දෙවියන්ට සහ බුදුන්ට නිවැරැදිව පහන් තබමු | Gurukam.net - Gurukam.Net

Thursday, August 20, 2020

දෙවියන්ට සහ බුදුන්ට නිවැරැදිව පහන් තබමු | Gurukam.net



                  ලොව කොතරම් නවීකරණය වී ඇතත්, විද්‍යාත්මක සොයා ගැනීම් කළත් අප නොදන්නා බොහෝ දේ අප අවට කොතෙකුත් තිබෙන්නට පුළුවන.මිනිසා විසින් අතීතයේ සිටම පුද පූජා සඳහා පහන් දැල්වීම සංස්‌කෘතිය හා බැඳුණු උතුම්වූ ලක්‍ෂණයක්‌ ලෙස අඛණ්‌ඩව පවත්වාගෙන එනු ලබයි. අද සමාජයේ බොහෝ දෙනා නිවෙස්‌ අසල පහන් පැලක්‌ සාදා දෙවියන්ට පහන් තබති. නැතහොත් නිවෙස්‌ තුළ බුදුන් වහන්සේට පහන් ආලෝක පූජාව පවත්වති.

දෙවියන්ට පහන තැබීමේදී කළ යුතු නිවැරැදි ක්‍රියා පිළිවෙත් මෙන්ම අති උත්තම බුදු පියාණන් වහන්සේට පහන තැබීමේදීත් එම ක්‍රියාවලිය නිවැරැදිව කළ යුතුය.

එහෙත් වර්තමාන සමාජය දෙස බලන විට මෙම පහන් දැල්වීම හරි හැටි අවබෝධයකින් තොරව සිදු කරන අයුරු දැකගත හැකිය. පිළිවෙත සහ පිළිවෙල නොදැන කරන්නා වූ පහන් දැල්වීම තුළින් තමන් කොපමණ භක්‌තියෙන් එම ක්‍රියාවන් ඉටුකළද එයින් අපේක්‍ෂා කරන ප්‍රතිඵල ලැබිය නොහැක.

මෙසේ පිළිවෙත හා පිළිවෙල නොදැන කරන පහන් දැල්වීමෙන් තමන් අපේක්‍ෂා නොකරන බලවේගයන් ළඟා කරගන්නා බව බොහෝ අය නොදන්නා කරුණකි. දෙවියන් සඳහා තමන් මේ පහන් සිල පිළිගැනීමට දෙවියන් හැර වෙනත් අදෘශ්‍යමාන බලවේග බලා සිටින බව දන්නේ සුළුතරයක්‌ පමණි.

අද දෙවියන් අදහන්නේ දැඩි භක්‌තියකින් විය හැකිය. දේව ආශිර්වාදය උදෙසා විවිධ පුද පූජා කරන ජනතාවද මෙරට බොහෝ දෙනෙක්‌ සිටිති. නමුත් ඒ සඳහා නියමිත විධි ක්‍රම බොහෝ දෙනෙක්‌ නොදන්නා බව පෙනේ. ශිව, විෂ්ණු කතරගම, ස්‌කන්ධ, සමන්, ගණපති, දැඩිමුණ්‌ඩ, විභීෂණ, පත්තිනි, ගම්භාර හෙවත් සිද්ධ සූනියම්, මහා කාලි සහ වෙනත් ප්‍රාදේශීය දේව දේවතාවුන් නොවඳින මිනිසුන් මෙරට නැති තරම්ය.

ආරක්‌ෂාවට ලෙඩ දුක්‌වලට පුද පූජා පවත්වමින් ඇතමුන් දෙවියන්ට පහන නිවස තුළ තබති. දෙවියන් උදෙසා පහනක්‌ නිවෙස තුළ කිසිසේත්ම නොතැබිය යුතුය. මන්ද මෙම පහන නිසා නොයෙකුත් අමනුෂ්‍ය බලවේගයන් නිවස තුළට ඇදී ඒමට පුළුවන. ඉන් අනතුරුව නිවැසියන්ට දැඩි සේ සමීප බව කිසිවෙකුට දැනෙන්නේ නැත.

 දුර්වල මනසක්‌ ඇති අයෙකු නිවසේ සිටී නම් එම තැනැත්තා ලවා බොහෝ දේ කිරීමට පවා එම බලවේග ක්‍රියාත්මක වනු ඇත. යම් විටෙක පහන තැබීමට නොහැකි විට ප්‍රමාදවීම යන කරුණු මත විවිධ බලපෑම් කිරීමටද පෙළඹෙනු ඇත. නින්දේදී බිය වැද්දීම, මියගිය අය පෙනීම, විවිධ ශබ්ද ඇති කිරීමට පෙළඹිය හැක.

මේ නිසා පහන් පැලක්‌ තබන්නේ කොතැනද, කෙසේද යන ගැටලුව ඔබට පැන නගිනු ඇත. දෙවියන් සඳහා තබන පහන තැබිය යුතු සුදුසුම තැන වන්නේ නිවසේ මිදුලයි.
විශේෂයෙන් පහන් පැලක්‌ තනා ගැනීමේදී ශුභ දිශාවක්‌ හා සුදුසු ස්‌ථානයක්‌ තෝරාගත යුතුය. එසේම එම ස්‌ථානය පිරිසිදු ස්‌ථානයක්‌ විය යුතුය. සාමාන්‍යයෙන් නව නිවසේ පහන් පැල තැනීමට ඉතාමත් සුදුසු දිශාව වන්නේ ඊසානය. ඊසාන මරු නොසිටින දිශාව වශයෙන් සැලකේ.

