Lagna Palapala 2020-07-04 | ලග්න පලාපල | Gurukam.net - Gurukam.Net

Friday, July 3, 2020

Lagna Palapala 2020-07-04 | ලග්න පලාපල | Gurukam.net


ප්‍රවීණ ජෝතිර්වේදී සහ වාස්තු විද්‍‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර : 0715709000

අද දවස ඔබට

2020 ජුලි මස 04 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 06.00 ට
ඉර බැසීම - පස්වරු 18.30 ට
රාහු කාලය
දිවා 09.00 සිට 10.29 දක්වා
රාත්‍රී 21.00 සිට 22.29 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආයෝජනයෙන් පාඩු සිදුවිය හැකිය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ දිනයකි. ඖෂධ භාවිතයේ දී කල්පනාකාරී වන්න. ආසාත්මිකතාවලට හේතු වේ. ප්‍රතිශක්තීකරණය අඩු දිනයකි. බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම්වන්න. මිත්‍රයන් සමඟ විනෝද ගමන් ආදිය යෑමෙන් වළකින්න. සුරාවට සූදුවට හිත ඇදී යන දිනයකි. ජලය ආශ්‍රිත කටයුතුවලට අද සුබ දිනයක් නොවේ. යුගදිවි සබඳතා ඈතට යයි. පෙම් සබඳතාවලට බාධා ඇති වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.
වෘෂභ
වේගවත් තීරණ බොහෝ දේ ඔබට අහිමි කළ හැකිය. වැය පාර්ශවය අධික වන බැවින් කල්පනාකාරී වන්න. කාලත්‍රයට හොර රහසේ ඔබ අතින් යම් කාර්යයක් සිදු වීමට ඉඩ ඇත. ගමෙන් පිට වාසය කරන ඥාතියකු හදිසියේ මුණ ගැසේ. නිරර්ථක ගමන් බිමන් කිහිපයක් යෙදේ. තමා අරමුණු කළ වැඩ කටයුතු නියමිත පරිදි නිම කිරීමට නොහැකි වේ. ගෘහ ජීවිතයේ ඉදිරි කටයුතු සැලසුම් සහගතව කිරීමට උනන්දු වන්න. දණහිස් ආබාධ ඇති කරයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
මිථුන
සිතට  සැනසීම ළඟා කරවන සුබ ආරංචියක් දරුවන් පිළිබඳ ලැබේ. ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වැඩි කාලයත් ශ්‍රමයත් කැප කරයි. පෙණහල්ල, උගුර ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඉස්මතු විය හැකිය. ලිපි කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවයි. අනුන්ට උපකාර කිරීමට වෙහෙස වන දිනයකි. මවු පාර්ශවයේ ඥාතීන් පිළිබඳ අසුබදායක ආරංචියක් ලැබේ. ගෙදර දොර වැඩ කටයුතුවලට වෙනදාට වඩා කැපවීමෙන් කරයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  බණ පොතක් පූජා කරන්න.
කටක
යුග ජීවිතයේ මතභේදකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. අර්ශස් රෝග තදබල උෂ්ණාධික රෝග තත්ත්වයන් නිසා අද දිනයේ ඔබට පීඩා විය හැකිය. ධනය ලැබීමට වඩාත් සුදුසු දිනයකි. වැය පාර්ශවය ද ඉහළ යයි. එබැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. දරුවන්ගේ කටයුතුවලින් වැඩි කාලයක් කැප කිරීමට වේ. සිතේ විවේකය අඩු වන දිනයකි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
සිංහ
හවුල් ව්‍යාපාර කටයුතුවල දී හොඳින් සිතා බලා තීරණ ගන්න. ගෘහ ජීවිතය සාමකාමීය. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන දිනයකි. නිර්මාණකරණයේ දී යහපත් සිතුවිලි ඇති කරයි. දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. මනා හික්මීමෙන් කටයුතු කරන දිනයකි. ආදායම් මාර්ග වැඩි දියුණු වී නව රැකියා අවස්ථා උදා වේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත්ය. මුත්‍රාබාධ හා උෂ්ණාධික රෝග හට ගැනීමේ ඉඩකඩ ඇත.  ජය වර්ණය - රතු,  ජය අංක - 01,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
කන්‍යා ‍
ප්‍රසිද්ධියට හේතුවන කරුණු සඳහා අද දිනය සුබයි. ප්‍රේම සබඳතාවලට වැඩිහිටි ආශිර්වාදය ලැබේ. සියුම් කටයුතු නිසා වැඩි ආදායම් ලැබිය හැකිය. පිය පාර්ශවයේ ඥාතීන් සමඟ ගැටලුකාරී තත්ත්වයන් මතු වේ. ආයතන ප්‍රධානීන්ගේ උදහසට ලක්වීමට හේතු වේ. රැකියා ගැටලුවලට හේතු වේ. සමාජ කටයුතුවල දී ඔබට ප්‍රධානත්වය හිමි වේ. තමාට වඩා බලයෙන් යුතු අයගේ උදවු උපකාර ලැබේ. ආදායම් මාර්ග සරු වීමට දිනයකි. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
තුලා
මෙතෙක් කරගෙන ආ කටයුතුවල සාර්ථක නිමාවක් දැකීමට ඉඩකඩ ලැබේ. දරුපල බලාපොරොත්තුව සිටින අයට සුබදායක ආරංචි ලැබේ. නැති වූ දෙයක් පිළිබඳ ආරංචියක් ලැබේ. ඔබට තිබු සතුරු කරදර ඉවත් වන දිනයකි. උරහිස් ආබාධවලට හේතු වේ. ආර්ථික තත්ත්වය දියුණු කර ගැනීමට සුබ දිනයකි. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු සඵල වේ. අද දිනය ජය පරාජය පිළිබඳ කටයුතු සමව යෙදෙන දිනයකි. පැරණි දේ මිලට ගැනීමට සිත් වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
වෘශ්චික
සිතිවිලිවල යම් චංචල භාවයක් ඇති කරයි. කල්පනාකාරීව තීරණ ගන්න. නිකරුණේ තම ධනය වැය වීමට කරුණු යෙදේ. ව්‍යාපාරික කටයුතුවල දී ලාභය වැඩි දිනයකි. සහෝදරයකු සම්බන්ධයෙන් තිබූ ගැටලුවක් කලකට පසු නිමා වෙයි. නිවසේ කටයුතුවල දී ආවේගශීලී වීම පාලනය කරගන්න. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ඉතා සුබදායකය. ශරීර සෞඛ්‍ය යහපත් කරයි. කරගෙන ආ වැඩ කටයුතු සාර්ථකව අවසන් කළ හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
ධනු
ගිය ගිය තැන ඔබට ප්‍රධානත්වය හිමි වේ. නිර්ලෝභී ලෙස අන් අයට උදවු උපකාර කිරීමට පෙළඹෙන දිනයකි. ගෘහ ජීවිතය සතුටුදායකය. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වේ. රැකියා විරහිතව සිටින අයට රැකියා අපේක්ෂා ඉටු වේ. දණහිස් ආබාධ ඇති කරයි. ධනය ලැබීමට යහපත්ය. ආදායම් මාර්ග කිහිපයක්ම යෙදේ. මවුපියන්ගෙන් හා නෑදෑ  හිතවතුන්ගෙන් ආධාර උපකාර ලැබෙන දිනයකි. ප්‍රීතියෙන් කල් ගෙවීමට හැකි වේ. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
මකර
ආගමික කටයුතු සඳහා ගමන් බිමන් කිහිපයක් යෙදේ. ගුප්ත ශාස්ත්‍ර වැනි ගැඹුරු දේ අධ්‍යයනය සඳහා කාලය යොමු කරයි. වංචා ප්‍රයෝගවලට හසුවීමට ඉඩකඩ ඇත. කල්පනාකාරී වන්න. පිය පාර්ශවයේ ඥාතියකුට අසුබයි. රැකියා ස්ථානයේ මිතුරකුගේ උත්සවයකට ඇරැයුම් ලැබේ. දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. අධ්‍යාපන කටයුතු සඳහා වෙනදාට වඩා වැඩි උත්සාහයක් දැරිය යුතුය. ආදායම් මාර්ගවල වැඩි සුබ ප්‍රවණතා ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
කුම්භ
තමාට තිබූ දේපළක් පිළිබඳ ගැටලු මතු වීමට ඉඩ ඇත. මිතුරු සබඳතා නිසා ගැටලු තත්ත්වයන් උද්ගත වේ. නිවසේ කටයුත්තක් සඳහා කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදේ. නිවසේ බඩුබාහිර ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දිනයකි. වැය පාර්ශ්වය වැඩිවන දිනයකි. සිත් පීඩා ආදිය ඇති කර මානසික නොසන්සුන් භාවය ඇති වැඩි කරයි. භාවනාව ආදී දේ ප්‍රගුණ කිරීමට සුබ දිනයකි. පදිංචි ස්ථානයේ අවට යම් යම් අසුබ දේ ඔබ වෙනුවෙන් ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
මීන
ලියකියවිලි හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි. ඉඩම් හා පදිංචිය පිළිබඳව තිබූ ආරවුල් කිහිපයක් නිරවුල් වේ. දරුවකු පිළිබඳ කලක් සිතේ තිබූ උසස් අධ්‍යාපන කටයුත්තකට මාර්ගය විවර වේ. සතුරු කරදර ආදිය ඉවත්ව යන දිනයකි. යුග දිවි සබඳතා සාමකාමීය. බාධක මැද ආදායම් මාර්ගයන් ද යහපත් කර ගැනීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවල දී දරුවන්ගේ මතක ශක්තිය අමතක කරවා ඒ අමාරු ගති මතු කරවිය හැකිය. කල්පනාකාරී වන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.

No comments:

Post a Comment