගතහැකි සරලම ක්‍රමය පහත ආකාරයයි

මේෂ ලග්නය

ඔබගේ කේන්දරයේ 1 කොටුවේ කුජ සිටි විට, 7 කොටුවේ ශුක්‍ර හෝ ශනි සිටි විට,10 කොටුවේ ශනි සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

වෘෂභ ලග්නය

ඔබගේ 1 කොටුවේ ශුක්‍ර සිටීම, 7 කොටුවේ කුජ සිටීම, 10 කොටුවේ ශනි සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් ඉහත කී සුපිරි වැඩකරුවෙකි

මිථුන ලග්නය

ඔබගේ කේන්දරයේ 1 කොටුවේ බුධ සිටීම, 7 කොටුවේ ගුරු සිටීම,10 කොටුවේ ගුරු හෝ ශුක්‍ර සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

කටක ලග්නය

ඔබගේ 4 කොටුවේ ශනි හෝ ශුක්‍ර සිටීම,7 කොටුවේ ශනි හෝ කුජ සිටීම,10 කොටුවේ කුජ සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

සිංහ ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 4 කොටුවේ කුජ සිටීම,7 කොටුවේ ශනි සිටීම, 10 කොටුවේ ශුක්‍ර සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

කන්‍යා ලග්නය

ඔබගේ කේන්දායේ 1 කොටුවේ බුධ සිටීම, 4 කොටුවේ ගුරු සිටීම, 7 කොටුවේ ශුක්‍ර හෝ ගුරු සිටීම, 10 කොටුවේ බුධ සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

තුලා ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ ශනි හෝ ශුක්‍ර සිටීම, 4 කොටුවේ කුජ හෝ ශනි සිටීම, 7 කොටුවේ කුජ සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

වෘශ්චික ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ කුජ සිටීම, 4 කොටුවේ ශනි සිටීම, 7 කොටුවේ ශුක්‍ර සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

ධනු ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ ගුරු සිටීම, 4 කොටුවේ ගුරු හෝ ශුක්‍ර සිටීම, 7 කොටුවේ බුධ සිටීම, 10 කොටුවේ බුධ සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

මකර ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ කුජ හෝ ශනි සිටීම, 4 කොටුවේ කුජ සිටීම, 10 කොටුවේ ශුක්‍ර හෝ ශනි සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

කුම්භ ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ ශනි සිටීම, 4 කොටුවේ ශුක්‍ර සිටීම, 10 කොටුවේ කුජ සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

මීන ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ ශුක්‍ර හෝ ගුරු සිටීම, 4 කොටුවේ බුධ සිටීම, 7 කොටුවේ බුධ සිටීම, 10 කොටුවේ ගුරු සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.


No comments:

Post a Comment