අනාගත සහකරු ගැන විවාහයට පෙර දැනගන්න | Gurukam.net - Gurukam.Net

Thursday, July 23, 2020

අනාගත සහකරු ගැන විවාහයට පෙර දැනගන්න | Gurukam.net


 වරක්‌ බුරුමයේ ලැව් ගින්නක්‌ ඇති විය. මුළු ප්‍රදේශයක්‌ ම ඉන් දැවී ගිය නමුදු එක්‌ කඳු මුදුනක්‌ පමණක්‌ නොදැවී ඉතිරි විය. පුරාවිද්‍යාඥයන් විසින් එහි රහස සොයා බැලීමේදී එම කඳු මුදුනේ තිබී දඹ රන් බුදු පිළිමයක්‌ හමු විය.

 නමෝතස්‌ස භගවතො අරහතෝ
 සම්මා සම්බුද්ධස්‌ස///
 ඕං නමො ඉතිපි පිටකත්තයං
 අනිච්ච දුක්‌ඛ අනත්තා
 සප්තබොඡ්ජංඝො අට්‌ඨංගිකොමග්ගො
 චතු සතිපට්‌ඨානං
 සබ්පත්ත ඉන්දො සහස්‌සසූරියො
 ඕං නමො සත්තානං
 රාජ භයං චොර භයං අග්ගි භයං උදක භයං සත්ත භයං
 සබ්බ භයං ජෙයෙ ජෙයතු මංගලම්
 අනිච්චං සංඛතං පටිච්චසමුත්පන්නං
 බයං ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරොධ ධම්මං ඛමතු

 සියලු ආරක්‍ෂාවනට කියන මෙම පිරිත එම බුදු පිළිමය යට තැන්පත්ව තිබී හමුවී ඇත.
 නිස්‌සරණ වනයේ වැඩ විසූ ප්‍රධාන කම්මට්‌ඨානාචාර්ය පූජ්‍ය පණ්‌ඩිත මාතර ඥනාරාමාභිධාන මහා ස්‌වාමින්ද්‍රයන් වහන්සේ භාවිත කළ ආරක්‍ෂක පිරිතකි.
 තමා විවාහ වීමට පෙර, තමාට හිමිවන අනාගත සහකරු හෝ සහකාරිය කෙබඳු කෙනෙක්‌ද යන්න දැන හඳුනාගැනීමට ඕනෑම විවාහ අපේක්‍ෂිතයෙකුම කැමැත්තක්‌ දක්‌වයි. තවද ඕනෑම පුද්ගලයෙකුටම තම දෛවයෙන් හිමිවන සහකරුවකු හෝ සහකාරියක්‌ සිටී.

එය කර්මානුරූපීව සිදුවන දෙයක්‌ වන අතර එය දැනගත හැකිවනුයේ ඔබගේ ජන්ම පත්‍රයෙන් පමණි. විවාහ අපේක්‍ෂිතයකුට විවාහ වීම සඳහා සහකරුවකු සෙවීමේදී පුවත්පත් වල පලවන මංගල දැන්වීම් මේ සඳහා හොඳම උදාහරණයකි.

මෙම සෑම දැන්වීමකම පාහේ දක්‌නට ලැබෙන්නේ උගත්, බුද්ධිමත්, රූමත්, පැහැපත්, සුරා සූදුවෙන් තොර, යහපත් පවුල් පසුබිමක්‌ හිමි, දායාද හිමි කෙනෙකු සොයන බවයි. මෙම සුදුසුකම් සියල්ල හිමි කෙනෙකු තම දරුවාට සොයමින්, තම දරුවා දිනෙන් දින තම නිවසේම වයසට පත්වූ අවස්‌ථාවන් කොතෙකුත් දැක ඇත. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඔබ විවාහ වන ඔබගේ සහකරු හෝ සහකාරිය කෙබඳු කෙනෙක්‌ද? යන්න විග්‍රහ කිරීමටය.

තම සහකරුගේ හෝ සහකාරියගේ හැඩරුව හා ගති පැවතුම් නිවැරදිව හඳුනා ගතහැකි වන්නේ 7 වැනි භාවයෙන් හා සඳුගේ 7 වැනි භාවයෙනි. මෙහිදී ග්‍රහ පිහිටීම් අනුව භාවය පදනම් කරගතයුතු අතර, අධිපතියා පරීක්‍ෂා කිරීමේදී රාශිය අදාළ කරගත යුතුවේ. ඉහත සඳහන් කළ 7 වැන්නාධිපති සහ 7 වැනි භාවයට මූලිකත්වය දෙයි.

ලග්නයෙන් 7 වැන්න, සඳුගෙන් 7 වැන්න, රවිගෙන් 7 වැන්නද, ස්‌ත්‍රී කේන්ද්‍රයක්‌ නම් කුජගෙන් 7 වැන්නද, පුරුෂ කේන්ද්‍රයක්‌ නම් සිකුරුගෙන් 7 වැන්නද ඉහත සඳහන් කළ ස්‌ථානයන් සම්බන්ධ කරගෙන විවාහ වන සහකරු හෝ සහකාරියගේ හැඩරුව, රැකියාව, විවාහය සිදුවන කාලය (ගුරුගේ ගෝචර ගමන පදනම් කරගෙන) භාව කේන්ද්‍ර සංකල්පය මගින් නිශ්චිතවම ප්‍රකාශ කළ හැකිය. මෙහිදී ඉහත සඳහන් කළ ග්‍රහයන්, භාවයන් ප්‍රබල වේ නම් හා එම ග්‍රහයන් සිකුරු, සඳු, ගුරු වූයේ නම් එම කේන්ද්‍ර හිමියාගේ භාර්යාව හෝ ස්‌වාමියා ඉතා පැහැපත්, ප්‍රියමනාප පෙනුමකින් යුක්‌ත, ගුණ යහපත් කෙනෙකු වේ. මේ සඳහා අඟහරුගේ දායකත්වය ලැබුවේ නම්, රතු පැහැයට හුරු තලෙලු පැහැයෙන් යුක්‌ත වූ අයෙක්‌ වෙයි.

ශනි, රාහු, කේතු, රවි, බුධ බලවත් වූයේ නම් පැහැයෙන් අඩු කෙනෙකු තම සහකරු හෝ සහකාරිය ලෙස ලැබේ. මේ දේවල්වලට අමතරව ග්‍රහයාගේ බලවත්වීම, ශඩ් වර්ගයෙන්, නැකතෙන් හා අවස්‌ථාවෙන් බැලිය යුතුවේ. ග්‍රහයන්ගේ අවස්‌ථාවන් අද පවතින ජ්‍යෙdතිෂ කටයුතු වලදී වැඩිදුර භාවිතයට නොගනී. නමුත් ග්‍රහයන්ගේ අවස්‌ථාව පලාඵල කථනයේදී ඉතාමත් වැදගත් වේ.

 උදාහරණයක්‌ ලෙස 7 වැන්නාධිපතියා දුර්වලව, පාප පීඩිත වූ විට පවා ඔහුගේ අවස්‌ථාව ප්‍රබලනම් 7 වැනි භාවය නියෝජනය කරන විවාහය අසාර්ථක නොවන අවස්‌ථා කොතෙකුත් දක්‌නට ඇත. මේ සඳහා ජ්‍යෙතිෂ පරීක්‍ෂණ සිදුවිය යුතු අතර, ඒ සඳහා භාවිත වන නියදියේ ප්‍රමාණය (ඡදචමක්‌එසදබ) විශාල විය යුතුය.මා පෙර සඳහන් කළ න්‍යායන් පදනම්ව බලවත් වන ග්‍රහයා කළින් සහකරුගේ බාහිර පෙනුම ඉතා පහසුවෙන් කිවහැකිය.

 එනම් සහකරු හෝ සහකාරියගේ බාහිර පෙනුම හා ස්‌වරූපය කොයි ආකාරද යන්න තීරණය කළ හැකිය. මෙහිදී 7 වැන්නට සම්බන්ධ ග්‍රහයා, රවි වූයේ නම් සහකරු හෝ සහකාරිය වයසට වඩා වයස පෙනුමකින් යුත්, ප්‍රියමනාප පෙනුමෙන් අඩු, අමිහිරි වචන ඇති අයකු බවට පත්වේ. මෙහිදී සඳු 7 වැනි භාවයට සම්බන්ධවූ බලවත් ග්‍රහයා වූයේ නම් ප්‍රියමනාප පෙනුමකින් යුක්‌ත වූ, වයසට වඩා වයස නොපෙනෙන, ඉතා ගුණයහපත්, මිහිරි වචන භාවිතා කරන්නාවූ, චංචල ගති පැවතුම් වලින් යුක්‌ත අයෙක්‌ වෙයි. 7 වැන්නට සම්බන්ධ ග්‍රහයා අඟහරු වූයේ නම්, අයෝමය සිරුරක්‌ හිමි, ක්‍රියාශීලී, සෘජු, ප්‍රියමනාප, අනුන්ව යටත් කරගන්නා, කලහයට නැඹුරු වන අයකු වේ.

මෙහිදී තමාගේ කේන්ද්‍රයේ 7 වැන්නට සම්බන්ධ ප්‍රබල ග්‍රහයා බුධ වූයේ නම්, කථිකත්වයක්‌ ඇති, මුහුකුරා ගිය බුද්ධියක්‌ ඇති, උසස්‌ අධ්‍යාපනයක්‌ උරුම අයෙකු සමඟ විවාහ වෙයි.ගුරු ග්‍රහයා 7 වැන්නට සම්බන්ධව, බලවත්ම ග්‍රහයා වූයේනම් ප්‍රියමනාප, මහා පෞරුෂත්වයක්‌ ඇති, උදාර ගති ගුණ ඇති, සාධාරණ, යුක්‌තිගරුක, සහකරුවකු හෝ සහකාරියක ලැබේ. ඉහත 7 වැන්නට ශනි සම්බන්ධ වී බලවත් වූයේ නම් හා පාප පීඩිත නොවී 7 වැන්න මකර, තුලා හෝ කුම්භ වේනම්, ඔහුට හෝ ඇයට හිමි ස්‌වාමියා හෝ භාර්යාව අන් අයට කිසිදු හිංසාවක්‌ හෝ කරදරයක්‌ සිදුනොකරන, තැන්පත් අයකු වේ. මෙහිදී විවාහ කාරක වූ සිකුරු හා කුජ බලවත්වූයේ නම්, තමාට ලැබෙන්නේ මනා රූසපුවකින් යුක්‌ත, භාර්යාවක්‌ හෝ සැමියෙකු වේ.

7 වැන්නට රාහු, කේතු සම්බන්ධවී ප්‍රබල වූයේනම්, විවාහයේ සහකරු හෝ සහකාරිය කුමන අංශයකින් හෝ ප්‍රබල වන අයකු වේ. නමුත් ඔහුගේ හෝ ඇයගේ කුමන හෝ අඩුවක්‌ දැකිය හැකි වෙයි.

එනම් උදාහරණයක්‌ ලෙස මෙම ග්‍රහ පිහිටීම් ඇති පුරුෂයකුට, තමාට වඩා වයසින් වැඩිමහලු කාන්තාවක්‌ සමඟ විවාහ වීමට සිදුවන අතර, ඇය ඉතා කපටි අයෙක්‌ද වෙයි.මෙහිදී රාශිය, නැකත, නවාංශකය අවස්‌ථාව සඳහා වැඩි ප්‍රමුඛතාවක්‌ දියයුතු අතර, මෙම ආකාරයට කේන්ද්‍ර පරීක්‍ෂණයකට ගතවන කාලයද ඉතා වැඩිය.
 මෙහිදී ග්‍රහයන්ගේ බලදුබලතාවය, යෙදී ඇති භාවය, නිර්ණය කර වර්ගඵලය (රාශිය, හෝරාව, දෙර්කාණය, නවාංශකය, ද්වාදශාංශකය, ත්‍රිෂාංශකය, නැකත, අවස්‌ථාව ආදිය) හා භාවඵලය පටලවා නොගත යුතු වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment