ජ්‍යෝතිෂයට ලෙඩ සනීප කළ හැකිද | Gurukam.net - Gurukam.Net

Friday, July 3, 2020

ජ්‍යෝතිෂයට ලෙඩ සනීප කළ හැකිද | Gurukam.net


දිනපතා වන සූත්‍ර මාරුවීම තරමට ග්‍රහයෝ අහසේ සිටී ද?

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ජනතාව යොමුකරන මුදල් ගරා ගැනීමේ පහත් උත්සාහය රට පුරා විද්යුත් මාධ්‍යවල මෙගා ධර්ම දේශනා හා මෙගා පිරිත් සූත්‍රවල බලයක්‌ නැත.
 ග්‍රහකරු නැතත් පිරිත් සූත්‍ර වාණිජකරණය ඒවායේ බලය අඩුකර ඇත ජ්‍යෝතිෂ්‍යවේදීන් පවසන තරමට දිනපතා ග්‍රහ මාරුවීම සිදුවීම් ජනතාවට ග්‍රහ ලෙස බලපා නැත. ජ්‍යෝතිෂ්‍ය ආයුර්වේදය හා බුදුදහම වාණිජකරණය කනගාටුවට කරුණකි. මෙයට හොඳ හා නරක කර මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර පැවතීම කනගාටුවකි. ජෝතිෂ්‍ය මුදල් ගරා ගැනීම වෙනුවට සමාජ ප්‍රගමනයට යොදාගත යුතුය.ජ්‍යෝතිෂ්‍යවේදීන් නූල්, මුදු යන්ත්‍ර, විකිණිමේ විලාසිතාවෙන් වන සෙතක්‌ නැත මිනිසුන්ගේ අධ්‍යාත්මක විනාශයන් නිසා ග්‍රහ තාරකාවල විවිධ බලයන් මිනිසාට බලනොපායි.

මීට වසර ගණනාවකට පෙර එනම් දශක ගණනාවකට පෙර අපේ රටේ ජ්‍යෝතිෂ්‍ය අනාවැකි පළවූයේ වසර ගණනාවකට වරක්‌ හෝ දෙවරක්‌ වේ. ඉතාම කලාතුරකින් වන ග්‍රහමාරුවක්‌ හෝ නැකතක්‌ පිළිබඳවයි. ඔබ කුඩා කාලයේදී හෝ ඔබගේ මාපියන් හෝ මුතුන් මිත්තනගේ මේ අත්දැකීම් අනුව ඔබට එය තහවුරු කරගත හැකිය.කලක්‌ ගතවීම සමඟ මේ තත්ත්වය වෙනස්‌ වූයේ සියල්ල වාණිජකරණය වීම සමඟය. අද අපේ රටේ සෑම ජාතික පුවත්පතකම, විද්යුත් හා මුද්‍රිත නාලිකාවල ප්‍රධාන අලෙවි උපාය බවට පත්ව ඇත්තේ ග්‍රහ - තරු විකිණීමයි.මේ වන විට මෙම ග්‍රහ තරු විකිණීම පුරුද්දක්‌ බවට පත්ව ඇත්තේ ග්‍රහ මාරුවීම ගැන පුවත් වාර්ෂිකව සිදුවීම, මාසිකව වීම ඉක්‌මවා එය මේ වන විට දිනපතා සිදුවන බව ජ්‍යෝතිෂ්‍යවේදීන් ප්‍රකාශ කිරීම සමඟය. -අහවල් මාසයේ සෙනසුරු මාරුවක්‌' යි පවසා රටම එයට සූදානම් කරයි.

 'අහවල් මාසයේ බ්‍රහස්‌පති මාරුවෙන් රටටම සුභ ඵලය' 'අහවල් මාසයේ ග්‍රහ හුවමාරුවකි.' ආදී ලෙස අපේ රටේ බොහෝ පුවත්පත් හා විද්්‍යුත් මාධ්‍ය ජ්‍යෝතිෂ්‍ය කරුණු අලෙවි කරමින් සිටියි. දෙයියන්ගේ උපන්දින යාගද මේ වන විට ආරම්භ කර ඇත.

ජනතාව මේ ග්‍රහමාරුවලින් සුභඵල උදාවේ දැයි බලා සිටියේ වසර ගණනාවක සිටය. 2008 සුභයි. 2009 සුභයි. 2014 සුභයි ආදී ලෙස මෙම ජ්‍යෝතිර්වේදීන් පවසයි. දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි තත්ත්වයට මේවා පත්ව තිබීමයි මෙහි කනගාටුව. වසර කීපයකට වරක්‌ වූ ග්‍රහමාරු මෙම නව ප්‍රසිද්ධ ජ්‍යෝතිර්වේදීන්ට අනුව වසරේ මාස 12 පුරාම සිදුවීමයි. ජනවාරිවල සෙනසුරු මාරුවක්‌.

පෙබරවාරිවල බ්‍රහස්‌පති මාරුවක්‌. අප්‍රේල් මාසයේ කුජ මාරුවක්‌ මැයි මාසයේදී කේතු මාරුවක්‌ ආදී ලෙස බොහෝ ජනතාවක්‌ මේ වන විට වෙනදාට වඩා ග්‍රහ තරුවලට ඇද බැඳ තබා ගැනීම් උපායන් ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලිය.මේ සියලු ග්‍රහමාරුවල අනාවැකි පළකිරීම මේ වන විට සතියක සිදුවන ග්‍රහමාරු බවට දැන් පත්ව ඇත. ලබන 15 වැනිදා ග්‍රහමාරුවක්‌ ඇතිවෙයි. ඉන්පසුව ඊළඟ සතිය පළවන්නේ 25 වැනි දින ග්‍රහමාරුව සිදුවන බවයි. තව ටික දවස්‌ කීපයකින් ග්‍රහ තරු මාරුව දිනපතා සිදුවන බවට අනාවැකි පළවනු ඇත. එසේ නොවුවහොත් එයයි පුදුමය.

මේ අපේ රටේ ජ්‍යෝතිර්වේදීන්ට අනුව සිදුවන ග්‍රහ තරු මාරුවීම සිදුවීමට තරම් අහසේ ග්‍රහ තරු තිබේ දැයි සැකයක්‌ පවතියි.අතිපුරාණ ග්‍රහ තාරකා නක්‌ෂත්‍රය හා ජ්‍යෝතිෂ්‍යය එයටම අත්වැල් බැඳ දේශීය ආයුර්වේද වෙදකමද සත්‍යයකි. ඒවායේ ඇත්තේ ඉතා පුරාණ සෘෂිවරුන් තම මානසික ශක්‌තිය හා අත්දැකීම්ද පරම්පරා ඥානයෙන් සොයාගත් කරුණුය. නමුත් මේ වන විට මේ ජ්‍යෝතිර්වේදය හුදු නක්‌ෂත්‍රයේ නිවැරදි කරුණු ප්‍රකාශ කිරීම වෙනුවට වානිජ පරමාර්ථ පෙරදැරිව සිදුවීම සමග එය කාලගුණ අනාවැකිය දක්‌වා පහළට ඇද වැටෙමින් පවතී.

රූපවාහිනී මෙගා ස්‌ටාර් තරමට පහතට ඇදවැටෙමින් පවතියි.අපේ රටේ කාලගුණ අනාවැකිය අනුව හටගන්නා තත්ත්ව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වැටෙයි. අහසේ වලාකුළුවලින් බර වෙයි. උදේට ඉර පායයි. ඉර පායන නිසා රස්‌නය වැඩිය. වැසි වැටීමට පෙර ගිඟුරුම් හා අකුණු ඇතිවෙයි. මේ අනාවැකිය දැනට වසර විසි තිස්‌ ගණනාවක්‌ අපට හුරු පුරුදුය. මෙය පැවසීම කාලගුණ විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය නැත. අද අපේ රටේ ජ්‍යෙdතිෂ්‍යවේදයට පත්වන්නේ මේ ඉරණමයි.

මේ වන විට දිනක ප්‍රධාන මාතෘකාව බවට පත්වන්නේ මේ ග්‍රහ තාරකා මාරුවයි. අද වන විට විවිධ ලග්නවලට අහවල් දිනවල ග්‍රහමාරුව සුභ යයි පවසා ඉන් නොනවතියි. එහි සුභ ඵල ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම අහවල් පූජාව කළ යුතු බව පවසයි. එවන් පූජාවක්‌ සදහා අය කරන මුදල රුපියල් ලක්‌ෂ ගණනකි. මේ ග්‍රහ තරු විකිණෙන ස්‌වරූපයයි.මේ වන විට පුවත්පත් සහ විද්යුත් නාලිකාවල ප්‍රධාන ප්‍රචාරක උපාය වන්නේ සිදුවන ග්‍රහවිපත් ගැන කල් ඇතිව දැනුම් දීමයි. මේ බොහෝ ජ්‍යෙdතිෂ්‍ය අනාවැකි ජ්‍යෙdතිෂ්‍ය දැනුමකින් තොරව වෛද්‍යවරුන් වන අපට ද වුවද ප්‍රකාශ කළ හැකිය. වසර තුළදී ගංවතුරක්‌ ඇතිවනු ඇත.

 විවිධ පළාත්වලද මියයනු ඇත. විශේෂ දේශපාලනඥයකු මියයනු ඇත. 2014 වසර ආරවුල් ඇතිවනු ඇත. නියඟය ඇතිවනු ඇත. සුළි සුළං ඇතිවනු ඇත. දුම්රිය අනතරු ඇතිවනු ඇත. ආදී ලෙසිනි. දේශපාලනඥයන් පක්‌ෂ මාරු කරනු ඇත. ආගමික නායකයන්ද මිය යනු ඇත.' ආදී ලෙස පවතින මේ අනාවැකි ගැන කවර කතාද? අද ජ්‍යෙdතිෂ්‍යය අනාවැකි විහිළු වී ඇත්තේ මේ නිසාය.හුදු ජ්‍යෙතිෂ්‍ය පිටපතින් ඔබ්බට ගොස්‌ දැන් බොහෝ ජ්‍යෙdතිෂ්‍යවේදීන් ක්‍රිෂ්ණමූර්ති නැකැත්ද තත්කාල නැකැත්ද යොදා ගන්නා බව පෙනෙයි. ඒ ඔවුන්ගේ ගැලවි-ජාවට බව මම නොබියව පවසමි.

අහවල් දේශපාලනඥයාට රාජයෝගය ඇතැයි පවසන ඔවුහු ඒත් තාරකාවල ජ්‍යෙතිෂ්‍ය හෙවත් අද දිනයේ ග්‍රහ පිහිටීමේ බලපෑම අනුව දේශපාලනඥයාට අසුභ පිහිටීමක්‌ වී ඔහු ඝාතනය වූ බව පවසයි. නැතහොත් අසුභ ඵල උදාවූ බව පවසයි.තවත් සමහර ජ්‍යෙdතිෂ්‍ය අනාවැකි අනුව අහවල් දවස දක්‌වා ජීවත් වුවහොත් ඒකාන්තයෙන්ම රජ වන බව පවසයි. මේ අන්දමට දෙකට දෙවාලේ අනාවැකි පැවසීමට ජ්‍යෙතිෂ්‍ය අපට අවශ්‍යද? තමා පිහිටුවා ගත් පෝෂණ දැනට නිවැරදි නම් අහවල් දිනය වන විට අහවල් සිදුවීම ඒකාන්තයෙන්ම සිදුවන බව පැවසිය නොහැක්‌කේ මන්ද?

අනාවැකි වැරදුනු විට තත්කාලය අනුව එය වූ බව පැවසෙයි.

අද උදෑසන විද්යුත් නාලිකාවල පෙන්වන ජ්‍යෙdතිෂ අනාවැකි ද මෙයට දෙවැනි නොවෙයි. මෙම අනාවැකිවලට අනුව ඔබ හොඳින් ඉගෙන ගත්තොත් වෛද්‍යවරයකු වන්නේයි ආදී අනාවැකි පවසා ඇත. මෙය පැවසීමට ජ්‍යෙතිෂ අවශ්‍ය නැත. ධෛර්යයෙන් ක්‍රියා කළොත් බොහෝ දෙනා දියුණු වීම ඒකාන්තය. මෙය වෛද්‍යවරයකු වන මටද පැවසිය හැක.

මා මේ ලිපිය ලිවීමේ අරමුණ නිවැරදි හා වාණිජකරණය නොවූ සැබෑ ජ්‍යෙdතීර්වේදයට ගැරහීම නොව වර්තමානයේ දී වාණිජකරණය වූ ජ්‍යෙdතිෂය හමුවේ ඇති හානිය පෙන්වා දීමයි.

 නිසැක විභාගය ජයගෙන දෙන යන්ත්‍ර සාදා දෙන, මුතු මැණික්‌ ලබා ගැනීමට සුර ලබා දෙන මැතිවරණ වලින් නිසැක ජය ලබා දෙන සුර ලබා දෙන බොහෝ ජ්‍යෝතිෂ්‍යවේදීන් දරුවන් විභාග සමත් නැත. අවුල් වූ පවුල් ජීවිත ගත කරයි. මැතිවරණවලට ඉදිරිපත් වන සමහර ජ්‍යෝතිෂ්‍යවේදීන් ඇපත් නැතිව පරදියි.අප රටට ජ්‍යෝතිෂ්‍ය ලබා දුන් සැබෑ ඉන්දියානු - ජ්‍යෝතිෂ්‍ය හා සෘෂි භාෂිතය තම අවශ්‍යතා අනුව වෙනස්‌ කිරීම ෙ€දවාචකය වී ඇත.

මේ දිනවල නිරන්තරව කතා කරන්නේ මේ රටේ ග්‍රහ මාරුව ලග්නවලට බලපාන අන්දමයි. ජ්‍යෝතිෂ්‍යවේදීන් දවස පුරා පවසන්නේ බොහෝ ලග්නවලට සුභ බවයි. එසේම රටේ සිදුවන දේශපාලනික, සාමාජික ආගමික පරිහානිය අනුව මේ අනාවැකි සත්‍ය දැයි බලවත් සැකයක්‌ ඇත.

 අවාසනාව පවතින්නේ එතනය. වෛද්‍යවරුන් වන අප යම් රෝගියකුට පවතින රෝග ලක්‍ෂණද, රෝගියා පරීක්‍ෂා කර බැලීමක්‌ ද අවශ්‍ය වුවහොත් පරීක්‌ෂණ ද සිදුකර රෝගයාට අදාළ - clinical features, examination and investigation &) රෝගය කුමක්‌ දැයි බොහෝ විට නිශ්චිතව පවසයි. ඉන්පසුව පවතින රෝග ප්‍රතිකර්ම විධි ක්‍රමද රෝගය සුවවීමට ගතවන කාලය ද පැවසිය හැකිය.

පිළිකා රෝගියකුට තම ඔහු ජීවත් වන ඉදිරි වසර ගණන ද නිශ්චිතව පැවසීමට බොහෝ විට අප සමත් ය. අප වෛද්‍යවරුන් ලෙස මේ අනාවැකි පවසන්නේ වසර 05, 06, වෛද්‍ය අධ්‍යාපනය ලබා තවත් වසර කිහිපයක සායනික අත්දැකීම් අනුවය.

එහෙත් සැබෑ ජ්‍යෝතිෂ්‍යවේදය එවැනි වසර 05, 06 ක නොව වසර සියදහස්‌ ගණනක්‌ ඇතිවන හා අත්දැකීම් වල එකතුවයි. ඒ අනුව නිවැරදි ජ්‍යෝතිෂ්‍යවේදයට පුද්ගලයකුගේ අතීත වර්තමාන අනාගත කාලවලට හා ස්‌ථිරව පැවසීමටද, රටේ තත්කාලය හා අනාගතය ගැන පැවසීමට ද හැකි විය යුතුය. එහෙත් එවැන්නක්‌ සිදුවන්නේ නැත. ඒ නිසා ජ්‍යෝතිෂ්‍යවේදියාගේ වාණිජකරණය මගින් රටට වන පොදු යහපතක්‌ නැත.අද වන විට බොහෝ ජ්‍යෝතිෂ්‍යවේදීන් තමන්ට අතවැසි පාලකයන් මත දොළ සපුරා ලීමට කටයුතු කරන විනා, සෑම තතු හෙළිනොකරන කේවට්‌ට පරපුරක්‌ බව මාගේ හැඟීමයි.
තවත් කරුණු මෙහිදී සඳහන් කළ යුතුය. අදවන තුරු විද්යුත් නාලිකා සියල්ලම වාණිජ තරගයට පිවිස වඩා විවිධ ධර්ම දේශනා හා පිරිත් සූත්‍ර, ප්‍රචාරය කරයි. මෙය පැය විසිහතර පුරාම පවතියි.

මෙසේ පිරිත් සූත්‍ර ප්‍රචාරය වුවද මේවා අසන ජනතාවට ද කියන තරම් සෙතක්‌ රටට වන බව නොපෙනෙයි. එසේ නම් මෙය මෙහිදී කුමක්‌ ද? මේ බොහෝ ධර්ම දේශනා හා පිරිත් සූත්‍ර වල ඇත්ත වාණිජව පවත්වා ගැනීම වීම නිසා මේවා නිසි පරිදි පිහිටවන්නේ නැත. පිරිතක්‌ දේශනා විය යුතු ස්‌ථාන ඇත.

 සූදුපළේද ගණිකා මඩමේද ත්‍රීරෝද රථයේ ද ඇසෙන්නේ ගුවන් විදුලි බණය. සෙත් පිරිතයි, සූත්‍ර දේශනාය. මේ හරහා පිරිත් ආදිය බරපතළ ලෙස පරිහානියට සහ දූෂණයට ලක්‌ වී ඇත.මෙසේ බොහෝ දේශන වල වචන උච්චාරණය පවා වැරදි බව පැවසිය හැකිය. විසි හතර පුරාවට මිනි මරන්නේද, ස්‌ත්‍රී දූෂණ වන්නේ ද, රට අල්ලසට දූෂණයට නතුවන්නේද මේ පිරිත් දේශනා හා සූත්‍ර දේශනා ඇසෙන ගමන්ය. එසේ නම් මේ පිරිත් බලය නැතිවී තිබෙන්නේ කොතන හෝ වැරැද්දක්‌ ඇති නිසාය.

අද වන විට ගුවන් විදුලි පිරිත් දේශන ආගමික අරමුණුවලට වඩා විලාසිතාවක්‌ බවට පත්ව ඇත. අසල්වැසි සියලු නිවෙස්‌වලට ඇසෙන ලෙස පිරිත් ප්‍රචාරණය අපට විලාසිතාවක්‌ වී ඇත.මීට දශක තුනකට පෙර රටේ මිනීමැරුම් සිදුවූයේ ඉතාම කලාතුරකිනි. දෙනගම ඥානවති, මතුගම සමන් කුමාර මරණවලට ඉහළ කතා බහක්‌ ඇතිවූයේ ඒ නිසාය. එහෙත් 1980 දශකයෙන් පසුව රටපුරා දිනපතා අවම තරම් ඝාතන 10 ක්‌ වත් සිදුවෙයි. ස්‌ත්‍රී දූෂණ සහ ගබ්සාවන් දහස්‌ ගණනකි. අද රටේ ජනතාවට ජීවත් වීම යුද සමයට වඩා බිය ගෙන දෙන්න වී ඇත.

මේ සියල්ල සිදුවන්නේ මිනිසාගේ මනෝභාවයන් බරපතළ ලෙස බිඳවැටෙන ලෙස ක්‍රියාත්මක වන බලවේග මගිනි. මෙය අදෘෂ්‍යමාන බලවේග නොවෙයි. නමුත් මෙය තේරුම් ගෙන ජනතාවට පැවසීමට ජ්‍යෙතිෂ්‍යය සේ ආගමික මතවාදවලට නොහැකි වීම කනගාටුවකි. අපට යමක්‌ තේරුම් දිය නොහැකි ලෙස විනාශය සිදුවේ නම් එය ශාපයකි.ජ්‍යෙතිෂ්‍යවේදය, ආයුර්වේද වෙදකම සහ බුදු දහම අතර දැඩි සබඳතාවක්‌ ඇතිකර ගන්නක්‌ විය. පුරාණ ජනයා මේ සියල්ල කෙරෙහි අචල විශ්වාසයක්‌ තැබුවේ මේ නිසාය. එහෙත් මේ වන විට මේ සියල්ල වාණිජකරණය වී නමුත් මේ කෙරෙහි ජනතා සිත් බිඳ යමින් පවතියි.

ඒ අතර තම අරමුණු බලහත්කාරයෙන් පැවසීම ජ්‍යෙතිෂ්‍ය තර්කය නිර්මාණය වීම වෙනම මතයකි. මෙහි කනගාටුව තව නොබෝ දිනකින් මිනිසා නැකැත් තරු විශ්වාස අතහැර දැමීමයි. මේ වන විට සිදුවන්නේද මෙයයි. මෙය පෞරාණික ශාස්‌ත්‍ර වල මුතුන් මිත්තන්ට කරන නිග්‍රහයකි.

දේශපාලන බලකාමයද මුදල් තණ්‌හාවද සංස්‌කෘතික සෝදා පාලුවද එකතුව මේ වන විනාශයට පාර කපා ඇත. එසේ සිදුවීමට අපගේ මනස වෙනදා නැති තරම් අප්‍රසන්න බලවේගය විසින් මෙහෙය වන්නේදැයි විමසිය යුතුය.

ග්‍රහ තරු පිටුපස හා විවිධ යන්ත්‍ර සූත්‍ර, භූත බලවේග පිටුපස ජනතාව මෙහෙය වීම වෙනුවට මෙම සත්‍ය අවබෝධ කර දීම මාධ්‍යයේ ද යුතුකමකි. මායාව සිතු සිතූ දෙය ලබා දෙන යන්ත්‍ර සූත්‍ර, මන්තර සහ දේශනවලට සියදහස්‌ ගණන් ජනතාව ඇදී යැම දෙස බැලූ විට සිතන්නෙක්‌ රට අයාලයේ යන තරමටය.

ඒවායේ පවතින බලයක්‌ පවතින්නේ නම් රටක්‌ ජනතාවට මේ තරම් දුක්‌මුසු පුවත් දිනපතා නොඇසිය යුතුය. අවාසනාවට දිනපතා ඇසෙන්නේ ජනතාවගේ විලාපයයි.

 මේ තත්ත්වය ජනතාව තේරුම් ගත යුතුය


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment