Lagna Palapala 2020-10-22 ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Wednesday, October 21, 2020

Lagna Palapala 2020-10-22 ලග්න පලාපල | Gurukam.net

 


ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 ඔක්තෝබර් මස 22 වන බ්‍රහස්පතින්දා

ඉර උදාව   - පෙරවරු 05.57 ට

ඉර බැසීම  - පස්වරු 17.52 ට

රාහු කාලය

දිවා 13.27 සිට 14.56 දක්වා

රාත්‍රී 01.27 සිට 02.56 දක්වා

සුභ දිශාව             - උතුර

මරු සිටින දිශාව - දකුණ

මේෂ

ඉංජිනේරු හෝ කාර්මික අංශවල යෙදී සිටින්නන් ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන අතර ඉන් පැසසුම් ලද හැකිය. ලෞකික දේවලට අදාළ වන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා සමත් වේ. වෙළඳ කටයුතු ආදියට ද සුබදායක වේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කැපී පෙනෙන ආකාරයෙන් ක්‍රියා කරයි. පොදුජන සේවය වෙනුවෙන් මහන්සි වී කටයුතු කෙරෙන දිනයක් වීමේ ඉඩකඩ පවතී. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කර ජයග්‍රහණ ලබා ගත හැකි දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09

වෘෂභ

දේව ඇදහිලි, මන්ත්‍ර ශාස්ත්‍ර ආදියට වැඩි නැඹුරුවක් යෙදිය හැකිය. ලෙඩ රෝග තත්ත්වයක් සමනය වීමේ කරුණු යෙදේ. තමාගේ තත්වය පහත හෙළීමට බලා සිටි අයට වැරදිය හැකිය. දරුවන්ගේ ගණිතමය ඥානය වැඩි දියුණු කර ගැනීමට හැකි දිනයකි. නීති අංශයේ රැකියා කටයුතු කරන්නන්ගේ තර්ක හමුවේ අන් පාර්ශවය අසරණ විය හැකිය. පොත්පත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට වෙනදාට වඩා වැඩි ලාභ ප්‍රයෝජන හිමි වීමේ භාග්‍ය පවතී. ප්‍රචාරක කටයුතු සාර්ථකය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

මිථුන

සතුරන්ගෙන් එල්ල විය හැකි හිරිහැරවලින් ගැලවී සිටීමට හැකි දිනයකි. කෙරෙන කර්මාන්ත ආදිය සාර්ථක කරවයි. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ උදවු උපකාර ලැබෙයි. රැකියාව තුළ උසස්වීම් ද ඇති කරයි. ජලය සම්බන්ධව කටයුතු ආදියේ යෙදීමෙන් ප්‍රවේශම් සහගත විය යුතුය. කලහ කිරීම් ආදියට පැටලීමේ ස්වභාවයක් පවතින නිසා විමසිලිමත් විය යුතුය. විවිධ දෝෂාරෝපණයන් එල්ල විය හැකි වුවද ඒවාට සාර්ථකව මුහුණ දීමේ ශක්තිය පවතී. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05

කටක

හවුල් ව්‍යාපාර කරන්නන්ට මහජන ගනුදෙනුවලින් ලාභ හිමි වීමේ ප්‍රවණතාවක් පවතී. පවතින වෙළඳ සබඳතා පුළුල් වීමේ හැකියාවක් ඇත. දරුවන් ද තම හැකියාව මත ප්‍රකට වීමේ ස්වභාවය පවතී. හොඳ එකමුතු හැඟීමක් පවතින බැවින් සමාජ කටයුතු ආදියේ දී මුල් තැන හිමි වේ. විවාහ දිවියේ පවතින අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම සාර්ථක වීමේ ලකුණු පෙන්නුම් කරයි. මැසි මදුරු ආදී සතුන්ගෙන් හිරිහැර, කරදර හා ලෙඩ රෝග ඇතිවන බැවින් කල්පනාකාරී වන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

පෞද්ගලික සතුරන් සිටී නම් ඔවුන්ට ඔබට විරුද්ධ වීමට අපහසු වේ. නීති ගැටලු ආදිය ඉදිරිපත් වන්නේ නම් ඔබට ඒවායින් ජයග්‍රහණය ළඟා කරගත හැකි වටපිටාවක් ගොඩනැඟේ. විභාග ආදියෙන් ජයග්‍රහණ අත්විය හැකිය. උදරය ආශ්‍රිතව හටගත් රෝගාබාධ වේ නම් ඉන් සුවය අත්විය හැකිය. කිසියම් නව ශක්තියක් ශරීරයේ ක්‍රියාත්මක වන දිනයකි. රැකියාවේ මෙතෙක් පැවැති බාධක ගැටලු වේ නම් ඉන් තරමක හෝ සහනයක් ලැබීමට ඉඩ ප්‍රස්තා පවතී. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01

කන්‍යා

ගර්භනී කාල සීමාවෙහි සිටින්නියන් ආරක්ෂා සහිතව අද දිනය ගත කළ යුතුය. ආදරවන්තයන් අතර භේදවීම් යෙදිය  හැකිය. දරුවන් සමඟ කතා කිරීමේ දී ඉවසීමෙන් කටයුතු කළ යුතුය. දරුවන්ගේ කටයුතු සොයා බැලිය යුතුයි. නැතහොත් ඔවුන් සම්බන්ධ ප්‍රශ්න ආදියට මුහුණ පෑමට ඉඩ ඇති කරුණු මතු වේ. විශාල ව්‍යාපෘති භාර ගෙන ක්‍රියා කළ අයට විශාල ලාභ ලැබීමේ ප්‍රවණතාවක් යෙදිය හැකිය. හවුල් කටයුතුවල නියැළෙන්නන් ඒ සඳහා විවිධ ප්‍රයෝජන භාවිතා කිරීමට අවකාශය පවතී. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05

තුලා

වෙනදාට වඩා නිවසෙහි මුල්  තැන ගෙන කටයුතු කිරීමට හැකිය. ඔබ තුළ මානසික ප්‍රමුදිතභාවයකින් යුතු වන දිනයක් වේ. ඕනෑම කටයුත්තක් ඉවසීමක් ඇතිව කෙරෙන බැවින් කිසිවකුටත් ඔබව තරහ ගැස්විය නොහැකි වේ. ගන්නා තීන්දු තීරණ අභිවෘද්ධියට හේතු විය හැකිය. සෑම කටයුත්තකටම දුරදිග බලා තීරණ ගන්නා නිසා අද යහපත් දිනයකි. තමා භාරගත් කටයුතු ඉතා ක්‍රියාශීලීව නිම කිරීමට හැකි වටපිටාවක් ගොඩනැඟේ. කාලත්‍රයාගේ රැකියා කටයුතුවලින් ද ලැබීම් පවතී. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික

නොසෙල්වෙන ආත්ම විශ්වාසයකින් කටයුතු කරයි. මතක ශක්තිය දියුණු කිරීමේ කටයුතුවල නිරත වේ. උසස් අධ්‍යාපනික කටයුතුවල නිරතවන්නන් හට ධෛර්යය හිමි වේ. කලාකරුවන්ට ඔවුන්ගේ වෘත්තීයමය විශේෂ දක්ෂතා පෙන්වීමට හැකියාව ලැබිය හැකි දිනයකි. ඉංජිනේරු හෝ ගණිත ක්ෂේත්‍රවල නියැළී සිටින්නන් අත්හදා බලන පර්යේෂණවල සාර්ථකත්වයක් හිමි කරගත හැකිය. දේශපාලන කටයුතුවල නිරත වූවන් අද දිනයේ පතුරුවන කතා මහජනයා තුළ ප්‍රකට ආකර්ෂණීය තත්ත්වයන් ඇති වේ. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09

ධනු

අසනීප තත්ත්වයන්වලින් සහනයක් ලැබීමට හැකි දිනයක් වේ. වාග් චාතුර්ය බලවත් දිනයක් වන නිසා අන්‍යයන් තම කතාවට යටහත් පහත් වන ස්වභාවය පවතී. කතා කර නොපරදින ස්වභාවයක් වේ. පොළොව ආශ්‍රිත කටයුතුවල යෙදෙන්නන් හට මැණික් ආදියෙන් වාසි සහගත විය හැකිය. රැකී රක්ෂා ආදියේ පදවි තානාන්තර හිමිවිය හැකිය. ආරක්ෂක ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ට තම වෘත්තීය හැකියාව හොඳින් පෙන්විය හැකි දිනයක් වනු ඇත. ණය දීම්  සහ ගැනීම්වල දී ප්‍රවේශම් විය යුතුය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03

මකර

අද දිනයේ ඔබට ඕනෑම ගැටලුකාරී තත්ත්වයක් දරා සිටීමේ මනා හැකියාව පවතී. ආදායම් හිමිකර ගැනීමට ගන්නා උත්සාහයන් අපතේ නොයයි. එම නිසා ඒවා අතහැර දැමීම අවාසි සහගත වේ. සහකරුට තරමක අපල සහගත සෞඛ්‍යමය ගැටලු යෙදීමට පවතින බැවින් සැලකිලිමත්ව සිටිය යුතුය. ඔබට විරුද්ධව යෙදෙන කුමන්ත්‍රණ ආදියෙන් බේරී සිටීමට වෙර දැරීමට විය හැකිය. දරුවන්ගේ හිතුවක්කාරකම් ආදී දේ නිසා ඔබගේ මනස ව්‍යාකූල වීමේ ඉඩකඩ පවතී. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

සිහි මුර්ජා වීම්, නින්ද නොයෑම් ආදී ගැටලු ඇතිකළ හැකිය. ණය තුරස් ආදිය පියවීම උදෙසා උත්සාහ කළ හැකි වේ. වංචා ආදියට හසු වීමට ඉඩ පවතින නිසා ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුය. රහස් සතුරු බලවේගයන්ට බුද්ධිමත්ව හා සාර්ථක ලෙස මුහුණ දීමට උත්සාහ ගනී. ශාස්ත්‍රීය කටයුතු කෙරේ වැඩි නැඹුරුතාවක් සහිතව ක්‍රියා කිරීමට ඉඩ පැවතිය හැකිය. ඉඩකඩම් ආශ්‍රිත ව්‍යාපාරයන්හි නිරතවන්නන් හට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

මිත්‍රයන් සමඟ කටයුතු කිරීමේ දී වාසිදායක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතී. පොදු සේවා කටයුතුවල දී කැපී පෙනෙන චරිතයක් විය හැකිය. දෙවියන් කෙරෙහි භක්තිමත් බව වැඩි වේ. අහිමි වී ගිය දෙයක් නැවත ගොඩනගා ගැනීම සඳහා වඩාත් උනන්දු වේ. කාන්තා පක්ෂයට අවශ්‍ය දෑ වෙළදාම් කිරීමේ දී වඩාත් ලාභ ඉපයිය හැකි වේ. ණයට මුදල් ලබා දෙන්නන්ට නියමිත මුදල් නැවත ලැබිය හැකි දිනයකි. තම යහපත් අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමට සුදුසු දිනයකි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03





















No comments:

Post a Comment