විවාහය , පොරොන්දම් ගැලපුනත් අසාර්ථක වන්නේ ඇයි? | Gurukam.net - Gurukam.Net

Monday, July 13, 2020

විවාහය , පොරොන්දම් ගැලපුනත් අසාර්ථක වන්නේ ඇයි? | Gurukam.net


හොඳ වාසනාවන්ත තැනක ඉපදුනහොත් ජීවිතේ වාසනාවන්ත වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒ වගේම තමයි විවාහයත්.යුග දිවියක්‌ අරඹනවා කියන්නෙ නැවත වතාවක්‌ ඉපදෙනවා වගේ දෙයක්‌.  හොඳට ගැළපෙන වාසනාවන්ත කෙනෙක්‌ විවාහ සහකාරයා විදිහට ලැබුණොත් හොඳයි. නැත්නම් මොලොව අපායක්‌ බවට පත්වන්නෙත් ඒ යුග දිවියමයි.කේන්දර බලලා, නැකත් හදල කරන විවාහවලත් නොයෙකුත් ගැටලු, බාධා, අකල් මරණ වගේ දේවල් ඇති වෙනව නේද? එහෙම කරපු අයත් සමහරවිට දික්‌කසාද පෝළිමේ ඉන්නව නේද? කියල සමහරු ප්‍රශ්න කරනව. "අපි නම් ඔය පොරොන්දම් බැලුවෙ නෑ. එ වුණත් දැං බැඳල අවුරුදු විසිහතක්‌ වෙලත් මේ අපූරුවට තාම ඉන්නේ..." කියල කියන අයත් ඉන්නව.

ඔය අතරේ පොරොන්දම්, ජ්‍යෙතිෂ්‍ය පට්‌ටපල් බොරු කියල කියන අයත් අතරින් පතර ඉන්නවා. ඉතිං මේ පොරොන්දම් පරීක්‍ෂාව කියල කරන්නෙ මොකක්‌ද කියල කතා කරන එක කාලීන මාතෘකාවක්‌ බව පේනව. විසි පොරොන්දම්, අට පොරොන්දම්, දස පොරොන්දම් කියල කාරණා අට, දහය නැත්නම් විස්‌සක ගැළපීම ගැන තමා මේ බලන්නෙ. කොහොම වුණත් මේ පොරොන්දම්වල පදනම වෙන්නෙම උපන් දවස, ලග්නය, නැකත කියන කාරණා විතරයි.

 ලංකාවේ විතරක්‌ එක ලග්නෙකට ලක්‍ෂ දාහතක්‌ විතර ඉන්නවා. ස්‌ත්‍රී පුරුෂ කියල ගතහොත් ස්‌ත්‍රීන් එක ලග්නයකට ලක්‍ෂ අටක්‌ විතර ඉන්නවා. නැකත් තියෙන්නේ 27 යි. ඉතින් කෝටි දෙකකට වැඩි ජනගහනය මේ නැකත්වලට බෙදුවහොත් එක නැකතකින් ලක්‍ෂ අටක්‌ විතර ඉපදිලා ඉන්නවා.එයින්ම පේනවා මේ නැකත නැතිනම් ලග්නය විතරක්‌ ගැළපිල විවාහය තීරණය කරන්න බැරි බව. ඇත්ත වශයෙන්ම පොරොන්දම් විතරක්‌ විවාහය තීරණය කිරීම නිවැරැදි ක්‍රමයක්‌ නෙවෙයි.

 විවාහ ජීවිතයේ උත්තරීතර පරමාර්ථය තමයි දරුවා. දරුවෝ නැතිනම් විවාහ ජීවිතයේ ප්‍රධාන අරමුණ ඉටු වෙන්නේ නැහැ. ඒ වුණත් විසි පොරොන්දම්වල තියන වෘදි පොරොන්දම දරු ලාභ ගැන හරියට තීරණය කළ හැකි සාධකයක්‌ නෙවෙයි. දෙදෙනාගේ නැකත් දෙකට හිමි වෘදි කිරි ගස්‌ නම් දරුලාභ තිබේ කියල කීවට ඒක එතරම් හරි නෑ.

 ඊළඟට විවාහය අසාර්ථක වෙලා දික්‌කසාදය දක්‌වා යන ප්‍රබල හේතුවක්‌ තමා ලිංගික නොගැළපීම, ලිංගික බෙලහීනතාවය. විවාහ ජීවිතය අසාර්ථක කරන පළමුවැනි හේතුව හැටියට පිළිගන්න අතරේ දික්‌කසාදයට හේaතුවක්‌ විදිහට නීතියේ පිළිගන්නව. ඒ වුණත් පොරොන්දම් ගැළපීමෙන්ම මේක තීරණය කරන්න බෑ. සමහරවිට විවාහ වෙලා අවුරුද්දක්‌ විතර ගිහිල්ලත් කන්‍යාභාවය ආරක්‍ෂා වෙලා තිබුණු මනමාලියො ගැන අහන්න ලැබෙනවා.

සමලිංගික චර්යා වගේම විවාහ එක ගණනකට වඩා සිදුවෙන අධිකාම යෝග ඇති අයත් ඉන්නවා. මේවා පොරොන්දමින් අනාවරණය වෙන්නෙ නෑ.

 විසි පොරොන්දම් ගැළපිලා කියල සිදුකළ විවාහ මංගල උත්සවයෙන් අවුරුදු දෙක තුනකට පස්‌සෙ සහකාරයට අකල් මරණ අත්වෙලා එක්‌කෙනෙක්‌ වැන්දඹු බවට පත්කරන සිදුවීම් ගැනත් අහන්න ලැබෙනවා.

ඒ කියන්නෙ අඩු ආයුෂ දක්‌වන පිහිටීම් ආයුෂ පොරොන්දම් කියල විසි පොරොන්දමේ බලන්නෙ කල් ඇතිව මිය යන්නෙ බිරිඳ ද? සැමියාද කියන එක. නැතිව ආයුෂ නෙවේ. ඉතිං අඩු ආයුෂ පෙන්නන යෝග තියෙනවද කියල පෙරොන්දම් පරීක්‍ෂාවෙන් හොයන්න බෑ.
 ඉතිං දරු ලාභ නැද්ද? ලිංගික බෙලහීනතාවයකින් පෙළෙනවද? අකල් මරණ තියෙනවද? කියන එක කේන්ද්‍රවල ගැඹුරින් විමසා බැලිය යුතු දේවල්. ඒ වුණත් තමන්ගෙ දුවට නැතිනම් පුතාට සහකරුවා ගැළපෙනවද කියල හදිසියෙ ජ්‍යෙdතිර්වේදියෙක්‌ ළඟට ඇවිල්ල විනාඩි දහයක්‌ පහළොවක්‌ ඇතුළත පොරොන්දම් පරීක්‍ෂා කරල විවාහය ගැන තීරණය කිරීම කොයිතරම් හාස්‍යජනක කාරණයක්‌ද කියල හිතල බලන්න.

සමහරු මේ තීරණේ ගන්නෙ පරිගණක මෘදුකාංගයකින්. මේක බරපතළ වරදක්‌. ජ්‍යෙතිෂයට අභියෝග එල්ල වෙන්න මේකත් බලපානවා.  ඉතිං අපි මේ කාරණා බලන්නෙ කොහොමද කියල දැනගැනීම හරිම වැදගත්. තමන්ගෙ හරි දරුවන්ගෙ හරි විවාහය ගැන තීරණය කරනකොට මේ විදිහට බැලුවද කියල අවබෝධ කරගැනීම තමයි හොඳ.

 අඩු ආයුෂ දක්‌වන යෝග

 කෙනකුගේ ආයුෂ ගැන දක්‌වන යෝග ගැන ගොඩක්‌ විස්‌තර ජ්‍යෙdතිsෂයේa සඳහන් වෙනවා. කේන්ද්‍රගත ග්‍රහ පිහිටීම්වලින් වගේම ශරීරයේ යම් යම් ලක්‍ෂණවලිනුත් අඩු ආයුෂ පෙන්නනවා. පැරැණි අය මේව හොඳට දැනගෙන හිටියා. විශේෂයෙන් සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයෙන් අකල් මරණ යෙදෙන්aන පුළුවනි. මේ නිසා කේන්දර ගැළපුනත් සෙනසුරු ඒරාෂ්ඨක අපල පවතින කාලෙක නම් මඟුල් නැකත් හදන එක බොහොම පරිස්‌සමින්a කරන්aන ඕන. කොහොම වුණත් මරණය ගැන කතා කරන්න කවුරුත්ම කැමති නෑ. ඒ නිසා විවාහය ගැන කේන්දර බලන්න ආවත්, මරණය ගැන විමසන්නෙ නෑ. ඒ වුණත් අකල් මරණ තියෙනවද කියල බලන්න ඕන.

 කුජ දෝෂය විවාහ සහකරුට මාරක අපල ඇති කරනව කියලත් කියනව. ඒ කියන්නෙ කුජ ග්‍රහය කේන්ද්‍රයෙ ලග්නය සහ සඳු, සිකුරු ඉන්න තැන්වලින්  1, 4, 7, 8, 12 කියන තැන්වල තැන්පත් වීම. එහෙම දළ කේන්දරේ කොටුවල හිටියටම මේක තීරණය කරන්aන බෑ. භාව වශයෙන් බලන්න ඕන.

කුජ දෝෂය භංග වෙන කාරණාත් තියෙනව. කොහොම වුණත් කුජ දෝෂය තියෙන කෙනකුට අනිත් කේන්දරේත් කුජ දෝෂය තියෙනවා නම් හොඳයි. මේ වගේම ශරීරයේ ඇතිවන සමහර ලකුණුත් මරණය ගැන සංඥා කරනවා. මේ තියෙන්නෙ එහෙම ලකුණු කීපයක්‌.

 01. තරබාරු මිනිසෙක්‌ නිකම්ම කෘශවේද, දුප්පතෙක්‌ වහා ධනවත් වේද, යමෙකුට ආහාර ගැනීමෙන් ප්‍රීතියක්‌ නොලැබේද ඔහු යමපුරයට යයි.

 02. කටුසු, කොක්‌, කපුටු, ගොයි ආදී සත්තු යමෙකුගේ හිස මත වැටෙද්ද එකල ජීවිතය දිය වී යයි.

 03. යමෙකු කපුටු සංවාසය දකීද ඔහු නැසීයාමේ පෙර නිමිත්තකි.

 04. සිහිනෙන් තම හිස බූ ගානු දුටුවේ නම් තමා සයමසක්‌ ඇතුළත මිය යයි. කන්, නාසා, අත් කපනු, මඩේ එරී යනු දුටුවේ නම් ආයුෂ මාස 06 කි.

 05. ආයුෂ පිරිහී ගිය තැනැත්තෙක්‌ අරුන්දතී තරුව, ධ්‍රැව තරුව, විෂ්ණු ත්‍රිපද ලක්‍ෂණ තාරකාව නොදකී.

 මේ වගේ ලක්‍ෂණ ගොඩාක්‌ පුරාණ ග්‍රන්ථවල තියනව. ඉතිං ග්‍රහ ලෝක ශරීර ලක්‍ෂණ වගේ දේවල්වලින් ආයුෂ ගැන දැන ගැනීම තමයි විවාහ පරීක්‍ෂාවේ මුල් පියවර.

 ලිංගික නොගැළපීම්

 එක්‌කෙනෙක්‌ අධික කාමාශාවට බර වීමත් අනිත් කෙනා එහෙම නොවීමත් නොගැළපීමට හේතුවක්‌. කුජ ශුක්‍ර වගේ ග්‍රහයන් යෝගවීම අධික කාමාශාව පෙන්නනව. විශේෂයෙන් හතේ යෝගවීම එහෙමයි. ඒ වුණත් හත අධිපතියා සෙනසුරු නැත්නම් ගුරු එක්‌ක යෝග වුණොත් කාමාශාව හීන වෙන්න පුළුවනි. ඒ වගේ දෙන්නෙක්‌ ගැළපෙන්නෙ නෑ. දරු ලාභ ගැනත් විශේෂයෙන් බලන්න ඕන. ඒ මොකද විවාහයේ අවසාන පරමාර්ථය පරපුර ගෙනියන්න ඕන කරන දරුවන් බිහිකිරීම නිසා.

 විසිපොරොන්දම් වලදී බලන වෘදි පොරොන්දමෙන් දරු ලාභ ගැන තීරණය කරන්න බෑ. ඒකට කේන්ද්‍රවල දරුලාභ ගැන කියන පස්‌වැන්නත්, පුත්‍රකාරක ගුරුත්a පරීක්‍ෂා කරන්න ඕනෑ. පස්‌වැන්න අධිපති අටවැන්නාධිපති සමග සංයෝගවීම, පස්‌වැන්නේ කේතු අශුභව පිහිටීම, බලවත් රවි පස්‌වැන්නේ පිහිටීම වගේ දේවල් දරු ලාභවලට බාධා කරනවා. විශේෂයෙන් පිරිමි කේන්ද්‍රයක පස්‌වැන්නට රවි බලපෑමෙන් ධාරණ ශක්‌තිය හීන වෙන්න පුළුවන්.

ඒකට හේතු වෙන්නේ ශුක්‍ර තරලයේ ප්‍රමාණවත් ශුක්‍රාණු නොතිබීම වැනි ගැටලුවක්‌. සමහරවිට විවාහයට පෙරම ස්‌ත්‍රියකගේ සෞඛ්‍ය ගැටලුවක්‌ නිසා ගර්භාෂය ඉවත් කරන්නට සිදු වෙනවා. මේවා විසි පොරොන්දම්වලින් සොයන්න බෑ.

 විවාහය හා ප්‍රශ්න ශාස්‌ත්‍රය

 තනිකරම කේන්ද්‍ර පරීක්‍ෂාවකින් නැතහොත් පොරොන්දම් පරීක්‍ෂාවකින් පමණක්‌ විවාහය ගැන තීරණය කරන්aන බෑ. දෛවඥ කාමෙදිණු හෝරාහරණය වගේ පැරැණි කිසිම පොතක එහෙම කියලත් නෑ. විවාහයක්‌ ගැන තීරණය කරන්න ඉස්‌සරවෙලා ඒ ගැන ප්‍රශ්න කරන වෙලාවට අනුව හදන තත්කාල කේන්දරයෙන් බලාපොරොත්තු= වන විවාහය ගැන ගොඩක්‌ විස්‌තර කරන්න පුළුවන්.

මේකට උදෑසනම දෛවඥයා හමුවී ප්‍රශ්නය ඉදිරිපත් කළ යුතු බවත්, ඒ වේලාවට උදාවෙන තත්කාල කේන්ද්‍රය අනුව පලාපල කිව යුතු බවත් මේ පොත්වල සඳහන් වෙනවා. හෝරාබරනයේ එන මේ ඡේද කිහිපය බලන්න.

 * විවාහයට පෙර එම යුවළගේ හිතවතෙක්‌ දෛවඥයාට වටිනා තෑග්ගක්‌ දී විවාහය පිළිබඳ සුභ අශුභ විමසිය යුතුය. ඔහු දෛවඥයා වෙත හිස්‌ අතින් නොයා යුතුය.

 * එම තත්කාල ලග්නයෙහි හෝ 7, 8 යන දෙතැනින් එකක දුබල පාපයෙකු සිටී නම් විවාහ අපේක්‍ෂිත දෙදෙනාගේ විනාශය වේ යෑයි ශාස්‌ත්‍රය දත් අය කියති.

 * එමෙන්ම ශනි සත්වන රාශිගත කල්හි පස්‌කම් සැප නොවිඳී අස්‌තගත කුජ ශනි දෙදෙනා සත්වන රාශියෙහි සිටි කළ වැන්දඹුවක්‌ වේ.

 * ලග්නයෙන් සත් වැන්නේ සිටි රවි සතුරු ග්‍රහයෙකු=ට පෙනේ නම් ස්‌වාමි පුරුෂයා බිරිඳ එළවා දමයි. එසේම සත් වැන්නේ සිටි කුජ සතුරු දෘෂ්ටි ලබා නම් බිරිඳ තරුණ වියේදීම වැන්දඹුවක්‌ වේ.

 ඉහත සඳහන් කළේ උපන් කේන්ද්‍රය අනුව නොව ප්‍රශ්න කරන වෙලාවට සාදන තත්කාල කේන්ද්‍රය අනුව ශුභා ශුභ විනිශ්චය කරන ක්‍රමයකි. ප්‍රශ්න ශාස්‌ත්‍රය මගින් අනාවරණය කෙරෙන මෙම කරුණු කිසි විටෙකත් පොරොන්දම් බලා අනාවරණය කරගත නොහැකිය.

 තවද කොතරම් පොරොන්දම් බලා විවාහය සිදු කළද වාසනාවන්ත විවාහයකට උරුමකම් ඇත්තේ පෙර පින් ඇති කෙනකුට බවද පෙනේ. අනෙක්‌ අතට 100% ක්‌ම අංගසම්පූර්ණ විවාහ සහකරුවෙකු ලැබීම ඉතා දුෂ්කරය. මේ සඳහා වෛදව්‍ය කර්මවාදයේ එන උපස්‌ථම්භක කුසල කර්ම ශක්‌තිය බලපාන බව කිව යුතුය. කේන්ද්‍රයක හත් වැන්නෙන් බලන්නේ මේ කර්ම ශක්‌තිය ගැනය.

කුසල කර්ම බලවත් නම් හත්වැන්න බලවත් වේ. දුර්වල නම් හත්වැන්න දුර්වල වේ.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment