උපන් වෙලාව දත් නොදත් ඔබට ලග්න පලාඵල | Gurukam.net - Gurukam.Net

Friday, May 1, 2020

උපන් වෙලාව දත් නොදත් ඔබට ලග්න පලාඵල | Gurukam.net


උපන් වේලාව මුල් කර ගනිමින් ජන්මියා වෙනුවෙන් "කේන්දරයක්‌" සෑදීම ඈත අතීතයේ සිටම පවත්වාගෙන ආ චාරිත්‍රයකි.මෙලොව උපත ලද සෑම ජන්මියෙකුටම උපන් දිනයක්‌ හා උපන් වේලාවක්‌ ඇත. ජන්ම කේන්දරයේ නොහොත් වේලා පත්කඩයේ ඉතිහාසය වසර පන්දහසද ඉක්‌මවන අතර එය "රාවණා" රාජයුගය දක්‌වා දිවෙයි.

රාවණා රජු ලංකාවේ රජකරද්දී "නාරද" නමැති සෘෂිවරයකු ඉන්දියාවේ සිටි බවට සාක්‍ෂි ඇත. රාවණ රජු විසින් පැහැරගෙන ආ බවට සැලකෙන රාම කුමරුගේ භාර්යාව වූ "සීතා" කුමරියගේ කේන්දරය ද සාදා ඇත්තේ එම "නාරද" සෘෂීන් බවට ඉතිහාසයේ සඳහන්ව තිබේ.

හිරු, සඳු මුල් කරගනිමින් නිර්මාණය වු ජ්‍යෙdතිෂශාස්‌ත්‍රයට ජාතියක්‌, ආගමක්‌ නැත. එකම ඉරක්‌ හා එකම සඳක්‌ යට ජීවත් වන සියලු සත්ත්වයන් හට පතිත වනුයේ එකම හිරු කිරණකි. එකම සඳකැන් දහරකි. එබැවින් "ජ්‍යෙdතිෂ්‍ය" යනු විශ්වය තුළ වෙසෙන සියලු මනුෂ්‍ය වර්ගයාට පොදු විද්‍යාවකි.එහෙත් සමහර අන්‍යාගමික ලබ්ධිකයින් කේන්දරය පිළිගැනීමට මැළි බවක්‌ දක්‌වන බව පෙනේ. ඒ ප්‍රසිද්ධියේ පමණකි. නමුත් රහසිගතව කේන්දරය බලවත් නැකතට වැඩ කරති.

ඒ තම ආගමික නායකයිනට හොරෙන්ය. බොහෝ දෙනෙකු රහසිගතව කේන්දර සාදා ඇති නමුත් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමට පවා බියක්‌ දක්‌වයි. ඒ තම ආගමික නායකයින්ගේ අණ පනත් නිසාය.යුරෝපීය ජාතීන්ගෙන් වැඩි කොටසක්‌ ක්‍රිස්‌තියානි ආගම අදහන්නෝ වෙති. ඒ අතරින් කොටසක්‌ තාරකා ශාස්‌ත්‍රය, ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රය වැනි ඇසට නොපෙනෙන ගුප්ත විද්‍යාවන් පිළිබඳව ගවේෂණය කරන්නටත් ඒ පිළිබඳව වැඩි දුර හැදෑරීමටත් පෙළඹී ඇති බවට ඉතිහාසයේ අනන්තවත් සාක්‍ෂි දක්‌නට ඇත.
ෙ-සු තුමාගේ උත්පත්ති කේන්දරය මුලින්ම සාදා ඇත්තේ " ජෝන් බට්‌ලර්" පියතුමා විසින් බව වාර්තා වේ.

එමගින් තහවුරු වන්නේ ද ක්‍රිස්‌තියානි ආගම තුළද කේන්දර පිළිබඳව විශ්වාසයක්‌ පැවැති බවය.වත්මන් ලෝකයේ බොහෝ රටවල ජ්‍යෙdතිෂය ඉතා ප්‍රචලිතය. එම රටවල් ජ්‍යෙdතිෂ විද්‍යාවට හිමිකර දී ඇත්තේ අද්විතීය ස්‌ථානයකි. මෙම ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාව තරම් පැරණි ශාස්‌ත්‍රයක්‌ අද වන තුරුත් නොනැසී පැවතීම හේතුකොට ගෙනම එහි ඇති සත්‍යතාවය වටහා ගත හැකිය.

ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය හා ඊශ්‍රායලය වැනි රටවල ජ්‍යෙdතිෂ්‍ය උගන්වනු ලබන ආයතනය පවා ඇති අතර එම ආයතන මගින් දිගින් දිගටම ජ්‍යෙdතිෂ පර්යේෂණ සිදු කරගෙන යන බව සඳහන් වේ.

1960 පමණ වන විට ඇමෙරිකා එක්‌සත් ජනපදය තුළ පමණක්‌ තිස්‌ දහසකට වඩා ජ්‍යෙdතිෂඥයන් සිටි බවට වාර්තා වී ඇත. එමෙන්ම ජ්‍යෙdතිෂ්‍ය සඟරා විස්‌සකට වඩා ප්‍රකාශයට පත් වූ බව සඳහන් වේ. එම එක්‌ එක්‌ සඟරාවන් හි අලෙවිය එම කාලයේ පිටපත් ලක්‍ෂ පහ ඉක්‌මවා තිබේ.

තවද පුවත් පත් දෙදහසකට අධික ප්‍රමාණයක්‌ මුද්‍රණය වූ අතර ඒවායින් වැඩි සංඛ්‍යාවක ජ්‍යෙdතිෂ් පලාපල තීරුවක්‌ තිබූ බව කියෑවේ. ඇමෙරිකානුවන් ජ්‍යෙdතිෂ්‍ය උපදෙස්‌ ලබා ගැනීම සඳහා වසරකට ඩොලර් දස ලක්‍ෂ දෙසීයකට වඩා වියදම් කරන බව ප්‍රංශ පරමාණු විද්‍යාඥයකු වූ "යාක්‌ස්‌ බර්ගියර්" පවසා ඇත.

ප්‍රංශ ජාතිකයින් තම රටේ නවීන විද්‍යාත්මක පර්යේෂණ සඳහා කරනු ලබන වියදම්වලට වඩා විශාල ධනස්‌කන්දයක්‌ ගුප්ත විද්‍යා කටයුතු සඳහා වියදම් කරන බව බර්ගියර් මහතා පවසයි. පැරිස්‌ නගරයේදී පමණක්‌ වසරකට µ්‍රEන්ක්‌ දස ලක්‍ෂ පණස්‌ දහසක්‌ එම කටයුතු සඳහා ඔවුන් වියදම් කරන බව ඔහු වැඩි දුරටත් දක්‌වා ඇත. අද වන විට එම තත්ත්වය කිහිප ගුණයකින් වැඩි වන්නට ඉඩ තිබේ.

"ඩැල්ඩියන්වරු" තාරකා ශාස්‌ත්‍රයේ හා කේන්ද්‍ර පලාපල කථනයේ අති දක්‍ෂයන් යෑයි ශ්‍රීක ලේඛක ස්‌ට්‍රැබෝ විසින් ලියා ඇත. (ස්‌ට්‍රැබෝ ක්‍රි. ව. 24 දී මිය ගිය බව සඳහන්ය) තුන්වන සත වර්ෂයේ දී "අලෙවියන්" නමැති ලේඛකයා ද චැල්ඩියන්වරු ග්‍රහයින් පිළිබඳ දැනුමෙන් පොහොසත්ව සිටි බව සනාථ කර තිබේ.

ක්‍රිස්‌තු පූර්ව පළමු ශත වර්ෂයේදී ඉන්දියාවේ රජ කළ 1 වැනි වික්‍රම රජතුමා, ජ්‍යෙdතිෂයට මහත් ඇල්මක්‌ දැක්‌ වු අතර ජ්‍යෙdතිෂ්‍යාචාර්යවරුන්ට උසස්‌ ලෙස ආධාර කරමින්, එහි අභිවෘධිය සඳහා විශාල වශයෙන් කැපවීම් කරන ලද බව සඳහන් වේ. ආචාර්ය මොනිසර් විලියම්ස්‌ගේ වාර්තාවන් ඊට සාක්‍ෂි ලෙස දක්‌වා ඇති අතර වික්‍රම රජතුමා ජ්‍යෙdතිෂයේ පුනරුදයට දායක වූ ශ්‍රේෂ්ඨ රජෙකු ලෙස ඉතිහාසගතව ඇත.