එසේම උතුරු දිශාවද දෙවියන් වැඩ සිටින දිශාව ලෙස සැළකෙන නිසා ශුභදායක වේ. බුදුවරු බුදු වීමේදී වජ්‍රාසනයේ වැඩ සිටින්නේ නැඟෙනහිර දිශාව බලාගෙන නිසා ඕනෑම කටයුත්තකට නැගෙනහිර දිශාවද ශුභ වේ. මේ අනුව පහන් පැල තැනීමේදී උතුර, ඊසාන, නැගෙනහිර යන දිශාවන් සුදුසු වේ.

මෙසේ නිවසේ ප්‍රෙෘඪත්වය, ගෘහපතියාගේ කීර්තිය රැඳී පවතින මංගල දොරටුව ඉදිරිපිට පහන් පැල තිබීම ඉතාම අශුභය. පහන් පැලේ ආලෝකය මංගල දොරටුවට එල්ල වීම ඉතා අශුභය.

දෙවියන් වෙනුවෙන් පහන් දැල්විය යුත්තේ රාත්‍රී

10 න් පසුවයි. දෙවියන්ට පහන් දල්වා තමා කැමති ස්‌තෝත්‍ර ගායනා කර කරණීය මෙත්ත සූත්‍රය කියවා පින් දීමෙන් දෙවියන්ගේ ආශිර්වාදයත්, ආරක්‌ෂාවත් ලැබේ.දෙවියන් උදෙසා දල්වන පහන අතරමඟ නවතා දැමීමෙන් මානසික අසහනකාරී තත්ත්වයන් ඇති විය හැක. එසේම වතුපිටි ගේදොර පාලු වේ. විනාශ වේ.

අප රටේ බෞද්ධ ජනතාවගෙන් 70% ක්‌ 80% ක්‌ පමණ බුදුන් වහන්සේට පහන් ආලෝක පූජාව පවත්වති. සියලු දේ නවීකරණය වන සමාජයක ජිවත් වන අප අවම වශයෙන් බුදුන්ට පහන තබන ආකාරයවත් දැන සිටිය යුතුය. සුවඳ මල් හෝ තෙල් ආලෝක පූජාවකින් මුලින්ම සතුටු වන්නේ සිතයි. ඒ සඳහා සිත පිරිසිදු විය යුතුය. පරිසරය පිරිසිදු විය යුතුය. එනිසා පිරිසිදු සිතින් නොකිළිටි පරිසරයක බුදුන්ට පහන තැබිය යුතුයි.සමාජයේ බොහෝ දෙනෙක්‌ කරන එක්‌ වරදක්‌ නම් ප්‍රධාන උළුවස්‌සේ ඉහළින් සීවලී මහ රහතන් වහන්සේගේ රූපයක්‌ එල්ලා නිවසට ආහාර හා නොඅඩුව ලැබෙනවායි දැනුවත්ව හෝ නොදැනුවත්ව පහන තබන අයුරු දක්‌නට ලැබේ. බුදුන් වහන්සේගේ රූපයක්‌ද එසේ තබා ඇත.

මෙය දෝෂ සහිත වන අතර පාප කර්මයක්‌ද වේ. බුදුන් වහන්සේට තබන පහන තැබිය යුත්තේ ගෘහ මූලිකයාගේ පපුවේ ප්‍රමාණයට ආසන්න උස ප්‍රමාණයකින් පහන තැබීමේ ආසනය සකස්‌ විය යුතුයි. එය තමාට පහසුවෙන් දැල්විය හැකි ආකාරයෙන් සකස්‌ විය යුතුයි. කිසි විටෙකත් බුදු පහන අතට ගෙන දල්වා නැවත එම ආසනයේ නොතබන්න.
එසේම බුදුන් වහන්සේට තබන බුද්ධ පූජාව පැයක්‌ වැනි කාලයක්‌ ඇතුළත ඉවත් කළ යුතුය. එය ආසනයේම විලිකුණු වීමට ඉඩදීම සුදුසු නැත.

බුදුන් වහන්සේට පුද පූජා පැවැත්වීමේදී අධික කලබලකාරිත්වයෙන් ඒ මේ අත දුවමින් පූජාත්මක සිතිවිලිවලින් තොරව පහන තැබීමෙන් පලක්‌ නැත.

 ඒ සඳහා ආගමික භක්‌තිය ඇති කරගත යුතුය. බුද්ධත්වය සිහිපත් කරගත යුතුය.

 මල් පූජා කරන මොහොතේ පහන් දැල්වීමේදීත් ඒ මොහොතේදීම ගාථා කියවිය යුතුය.

මේ අනුව විධිමත් ආකාරයට පහන් පූජා තැබීම තුළින් ඔබට ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව සියලු ආශිර්වාදය සහ කුසල් ලැබෙනු ඇත.

No comments:

Post a Comment