Lagna Palapala 2020-07-26 | ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Saturday, July 25, 2020

Lagna Palapala 2020-07-26 | ලග්න පලාපල | Gurukam.net


ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 ජුලි මස 26 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.04 ට
ඉර බැසීම  - පස්වරු 18.30 ට
රාහු කාලය
දිවා 16.34 ට සිට 18.03 දක්වා
රාත්‍රී 04.34 සිට 06.03 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතුවලින් අපේක්ෂිත ලාභ නොලැබී යා හැකිය. කාලත්‍ර පාර්ශ්වයේ අසනීපගති මතු කරවිය හැකිය. බාල සහෝදරයාගේ කටයුතුවලට අසුබදායක දිනයකි. ණය ගනුදෙනු හා බැංකු අණකර හා චෙක්පත් ආදියේ දී ප්‍රවේශම් විය යුතුය. තම පවුලේ අයගෙන්ම චෝදනා එල්ල විය හැකි දිනයකි. කල්පනාකාරීවන්න. කීර්ති ප්‍රශංසා ආදියට ලක්වන දිනයකි. උසස්වීම් ආදියට ඔබ නිර්දේශ වේ. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.
වෘෂභ
සමාජ කාර්යයක් සඳහා කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවන දිනයකි. වැවිලි කර්මාන්ත ආදියෙන් බලාපොරොත්තු වූ ලාභ අපේක්ෂා කළ නොහැකිය. සුළු ගමන් බිමන් කිහිපයක් යෙදිය හැකිය. තම අභිමතය ක්‍රියාත්මක කිරීමට යෑම ගැටළුවලට මුල් වේ. අධ්‍යාපන කටයුතුවලට සුබදායකය. ගෙදර දොර බඩු මුට්ටු ආදිය පිළිවෙළකට තැබීමට උත්සාහ කරන දිනයකි. කලකින් හමු නොවූ ඥාති හිතවතුන්ගේ හමුවීම් ආදිය සිදු වේ. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
සමාජශීලී කටයුතු නිසා ඔබ බුහුමනට ලක්විය හැකිය. හිතවතකුගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදෙන ආයතනයකට යොමු වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වනු ඇත. පවුලේ කටයුතු වෙනුවෙන් වැය පාර්ශවය අධිකවන දිනයකි. කාර්ය බහුලත්වය නිසා දවසේ ඉලක්ක ඈතට යනු ඇත. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් වන්න. ආගමික කටයුතුවලට වැඩි වැදගත්කමක් දක්වන දිනයකි. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.
කටක
පිය පාර්ශවයේ කටයුතු සඳහා වැය පෙන්නුම් කරයි. කල්ගත වූ අසනීප ආදියෙන් සුවය ලද හැකිය. කාලත්‍රයාගේ තැන්පත් ධනය පිළිබඳ ගැටලු ඇති විය හැකිය. සංචාරක කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි. ජලය ආශ්‍රිත කටයුතුවල දී ප්‍රවේශම්වන්න. සැප පහසු යාන වාහන ආදියට උරුමකම් කීමට සුබ දිනයකි. මිතුරන් අතරේ ඔබ කතාබහට ලක්වනු ඇත. පුරුෂ පාර්ශවයට කාන්තා පාර්ශවයට වැඩි ආධාර උපකාර ලැබේ. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
එදිනෙදා කටයුතු කළමනාකරණයේ දී කාලය පිළිබඳ ගැටලු ඇති කරයි. හවුල් ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු වූ ලාභ අපේක්ෂා කළ හැකිය. ඉතා අනර්ඝ ආහාර පිළිබඳ රුචිකත්වය වර්ධනය වේ. නඩුහබ ආදියෙන් ජය ලැබිය හැකිය. කාලත්‍ර සබඳතාවල දී තම අධිකාරීත්වය පෙන්වීමට යෑම කලහකාරී තත්ත්වයන් මතු කරවීමට හේතු වේ. නව ගිවිසුම් ආදියට එළැඹීමට පෙර නීති උපදෙස් ආදිය පිළිපැදීම සුබදායකය. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
ගංගා ඇළ දොළ ආශ්‍රිත විනෝද කටයුතුවල යෙදීමට සිදු වේ. දේව භක්තිය වැඩි කරවන දිනයකි. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් කාලය වැය කරයි. වැය පාර්ශවය අධික වනු ඇත. දේශපාලන කටයුතුවල නියැළි අයට ජනප්‍රියත්වය වැඩි කරවයි. උරහිස් ආබාධ ඇති කරයි. පොත්පත් ආශ්‍රිත කටයුතුවල නියැළි අයගේ කටයුතු සාර්ථක වේ. ජාතික හැඟීම් දනවන ආකාරයේ කාර්යයන්ට මැදිහත් වීමට සිදුවනු ඇත. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ අපේක්ෂාවන් ද මල්ඵල ගන්වනු ඇත. ඈත ප්‍රදේශවල යෙදෙන ගමන් බිමන් කිහිපයක් ඔබ වෙහෙසකට පත් කරවයි. වැය පාර්ශවය අධික කරවන දිනයක් නිසා ප්‍රවේශමෙන් මුදල් පරිහරණය සිදු කරන්න. ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වීම ඔබගේ සෞඛ්‍ය යහපතට හේතුවනු ඇත. මිතුරු සබඳතා අලුත් කරවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි. ගලා යන ජලයට බුලත් දමන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
වැය පාර්ශවය අධික කරවනු ඇත. බැංකු අණකර චෙක්පත් ආදිය නිකුත් කිරීමේ දී කල්පනාකාරී විය යුතු දිනයකි. මවු පාර්ශ්වයේ අසනීප ගති මතු කරවිය හැකිය. කලක් තිස්සේ නිම කිරීමට නොහැකිව තිබූ දෙයක් නිම කිරීමට හැකි වේ. නිවසේ කටයුතු වෙනුවෙන් කාලත්‍ර පාර්ශවයේ සහාය අපේක්ෂා කළ හැකිය. දණහිස් ආබාධ හෝ වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. හිත මිතුරන් වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කිරීමට සිදු වේ.  මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
කලක් තිස්සේ තිබූ රෝගාබාධ ආදියෙන් සුවය ලැබිය හැකි දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී වැඩි සාර්ථකත්වයක් ළඟා කරගත හැකිය. දරුවන්ගේ කටයුතුවලට අවධානය යොමු කළ යුතුය. රැකියා කටයුතුවල දී බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ලක් වේ. ඔබ ප්‍රධානියකු බවට පත්වන දිනයකි. තෙල් හා ගින්දර ආදියෙන් අනතුරු පෙන්වයි. වැය පාර්ශ්වය ඉහළ යන දිනයකි. අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරයි. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
ගෙදර දොර කටයුතුවල දී කාලත්‍ර පාර්ශවයේ සහයෝග ලද හැකිය. රැකියා ස්ථානවල කටයුතු වෙනුවෙන් ගමන් බිමන් කිහිපයක් යෙදේ. පියාගේ කටයුතු සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් පෙන්වන දිනයකි. මුත්‍රාශය ආශ්‍රිත රෝග මතු විය හැකිය. කල්ගත වූ අසනීප ආදියෙන් සුවය ලැබිය හැකිය. තමා වෙත පැවැති මේ බාධාකාරී දේ ඉවත්ව යන දිනයකි. සහෝදර සහෝදරියන්ගේ කටයුතු වෙනුවෙන් කාලයක් වැය කිරීමට සිදු වේ. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
රැකී රක්ෂාවල දී තම කීර්තිය ප්‍රකට වේ. ප්‍රේම සබඳතාවල දී කලහකාරී තත්ත්වයන් වර්ධනය විය හැකිය. කලා ක්ෂේත්‍රයේ නව සංකල්පනා බිහිවන දිනයකි. යහපත් කාර්යයන් කිහිපයක් අද දිනය තුළ ආරම්භ කිරීමට හැකියාව ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි දිනයකි. ගෙදර දොර කටයුතු නිසා දිනය දැඩි අවිවේකී වේ. අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් වෙනුවෙන් වැය පාර්ශ්වය ද ඉහළ යයි. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
කෘෂිකාර්මික කටයුතුවල නියැළි අයට අද දිනය සුබදායක නැත. මවුපස ඥාතීන්ට අසුබදායකය. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ යහපත් ආරංචියක් ඔබට ලැබෙනු ඇත. කුලී නිවාසවල ජීවත්වන අයට සුබදායක නොවේ. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලද හැකිය. නිවසේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් කැප කරනු ඇත. කලකින් හමු නොවූ අයකු නිවසට පැමිණෙනවා ඇත. රථ වාහන කටයුතුවලින් ලාභ ලද හැකිය. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03




























No comments:

Post a Comment