සහක‍රු හෝ සහකාරිය හමුව කේන්දරයෙන් බලමු | Gurukam.net - Gurukam.Net

Friday, August 28, 2020

සහක‍රු හෝ සහකාරිය හමුව කේන්දරයෙන් බලමු | Gurukam.net



 තරුණ තරුණියන්ගේ සුන්දර තම ප්‍රාර්ථනාව විවාහ විමයි. ඔවුන් දකින රසබර සිහිනයද විවාහ වි සහකරු හෝ සහකාරිය සමග ප්‍රිතිමත් යුගදිවියක් ගත කිරිම ගැනය. හතේ ග්‍රහයා ඉන්නේ කොතනද? අන්න එතැනයි රහස

මෙය කල්තියා දැනගත හැකි ශාස්ත්‍රයක් ඇත. එය ජ්‍යොතිෂ ශාස්ත්‍රය වේ. ඒ සදහා ‍විවාහ අ‍පේක්ෂිත තරුණයාගේ හෝ තරුණියගේ කේන්දරයේ 7 වැන්න අධිපති ග්‍රහයා තැන්පත් ව සිටින්නේ කී වැන්නේද හෙවත් කුමන කොටුවේ දැයි විමසා බැලිය යුතුය.
හත අධිපත ග්‍රහයා හත්වැන්න . හත්වැනි භාවය කලත්‍ර ස්ථානය ලෙසද හඳුන්වයි. විවාහය .ස්වමි පුරුෂයා භාර්යාව අතර සමගිය.

 අසමගිය , ලිංගික ක්‍රියා හා සහකරු හෝ සහකාරිය ගැනද විශේෂයෙන් 7 වැන්නෙන් ප්‍රකාශ කළ හැකියි.උදාහරණයක් ගතහොත් මේෂ ලග්නය කේන්දරයකට අනුව 1වැන්න මේෂ දෙවැන්න- වෘෂභ 3 වැන්න මිථුන යනාදි ලෙස හැඳින්වු විට 7 වැන්න වන්නේ තුලා රාශියයි.

මේ අනුව ඕනෑම ලග්නයකට අනුවය ලග්න රාශිය 1 වැන්න මුලට තබා 7 වැන්න දක්වා ගණන් කළ විට 7 වැන්න හඳුනා ගැනීමට හැකියාව ඇත.7වැන්න අධිපති ග්‍රහයා සොයා ගැනිමට ඉන්පසුව අවශ්‍ය වනු ඇත .මේෂ වෘශ්චික රාශි වලට කුජ ග්‍රහයාද. මිථුන කන්‍යා රාශි සඳහා බුධ ග්‍රහයාද කටක රාශියට බුධ ග්‍රහයාද .

සිංහ රාශියට රවි ග්‍රහයාද මකර කුම්භ රාශි සඳහා ශනි ග්‍රහයාද ධනු මීන රාශි සඳහා ගුරු ග්‍රහයාද 7වැන්න අධිපතිවේ 7 වැන්න අධිපති ග්‍රහයා ඔබේ කේන්දරයේ ‍කවර ස්ථානයක පිහිටා තිඛෙන්නේ දැයි හඳුනාගෙන ඔබටම ඔබේ විවාහ සහකරු හෝ සහකාරිය හමු වන අන්දම හෝ ඔහු හෝ ඇය තෝරා ගැනිමට ලැඛෙන අයුරු පහත දක්වා ඇති කරුණු වලින් අවබෝධකර ගැනීමට හැකියාව ලැඛෙනු ඇත.

7 අධිපති ග්‍රහයා ලග්න භාවයේ සිටිම
ඔබගේ පවුලේ අයකුගේ සහ සම්බන්ධතා වයක් මත ඔබට හිමි සහකරු හෝ සහකාරිය මුණ ගැසෙනු ඇත.

7 අධිපති ග්‍රහයා ලග්න භාවයේ සිටිම
කරදර බාධක නොමැතිව ඔබගේ සහකරු හෝ සහකාරිය නිසි කල වයස උදාවනවාත් සමගම නිතැතින් ඔබට හමුවනු ඇත.


7 අධිපති ග්‍රහයා 3 වැන්නේ සිටිම
ඔබ විවාහයට පෙර ආදර සම්බන්ධතා කිපයක් පවත්වාගෙන යන අතර ඉන් එක් අයකු තම සහකරු හෝ සහකාරිය වශයෙන් තෝරා ගනු ලබයි .

7 අධිපති ග්‍රහයා 4 වැන්නේ සිටිම
බොහෝ විට සම අදහස් උදහස් ඇති හෝ තමාට සමානත්වයක් ඇති අයෙකු සහකරු හෝ සහකාරිය ලෙස ඔබට හිමිවේ.

7 අධිපති ග්‍රහයා 5 වැන්නේ සිටිම
පාසලේදි ඇති වු ආදර සම්බන්ධතාවයක් මත තම විවාහක සහකරු හෝ සහකාරිය තෝරා ගනි.

7 අධිපති ග්‍රහයා 6 වැන්නේ සිටිම
රෝගී අවස්ථා‍වක දුක සැපබැලිමට පැමිණි අයෙකු මෙවන් පිහිටිම් ඇති ජන්මීන්ගේ සහකරු හෝ සහකාරියවේ.

7 අධිපති ග්‍රහයා 7 වැන්නේ සිටිම
තම පවුලේ ඥතිවරයෙකු මගින් විවාහක සහකරු හෝ සහකාරිය හඳුනාගත හැකිවේ.

7 අධිපති ග්‍රහයා 8වැන්නේ සිටිම
අවමංගල්‍ය අවස්ථාවකදි තම සහකරු හෝ සහකාරිය හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ

7 අධිපති ග්‍රහයා 9 වැන්නේ සිටිම
ඉතා දුර බැහැර ගමනකදි ඔබේ සහකරු හෝ සහකාරිය හමු වනු ඇත

7අධිපති ග්‍රහයා 10 වැන්නේ සිටිම
මව් පිය හා ඥතින්ගේ අවශ්‍යතා මත තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනිමට ඔබට ඉඩ කඩ ලැඛෙනු ඇත.

7 අධිපති ග්‍රහයා 11 වැන්නේ සිටිම
තම පවුලේ වැඩිමහල් සහෝදරයකු හෝ සහෝදරියකගේ උවමනාව මත තමාගේ සහකරු හෝ සහකාරිය තෝරා ගැනිමට මෙවන් පිහිටිම් ඇති ජන්මින්ට සිදුවනු ඇත.

7 අධිපති ග්‍රහයා 12 වැන්නේ සිටිම
කිසියම් අවශ්‍යතාවයකට පිටත ගිය අවස්ථාවකදී ඈත ප්‍රදේශයකින් සහකරු / සහකාරිය හඳුනා ගැනීමේ අවස්ථාව උදාවේ.

No comments:

Post a Comment