ඔබටත් ඔබේ යුග දිවිය අමිහිරිද? | Gurukam.net - Gurukam.Net

Monday, July 27, 2020

ඔබටත් ඔබේ යුග දිවිය අමිහිරිද? | Gurukam.net



 මුලින්ම අපි පුංචි කතාන්තරයක්‌ ගැන හිත යොමු කරලා බලමු.

                                         සුනිමල්, සුනීතත් එක්‌ක විවාහ වෙලා අවුරුදු තුනක්‌ විතර පහු වුණා. ඒ දෙන්න විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක්‌ හැටියට. සුනීතා හරි හොඳ බිරිඳක්‌. ඒ විතරක්‌ නොවේ හරිම ලස්‌සනයි. හරියට තරුණ නිළියක්‌ වගේ ආකර්ෂණීය පෙනුමක්‌ තමා එයාට තිබුණෙ. බැලූ බැල්මට මේ දෙන්න තරුණ යුවළක්‌.

 ඒ වුණත් මේ ප්‍රේමණීය විවාහ ජීවිතය ඇතුළාන්තය හරිම කනගාටුදායක තත්ත්වයක්‌ තමයි තිබුණෙ. ඒකට හේතුව තමයි සුනිමල් ලිංගික බෙලහීනතාවය කියන රෝගී තත්ත්වයකින් පෙළීම. එයාට සුනීතව සතුටු කරන්න හැකියාව තිබුණෙ නෑ. ඒ අතරෙ ලස්‌සන වගේම ගුණ යහපත්කම තිබුණු සුනීතට තමන් කරලා තියෙන්නෙ අසාධාරණයක්‌ කියලා නිතරම සුනිමල්ට හිතුණා.

 තවත් තරුණ හිතවතෙක්‌ එකක්‌ සුනීත කතා කරන කොට සුනිමල්ට බයකුත්, සැකයකුත්, ඊර්ෂ්‍යාවකුත් ඇති වුණා. සමහර දවස්‌වල නිදි යහනෙදී ඇති වෙච්ච දැඩි කලකිරීම නිසා ඇදේම ඉඳගෙන සුනිමල් ඇඬුවා.
එයාව අස්‌වසන්න හදන සුනීත ගැන තවත් කනගාටු වෙනවා ඇරෙන්න සුනිමල්ට කරන්න දෙයක්‌ තිබුණෙ නෑ.ප්‍රශ්නෙ තිබුණෙ ඒ ගොල්ලන්ගේ පොරොන්දම්වලින් සීයට හැත්තෑපහක්‌ විතර ගැළපෙනවා කියලයි කියලා තිබුණෙ. එහෙම නම් කොහොමද මෙහෙම වුණේ? අද සමාජෙ මේ වගේ සුනිමල්ලා සූනීතලා වගේ යුග දිවිය අපායක්‌ කරගත්තු අය එමට ඉන්න පුළුවන්.

මෙය කියවන ඔබ නැත්නම් හිතවතෙකුට, ඥතියෙකුට මේ වගේ තත්ත්වයන් ඇති වෙලා තිබෙන්න පුළුවනි.  ඇත්තටම හරියට කේන්ද්‍ර පරීක්‌ෂා කළා නම් මේ වගේ ගැටලු හඳුනා ගන්න අමාරු වෙන්නෙ නෑ. ඒ වුණත් අපි හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නෙ සියට හැත්තෑපහක්‌ ගැළපෙනවා කියන කොට එහෙම නම් හොඳටම හොඳයි කියලා. නැත්නම් සියට සියයි කියලා හිතන්න. මේ නොගැළපෙන සීයට විසිපහ මොනවද කියලා අවබෝධ කරගන්නෙ නෑ.

 පොරොන්දම් නොගැළපෙනවා නම් මොකද කරන්නෙ? දිගු කාලයක්‌ පෙම් සබඳතාවක්‌ පවත්වපු පෙම්වතුන්ගේ එකම පැතුම එක්‌ වෙන එකයි. නැත්නම් යුග දිවියක්‌ ආරම්භ කරන එකයි. ඉතින් ඔය පොරොන්දම් ගැන හිතන්නවත් එහෙම අය කැමැති නෑ. නැත්නම් කියයි "ඕවා මිථ්‍යා මත" කියලා. අපි මේ ගැන නිවැරදි අවබෝධයක්‌ ලබා ගැනීම වැදගත් වෙනවා. ඇත්ත වශයෙන්ම පොරොන්දම් ගැළපීම මතම නොවෙයි විවාහයක ශුභ අශුභ තීරණය වෙන්නෙ. පෙර කර්ම මතයි. කර්ම විපාක විඳින්න තියනවා නම් ඒක පොරොන්දමින් තීරණය වෙන්නෙ නෑ.

 මෑත යුගයේ හිටපු විශිෂ්ට පුද්ගලයෙක්‌ තමා එඩ්ගාර් කේසි එයා මනෝ චිකිත්සකයෙක්‌. තමා ළඟට ආපු රෝගීන් වෙනුවෙන් මෝහන නිද්‍රdව භාවිත කරලා රෝග මූලය හොයන්න ඔහු වෙහෙසුණා. මේකෙ ප්‍රතිඵල විස්‌මය ජනකයි. ඉතින් ඔය විවාහයට බලපාන ලිංගික දුර්වලතාවලට හේතුව පෙර ආත්ම භවයක කරපු අකුසල් බව මෙවැනි කියවීම් ගණනාවකම අනාවරණය වුණා.විසි පොරොන්දම්වල ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම වගේ පොරොන්දම්වලින් කියෑවෙනවා කායික ගැළපීම නැති නම් විවාහක යුවළකගේ ලිංගික තෘප්තිය ගැන.

ඒ වගේම කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්වලිනුත් ලිංගික ශක්‌තිය ගැන කියෑවෙනවා. මේ වගේ ගැටලුවකට පත් වුණාම නොයෙකුත් හොර වෙදුන්, හොර කට්‌ටඩියන් පස්‌සෙ ගිහින් කාලයත්, මුදලත් නැති කරගන්නා අය එමටයි. තමන්ගේ ප්‍රශ්නෙ කියන්න තියන ලැඡ්ජාවට විසඳුමක්‌ හොයන්න සුදුසු වෛද්‍යවරයකුට කියන්නත් ඉදිරිපත් වෙන්නෙ නෑ. පත්තරවල දැන්වීම්වල තියන නොයෙකුත් පෙති වර්ග, කරල් බේත් පාවිච්චි කරනවා.

 ඒ වුණත් මේ ගැටලුවට හේතුව සැබෑ ලෙසින්ම අවබෝධ කර ගත්තොත් විසඳන්න පහසුයි. ඇයි මෙහෙම වෙන්නෙ? නොගැළපීම ගළපා ගන්න බැරිද? පුළුවනි.
ලිංගික දුර්වලතාවලට ප්‍රධානම හේතුවක්‌ වෙන්නෙ කායික හේතුන්ට වඩා මානසික හේතුන් බව අනාවරණය වෙනවා. ඒ කියන්නෙ හිත සහ සිතුවිලි. එහෙම නම් සිතුවිලි පාලනය කර ගැනීමෙන් මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවනි. විශේෂයෙන්ම කාන්තාවන් හා පිරිමි අතර වෙනස්‌කම් අවබෝධ කරගැනීම ඉතා අවශ්‍යයි.

 කාන්තාවන් හා පිරිමින් සමානයි කියන කියමන හුදු දේශපාලනික මතයක්‌a විතරයි. කාන්තාවන් හා පිරිමින් සමාන නෑ. ශරීරය වගේම මනසත් වෙනස්‌. බලන්න යුවළක්‌ ඇඳුම් මිලට ගන්න සාප්පුවකට යනවා. පිරිමියා ඉක්‌මනින් තමන්ට අවැසි ඇඳුම් තෝරා ගෙන එළියට එනවා. කාන්තාවට එහෙම බෑ. එයා තෝරනවා. බොහෝ වේලාවක්‌ තෝරනවා. ප්‍රමාදයි. හැම තැනකදීම මෙහෙමයි. ලිංගික සම්බන්ධතාවලදීත් තත්ත්වය මේකයි. ස්‌වභාවයෙන්ම පිරිමි ඉක්‌මන් වෙනවා. ස්‌වභාවයෙන්ම ස්‌ත්‍රීන් ඉක්‌මන් වෙන්නෙ නෑ. මේ නිසා පිරිමියා ඉක්‌මනින්ම තෘප්තියට පත්වීමටත්, ස්‌ත්‍රිය ප්‍රමාද වීමටත් හේතුයි. ස්‌වභාවිකවම පවතින මේ තත්ත්වය වළක්‌වා ගත හැක්‌කේ ස්‌ත්‍රීය නැති නම් බිරිඳ ඉක්‌මන් වීමටත්, සැමියා ප්‍රමාද වීමටත් කය වගේම මනසත් හුරු කිරීමෙන්. එතකොට දෙදෙනාගේම කැපවීම මගින් පොදු තැනකට එන්න පුළුවනි.

අනෙකා ගැන හිතීම කැපවීම ඊට අවශ්‍යයි. එතකොට මේ නොගැළපීම ජය ගන්න පුළුවනි.

 පහත සඳහන් ප්‍රස්‌තාරයෙන් මේ තත්ත්වය අවබෝධ කරගන්න පුළුවනි.

 කොහොම වුණත් ලිංගික දුර්වලතා මඟ හරවා ගන්න ඕන. මානසික තත්ත්වය වගේම සමහර ආහාර පානවලිනුත් මේ තත්ත්වය වළක්‌වා ගන්න පුළුවනි. හැබැයි මානසික තත්ත්වය විශේෂ බව මතක තබා ගන්න. පැරණි රහස්‌ බෙහෙත් කවිවලින් තමයි රචනා වුණේ. මේ බලන්න.

 වැල් පෙනෙල සාකා
 ගිතෙලින් මලවලා කා
 ගැහැනු නොපතන එකා
සියක්‌ අඹුවන් පතයි සැණෙකා

 මේ කියන්නෙ වැල්පෙනෙල ගිතෙල්වලින් මලවලා අනුභව කළාම ගැහැනු එපා කියන කෙනා වුණත් සියයක්‌ අඹුවන් ප්‍රාර්ථනා කරන බවයි. මේක ප්‍රත්‍යක්‌ෂයි.

 කේන්දර පොරොන්දම්වලින් පෙන්නන ලිංගික නොගැළපීම් මේ වගේ සරල ක්‍රමවලින් වළකා ගන්න අමාරු නෑ.පොරොන්දම් විස්‌සෙම තියෙන්නෙ ගැළපීම් වර්ග දෙකක්‌ ගැනයි. ඒ නම් කායික ගැලපීම සහ මානසික ගැළපීම. ඉහත සාකච්ඡා කළේ කායික ගැළපීම ගැන. අදහස්‌වල නොගැළපීමත් විවාහයක්‌ දෙදරන්න හේතු වෙන්න පුළුවනි. අපි හිතමු බිරිඳ කහ පාටට කැමැතියි. සැමියා නිල් පාටට කැමැතියි. ඉතින් මේක වුණත් සමහර වෙලාවට දුරදිග යන්න පුළුවනි. මේ කතාව බලන්න.

 ඔන්න එක දවසක්‌ අලුත විවාහ වුණ යුවළක්‌ මධුසමය ගත කරන්න කැලණි ගං මිටියාවතේ ලස්‌සන පරිසරයක තයන හෝටලයකට ගියා. මේ දෙන්න උදේ පාන්දර ගඟ අයින දිගේ ඇවිදගෙන යනවා. ලස්‌සන උදැසනක්‌. හරිම සුන්දරයි. එක පාරටම පාර හරහා පුංචි සතෙක්‌ මාරු වෙලා දුවගෙන ගියා.

 " අන්න පූස්‌ පැටියෙක්‌" බිරිඳ කිවා.

 " නෑ නෑ හා පැටියෙක්‌" සැමියා කීවා.

 " නෑ අනේ මම හොඳටම දැක්‌ක පූසෙක්‌" බිරිඳ කියනවා

 "බම්බුව මම පූසො දන්නෙ නැද්ද හාවෙක්‌" සැමියා කේන්තියෙන්

 " නෑ අනේ ඔයාට වැරදිලා ඌ පූසෙක්‌"

 "තමුසෙගෙ ඇස්‌ පොට්‌ට වෙලා වෙන්නැති" සැමියා කීවා.

 "ඉහි - ඉහි - ඉහි" බිරිඳ අඬන්න ගත්තා.

 සැමියා අසරණ වුණා. රණ්‌ඩුව බේරන්න කවුරුවත්ම නෑ. අලුත් මනමාලි අඬනවා. අපි ආවෙ පුසෙක්‌ හරි හාවෙක්‌ හරි බලන්න නෙවෙයි. මධුසමය ගත කරන්න. ඌ මොකෙක්‌ වුණාම අපට මොකද? කිසි වැඩකට නැති දේකට අපි රණ්‌ඩු වෙනවා නේද? කියලා සැමියා කල්පනා කළා.

 " හරි... හරි.... එක අමතක කරමු" සැමියා කීවා.

 " ඒක තමයි මට දුක හිතුණා"

 හුඟක්‌ අඹු සැමියන් අතරේ ආරවුල් ඇති වෙන්නෙ මේ වගේ ජීවිතේට අදාළ නැති කිසි වැදගත්කමක්‌ නැති දේවල්වලට. ඇත්තටම බිරිඳ හා සැමියා දෙන්නෙක්‌. එක්‌ කෙනෙක්‌ නෙවෙයි. සමහර කාරණා ගැන ප්‍රතිවිරුද්ධ අදහස්‌ තියෙන්න පුළුවනි. ඉතින් ඇයි ඒවා ගැන තර්ක කරන්නෙ? නිහඬ වීමෙන් පමණක්‌ බොහෝම ගැටලු නිරාකරණය කර ගන්න පුළුවනි. ඉවසීම, නිහඬ වීම කියන්නෙ පරාජයට පත්වීම නෙවෙයි. විසි පොරොන්දම්වල තියනවා ලිංග පොරොන්දම කියලා එකක්‌. ඒකෙන් කියනවා උපන් නැකතට හිමි ලිංගිකත්වය ගැන.

ස්‌ත්‍රී, පුරුෂ, නපුංසක කියලා නැකත් 27 තුනට බෙදෙනවා. ඉතින් ස්‌ත්‍රිය ස්‌ත්‍රී නැකතකිනුත්, පුරුෂයා පිරිමි නැකතකිනුත් ඉපදිලා නම් ලිංග පොරොන්දම ගැළපෙනවා. හැබැයි ස්‌ත්‍රීය පිරිමි නැකතකිනුත්, පුරුෂයා ස්‌ත්‍රී නැකතකිනුත් ඉපදුණා නම් ගැළපීම හොඳ නෑ. අශුභයි කියනවා. මේකට මොකද කරන්නෙ?පිරිමි නැකතකින් උපන් ස්‌ත්‍රියක්‌ තුළ පිරිමි ගතිගුණ පිහිටනවා. කොල්ලෙක්‌ වගේ කෙල්ලෙක්‌. ඉදිරියටම යන ගතිය, නිර්භීත බව යටත් නොවෙන ගතිය, හරියට ගෙදර නම් අම්මාගෙ චරිතෙ තාත්තටත්, තාත්තාගෙ චරිතෙ අම්මාටත් මාරු වෙලා. තාත්තා මුල් කරගත් පීතෘ මූලික සමාජයකදී මේ තත්ත්වය ටිකක්‌ අස්‌වභාවිකයි. ඒකයි ප්‍රශ්නෙ.

 මේ වගේ බිරින්දැවරු, ස්‌වාමියා ඉක්‌මවා යන ගතිය, ගෞරවය අඩුකම, උවමනා නැති දේවල්වලට පවා තර්ක විතර්ක කිරීම, ස්‌වාධීන බව, සැමියා සමඟ සාකච්ඡා නොකර වැදගත් තීරණ ගැනීම පෙන්වනවා. සැමියාගේ මිතුරන් ඉදිරියේ ඔහු හැල්ලුවට ලක්‌ කර කතා කරනවා. එතකොට සැමියාට කේන්ති යනවා. ඉතින් නිතරම රණ්‌ඩු සරුවල් ඇති වෙනවා. හැබැයි මේ වගේ කාන්තාවකට තනියම ප්‍රශ්aනවලට මුහුණ දීමේ ශක්‌තියකුත් තියෙනවා.

 ලිංග පොරොන්දම ගැළපෙන්නෙ නැත්නම් වුණත් කරන්න තියෙන්නෙ මේ තත්ත්වය අවබෝධ කර ගැනීමයි. සැමියා තේරුම් ගන්න ඕන බිරිඳගේ උප්පත්තිය ගතිය නම් මේ කියන එක. බිරිඳ තේරුම් ගන්න ඕනෑ උප්පත්තිය ගතිය කියලා බෑ, ටිකත් නම්‍යශීලී වෙන්න ඕන කියලා. ගරු කිරීම, අවමන් නොකිරීම කියන කාරණා විවාහයේ සමගියට අත්‍යවශ්‍යයි. පවුල ඇතුළෙ තාත්තාගෙ ගෞරවය රැකීම අම්මාගෙ යුතුකමක්‌ බව අවබෝධ කරගන්න ඕන.

 මේ වගේ කාරණයක්‌ වුණත් විවාහය, දික්‌කසාදය දක්‌වා යන්න හේතු වෙන්න පුළුවනි. ලෝක ප්‍රකට සමාජ විද්‍යාඥයින්, විනිශ්චයකරුවන් කියලා තියනවා විවාහයේ ගැටලුවලට හේතු වන්නේ ලොකු ලොකු ප්‍රශ්නවලට වඩා කුඩා පුංචි ප්‍රශ්න බව. පුංචි දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

සසර පුරා කරලා තියෙන අකුසල කර්ම ශක්‌තීන් වුණත් යටපත් කරන්න පුළුවන් ධාර්මික ජීවිතය හා අවබෝධය තුළින්.

 ඉතින් පොරොන්දම්වල මානසික නොගැළපීම කොයි තරම් තිබුණත් සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන බිරිඳගේ යුතුකම් පහ සහ සැමියාගේ යුතුකම් හා අනුගමනය කරනවා නම් විවාහ ජීවිතය ශක්‌තිමත් වෙනවා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment