ඔබේ මංගල යෝජනා සියල ලිස්සා යනවද | Gurukam.net - Gurukam.Net

Monday, August 24, 2020

ඔබේ මංගල යෝජනා සියල ලිස්සා යනවද | Gurukam.net

 
මංගල යෝජනා ඉදිරිපත් වූවත් විවිධ හේතූන් නිසා ඒවා වෙනස්‌ වන අවස්‌ථා එමටය.  විවාහ වීමට පෙර තරුණයකුට හෝ තරුණියකට තම අනාගත සහකාරිය හෝ සහකරු පිළිබඳ දහසකුත් එකක්‌ සිහින මැවෙනු ඇත.

තම දුවට හෝ පුතාට සුදුසු සහකාරයෙක්‌ හෝ සහකාරියක්‌ සොයාදීම ඇතැම් දෙමාපියන්ට කොතරම් දුෂ්කර ප්‍රශ්නයක්‌ද?අප මෙහිදී සැලකිල්ල යොමු කරනුයේ එක්‌ අයෙකුගේ කේන්දරය පමණක්‌ බලා ඔහුට හෝ ඇයට දෛවයෙන් හිමි සහකාරිය හෝ සහකරු තෝරා දැන හැඳින ගත හැකි ක්‍රමයයි.

ඔබේ ලග්නය කුමක්‌ වූවත් එම ලග්නයෙන් හත්වන භාවය විවාහය පිළිබඳ තොරතුරු හෙළි කරයි.

සහකරු හෝ සහකාරියගේ තොරතුරු පරීක්‍ෂා කළ යුත්තේ හත්වැන්නේ සිටය. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු ප්‍රශ්නයක්‌ නම් හත්වැන්නේ කිසිම ග්‍රහයෙක්‌ නැති විට හත්වැන්නාධිපතියා සිටින භාවයේ සිට තොරතුරු පරීක්‍ෂා කළ යුතු බවය. හත්වැන්නේ රවි, සඳු ආදී ග්‍රහයින් නවදෙනාගෙන් යම් ග්‍රහයෙක්‌ සිටියේ නම් හත්වැන්නේ සිට පෙම්වතාගේ හෝ පෙම්වතියගේ තොරතුරු පරීක්‍ෂා කළ යුතුය.

මෙහිදී හත්වැන්නාධිපතියාම හත්වැන්නේ සිටිය යුතු නැත.
සඳුගෙන් හත්වැන්න හා සිකුරුගේ හත්වැන්නද විවාහයට බලපාන නමුත් තම සහකරුගේ හෝ සහකාරියගේ තොරතුරු පරීක්‍ෂා කළ යුත්තේ තම කේන්දරයේ හත්වැන්න පරීක්‍ෂා කර බැලීමෙනි. හත්වැන්නේ කිසිම ග්‍රහයෙක්‌ නැතිනම් හත අධිපතියා සිටින භාවය මුල් කරගත යුතුය.හත්වැන්න තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ලග්න ස්‌ථානයයි. ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ ස්‌වරූපය, පෞරුෂත්වය හා අඟ පසඟ ගැන හත්වැන්නෙන් බැලිය යුතුය.

 ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ, කල්ක්‍රියාව, උසස්‌ පහත් බව, චපල හෝ සෘජු ගති ආදී කරුණු ද, හත්වැන්නෙන් පරීක්‍ෂා කළ යුතුය.හත්වැන්නේ සඳු, සිකුරු ආදී සෞම්‍ය ග්‍රහයෙක්‌ සුබ දෘෂ්ටි ආදියෙන් බලවත්ව සිටීමෙන් ලස්‌සන, ප්‍රියංකර පෙනීමෙන් යුත් ස්‌වාමියෙක්‌ හෝ භාර්යාවත් ලබන බවත්, කුජ ශනි ආදී කෲර ග්‍රහයෙක්‌ සිටීමෙන් ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ හා ස්‌වරූප ඊට සමානව සැලකිය යුතු බවත් තේරුම් ගත යුතුය.

විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී හත්වැන්නේ කිසිම ග්‍රහයෙක්‌ සිටීම හෝ හත්වැන්නාධිපතියාට විසිදෙවැනි දෙර්කාණාධිපතියාගේ අයිතිය තිබීම හෝ යහපත් නොවේ. එසේ වූ විට විවාහය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න ඇති කරන බැවිනි.රවි විසිදෙවන දෙර්කාණාධිපතියා වී හත්වැන්නේ සිටීමෙන් ජන්මියාට ඌෂ්ණාධික රෝග ලිංගස්‌ථානයන්හි සෑදීම පහසු වන අතර සහකාරිය හෝ සහකරු හිසේ අමාරුවලින් පෙළීම, මහජන අප්‍රසාදයට ලක්‌වීම, අහංකාර පරවශ අයෙක්‌ වීම ආදී කරුණු ද පෙන්නුම් කරයි.

රවි සුබ දෘෂ්ටි ආදියෙන් බලවත්ව හත්වැන්නේ සිටීමෙන් ප්‍රෙෘඪ අභිමානවත් දියුණු වීමේ තද ආශා ඇති, එසේම දියුණු විය හැකි පරාර්ථකාමී ස්‌වාමියෙක්‌ හෝ භාර්යාවක්‌ ලැබෙනු ඇත. සඳු විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී හෝ නීච සතුරුතා ආදියෙන් දුර්වලව හත්වැන්නේ සිටීමෙන් ජන්මියා අභ්‍යන්තර ශරීර ශක්‌තිය දුර්වල අයෙක්‌ කිරීම පහසුය.සඳු විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී හෝ නීච සතුරුතා ආදියෙන් දුර්වලව හත්වැන්නේ සිටින ජන්මියාගේ සහකරු හෝ සහකාරිය පීනස්‌ අමාරුව හෝ සෙම් අමාරු ආදියෙන් පෙළෙන අයෙක්‌ වේ. චපල ගති ඇති වගකීමෙන් තොර පුද්ගලයෙකි. මානසික දුර්වලතාවය හා අවිශ්වාසය ඔහු හෝ ඇය තුළ තදින් බලපානු ඇත.

සඳු බලවත්ව හත්වැන්නේ සිටීම ඉතාම යහපත්ය. ජන්මියා සදාචාර සම්පන්න අයෙක්‌ වන අතර සහකරු හෝ සහකාරිය ඉතා ලස්‌සන අයෙක්‌ වේ. සියුම් බුද්ධියක්‌ද ඇත. හත්වැන්නේ සඳු බලවත්ව සිටිය දී හත අධිපතියා එකොළහ, දෙක, නවය, පහ, දහය වැනි භාවයක සිටී නම් ඉතාම යහපත්ය. රූමත්, ධනයෙන් ආඪ්‍ය උසස්‌ සහකාරයෙක්‌ හෝ සහකාරියක්‌ ලැබෙනු ඇත.කුජ විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී හෝ අසුභ දෘෂ්ටි ආදියෙන් දුර්වලව හත්වැන්නේ සිටීමෙන් ජන්මියාගේ සහකරුට හෝ සහකාරියට මාරක අපල ගෙන දීම පහසුය.

හත් වැන්නේ කුජ විසිදෙවන දේර්කාණාධිපතියා වී සිටින ජන්මීන්ගේ සහකාරිය හෝ සහකරු හැඩිදැඩි පෙනුමෙන් යුත් නිතරම ආත්ම දමනයෙන් තොර සණ්‌ඩුසරුවල්වලට පැටලීමට කවර හෝ කරුණක්‌ ඈඳ ගන්නා අය වෙති.කුජ සුබ දෘෂ්ටි ආදියෙන් බලවත්ව හත්වැන්නේ සිටීමෙන් පුන් පියොවුරුවලින් යුත් සුරූපී සහකාරියක්‌ ලැබීමේ භාග්‍යය සහකරුවෙකුට ඇත. කාන්තාවකට එම යෝගය තිබීමෙන් මනා අඟ පසඟින් යුත් කාය ශක්‌තිය ඇති ස්‌වාමියෙක්‌ ලැබීමද ස්‌ථීරය.

බුධ 22 වැනි දෙර්කාණාධිපතියා වී හත්වැන්නේ සිටීමෙන් ජන්මියාට ලැබෙනුයේ තීක්‍ෂණ බුද්ධියක්‌ නැති, වාචාලයෙන් මෙන් නිතර සෑම කරුණක දීම දොඩමලු වන, බුද්ධියෙන් හීන එහෙත් බුද්ධිමතෙක්‌ ලෙසින් සමාජයේ කැපී පෙනීමට තැත් කරන අයෙකි. වෙනත් ග්‍රහයෙක්‌ හා බුධ යෝගී වී හත්වැන්නේ සිටී නම් එම ග්‍රහයාගේ ගතිගුණ ද බුධ උසුලන බව සැලකිය යුතුය.බුධ ස්‌වක්‍ෂේත්‍රව හෝ උච්චක්‌ෂේත්‍රව නැති නම් සුබ දෘෂ්ටි ආදියෙන් බලවත්ව හත්වැන්නේ සිටීමෙන් නිදහස්‌ නිවහල් සිතුම් පැතුම් ඇති බුද්ධිමත් කාර්යශූර අයෙක්‌ සහකරු හෝ සහකාරිය වශයෙන් ලැබේ.

ගුරු හත්වැන්නේ සිටීම අයහපත් නැති නමුත් විසි දෙවැනි දෙර්කාණාධිපතියා වී ගුරු හත්වැන්නේ සිටීමෙන් ජන්මියාගේ විවාහ ජීවිතය අවුල් බවට පත් කරන අතර විවාහ ජීවිතයේදී කවර ආකාරයකින් නමුත් සැපතක්‌ ලබා නොදෙනු ඇත.ගුරු හත්වැන්නේ බලවත්ව සිටීම ගුණගරුක, යහපත්, කීර්ති ප්‍රශංසා, ලබන ජනාදයරට පත්වන දිගුකල් ජීවත්වන ස්‌වාමියෙක්‌ හෝ භාර්යාවක්‌ ලැබීමට හේතුවකි.

සිකුරු විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී හත්වැන්නේ සිටීමෙන් ජන්මියාට ලැබෙනුයේ අසුභ ඵලය. විවාහය ප්‍රමාද වීම, නොගළපෙන සහකාරයෙක්‌ හෝ සහකාරියක්‌ ලැබීම, මුත්‍රා අමාරු ඇති කිරීම ආදී කරුණු ඇති කරයි.සුබ දෘෂ්ටි ආදියෙන් බලවත්ව යහපත් සේ සිකුරු හත්වැන්නේ සිටීම ඉතා සුබ පිහිටීමකි. තමාට ප්‍රියමනාප රූ සපුවකින් යුත් ගුණවත් සහකාරියක්‌ හෝ සහකාරයෙක්‌ ලැබේ. දෙදෙනා අතර විනෝදයෙන් වාසය කිරීම යුග දිවියේ ප්‍රධාන පරමාර්ථය වේ.

හත්වැන්නේ සෙනසුරු විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී සිටීමෙන් විවාහය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න ඇති කරයි. විශේෂයෙන්ම සහකරු හෝ සහකාරිය වයසෙන් වැඩි අයෙක්‌ වීමටත් වයසට වඩා වැඩිමහලු පෙනීමක්‌ තිබීමත්, අතෘප්තිකර යුග දිවියක්‌ ගෙන යාමටත් හේතු වේ.සෙනසුරු බලවත්ව හත්වැන්නේ සිටීමද යහපත්ය. සෙනසුරු හත්වැන්නට දිග්බල වේ. බොහෝ ජන්මීන් හත්වැන්නේ කුජ හෝ සෙනසුරු සිටි විට විවාහ වීමටත්, එවැනි යෝගයක්‌ ඇති අයෙක්‌ තෝරා ගැනීමටත් බිය වෙති. හත්වැන්නේ සෙනසුරු බලවත්ව සිටින අයෙක්‌ ඊට සමාන ග්‍රහ පිහිටීම් ඇති අයෙක්‌ හා විවාහ වන්නේ නම් ඉතාම සාර්ථක යුග දිවියක්‌ ගත කිරීමට හැකි වනු ඇත.

එසේ වනුයේ සමාන ලිංගේන්ද්‍රයක්‌ හා යෝනි මාර්ගයක්‌ ඇති බැවිනි.

හැත්වැන්නේ රාහු හෝ කේතු සිටීමේ ඵල විපාක විවිධ ජ්‍යෝaතිෂ ග්‍රන්ථවල ඇත්තේ රාහුට සෙනසුරුගේ ගතිත්, කේතුට කුජගේ ගතිත් සමාන බව දක්‌වමිනි. රාහු හෝ කේතු පාප ග්‍රහයන් බැවින් හත්වැන්නේ සිටීම අසුභය. කේතුට වඩා රාහු සිටීම අසුභ බව පැවසිය හැකිය.

හත්වැන්නෙන් දෙවැන්න අටවැන්නය. ඔහුගේ හෝ ඇයගේ ධනය පිළිබඳ බැලීමට අටවැන්න හා පස්‌වැන්න පරීක්‍ෂා කළ යුතුය. නව වැන්නෙන් බාල සහෝදර සහෝදරියන් ගැනද එකොළොස්‌වැන්නෙන් වැඩි මහල් සහෝදර සහෝදරියන් ගැන ද තොරතුරු පරීක්‍ෂා කළ හැකිය.අපි දැන් දසවන භාවය පරීක්‍ෂා කරමු. දසවැන්න සහකරුගේ හෝ සහකාරියගේ ගේ - දොර ඉඩ - කඩම් යාන වාහන හා මව පිළිබවඳ තොරතුරු පරීක්‍ෂා කිරීමට උපයෝගී කරගත හැක.

ඔහුට හෝ ඇයට දෙමාපියන්ගෙන් ලැබෙන දේපළ, ඉඩම් හා ගෙදර ස්‌වරූපය මව සහ මවගේ ගතිගුණ, මවුපස ඥාතීන්ගේ තොරතුරු පරීක්‍ෂා කළ යුත්තේද දසවැන්නෙනි. තම භාර්යාවගේ හෝ ස්‌වාමියාගේ ගතිගුණ, හිතේ ස්‌වභාවය ආදී කරුණු ද දසවැන්නෙන්ම බැලිය හැකිය.මෙම ක්‍රමය දැන සිටීමෙන් ඔහුගේ හෝ ඇයගේ ගෙදර ස්‌වරූපය කල් තියා තේරුම් ගත හැකිය. දසවැන්නේ සිටින හා දසවැන්නාධිපතියා උසුලන තත්ත්වයට අනුව ඔහුට හෝ ඇයට ගේ - දොර ලැබීමේ භාග්‍යය ඇති බවත්, ගෙදර හා ඉඩමේ ස්‌වරූපයත් තේරුම් ගත හැකිය. නවවැන්නේ හා එකොළොස්‌ වැන්නේත්, දසවැන්නේත් සිටින ග්‍රහයන්ට අනුව ගෙදර අවට පරිසරය දැනගත හැකිය.

විසිදෙවැනි දෙර්කාණාධිපතියා දසවැන්නේ සිටීමෙන් ඔහුට හෝ ඇයට උපන් භූමියෙන් ප්‍රයෝජන අඩු බවත්, නිවසේ භූත දෝෂ බලපාන බවත් ග්‍රහයින්ගේ ස්‌වරූපය අනුව පැවසිය හැකිය.සඳු, සිකුරු හෝ ගුරු වැනි ග්‍රහයින් සුබ දෘෂ්ටි ලැබ දසවැන්නේ සිටීමෙන් ලස්‌සන ගේ දොර ඇති බවත්, යාන වාහන ලැබීමේ භාග්‍යය තම පෙම්වතාට හෝ පෙම්වතියට ඇති බවත් සැලකිය යුතුය. සෙනසුරු බලවත් වීමෙන් විශාල පරණ ගෙයක්‌ හෝ පේළි ගෙයක්‌ විය යුතු බවත්, ගුරු බලවත් වීමෙන් විශාල ගෙයක්‌ බවත් සඳු හෝ සිකුරුගේ ලස්‌සන ගෙවල් බවත් පැහැදිලි කර ගත හැකිය.

ස්‌වාමියෙකුගේ කේන්දරයේ මෙම යෝග ඇත්නම් ඔහු භාර්යාවගේ ගෙදර වාසයට තෝරා ගැනීම සුදුසු නැත. ඒ අයගේ දෙමව්පියෝ සමගින් වැඩි ඇඟලුම්කමට ගොස්‌ නැති ප්‍රශ්න ඇති වෙන බව තේරුම් ගත යුතුය.හතරවැන්නාධිපතියා මෙන්ම බුධ ග්‍රහයා උසුලන තත්ත්වයත් මේ ප්‍රශ්නයේදී සැලකිල්ලට ගත යුතුය. බුධගෙන් නැන්දලා, මාමලා, නෑනලා, මස්‌සිනාලා බෑනලා, ලේලිලා, පිළිබඳව කියෑවෙන බව පැවසේ. මවගේ සහෝදරයන් මෙන්ම පියාගේ සහෝදරියන් ද, සහකරුගේ හෝ සහකාරියගේ දෙමාපියන් ද, නැන්දලා හා මාමලා වශයෙන් ගණන් ගැනේ.

ලේලිලා හා බෑනලා ගැන කියවෙන්නේ බුධගෙනි. එබැවින් ඒ අයගෙන් ඵල ප්‍රයෝජන ලැබීමත් බුධ උසුලන තත්ත්වය මත රඳා පැවතේ.යම් ඡන්මියෙකුගේ ගෙදර දොර පිළිබඳවත් ඉඩකඩම් පිළිබඳවත් පරීක්‍ෂා කර බලන්නේ ඔහුගේ කේන්දරයේ සිව්වැන්න පරීක්‍ෂා කර බැලීමෙනි. ඔහුගේ මව හා මව්පස ඥාතීන් පිළිබඳව ද සිතේ ස්‌වරූපයද, සිව්වැන්නෙන් පරීක්‍ෂා කළ හැකිය. ඉහත විස්‌තර කර ඇත්තේ තම කේන්දර බලා තමාගේ සහකරුගේ හෝ සහකාරියගේ ගේ දොර පිළිබඳ තොරතුරු දැන ගැනීම වේ.

ඔබ කේන්දරය බලවන්න ගිය විට ඇතැම් දෛවඥවරු තමාගේ නිවස පිළිබඳව, අවට පරිසරයේ පාර පිහිටා ඇති අයුරු, ජලාශයක්‌ පවතින ක්‍රමය, පන්සලක්‌ හෝ පාසලක්‌, සොහොනක්‌, කැලයක්‌ ආදී නිවසට ආසන්න ප්‍රධාන විස්‌තර රැසක්‌ ඉදිරිපත් කර ඇති බව ඔබට මතක ඇතැයි සිතමි. ඒ ආවේශයකින් හෝ වෙනත් අද්භූත බලවේගයකින් නොවෙයි. ඔබේ හඳහනේ පිහිටි ග්‍රහ බලපෑම් අනුවය. එසේ ප්‍රකාශ කරනුයේ ඔබේ නිවස හා අවට පරිසරය පිරික්‌සීමට සිව්වැන්න, පස්‌වැන්න හා තුන්වැන්න පරීක්‍ෂා කර දෘෂ්ටින්ද සැලකිල්ලට ගෙනය.

සහකරුගේ හෝ සහකාරියගේ නිවස හා අවට පරිසරය පරීක්‍ෂා කිරීමට දසවැන්න, එකොළොස්‌ වැන්න හා නව වැන්න පරීක්‍ෂා කර බැලිය යුතුය.

ඒ ඒ ග්‍රහයන්ගේ ස්‌වරූපය තේරුම් ගෙන තිබීමෙන් මේ පිළිබඳව හොඳ අවබෝධයක්‌ ලබා ගැනීමට පුළුවන. " විවාහයට කේන්දරය බලපාන හැටි" පොතේ ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කරයි.රවි ඌෂ්ණාධිකයි. රජයට හා එහි උසස්‌ නිලධාරීන් පිළිබිඹු කරයි. රජයේ ගොඩනැඟිලි හෝ ආයතන නිවස අවට ඇති බවත් රවි තුන්වැන්නේ හෝ පස්‌වැන්නේ හෝ සිව්වැන්නේ හෝ සිටීමෙන් දැක්‌විය හැකිය.

සඳු ජලයට අධිපති වේ. වැව්, ළිං, පොකුණු හා මුහුද, ඇළ, දොළ, ගංගාවන් ආදී ජලයෙන් පිරී ස්‌ථානයන් ගැන සඳුගෙන් පෙන්නුම් කරයි. සඳු බලවත්ව සුබ දෘෂ්ටි ආදියෙන් යුක්‌තව පස්‌වැන්න, සිව්වැන්න, තුන්වැන්න යන ස්‌ථානයක සිටීමෙන් පිහිටි අංශක ප්‍රමාණය අනුව ඊට සමාන දුරකින් නිවස අසල පිරිසිදු ජලාශයක්‌ ඇති බව දැක්‌විය හැකිය. එහි විශාලත්වය හා ස්‌වරූපය ග්‍රහ දෘෂ්ටි හා සඳුගේ ස්‌වරූපය අනුව තේරුම් ගත යුතුය. තම සහකරුගේ හෝ සහකාරියගේ නිවස අවට පරීක්‍ෂා කිරීමට නම් තම කේන්දරයේ නව වැන්න, දසවැන්න හා එකොළොස්‌වැන්නේ ග්‍රහ පිහිටීම බැලිය යුතු බව ඉහත පැහැදිලි විය.

සඳු නීචව, සතුරුව හෝ විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී දුබලව සිටීමෙන් කුණු කාණුවක්‌, රෝග බෝවිය හැකි පල්වන ජලාශයක්‌, මඩ වගුරක්‌, ගලියක්‌, පෙන්නුම් කරයි.

මෙසේ තමාගේ කේන්දරය පමණක්‌ බලා තමාගේ සහකරුගේ හා සහකාරියගේ සියලු තොරතුරු බැලීමට හැකි බව තේරුම් ගත යුතුය.තම කේන්දරයේ එකොළොස්‌වැන්න හා තුන්වැන්න සහකරුගේ හෝ සහකාරියගේ අධ්‍යාපනය පිළිබඳව පෙන්නුම් කරයි.

No comments:

Post a Comment