වික්‍රම රජතුමාගේ අමාත්‍ය මණ්‌ඩලය මහත් සේ බුද්ධිමත් පණ්‌ඩිතයින් නව දෙනෙකුගෙන් සමන්විත විය. ඔවුන් අතරින් වරාහමිහිර පඬිතුමා හෝරා ශාස්‌ත්‍රය පිළිබඳව කෙළ පැමිණියකු වු අතර ජ්‍යෙdතිෂශාස්‌ත්‍රයේ සියලු පැතිකඩයන් හසළ බුද්ධියකින් යුතුව මනාව අධ්‍යයනය කළ මහා ප්‍රාඥයකු සේ දැක්‌විය හැක. එතුමාගේ අතින් ලියෑවුණු මහානර්ඝ ග්‍රන්ථයක්‌ පිළිබඳව අරාබි හා යව්න (ශ්‍රීක) පඬිවරුද නොයෙක්‌ තැන්හි ප්‍රතික්‍ෂේප කර තිබේ. (ක්‍රි. ව. 505 -ක්‍රි. ව 587)අදින් වසර 5000 කට පෙර සිටම ඉන්දියාව තුළ ජ්‍යෙdතිෂය පිළිබඳ කටයුතු පැවැති බවට සාක්‍ෂි එමට ඇත. පුරාණ වේද ග්‍රන්ථවලද ජ්‍යෙdතිෂ තොරතුරු අඩංගු වී තිබීමෙන් ඒ බව සනාථ වේ.

ජ්‍යෙdතිෂ ඥානය "ශිව" දෙවියන්ගෙන් ලැබුණ දායාදයක්‌ ලෙස හින්දු ජනතාව අදහන අතර "බෙල්" නම් දේව පුත්‍රයාගෙන් තමන්ට ජ්‍යෙdතිෂ ඥානය ලැබුණ බව වැල්ඩියන්වරු විශ්වාස කළහ. ක්‍රි. පූ. 668-620 ත් අතර ඇසිරියාවේ රජකළ "අසුරබනිපාල්" රජතුමා, මුළු පුල්ඩියාව පුරා විසිර සිටි ජ්‍යෙdතිෂාචාර්යවරුන්ට නියෝගයක්‌ නිකුත් කර ඇත. එනම් තම හැකියාවන් මත එදිනෙදා ජ්‍යෙdතිෂ තොරතුරු රාජ සභාව වෙත එවන ලෙසය. මැටි පුවරුවල ලියන ලද එම ජ්‍යෙdතිෂ වාර්තාවලින් නගරයේ පිහිටා තිබු රජුගේ පුස්‌තකාලයේ කොටසක්‌ පිරී ගිය බව සඳහන් වී තිබේ.එම මැටි පුවරු අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර එහි සඳහන් වාර්තාවලට අනුව එකල තිබු ජ්‍යෙdතිෂ දැනුම ඉතා උසස්‌ මට්‌ටමක පැවැති බව විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත. එහි ඇති සමහර මැටි පුවරුවල සඳහන් තොරතුරුවලට අනුව ක්‍රි. පූ. 3800 කට පෙර සිටි 1 වැනි සාගෝන් රජුගේ කාලයේද ජ්‍යෙdතිෂය තිබූ බවට එම මැටි පුවරු හොඳ සාක්‍ෂියකි.

වර්තමාන යුගයට ගැලපෙන ලෙස ලග්නවලට නම් තැබීම (මේෂ, වෘෂභ, මිථුන ආකාරයට) සිදු වුයේ බැබිලෝනියන්වරුන්ගේ ආභාෂය මුල් කරගෙනය. ඇලෙක්‌සැන්ඩි්‍රයාවේ ජීවත් වූ "ක්‌ලෝඩියස්‌ ටොලමි" (ඡඔධඛෑඵශ ක්‍රි. පූ. 150) විසින් පළමුවරට සත්ත්ව රූප ලග්නවලට යොදා ගත් බව සඳහන් වේ. මහා ඇලෙක්‌සැන්ඩර් රජුගේ රාජකීය තාරකා විද්‍යාඥයා වූ මෙතුමා විසින් පාථිවියේ භ්‍රමණය සහ ග්‍රහ තාරකාවල නිවැරදි පිහිටීම ද ඉතා නිවැරදි ලෙස ගණනය කළ බව සඳහන් වේ. " ටොලමිගේ මූල ධර්මය" ලෙස අදත් එය ඉතා ඉහළින් පිළිගැනේ.ඊට සමකාලීනව ජපානය, චීනය, ඉන්දියාව හා ග්‍රීසිය යන රටවල් ද සතුන්ගේ නම්වලින් ලග්න හැඳින්වීම සිදු කර ඇත. එක්‌ එක්‌ ලග්නය සඳහා සතුන් තෝරාගෙන ඇත්තේ, එම ලග්නය හිමි ජන්මියාගේ ගති ලක්‍ෂණ කේන්ද්‍රීය කරගෙනය. බටහිර ජ්‍යෙdතිෂ ක්‍රමය බොහෝ දුරට ඉන්දීය ජ්‍යෙdතිෂයට සමානකම් දැක්‌වූවද, පුද්ගලයාට හිමි ලග්නය තෝරා ගන්නා ක්‍රමවේදය මෙහිදී බොහෝ දුරට වෙනස්‌ වේ.

බටහිර ජ්‍යෙdතිෂයට අනුව උපන් වේලාව නොදන්නා අයෙකුට ලග්නයක්‌ ලබාදීමේ හැකියාවක්‌ ඇත. දැනට උත්පත්ති කේන්දරයක්‌ නොමැති, උපන් වේලාවක්‌ නොදන්නා අයට මෙය සුභාරංචියක්‌ වනු නොඅනුමානය. මෙම ක්‍රමවේදය ඉතා සාර්ථකය. බටහිර ජ්‍යෙdතිෂය මගින් ලග්නය සොයා ගැනීමේ ක්‍රමය හා ඊට අදාළ පලාපල විස්‌තරය ද ඉතා සතුටින් "තරු මඬලේ" පාඨක ඔබ හමුවේ ලබන සතියේ සිට දිග හරිනෙමි.අද වන විට උත්පත්ති කේන්දරයක අවශ්‍යතාවය දැඩි ලෙස සමාජයට දැනෙන්නට පටන් ගෙන ඇත. ඒ බව මා වෙත පැමිණෙන අන්‍යාගමික ජන්මීන්ගේ මැසිවිලිවලින්ම තේරුම් ගොස්‌ තිබේ. ජන්ම පත්‍රයක්‌ ඇති අය, තම ලග්නය උපයෝගී කර ගනිමින් පලාපල විමසන විට කේන්දරයක්‌ තබා තමා උපන් ලග්නයවත් නොදන්නා අය මහත්සේ කනගාටු වන බව මා අත්දැක ඇත. ඔවුන්ගේ එම කණස්‌සල්ලට සුභවාදී විසඳුමක්‌ ලෙස උපන් දිනයට ලග්නයක්‌ ලබා දීමට හැකි වීම සතුටට කරුණකි.


මෙය වඩාත් සුදුසුවන්නේ දැනට කේන්දරයක්‌ නැති, උපන් ලග්නය හෝ උපන් වේලාව නොදන්නා අයටය. නමුත් උපන් වේලාව හා තම ලග්නය දන්නා අයටද මෙම පලාපල විස්‌තරය ගැළපෙනු ඇත.


මෙම බටහිර ජ්‍යෙdතිෂ ක්‍රමයට අනුව ද පළමු ලග්නය වන්නේ මේෂ යයි. මේෂ ලග්නය හිමියන් උපත ලබන්නේ ඕනෑම වසරක මාර්තු 21 සිට අප්‍රේල් 20 දක්‌වා කාලය තුළය. පහත දක්‌වා ඇති වගුවෙන් ඔබේ උපන් දිනයට හිමි ලග්නය සොයා ගැනීම. පහසු වනු ඇත. ඉන්පසු ඊට අදාළ පලාපල විස්‌තරය කොතෙක්‌ දුරට ඔබේ ජීවිතය හා සැසඳේ දැයි විමසා බලන්න.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment