ඔබට ජ්‍යෝතිෂය බලපාන හැටි | Gurukam.net - Gurukam.Net

Sunday, July 19, 2020

ඔබට ජ්‍යෝතිෂය බලපාන හැටි | Gurukam.net


භෞතික ලෝකයේ ඉගැන්වීම්වලට අනුව ග්‍රහ, තරු පිළිබඳ අනේක තොරතුරු ඔබ දැන සිටියද එම ග්‍රහ, තරු මූලික කොටගෙන මීට වසර දහස්‌ ගණනකට පෙර ගොඩනැගුණු ජ්‍යෝතිෂය පිළිබඳ කොතෙක්‌ දුරට අවබෝධයක්‌ ඔබට තිබෙනවාද? ඇතැම් විට එවැනි අවබෝධයක්‌ ඔබට නැතුවාම විය හැක. නැත්නම් දළ හෝ පුළුල් අවබෝධයක්‌ තිබෙනවා වන්නටද පුළුවන.සෙනසුරු ඉන්න තැනට ඇති වෙන්න දෙනවා එකම ලග්නයේ හැමොටම එකම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ

කෙසේ නමුත් නැකැත්, හඳහන් බැලීම වැනි ජ්‍යෝතිෂමය කාරණාවන් පිළිබඳ ඇති අනවබෝධයේ මට්‌ටම අනුව ඇතැම් ශාස්‌ත්‍රීය නොවන මෙන්ම අසත්පුරුෂ ජ්‍යෝතිර්වේදීන්ට ඔබ රැවටීමට ඇති ඉඩකඩද වැඩිය.

එබැවින් ජ්‍යෝතිෂය ඇසුරු කරන ඔබ ඒ පිළිබඳ යම් අවබෝධයකින් කටයුතු කෙරේ නම් ඔබගේ වටිනා ධනය, ශ්‍රමය, කාලය නිස්‌කාරණයේ වැයවීමට ඇති ඉඩකඩද අහුරාගත හැකිවනු ඇත.මෙම ලිපියෙහි අරමුණ සාමාන්‍ය පුරවැසියන් වන ඔබට ජ්‍යෝතිෂයේ හැසිරීම පිළිබඳ යම් හෝ අවබෝධයක්‌ ලබාදීම වේ.

යම් කේන්දරයක්‌ (හඳහනක්‌) රැගෙන එහි තොරතුරු දැනගැනීමට අප වෙතට පැමිණෙන ඔබට ඒ පිළිබඳ විස්‌තරයක්‌ අප සිදු කරන්නේ පංචාගය ඇසුරු කොටගෙනය. පංචාගය නම් දිනය, නැකත, තිථිය, යෝගය සහ කර්ණය වේ. මේවා විමර්ශනය කොට බලා ඔබගේ කේන්දරය පිළිබඳ විස්‌තර කිරීම ක්‍රමවේදයයි.ඔබ දැනටමත් දන්නා ආකාරයට අප පෘථිවියට වටා ඇති ග්‍රහලෝක නවයක බලපෑමට හසුවේ.

ඒ සෑම ග්‍රහලෝකයක්‌ම භ්‍රමණය වන ක්‍රියාවලියේ දී යම් කිරණක හටගැනීමක්‌ සිදු වෙනවා උදාහරණයක්‌ ලෙස වේගයෙන් කරකැවෙන ටර්බයිනයකින් විදුලිය උත්පාදනය කෙරෙන අයුරු පෙන්වා දෙන්න පුළුවන්. මේ ආකාරයට ග්‍රහලෝක මගින් උත්පාදනය කෙරෙන කිරණ එල්ලවන කෝණයන් අනුව හොඳ සහ නරක සිදුවෙන ආකාරය පිළිබඳ අපි විග්‍රහ කරන්නේ.

මෙහිදී යම් කිරණක්‌ අංශක 90 ට එල්ල වෙනවා නම් එම කිරණේ බලපෑම එල්ලවන පැත්ත උච්ච ලෙස ගැනෙනවා. එලෙස උච්ච බලය ගැනෙන පැතිකඩ හොඳයි. කිරණේ බලපෑම නොලැබෙන අනෙක්‌ පැත්ත අඳුරුයි. එමනිසා එම පැතිකඩින් නරක පෙන්නුම් කරනවා. ඔයාකාරයෙන් අංශක 450, 350, 300 ආදී ලෙස කිරණ පතිත වීම අනුව අපි හොඳ හෝ නරක පිළිබඳ තේරුම් කරලා දෙනවා.

උදාහරණයක්‌ ලෙස සෙනසුරුගේ කිරණ ඔබට බලපාන ග්‍රහයාගේ පැත්තට වැටෙනවා නම් සෙනසුරු ඔබට මිත්‍රයි කියනවා. වෙන පැත්තකට වැටෙනවා නම් නරකයි කියනවා.
ග්‍රහලෝක නවයක්‌ (9) එලෙස කැරකුනාම ජ්‍යෝතිෂයේදී ක්‍රම 3 කට තමයි පුද්ගලයකුගේ හඳහන විස්‌තර කිරීම සිදු කරන්නේ එනම්,

1. මහ දශාව කුමක්‌ද?

2. අතුරු දශාව කුමක්‌ද?

3. ඒ දශාවට අනුව ග්‍රහයන් ඉන්න තැන ඉඳලා 7 වැනි කොටුවේ ග්‍රහයන් පිහිටීම කොහොමද? යන ලෙසයි.

ඔන්න ඔය තුනේ ප්‍රතිඵල නිත්‍ය වශයෙනුත්, අනෙක්‌ ඒවා අනිත්‍ය වශයෙනුත් ග්‍රහ කේන්දරයේ පළදෙනවා. වෙනත් ආකාරයකින් කියතොත් මෙම ක්‍රම 3 ට අනුව තමයි පුද්ගලයකුගේ ග්‍රහ බලය සැකසෙන්නේ. එම ග්‍රහ බලය හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්.සමහර ජ්‍යෝතිෂවේදීන් ප්‍රකාශ කරනවා මේෂ ලග්නයේ අයට මෙන්න මේ ප්‍රතිඵල දෙනවා කියලා. එහෙම මාධ්‍යවලත් පළවෙනවා. නමුත් මේෂ ලග්නයේ හැමෝටම එකම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

මොකද අර ග්‍රහයන්ගේ කිරණ පතිත වීම එකම ආකාරයට නොවන නිසා. දැන් බලන්න ධනපාල කියලා නම තිබුණට ඒ හැමෝටම ධනය නැහැනේ. තියන අයත් ඉන්නවා. නැති අයත් ඉන්නවා.දැන් බලන්න අපේ පෘථිවිය භ්‍රමණයවීම අනුව අප්‍රේල් 13 වැනිදා මේෂයට රවි එනවා. මේෂ ලග්නයේ අයිතිකාරයා තමයි අඟහරු. එතැනට රවි ආවිට අපි බලනවා ලිත්වලින් මේසයට රවි කොහොමද කියලා. මේසයට රවි උච්චයි. එතකොට එයාට හොඳට කල්පනාව එනවා. දැකීම එනවා. බය නැහැ.

ඔන්න ඊළඟ මාසේ රවි යනවා දෙවැනි කොටුවට. ඒ කියන්නේ වෘෂභයට. වෘෂභයට රවි හතුරුයි. වෘෂභ ලග්නයේ අයිතිකරු සිකුරුයි. එතකොට අපි දන්නවා සිකුරුට අයිති දේවල් සහ ධනස්‌ථානයට අයිති ධනය සැපයීම අඩාලවෙන බව. මේක සිදු වන්නේ මසක කාලයකටයි.ඔය විදිහට මාස 12 ටම අපි හඳහන අනුව බලනවා. එසේ බලද්දී 1. ලග්නස්‌ථානයට, 2. ධනස්‌ථානයට, 3. සහජස්‌ථානයට, 4. බන්දුස්‌ථානයට, 5. ප්‍රියස්‌ථානයට, 6. ශස්‌තෘ ස්‌ථානයට, 7. කාලතන්ත්‍රස්‌ථානයට, 8. මුත්‍රමස්‌ථානයට, 9, ධර්මස්‌ථානයට 10. කර්මස්‌ථානයට, 11. අයස්‌ථානයට සහ 12. වැයස්‌ථානයට යන දොළොස්‌ථානයටම බලපෑම කෙබඳුද කියා හඳුනා ගන්න පුළුවන්.

 මෙහිදී ලග්නස්‌ථානයෙන් ආත්මය ගැන ජීවිතය ගැන ශක්‌තිය ගැන කියෑවෙනවා. ධනස්‌ථානයෙන් උපතින්ම එයාට ධනය කොහොමද කියා බලනවා. සහජස්‌ථානයෙන් වීර්ය ගතිගුණ පෙන්නුම් කෙරෙන අතර බන්දුස්‌ථානයෙන් ගෘහය, මව ගැන කියෑවෙනවා. ප්‍රියස්‌ථානය මගින් ඉගෙනීම, ඥනකර්ම දරුවන් ගැන කියෑවෙන අතර ශස්‌තෘස්‌ථානයෙන් සහකරු සහ රෝගී නිරෝගී තත්ත්වය ගැන කියෑවෙනවා. කාලතන්ත්‍රස්‌ථානය මගින් කාමය, විවාහය වගේම මුත්‍රචස්‌ථානය මුත්‍රාශය, රණ්‌ඩු, මාරක, විනාශය සඳහන් කරනවා.

ධර්මස්‌ථානය සුබ, ප්‍රාණ, ගරු බවත් පීතෘස්‌ථානය රැකියා, විදේශ ගැනත් අයස්‌ථානය මගින් හදිසි ධනලාභ වැඩිමහල් සහෝදරයන් ගැනත් වැයස්‌ථානය මගින් වැයත් පෙන්නුම් කරනවා.

දැන් බලන්න කවුරුත් දන්නවා රාහු නරක ග්‍රහයෙක්‌ කියලා. ඉතින් රාහු 12 වැන්නට ඒ කියන්නේ වැයස්‌ථානයට ආවොත් හොඳ නැද්ද... ඇයි එයා එය නැති කරනවානේ. ඒ කියන්නේ ධනය ඉතිරිවෙන එකනේ. ඒක හොඳ නැද්ද?මේ ග්‍රහයො නරක නැහැ. ග්‍රහයන්ගේ පිහිටීම තමයි හොඳ හෝ නරක ගෙන එන්නේ. සෙනසුරු ඉන්න තැනට ඇති වෙන්න දෙනවා. අනෙක්‌ ග්‍රහයෝ වගේ නෙවෙයි. හැමදේම දෙනවා. හොඳ නරක ඔක්‌කොම දෙනවා.

ඉතින් සල්ලි දෙන කාලේ නරක ඇබ්බැහිවලට පුරුදු වුණොත් සෙනසුරු ගියාට පස්‌සෙත් අර පුරුදු පවත්වාගෙන ගියොත් සල්ලි නැතිවෙන එක අහන්න දෙයක්‌ නෙමෙයි නේ.ඒ නිසා මම අවවාදයක්‌ ලෙස කියන්නේ සෙනසුරුට බනින්න එපා. සෙනසුරු ආ දවසේ සිට ඔළුව පාවිච්චි කරල වැඩ කළොත් ජයගන්න පුළුවන්. අනෙක්‌ කාරණය බොහෝ අය සෙනසුරුට බයේ යන්ත්‍ර දාන්න පුරුදුවෙලා ඉන්නවා. ඒවා පළ නැති වැඩ. අප කළ යුත්තේ සෙනසුරුගේ අවතාරය වන "ඉදිබුවා යානය "කපුටා" යන සතුන්ට ආහාර දීම වගේම සෙනසුරුගේ විමානය වන "නුග" ගසට පහන් පත්තු කර පිහිට ඉල්ලීමයි. අනිවාර්යයෙන්ම එය ලැබෙනවාමයි.

එහෙම තත්ත්වයක්‌ තිබියදී යන්ත්‍ර මන්ත්‍රවලට මුදල් වියදම් කරලා, ධනය හානි කරගන්නේ මොකටද?

එපමණක්‌ නොවේ.පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන පංච මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයට අඩංගුව තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. කිසිම ආගමකට, කුල භේදයකට, ජාතියකට නැතුව අප සියලු දෙනාම මෙම පංචමහා භූතයන්ට අඩංගුවයි ඉන්නේ.  අපි හිතනවා වගේම හිතෙනවා අපට ඕනෑම දෙයක්‌ කරන්න පුළුවන් කියලා. නමුත් විශ්වයේ ශක්‌තියට පිටින් අපට කිසිවක්‌ කරන්න බැහැ.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment