Lagna Palapala 2020-08-27 | ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Wednesday, August 26, 2020

Lagna Palapala 2020-08-27 | ලග්න පලාපල | Gurukam.net


ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා

ඉර උදාව   - පෙරවරු 06.04 ට

ඉර බැසීම  - පස්වරු 18.18 ට

රාහු කාලය

දිවා 13.34 සිට 15.03 දක්වා

රාත්‍රී 01.34 සිට 03.03 දක්වා

සුභ දිශාව             - උතුර

මරු සිටින දිශාව - දකුණ


මේෂ

රැකියා කටයුතුවල සාර්ථක දියුණුවක් පෙන්වන දිනයකි. කරන සියලු කටයුතු ආත්ම විශ්වාසයෙන් යුතුව කිරීමෙන් ලැබෙන වාසි හා ලැබීම් ඔබගේ යහපත පිණිසම හේතු වේ. ගෘහ ජීවිතයේ දී තරමක් කල්පනාකාරී ලෙස කටයුතු කරන්න. තම මතයට අනුවම ගොස් අනවශ්‍ය ප්‍රශ්නකාරී දේ ඇති කර ගනියි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි දවසේ වැඩි කාලයක් වැය කරයි. ප්‍රේම සබඳතාවලට අසුබදායක වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.

වෘෂභ

අද දිනයේ දී තරමක් පීඩාකාරී හේතු ඇති කරන දිනයකි. පියාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔබ සතු මුදල් වැය කරන්නට සිදු වේ. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී ගැටලු ඇතිවිය හැකිය. කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. සමාජයේ විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමේ දී ඔබ කල්පනාකාරී විය යුතුය. නීතිමය ලියකියවිලි අත්සන් තැබීමේ දී තරමක් කල්පනාකාරී වන්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,

මිථුන

අද දිනයේ දී ඔබ හදිසි අනතුරු ආදියට ලක් විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අන්‍යයන් සමඟ වචන හුවමාරුවේ දී වෙනදාට වඩා ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය. හවුල් ව්‍යාපාරවලින් ලැබීම් පෙන්නුම් කරයි. ප්‍රේම සබඳතාවලට බාධා මතු වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. තමා භාරගත් ක්‍රියාවක් ප්‍රශංසනීය ලෙස අවසන් කිරීමට අවස්ථාව ලැබෙයි.ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

කටක

රැකියා කටයුතුවල ලැබීම් ගෙන දෙන දිනයකි. තම සිතට එන අදහස් එලෙසම ක්‍රියාත්මක කිරීමට ගොස් ඔබට අද දිනය තුළ හොඳ නමට කැළලක් ඇති වීමේ අවධානමක් පවතී. එමනිසා ඔබ අද කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. වෙළඳාම් ආශිත රැකියා කටයුතුවල නිරත වන්නන්ට අද දිනයේ නොසිතූ ලාභ හිමි වේ. ඇස් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් මතුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.

සිංහ

අද දිනය තුළ ඔබගේ වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දරුවන්ට තරමක් බාධාකාරී වේ. රජයේ දඬුවම්වලට ලක්විය හැකි බැවින් ගමන් බිමන් ආදියේ දී කල්පනාකාරී වන්න. සතුරු පීඩාවලින් මෙන්ම රෝග පීඩාවලින් ද ආරක්ෂා විය යුතු දිනයකි. බොහෝ දුරට ඔබ අද දිනය තුළ ආගමික කටයුතුවල නිරත වීම තුළින් එම බාධා මඟ හරවා ගත හැකිය. යහපත් මිතුරු ඇසුර අවදානම් සහගතය.ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.

කන්‍යා

අද දිනය තුළ දූ දරුවන්ගේ වැඩ කටයුතු කෙරෙහි වැඩි කාලයක් ශ්‍රමයක් කැප කිරීමට සිදුවන දිනයකි. මුදල් වියදම් කිරීමේ දී දෙවරක් සිතා බලා වියදම් කිරීම තුළින් නිෂ්ඵල වියදම් අඩු කරගත හැකිය. උසස් අධ්‍යාපනයේ නිරත අයට විදේශ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. රැකියා කරන ස්ථානවල දී තමා බොහෝ පිරිසකගේ නායකයකු බවට පත් වේ. උදරයේ පහළ අසනීප ගති මතු කරවිය හැකිය.ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

තුලා

ආදායම් මාර්ග තුළ යම් වර්ධනයක් පෙන්නුම් කරයි. විවාහ ජීවිතය තුළ දී අද දිනයේ ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන බවක් පෙනේ. නිවාස කුලියට දීමේ දී හා කුලියට ගැනීමේ දී ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඉවසිලිවන්තව අද දිනය තුළ කටයුතු කිරීම තුළින් හවුල් ව්‍යාපාර ආදියෙන් යම් යම් වාසි ළඟා කරගත හැකිය. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් ඔබට අද දිනයේ උපකාර ලැබෙනු ඇත.ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.

වෘශ්චික

ඔබගේ සහෝදර සහෝදරියන් සමඟ සුහදව අද දිනයේ කටයුතු කිරීමට ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තරමක් වෙහෙසකාරී දිනයක් වනු ඇත. පියාට තරමක් අපලකාරී බවක් පෙන්නුම් කරයි. මිතුරන් සමඟ කටයුතු කිරීමේ දී වෙනදාට වඩා කල්පනාකාරී වන්න. ආදායම් තත්ත්වයට සුබදායක නැත. හෘද රෝග අවදානමක් පෙන්නුම් කරන බැවින් තෙල් සහිත ආහාර ගැනීමේ දී කල්පනාකාරී වන්න.ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.

ධනු

අද දිනය ඔබට ධනය ලැබීමට සුභ දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තුළ සුළු වශයෙන් බාධා පෙන්නුව ද උත්සාහවන්තව කටයුතු කිරීමෙන් එම බාධා මඟ හැර ඉදිරියට යෑමේ හැකියාව ඇති වේ. අන් අය සමඟ කටයුතු කිරීමේ දී හිත් රිදවීම් ආදිය සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ශරීර සෞඛ්‍ය එතරම් යහපත් නොවනු ඇත. පිත්තාශය සම්බන්ධ රෝග හට ගැනීමේ අවදානමක් පවතී. කල්පනාකාරී වන්න.ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

මකර

සමාජය තුළ හා පවුල් ජීවිතය තුළ කටයුතු කිරීමේ දී ඔබ වෙනදාට වඩා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයකි. දේපළ ඉඩකඩම්වලින් ලාභ පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායකය. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ස්ථිර කරගත හැකිය. විදේශ ශිෂ්‍යත්ව හා රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වන අයට ශුභදායක ආරංචි ලැබෙන දිනයකි.ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

කුම්භ

අද දිනය තුළ ඔබට රහස් සතුරු කරදර එල්ල වන දිනයකි. වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. වෙළඳ කටයුතුවලින් බාධා එල්ල වේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් ඔබට වෙහෙසීමට සිදු වන දිනයකි. මානසික පීඩා ආදිය ගෙන දෙන බැවින් ආගමික කටයුතුවල යෙදීම සුබදායකයි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. හවුල් ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී දෙවරක් කල්පනා කළ යුතු දිනයකි.ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

මීන

මානසික පීඩානය වැඩි කරවන දිනයකි. පියා සතු දේපළ ඉඩකඩම් ලැබීමක් පෙන්නුම් කරයි. අද දිනය තුළ ඔබට ආදායම් තත්ත්වය වැඩි කර ගැනීමට නම් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු වේ. නඩුහබ ආදියට පැටලීමට ඉඩකඩ ඇති බැවින් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. ප්‍රේම සබඳතාවලට කරදර බාධා ඇති වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායකය. උදරාබාධවලට හේතු වේ.

ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.



















No comments:

Post a Comment