පෙම්වතුන්ට විශේෂ කාන්තාවන්ගේ ලිංගික ආශාවන් දැනගමු | Gurukam.net - Gurukam.Net

Sunday, August 16, 2020

පෙම්වතුන්ට විශේෂ කාන්තාවන්ගේ ලිංගික ආශාවන් දැනගමු | Gurukam.net


විශ්වාසය, වාසනාව, හරි දැක්‌ම, යහපත යන පදනම මත සකස්‌ව ඇති විවාහය බොහෝ දුරට පවතින්නේ කාන්තාව අතය.විවාහය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ස්‌ත්‍රී පුරුෂ දෙදෙනකු එක්‌ව ජීවත්වීම සඳහා ගිවිස ගැනීමකි. විවාහය කටු පඳුරක්‌ සේ අඳුරු කරන්නටත්, මල් උයනක්‌ සේ සුන්දර කරන්නටත් භාර්යාව සමත් වන්නීය. ඇය සොඳුරු වන්නේ ඇගේ යහපත් චර්යාව මතය.

ඕනෑම දරුණු පුද්ගලයකු වුවද යහපත් කරගන්නට හැකියාව ඇත්තේද කාන්තාවටයි.
මේ නිසා සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැනියකද, සෑම අසාර්ථක මිනිසකු පිටුපසම අසාර්ථක ගැහැනියකද සිටින බව අපට සමාජයේ අසන්නට ලැඛෙන කියමනකි. යම් පුරුෂයෙකුට යහපත් බිරිඳක හමුනොවුණහොත් විවාහය කවදා හෝ කෙසේ හෝ කුමන ආකාරයකින් හෝ බිඳී යන්නට පුළුවන.

විවාහයට පත් පුරුෂයකුට තම බිරිඳගෙන් ලැඛෙන යහන් සුවය, සෙනෙහස තරම් දෙයක්‌ තවත් නොමැත. එය විවාහයක පදනමද වේ.කෙසේ වෙතත් අද සමාජය දෙස බැලූ විට සැමියාට බොරු කියා අවිනීත ලෙස හැසිරෙන කාන්තාවන් ගැන අපට කොතෙකුත් අසන්නට ලැබේ. තම සැමියා රැකියාවට ගිය පසු දරුවන් මොන්ටිසෝරිවලට, පාසල්වලට රැගෙන යන කාන්තාව වෙනත් පුරුෂයකුගේ පහස පතා හෝටල්වලට, රෙස්‌ට්‌හවුස්‌වලට යන පුවත් ඕනෑ තරම් තිබේ.

සමහරුන් මෙවැනි සම්බන්ධතා හොර රහසේම පවත්වා ගනිමින් තම ස්‌වාමියා රවටන අවස්‌ථාද නැතිවා නොවේ.

ඉතා අධික කාමරුචියෙන් අනූන වූ කාන්තාවන් සමඟ සම්බන්ධතාවට පත්වීමේදී ඇය සතුටට පත් කිරීම තරමක්‌ අපහසු බවක්‌ ඇති විය හැක. කොතෙක්‌ භෞතිකමය සැප සම්පත්වලින් පෝෂණය වී ඇතත් ඇගේ ආශාවන් සංසිඳ වීමට නොහැකි වන්නේ නම් යුගදිවිය අසාර්ථක වනු ඇත.කාන්තාවන් තුළ පවත්නා මෙම ලිංගික ආශාවන් සහ ඒ කෙරෙහි දක්‌වන උනන්දුව උද්‍යොගය ඇගේ කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වය තුළින් විනිශ්චය කිරීමේ හැකියාව පවතී. කාන්තාවගේ චරිතය විග්‍රහ කිරීමේදී කුජ සහ සඳුගේ තත්ත්වයද සිව්වැන්න හා සත්වැන්න පිළිබඳවද ඉතා සූක්‍ෂමව පරීක්‍ෂා කළ යුතුය.

විවාහය සම්බන්ධයෙන් වැඩි බලයක්‌ ක්‍රියාත්මක වන හත්වැන්න හා අටවැන්න තුළ අඟහරු සමඟ සිකුරු සම්බන්ධ වුවහොත් තරුණ වයසට පා එසවීමට පළමුව ලිංගික ජීවිතය කෙරේ යොමුවේ. මෙවැනි කාන්තාවක කිසි විටෙක එක්‌ පිරිමියෙකුගෙන් සතුටට පත් නොවන අතර විවිධත්වය බලාපොරොත්තු වේ.

ස්‌ත්‍රී කේන්ද්‍රයක අඟහරුට අයත් මේෂ, වෘශ්චික නවාංශක වල සිකුරු තැන්පත් වීම හා සිකුරුට අයත් වෘෂභ තුලා නවාංශකවල අඟහරු තැන්පත් වුවහොත් ඇයගේ ලිංගික ආශාවන් ඛෙහෙවින් වැඩි කෙරෙන අතර එක්‌ පිරිමියෙකුගෙන් සතුටට පත් නොවේ.

මෙවැනි යෝගයන් ඇති කාන්තාවක ලාබාල වියේදීම අවකල් ක්‍රියාවට යොමුවීමට ඉඩ ඇති අතර සඳු, සිකුරු, කුජ යන දශා අන්තර් දශා කාලවල ඇයගේ ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි වනු ඇත.

උත්පත්තියේදී චන්ද්‍රයා රාහු සමඟ සම්බන්ධ වී ලග්නය, හතර, හත යන ස්‌ථානයක තැන්පත් කාන්තාව, ලිංගික සේවනය සම්බන්ධයෙන් වැඩි රුචිකත්වයක්‌ දක්‌වන්නීය. මෙවැනි කාන්තාවන් ඉතා පහසුවෙන් ලිංගික කාර්යයන් සඳහා යොමුකර ගත හැකි වේ.
චන්ද්‍රයා අඟහරු සමඟ සම්බන්ධ වූ කාන්තාව නිතරම ලිංගික ජීවිතය කෙරෙහි ආශාවක්‌, උනන්දුවක්‌ දක්‌වයි. මෙම යෝගයට විවාහයට සම්බන්ධ ස්‌ථානක යෙදී දුබල ආකාරයකින් යෙදී රාහුගේ දෘෂ්ටියට ලක්‌ වුවහොත් එවැනි කාන්තාවක එක්‌ පුද්ගලයෙකුගෙන් සතුටට පත් නොවේ. මෙය අති ධාවන කාම යෝගයක්‌ වේ.

වෘෂභ, වෘශ්චික, කුම්භ යන තිර රැසක්‌ ලග්නය වී උපත ලැබ පාපීන් බොහෝ සේ දැකීමෙන් කම්සුව පසු පස දුවන, සොර සැමියන් පතන අයෙකු වේ. එමෙන්ම කුජ, ශුක්‍ර, ශනි හත්වැන්නේ යෙදීමෙන් ඇය රහසේ කම්සුව පතා යන්නියක වේ. දෙක, හතර, හත, අට, දොළොස්‌ වැන්නට පැමිණි කුජ සමඟ පාපීන් සමඟ එක්‌වීමද අන්‍ය සැමියන් අතට පත්වන තැනැත්තියක්‌ වන අතර ඒ සඳහා ඉතා ඇලුම් කරන තැනැත්තියක්‌ වේ.එසේම දොළහේ කුජ, රවි, රාහු සිටීමද, හය අධිපති දොළහේ සිටීමද චරිතය කෙළෙසා ගන්නා පර පුරුෂයන් ඇසුරට ලොල් වන සල්ලාල ගති ඇති කරන යෝගයයි. සඳු සහ කුජ ශුක්‍ර හත හෝ 4 වී එය බලවත් ගුරුට නොපෙනීම අනුව ඇයත්, ඇයගේ මවත් දෙදෙනාම ජීවත් වීමට සල්ලාල රැකියාවක නිරත වේ.

හත්වැන්නට බලවත් වූ ගුරුගේ තීරණ යොමු වීමෙන් අශුභ තත්ත්වයන් දුරු වීමට හැකියාව ඇති මුත් ගුරු ආරක්‌ෂකයා වුවත් හැම කෙනකුටම එය ඉටු කිරීමට ගුරුට හැකියාව නැත. ගුරු යෝග කාරක වුවහොත් සැමටම සලකයි. ශුභ පල ගෙන දේ. සිව්වැන්න පාප පීඩිත වීමද පහත් චරිත බිහිවීමට හේතුවකි.කිසියම් කාන්තාවකගේ සිකුරු සමඟ චන්ද්‍රයා සංයෝග වූ විට ඇය තම ස්‌වාමියාට උසස්‌ ආකාරයේ සතුටක්‌ ලබාදීමට සමත් වේ. මෙවැනි කාන්තාවක්‌ සමඟ ඇසුරට පත්වූ පුද්ගලයෙක්‌ ඇගෙන් ඉවත් නොවේ. මෙවැනි ග්‍රහ පිිහිටීමක්‌ ඇති කාන්තාවන් එක්‌ පුද්ගලයකුගෙන් සෑහීමකට පත් නොවන අතර නිතරම වෙනත් පුද්ගලයන්ගේ පහස අපේක්‍ෂා කරයි.

කේන්ද්‍රය තුළ මෙවැනි ග්‍රහයෝග ඇතත් කොතරම් ආශාව තිබුණත් අනෙක්‌ භෞතික සාධක මත මනස පාලනය කරගත් අය මෙම තත්ත්වයෙන් මිදීමට ඉඩ තිබේ.

 විවාහාපේක්‍ෂකයන් මේ ගැන බුද්ධිමත්ව චරිත ලක්‌ෂණ  සොයා බලා විවාහයට පිවිසීම තුළින් විවාහ ජීවිතය යහපත් තත්ත්වයට පත්කර ගැනීමට අවස්‌ථාව උදාකර ගැනීමට පුළුවන.විවාහ වීමේදී විසි පොරොන්දම් ලකුණු මට්‌ටම සියයට ගණනක්‌ බැලීමකින් මෙවැනි චරිත ලක්‌ෂණ හඳුනා ගැනීමට නොහැකි වේ.

No comments:

Post a Comment