සෞභාග්‍ය ගෙනන නැකතක්‌‌ සහ භාවනාවක් | Gurukam.net - Gurukam.Net

Monday, August 10, 2020

සෞභාග්‍ය ගෙනන නැකතක්‌‌ සහ භාවනාවක් | Gurukam.net


සමහරුන්ට හරියාකාර ජීවනෝපායක්‌ නෑ. සමහර ව්‍යාපාරිකයන්ගේ කඩේට සෙනඟ එන්නේ නෑ.  සමහරුන්ට කොච්චර උත්සාහ ගත්තත් කිසිම දියුණුවක්‌ නෑ කියලයි කියන්නේ. අපි මෙච්චර හම්බ කරනවා. ඒ වුණත් ඉතිරියක්‌ නම් නෑ. සල්ලි පිච්චෙනවා වගේ කියල කියනවා.  මේ හැම ගැටලුවකම අවසාන ප්‍රතිඵලේ තමා අවාසනාව, අභාග්‍යය, අගහිඟකම, පසුතැවිල්ල.අපි අතරේ ඉන්න බොහොම දෙනාට මේ මානසික පීඩාව තියෙන නිසා මම හිතන්නේ මේකට විසඳුමක්‌ ලබා ගන්නේ කොහොමද කියලා කතා කරන එක කාලීන මාතෘකාවක්‌ කියලා.

කොහොමද අපි මේ වාසනාව නැත්නම් භාග්‍යය කියන දේ හොයා ගන්නෙ.මේ ලිපිය කියවලා ඉවර වෙනකොට අපි ඔබට කියනවා වාසනාව උදාකරන නොවරදින ක්‍රමයක්‌ ගැන. ඒක අමාරු නෑ. පහසුයි. කරන්න ඕන දේ කරන්නෙත් ඔබමයි. ඉතිං මේ ලිපියේ තියෙන කරුණු හොඳින් අවධානයෙන් කියවන්න.

දැන් කලබල වැඩි නම් විවේක වේලාවක කියවන්න.අපි මුලින්ම බලමු මොකක්‌ද මේ වාසනාව නැත්නම් භාග්‍යය කියන්නේ කියලා. මේ වචන ඇහෙනකොට අපට මතක්‌ වෙන්නේ සල්ලි, ධනය, යානවාහන වගේ දේවල්. ඒ වුණත් වාසනාව කියන්නේ සල්ලිම නොවන බව පළමුවෙන්ම තේරුම් ගැනීම වැදගත්.බලන්න සුවදායක නින්දක්‌ කියන්නේ වාසනාවන්ත දෙයක්‌. ඉතිං අපිට සල්ලි තියනවා නම් වටිනා ඇඳක්‌ මිලට ගන්න පුළුවන් බව ඇත්ත. ඒ වුණත් නින්ද මිලට ගන්න පු`ඵවන්ද? ඒ වගේම නිරෝගී බව, ජනප්‍රිය බව, සතුට වගේ බොහෝ දේවල් මිලට ගන්න බෑ.

 ඉතිං අපි හොඳින් අවබෝධ කරගන්න ඕන ධනය වගේම මානසික සැනසීමත් වාසනාවෙම අංග බව. මානසික සැනසීම එහෙම නැත්නම් සතුටත් එක්‌කම ධනය තියෙනවා නම් වාසනාවන්තයි.

ඊළඟට වැදගත් දේ තමයි ලද දෙයින් සතුටට පත් වීම. සෑහීමකට පත් වීමටත් අපිට පුළුවන් වෙන්න ඕන. නැත්නම් මොනවා ලැබුණත් සතුට ලබන්න බෑ. අපි මේ උත්සාහ කරන්නේ දාර්ශනික අදහස්‌ විතරක්‌ කියලා ප්‍රශ්නෙන් පැනලා යන්න නොවේ. ඊළඟට අපි බලමු මිනිස්‌සු වාසනාව නැත්නම් භාග්‍යය උදාකර ගන්න කරන දේවල් ගැන.

 සමහරු කිසිම වෙහෙසක්‌ නැතිවම පොහොසත් වෙන්න හිතාගෙන ලොතරැයි, සූදු වගේ දේවල්වලට යොමු වෙනවා. සමහරු මත්ද්‍රව්‍ය, රේස්‌ වගේ ව්‍යාපාරවලට යොමු වෙනවා. සමහර විට මේ වගේ කෙටි ක්‍රමවලින් ඉක්‌මනට සල්ලි ටිකක්‌ ලැබෙයි. ඒත් සතුට ලබන්න බෑ. වරදක්‌ කරනකොට වෙන කවුරු නොදන්නවා වුණත් තමන්ගෙ හිත දන්නවා කරන්නේ වරදක්‌ බව.

ඉතිං මේ වරදකාරි හැඟීම නිසා භාග්‍යය කියන අරමුණ ළඟා කරන්න අමාරුයි. අනිත් අතට සමාජ විරෝධී වැඩ කරන කෙනා ජීවත් වෙන්න ඕන භය, සැක සහිතවයි. නීතියට කොටුවෙයිද, පොලිසියට අහුවෙයිද, ඔය වගේ සැක සංකා ඇතිවම තමයි ජීවත් වෙන්නෙ. මේකට කොහොමද වාසනාව නැත්නම් භාග්‍යය කියන්නේ.ධනවත් වීම, මුදල් ලැබීම කුසල කර්මයක ප්‍රතිඵලයක්‌ කියලා බුදුන් වහන්සේ වදාළා. එතකොට කුසල කර්ම ගැන විශ්වාස නැතිව "ලාන් බුද්ධා" කියන බෝනික්‌කා මේසේ උඩ තියාගෙන ධනවත් වෙන්න හීන මවන එක විහිළුවක්‌. වාලම්පූරි, ගජමුතු, ධනාකර්ෂණ මන්තර ගුරුකම්, ලොතරැයි ජය ගැන කියන දැන්වීම් පස්‌සේ ගිහින් ධනවත් වෙන්න හදන අයත් ඉන්නවා.

 හැබැයි මේවයේ සත්‍යය හා මිථ්‍යාව වෙන්කර ගන්න ඕන.

 වාලම්පුරි ධනාකර්ෂණය කරනවා නම් ඒක ඇත්ත වාලම්පුරියක්‌ වෙන්න ඕන. නමුත් ඒවා දුර්ලභයි. ප්ලාස්‌ටික්‌ වර්ගවලින් කෘත්‍රීමව හදපු වාලම්පුරි අද බිස්‌නස්‌ එකක්‌ වෙලා වගෙයි. ඒ වගේ මේවට අදාළ මන්ත්‍ර ජීවං එහෙමත් වෙන්න ඕන. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙන දේට බාධා කරන කර්ම බලවේග තියෙනවා. උදව් කරන කුසල කර්ම බලවේගත් තියෙනවා. මේවා ආත්මයක්‌ ආත්මයක්‌ පාසා එනවා. ඉතිං මොනවා ලබා ගන්නත් ඒ දේ ප්‍රාර්ථනා කරන එක හරිම වැදගත්.

 ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්‌ද? ප්‍රාර්ථනාව මොකක්‌ද? ඒක පැහැදිලි කර ගන්න. සමහර විට විදේශ රැකියාවකට ගිහිල්ලා සල්ලි ටිකක්‌ හොයා ගන්න ඔබ හිතනවා ඇති. මුදල් තිබුණත් හිතේ නිදහස නැති නිසා ඒ ගැන හිතනවා ඇති. විදේශ රැකියාවක්‌ හිතේ සැනසීම, ප්‍රශ්නයට විසඳුමක්‌, දේව පිහිටක්‌ ඔය වගේ දෙයක්‌. මේක හොඳට කල්පනාකරල තීරණය කර ගන්න. අවුරුද්දේ ග්‍රහ බලය යෙදෙන නැකැත් කිහිපයක්‌ උදා වෙනවා. එදාට ඔබේ ප්‍රාර්ථනාව ලියන්න.

හැබැයි ලියන්න ඉස්‌සර වෙලා හොඳට තේරුම් ගන්න ඕන ඔබට උවමනා කරන දේ. විදේශ රැකියා, නීති ගැටලු, ප්‍රශ්නයකට විසඳුමක්‌, හිතේ සැනසීම වගේ දෙයක්‌ නම් මේක ලියන්න ඕන පැතුමක්‌ විදියට. මේ වගේ දේවල්වලට හොඳ නැකතක්‌ උදාවෙනවා. දිනයයි වෙලාවයි මම කියන්නම්.

 2017 දෙසැම්බර් 17 ඉරිදා උදේ 11.15 සිට 4.30 දක්‌වා කාලය තුළ ඔන්න ඔය වෙලාවට ඔබ නිසංසල තැනකට ගිහින් ඔබේ ප්‍රාර්ථනා ටික ලියන්න. එකක්‌ නොවේ. ප්‍රාර්ථනා දහයක්‌ දක්‌වා ලියන්න පුළුවනි. ලියලා ඉවරවෙන කොටම තේරෙයි ඒක හරියට ලිය වුණාද කියලා.

 ඊට පස්‌සේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවමයි කියලා විශ්වාසයෙන් මේ ලියපු කොළේ ප්‍රවේශමෙන් අරන් තියන්න. අවශ්‍යයි කියලා හිතෙන වෙලාවට ආයිමත් බලන්න. දවසකට දෙකකට වරක්‌. ඒ ඇති. ඉතිං ඔබේ පැතුම යථාර්ථවාදි එකක්‌ නම් අනිවාර්යෙන්ම ඉටුවේවි. ඒ තමයි ඔබේ භාග්‍යය උදා කරන පළමුවෙනි පියවර. ඊළ`ගට කරන්න ඕන දේ තමයි ඔබේ අකුසල කර්ම ශක්‌තිය යටපත් කරල කුසල ශක්‌තිය ඉස්‌මතු කරන එක.

 "කුසලස්‌ස උපසම්පදා" කියන්නේ කුසල් ඉපදවීමයි. කුසල ශක්‌තිය උපදිනකොට අකුසල ශක්‌තිය යටපත් වෙනවා. පැරැණි ආත්ම භාවවල අපි දීලා තියෙන මහා දාන, ශීල, භාවනාවල ශක්‌තිය ආයෙත් මතු වෙනවා.ඉතිං අපි ඉස්‌සරවෙලා තේරුම් ගන්න ඕන මේ ලෝකෙ උසස්‌ම භාග්‍යයක්‌, වාසනාවක්‌ හිමි වුණේ කාටද කියලා. කාට පුද පූජා කළාමද අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නෙ කියලා. ඉතිං බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ කඳ කොටස්‌ නවයකට වෙන් කරලා තියෙනවා.

ඒවාට කියන්නේ නව අරහාදී බුදුගුණ කියලනේ. මෙයින් "අරහං" කියන්නේ සියලු පූජාවන්ට සුදුසු වූ කියන තේරුම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට පූජාවක්‌ කරලා යම් ප්‍රාර්ථනාවක්‌ කළාම ඒක ඉෂ්ට වීමේ මහා බලයක්‌ තියෙනවා. ලෝකයේ උසස්‌ම තනතුර "බුදු බව" ලබන්න ප්‍රාර්ථනා කරන්නෙත් බුදුවරයෙක්‌ ඉදිරිපිටයි. නියත විවරණ ලබනවා කියන්නේ ඒකට.

 ඉතිං අපි කරන ප්‍රාර්ථනාව බුද්ධ පූජාවක්‌ තිsයලා ප්‍රාර්ථනා කරන්න ඕන. මල්, පහන්, සුවඳ ධූප, ශබ්ද, කොඩි, දැහැත්, ගිලන්පස ඔය හැම පූජාවක්‌ම හොඳයි. හැබැයි බුදු පිළිමයට තියන පූජාවක්‌ නෙවෙයි. ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවක්‌ විදියටයි කරන්න ඕන. බුදු පිළිමයට වුණත් ජීවමාන බුදුරජාණන් වහන්සේ විදියට සලකලා පූජාව කරන්න ඕන.

 සමහරු අහනවා ගෙදර කොයි පැත්තෙද බුදු පිළිමයට සුදුසු කියලා. ඊසාන දිශාව සුදුසුයි. නැගෙනහිර දිශාව බලාගෙන වාඩිවෙලා වන්දනා කිරීම සුදුසුයි. හැබැයි ඔබේ ගෙදර ඊසාන දිශාවේ තියෙන්නේ කෑම කාමරය වගේ නම් මේක කරන්න අමාරුයි. එහෙනම් පහසු හොඳ ස්‌ථානයක්‌ තෝරා ගන්න.

 බිම වාඩි වුණාම ඇස්‌වලට පෙනෙන මට්‌ටමට අඩි තුන හතරක්‌ උසට ලස්‌සන බුදු පිළිමයක්‌ තැන්පත් කර ගන්න. ඒ හොඳටම ඇති. දවසේ එකම වෙලාවක බුද්ධ වන්දනාව කරන්න. වන්දනාව කරනකොට බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන තිබීම අවශ්‍යයි. නොදන්න පාලි ගාථා නෙවෙයි දන්න විදියට බුදු හාමුදුරුවෝ තේරුම් ගන්න ඕන. ඔබ අහල තියෙන විදියට.ඉතිං ඔබ හොයන්නේ භාග්‍යය වාසනාවනේ. මේක තමයි වැදගත්ම කොටස. ඉතිං ඔබ බුදුරජාණන් වහන්සේ කොයි තරම් භාග්‍යවන්තද කියලා හිතන්න.

 බලන්න බුදුහාමුදුරුවෝ වෙනුවෙන් හදපු

 ඡේතවනාරාමය හදන්න ඉඩම ගත්තේ කහවණු අතුරලා කියලා අපි අහලා තියෙනවා. මේ ලෝකේ කොහේවත් කෙනෙකුට එහෙම ඉඩමක්‌ මිලට අරගෙන පූජා කළ බවක්‌ අහලා තියෙනවාද.  පූර්වාරාමය විශාඛාව හදලා තියෙන්නේ කෝටි ගාණක්‌ වියදම් කරලා. කාමර පන්සීයක්‌ තිබුණලු. මේ ලෝකෙ කාටවත් එහෙම මන්දිරයක්‌ හදලා නොමිලේම පූජා කරලා තියෙන බවක්‌ අපි දන්නේ නෑ. ඒක තමා භාග්‍යය.

 ඒ විතරක්‌ද දැන් බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු දෙදහස්‌ පන්සියයකට වැඩියි. ඉතිං අදත් බුදු හාමුදුරුවන්ට මන්දිර හදනවනේ. ඒවා බුද්ධ මන්දිර, බුදු ගෙවල්, බුදු කුටි මේ ලෝකෙ මනුෂ්‍යයන් මියගියාම ඕන නම් එක තැනක සොහොනක්‌ හදයි. එහෙමද බුදු හාමුදුරුවෝ අදත් බුදු ගෙවල් කෝටි ගණනක්‌ ලෝකේ පුරා හැදෙනවා ඇති. අනික ආහාර පාන, දාන මාන අදත් හිමිදිරි උදෑසන බුදු හාමුදුරුවෝ වෙනුවෙන් කිරි ආහාර ටොන් ගණනක්‌ පිසෙනවා ඇති. රුවන්වැලි මහා සෑය, ජය ශ්‍රි මහා බෝධිය, දළඳා මාළිගාව, කිරි වෙහෙර, වෙනත් පන්සල් වල, ඉන්දියාව වගේ වෙනත් රටවල පවා බුද්ධ පූජාවට ආහාර, මල්, පහන්, ගිලන්පස ලක්‌ෂ ගණනින් පූජා වෙනවා. මේ ලෝකේ වෙන කාටවත් මේ භාග්‍යය නෑ.

 එපමණද බුදු පිරිවර? භික්‌ෂු භික්‌ෂුණී, උපාසක උපාසිකා කියන සිව්වනක්‌ පිරිස එදා සිට අද දක්‌වාත් මතුවටත් කෝටි ගණනින් මේ ලෝකේ පහළ වෙනවා. දෙව්ලොව, බඹලොව පවා උතුම් දෙවිවරු, බ්‍රහ්ම රාජයන් උන්වහන්සේට ව`දිනවා. මේ ලෝකේ වෙන කාටද එහෙම ගෞරවයක්‌, ජනප්‍රිය බවක්‌ තියෙන්නේ?  අනික තමයි බුදු හාමුදුරුවන්ගේ ශරීරයේ කඩවසම් බව. මහා පුරුෂ ලක්‌ෂණ 32 ඇති උන්වහන්සේ තරම් ලස්‌සන ශරීරයක්‌ තියෙන කෙනෙක්‌ මේ ලෝකෙ වෙන කවුරුවත් නෑ. උසස්‌ තබා සමාන කෙනෙක්‌වත් නෑ. ඒකත් මහා වාසනාවක්‌ භාග්‍යයක්‌ නොවෙයිද?

 ඉතිං භාග්‍යය වාසනාව ලබා ගැනීමට බලාපොරොත්තු වෙන ඔබ බුදු හාමුදුරුවන්ගේ මේ භාග්‍යය වාසනාව ගැන හොඳට හදාරන්න ඉගෙන ගන්න. අවබෝධ කරගන්න. ඉතිපිසෝ ගාථාවේ එන නවගුණ අතරින් "භගවා" කියලා කියන්නේ මේ ගුණයටයි. දැන් කරන්න තියෙන්නේ භගවා කියන බුදු ගුණය භාවනාවක්‌ හැටියට ප්‍රගුණ කිරීමයි.

 අපෝ - භාවනාව... ඒක කරන්න පුළුවන්ද? හරියට හෙට මැරෙන්න ඉන්න වයසක මිනිස්‌සු වගේ? කාමරේකට වෙලා එරමිණිය ගොතාගෙන බෑ.. බෑ... ඕවට කාටද වෙලාව තියෙන්නේ? යාළුවෝ හිනාවෙයි. මෙන්න මේ වගේ අශුභවාදි අදහස්‌ ඔබේ හිතට එන්න පුළුවනි. මේක ජයගන්න ඕන. ආහාර ගන්න, නාගන්න, ව්‍යායාම කරන්න, පාඩම් කරන්න වගේම භාවනා කරන්නත් ඕන. ඒක ජීවිතයෙන් පැනලා යැමක්‌ නෙවෙයි.

 ඉතිං ඔබේ ගෙදර වන්දනා කරන තැන නිදහස්‌ තැනක තියෙන්න ඕන. උදේටත් හවසටත් එකම වෙලාවක වන්දනාව කරන්න. ඒක වැදගත්. රාත්‍රියටත් පාන්දරටත් කරන්න පුළුවනි. විනාඩි විස්‌සක්‌ වෙන් කර ගන්න. බුදු පිළිමය ඉදිරිපිට පහසුවෙන් වාඩිවෙන්න. එරමිණිය ගොතාගෙන කොන්ද කෙළින් තියාගෙන ඉඳීම හොඳයි. බැරි නම් පුළුවන් විදියකට වාඩි වෙන්න. මුලින්ම පූජා තියලා වන්දනා කරලා ඉවර කරන්න. පන්සිල් ගැනීම වැදගත්. ඊළඟට ඔබේ බුදු පිළිමය දිහා ටික වේලාවක්‌ බලා ඉන්න.

 දැන් හිතන්න අර අපි සාකච්ඡා කළ විදියට බුදු හාමුදුරුවෝ කොච්චර භාග්‍යවන්තද කියලා. වාසනාවන්තද කියලා. මේක හොඳට හිතලා බලන්න. ඊළ`ගට භගවා, භගවා, භගවා... ඔය විදියට "භගවා" කියන වචනේ හෙමිහිට මුමුණන්න. තමන්ගේ කටින් තමන්ගේම කනට ඇහෙන තරමට මුමුණන්න. ඔබ කරන්නේ බුද්ධානුස්‌සති භාවනාවක්‌. මේ විදියට බුදු හිමියන්ගේ භාග්‍යය ගැන දිගටම භාවනා කරන කොට ටිකින් ටික ඔබේ ජීවිතයේ භාග්‍යය, වාසනාව ඉස්‌මතු වෙන්න පටන් ගනීවි.

 අනන්ත වූ බුදු ගුණ බලයේ සත්‍යානු භාවයෙන් ඔබේ භාග්‍යය, වාසනාව උදාවේවා·
 හැබැයි මේ භාවනාව ඔබට කරන්න පුළුවන් වෙන්නේ වන්දනා කරන තැන බිම වාඩිවෙලා විතරක්‌ නොවෙයි. ඊට පස්‌සේ ඔබේ හැම ඉරියව්වකදීම මේක කරන්න පුළුවන්.

තනියම බස්‌ එකේ යනකොට, පයින් යනකොට, වෙනත් වැඩ කරද්දී වුණත් "භගවා" යන වචනය හිතින් මුමුණන්න පුළුවන්. මේ ගැන තර්ක කරන්න එපා. ප්‍රායෝගිකව අත්හදා බලන්න.



No comments:

Post a Comment