මොනවා කළත් වරදින්නෙ ඇයි? | Gurukam.net - Gurukam.Net

Tuesday, July 7, 2020

මොනවා කළත් වරදින්නෙ ඇයි? | Gurukam.net


කපුටො වැල කන්න වගේ කේන්ද්‍ර බලන උදවිය අද බොහෝ ඇත. විනාඩි 05 ක්‌ ඇතුළත සියල්ල කියා දීම ද සිරිතකි. එම අයට මා දොස්‌ කියන්නේ නැත. එවන් උදවිය ද සිටිය යුතුය. මෙම ශිල්පය රටට හඳුන්වා දෙන්නේ ඔවුන්ය. 

මාධ්‍ය තුළින්ද ඊට මහත් රුකුලක්‌ ලබාදී තිබේ. කිසිවකුට අප දොස්‌ කිව යුතු නැත. යමක්‌ කිරීමට පළමු සිතා බැලීම වඩාත් වැදගත්ය. ඔබේ කේන්ද්‍රය හරිහැටි බැලීමට පැය 02 ක්‌ හෝ 03 ක්‌ ගතවනු ඇත. නමුත් අපේ අයට වුවමනා කරන්නේ ඉක්‌මනට යමක්‌ දැනගැනීමටය. 

වරද කාගෙද කියා සිතා බලන්න. ඉතින් මොනවා කළත් හරියන්නේ නෑ කියලා කිය කියා සිතින් දුක්‌ විඳිනු ඇත. ඔබේ ජන්ම පත්‍රය තුළ ඔබට හරියන රැකියාව ලියෑවී ඇත. ඒ වගේම ඔබේ සහකාරිය ගැන ද ලියෑවී තිබේ. කේන්ද්‍රයේ කොටු 12 තුළ ඔබට අවශ්‍ය සියල්ල ලියෑවී ඇත. ඊට ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදී මහතෙක්‌ හමුවිය යුතුය.
 ධන යෝග නැති කෙනාට ධනයෝග ලැබෙන්නේ නැත. ගොවිතැන හිමි කෙනාට ව්‍යාපාර හරියන්නේ නැත. ව්‍යාපාර හිමි අයට රජයේ රැකියා තුළින් දියුණුව දැකිය නොහැක. පැවිදි යෝග හිමි අය ගිහි ජීවිත ගත කරන්න ගිය විට ප්‍රශ්න මතුවේ. උපතින් කාලකණ්‌ණි ජීවිත ගත කරන්න උරුමකම් කියන උදවියද අල්ප වශයෙන් ඇත.

 හිරේ විලංගුවේ වැටිල දුක්‌විඳින උදවිය ද සිටීමට පුළුවන. විවාහය නිසා අන්ත දුක්‌ විඳීමට සිදුවන කේන්ද්‍ර තිබීමටත් ඉඩ තිබේ. රෝග පීඩා නිසා ජීවන ගමන අඩාල වන හේතු ද ඔබේ ජන්ම පත්‍රය තුළ ලියෑවී ඇත. මෙකී නොකී කරුණු රාශියක්‌ ඔබේ හඳහන තුළ ඇතත් ඒවා දැන ගන්නේ කීයෙන් කී දෙනෙක්‌ද? පළමුව මට කිව හැක්‌කේ හරියන්නේ නෑ කියන උදවිය හරියට තම හඳහන බලා ගන්න කියාය. හඳහන තුළ සිදුවන දේ ලියා ඇත. හරියන්නේ නෑ කියල දුක්‌ විඳිනවාට වඩා හරියන විදිහ දැන ගැනීම මොනතරම් වටිනවාද කියා ටිකක්‌ සිතා බලන්න.
 පෙර පිනක්‌ කර ඇති නිසා මෙළොව මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකරන්න ලැබී ඇත. අප මෙලොවට අඬාගෙන ආ අතර අන් අය අඬවා මෙලොවින් සමුගන්නවා ඇත. එය ලෝක ධර්මතාවයයි.

 නමුත් ඉන්න ඕන කාලයට අප යමක්‌ උගත යුතුය. ඇත්ත ඇති සැටියෙන් දැක කටයුතු කළ යුතුය. අපට වැරදීමට පුළුවන. වැරදීම හරියැමේ මාවතය. එය දැන ගැනීම ඉතා වැදගත්ය.ඕනෑම කෙනකුට හරියන ක්‍රමයක්‌ ඇත. එය දැන ගැනීම තුළින් උසස්‌ දියුණුවක්‌ ලද හැකිය. පෙර කළ අකුසලකර්ම පලදෙන අපල මතුවිය හැක. ඊට හරියන ප්‍රතිකර්ම ජ්‍යෙdතීර් විද්‍යාව තුළ ඇත. අපල ඇති අය පිනට බරවී කටයුතු කිරීම හොඳම ප්‍රතිකර්මය වේ.

 අපල තිබෙන විට පවට බර ජීවිත ගත කළහොත් අපල වැඩිවී ජීවිත හානිය පවා සිදුවිය හැක. යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමද හරියන්නේ නැති අයට කියා තිබේ. ඒවාද එම ශිල්පය ගැන මනා අවබෝධයක්‌ ඇති අයෙක්‌ ලවා කරගත යුතුය. දුකදීම සෙනසුරුගේ වැඩකි. නමුත් සෙනසුරු රජවී ඇති අයට දුක නිමාකොට රජ සැපද ලබා දෙන බව කිව යුතුය. 

කිසිම ග්‍රහයෙක්‌ නරක නැත. නරක සිදුවන්නේ ඔබ ජන්ම පත්‍රයේ එම ග්‍රහයන් සිටින තත්ත්වය උඩය. හොඳ ග්‍රහයෙක්‌ වුවත් 22 දෙර්කාණාධිපති වී ඇත්නම් නරක ප්‍රතිඵල උදාකරන බව ද කිව යුතුය. ලැබීම තියෙන වෙලාවට හඳහන් බලන්න වුවමනාවක්‌ නැත. කෝටිපතියන් වුවද හිඟන්නන් වනවිට කේන්ද්‍ර අරන් ඇවිදිනු ඇත. හැම කෙනෙක්‌ම කන්දක්‌ නැගි තැන පල්ලම හිමිවන බව ද දැනගත යුතුය. 

ඒ වගේම පල්ලම හොඳට තිබුණත් කන්දක්‌ අත ළඟ ඇති බවද වටහාගත යුතුය. මේ සියල්ලම ඔබේ හඳහන තුළ මනාව ලියෑවී ඇත. ඒවා හොඳින් දැන කටයුතු කරන උදවියට යහපත් ජීවිතයක්‌ ගත කිරීමට වාසනාව උදාවනු ඇත. 

අපල වැඩි උදවිය පින් කිරීම තුළින් අපල දුරුවී සහනය ළඟාකර ගැනීමට පුළුවන. මේ සියල්ල කල් ඇතිව දැන ගැනීමේ මාවත ඔබේ හඳහන බව මතක තබා ගන්න. එය හරියට බලාගන්න.පෙර පින ඇති අය වැඩිපුර පින් කිරීම තුළින් තව තවත් පින වර්ධනය වී අපල දුරුවනු ඇත. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment