ධන වාසනාව ඔබේ නිවෙසට ගෙනෙන පින්තූර | Gurukam.net - Gurukam.Net

Sunday, August 30, 2020

ධන වාසනාව ඔබේ නිවෙසට ගෙනෙන පින්තූර | Gurukam.net




                    ඔන්න ඔයාල එක්ක ඛෙදා හදා ගන්න හිතුනා. ෆෙංෂුයි ශාස්ත්‍රයට අනුව තමයි මෙහි ධනවාසනා ගෙනෙන පින්තුර ගැන සඳහන් කර ඇත්තේ. මේවා කෙතරම් දුරට සත්‍යදැයි කියා මා නොදනිමි. එහෙත් පොඩ්ඩක් හත්හදා බලන්න මේවා ඇත්තටම වෙනවද කියල.
විශේෂයෙන් නිවෙසකට ධනය ලැබීම යනුවෙන් අදහස් කරන්නේ, නිවෙස තුළ ගෘහ මූලිකයාගේ මෙන්ම සාමාජිකයන්ගේ දියුණුව (රැකියාවේ උසස් වීම් / ව්‍යාපාරය ලාභ ලැබීම) දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ නිරෝගීකම.

විශේෂයෙන් නිවෙසකට ධනය ලැබීම යනුවෙන් අදහස් කරන්නේ,

1 නිවෙස තුළ ගෘහ මූලිකයාගේ මෙන්ම සාමාජිකයන්ගේ දියුණුව (රැකියාවේ උසස් වීම් / ව්‍යාපාරය ලාභ ලැබීම)
2 හදිසි ධන ලාභ - ලොතරැයි දිනුම් ආදී
3 නිරෝගීකම
4 නිවෙස තුළ මුදල් ඉතුරු වීම
5 දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ

නිවෙසක ප්‍රධාන ‍දොරටුව ඉදිරියෙන් බිත්තියක් තිබේ නම් එහි රුවල් නැවක පින්තූරයක් එල්ලා තැබීමෙන් ධනය ලැබීමේ වේගය වැඩිවනු ලබයි. 
මන්ද ෆෙංෂුයි ශාස්ත්‍රයට අනුව ජලය මෙන්ම සුළග යනු ධනය සම්බන්ධ ප්‍රධානම අංග වෙයි. නිවෙස තුළට පිරිසුදු වාතය පැමිණීමෙන් අහිතකර වාතය පිට වී යන්නාක් මෙන් නිසල පින්තූරයක් වුවද රුවල් නැව නිවෙස තුළට ගමන් ගන්නා හැ`ගීමක් ඇතිවෙයි. 
එම දසුන දැකීමෙන් නව ප්‍රබෝධයක් මෙන්ම සතුටක්ද ඇතිවෙයි.

මේ සඳහා උත්සාහය, උනන්දුව තිබිය යුතු අතරම විශ්ව ශක්තියෙන්ද උපකාර ගත හැකිය.

මේ පුවත තිබ්බේ මව්බිම පුවත් පතේ.

No comments:

Post a Comment