ජන්ම පත්‍රයේ අධ්‍යාපනයෙන් යා යුතු දිශාව ලියෑවී තිබේද? | Gurukam.net - Gurukam.Net

Thursday, August 6, 2020

ජන්ම පත්‍රයේ අධ්‍යාපනයෙන් යා යුතු දිශාව ලියෑවී තිබේද? | Gurukam.net


බොහෝ ගුරු දෙමවුපියන් සිතන්නේ පංතියේ හැම දරුවාම එකම වයසේ නම් දක්‍ෂතාවය වෙනස්‌ වන්නේ කෙසේද කියාය. සෑම දෙමවුපියන්ගේම එකම බලාපොරොත්තුව තම දරුවා අධ්‍යාපනයෙන් ඉහළම තලයකට ඔසවා තැබීමයි. 

එහෙත් දරුවාගේ පෙර කුසල් බල දුබලතා මත එම හැකියාවද වෙනස්‌ වන බව ඔබ දන්නවාද? 
 එකම දිනයේ උපන් පුද්ගලයන් දෙදෙනකුගෙන් කෙනකු යාචකයකු ලෙස ද කෙනකු උගත් ධනවතකු ලෙස ද අපට දැකිය හැක. හොඳින් ඉගෙනුම ලබන දරුවකුගේ ජන්ම පත්‍රයේ ලග්නාධිපති බලවත්වීම, රවි, සඳු පස්‌වැන්න නොහොත් උසස්‌ අධ්‍යාපනය ගැන කියන රාශියේ ගුරු, සඳු වැනි ග්‍රහයන් බලවත් වීම අති උත්තම වටිනා පංචමහා පුරුෂ යෝග සහිතව උපත ලබාතිබීම දැකිය හැකියි. 

දසවැන්න නොහොත් තම වෘත්තිය ගැන කයන රාශියේ කුජ බලවත්වීම තුළින් දරුවා ත්‍රිවිධ හමුදා වෘත්තියට හෝ ව්‍යාපාරවලට යොමු කරවයි. දසවැන්නේ ගුරු බලවත්වීමෙන් අනුන්ට උපදෙස්‌ දෙන පිං වඩන වෘත්තියන්ට යොමු කරවයි. දසවැන්නේ සඳු බලවත්වීම ජලය, දියර වර්ග හෝ ජලයේ කරනා වෘත්තියකට යොමු කරවයි. 

ශනි කුජ දෙදෙනාම බලවත්වීම වෘත්තියකට යොමුකරවයි. ශනි කුජ දෙදෙනාම බලවත්වීම ඉංජිනේරු අංශයේ යොමු කරවයි. දසවැන්නේ සිකුරු බලවත් වීමෙන් කලාත්මක දෙයකින් හෝ නච්ච, ගීත, වාදිත අංශයකින් ඉදිරියට යයි. රවි දසවැන්නේ බලවත්වීමෙන් රජයේ රැකියා සඳහා යොමු කරවයි. රාහු 12 වැන්නේ හෝ 9 වැන්නේ සිටියොත් විදේශගත රැකියාවලට උපතින් හිමිකම් කියයි. 

කේතු දසවැන්නේ සිටීම උගත්කමින් කරන රැකියාවකට අත වනයි. අධ්‍යාපනය දුර්වල වන ග්‍රහ පිහිටීම් තිබී අති උතුම් වු මාලවි යෝගය, සස යෝගය ආදී පංචමහා පුරුෂ යෝග යෙදී තිබීම නිසා අධ්‍යාපනය දුර්වල වී එහෙත් ධනවත් බලවත් ව්‍යාපාරික දේශපාලනික උසස්‌ම චරිත මේ සමාජයේ වැජඹෙනු දැකිය හැකිය. 

හොඳින් ඉගෙනගත් දරුවකු එකවර දුර්වල වන්නේ තදබල සෙනසුරු ඒරාෂ්ඨවලට හසුවීමෙනි. නැතහොත් රාහු අසුබව යෙදීමද විය හැක. උපතින් පස්‌වැන්නේ සඳු සිටින විට ශනි ගමනින් එතැනට පැමිණ තිබේ නම් එය ඉගෙනුම දුර්වල වන ජම්ම ඒරාෂ්ඨකයයි. සිකුරු මහ දශා ලැබීම ද දරුවා ප්‍රබලව උදාසීන කරවයි. බුධ, ගුරු, කේතු මහ දශාව සුබව යෙදුන විට දරුවා ඉගෙනුමට ආශා කරයි.
 ඉගෙනුම ලබන දරුවාගේ එම කටයුතු දුර්වල වූයේ කුමන ග්‍රහයාගෙන්දැයි සොයා එම ග්‍රහයාට ප්‍රතිකර්ම කිරීම, බෙහෙත් ඖෂධ කළ ස්‌නානය කරවීම, ගණදෙවි ස්‌ත්‍රොaත්‍ර දමාගෙන පාඩම් කිරීම, ජන්ම පත්‍රය ද විමර්ශනය කරමින් හොඳ උපදේශන සේවයක්‌ කරනා තැනකට යොමු කරවීම, සෙත් කවි කියවා දේවාශිර්වාද ලැබීම, මහත් ගුණ ලැබේ. බොහෝ දෙමවුපියන් අධ්‍යාපනිකව දුර්වල වූ දරුවාට බැණ වැදීම, පහත් කිරීම සුලබව දැකිය හැකිය. 

කළයුතු දේ පසෙකට තබා නොකළ යුතු දේ කිරීම තුළින් දරුවා ශාරීරිකව හා මානසිකව ද දුර්වල විය හැකිය. 
 සෑම අංශයකින්ම ග්‍රහ බලය දුර්වල දරුවකුට වුවද ගමන් කළ යුතු දිශාවක්‌ තිබේ. "මේ දරුවාට මුකුත්ම බැහැ" යන්න බැහැර කළ යුතු වදනකි. මෙලොව උපදින හැම කෙනකුටම ස්‌වභාව ධර්මය විසින් මොනයම්ම හෝ දිශාවක්‌ නිර්මාණය වී තිබේ. 

එය ගුරු දෙමවුපියන් හඳුනා නොගැනීම දරුවාගේ වරදක්‌ නොවේ. . ජන්ම පත්‍රය යනු ගඟකින් එතෙරවීමට යොදාගන්නා පාරුවකි. ගඟෙන් එතෙර වී එය තොටුපළේ දමා යා යුතු දෙයකි. එය කරගසා ගෙන නොයායුතු යෑයි පෙර සෘෂිවරුන් පවසා ඇත්තේ සේ නිසාය. මෙලොව බිහිවන හැම දරුවකුගේම ජන්ම පත්‍රය හොඳින් විමර්ශනය කරවාගෙන ඔහුගේ සාංසාරික දිශාව මොන වගේදැයි සොයාබැලීම අත්‍යවශ්‍යයෙන්ම අතපසු නොකළ යුතුම කාර්යයකි.අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම දුර්වල කරගත් රටේ ඉහළම තැන්වල වැජඹුණ අති දක්‍ෂ ව්‍යාපාරිකයන් සිටිනා බව අමතක නොකළ යුතුය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment