ඇයි ? ව්‍යාපාරය බංකොලොත් වෙන්නෙ | Gurukam.net - Gurukam.Net

Saturday, July 11, 2020

ඇයි ? ව්‍යාපාරය බංකොලොත් වෙන්නෙ | Gurukam.net


කවුරුත් අපේක්‍ෂා කරන්නේ තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ලාභ උපරිමව ලැබීමටය. සෑම නගරයකම කඩවීදි කඩ සාප්පු දෙස විමසුම් නෙතින් බැලීමේදී ව්‍යාපාර ස්ථාන එක සමානව සරුසාර වී නොමැති බව පෙනී යයි. ඇතැම් විට සෙනඟ බොහෝ සෙයින් ඇදී යයි. ඇතැම් ව්‍යාපාර ස්ථානවල මැස්සෝ ඇහිරෙති. තවත් තැන් ආකර්ෂණීයයි. තවත් කඩ කිලිටි සාප්පු මෙනි. වැසී යෑමට ආසන්නය ඇතැම් තැන්හි කාලයක් දියුණු වී කලකදී පාඩුවී වැසී යයි.

මෙවැනි අවදානමකට ලක්වන ස්ථානද පවතී. සෑම නගරයකම කඩවීදි කඩ සාප්පු දෙස විමසුම් නෙතින් බැලීමේදී ව්‍යාපාර ස්ථාන එක සමානව සරුසාර වී නොමැති බව පෙනී යයි. ඇතැම් විට සෙනඟ බොහෝ සෙයින් ඇදී යයි. ඇතැම් ව්‍යාපාර ස්ථානවල මැස්සෝ ඇහිරෙති. තවත් තැන් ආකර්ෂණීයයි. තවත් කඩ කිලිටි සාප්පු මෙනි. වැසී යෑමට ආසන්නය. කවුරුත් අපේක්‍ෂා කරන්නේ තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ලාභ උපරිමව ලැබීමටය. ඇතැම් තැන්හි කාලයක් දියුණු වී කලකදී පාඩුවී වැසී යයි. මෙවැනි අවදානමකට ලක්වන ස්ථානද පවතී.

මෙසේ සාර්ථක වීමටත් අසාර්ථක වීමටත් හේතුවන කාරණා බොහෝය. එමෙන්ම මේ පිළිබඳ විග්‍රහ කිරීමද සංකීර්ණ ස්වරූපයක් ගනී. මේවාට බලපාන සාධක අතර පුද්ගලයාගේ ජන්ම අංකය හා දෛව අංකය අනුව යෝග්‍ය වන ව්‍යාපාර වෙයි. එවැනි ව්‍යාපාර සෑම එකක්ම නොගැළපුණත් ගැළපෙන එකක් හෝ දෙකක් පවතී. සුදුසු රැකියාව හෝ ව්‍යාපාරය වටහා ගැන්ම පළමු පියවරයි. ඊළඟට තමාගේ කේන්දරය විශ්ලේෂණය කරවා බලා ධන යෝග, ව්‍යාපාර යෝග තිබේදැයි දැනගත යුතුය. එසේම රාශීන්ගේ ග්‍රහ පිහිටීම විශේෂයෙන් කර්මස්ථානය වන 10 වැනි රාශිය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

10 රාශිය අධිපතියා සිටින රාශි 10 රාශි අධිපති සමඟ සිටින ග්‍රහයන්, 10 වැනි රාශිය හා 10 රාශි අධිපතිට දෘෂ්ටිය දෙන ග්‍රහයන් අනුවද ව්‍යාපාරික දියුණුව වටහා ගත හැකියි. එසේම අයස්ථාන, ධනස්ථාන, පුණ්‍යස්ථාන අධිපතින් ගැනද වැටහීමක් ලබාගත යුතුය. ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යන ප්‍රධානියා, කළමනාකරු කොටස්කරුවන්ගේ ග්‍රහචාරයද බලපෑමක් ඇති කරයි.

ඔවුන්ගේ දෛව අංක, ඒ අනුව සුදුසු රැකියා හා ව්‍යාපාරද, එකතු වූ පුද්ගලයන්ගේ ගැළැපීම්ද බලපායි. මේවා දියුණුවට හෝ පරිහානියට හෝ පැවැත්මට බලපායි.ඊළඟට ජීවිත කාලය තුළ ඕනෑම කෙනකුට සුබ මහ දශා, සුබ පල, මහ දශා අතුරු දශා පවතී. දියුණුව ධන හානි, නීති ප්‍රශ්න, අමනාපකම්, කූට උපක්‍රම පවා බලපායි. මේවා තමාගේ පමණක් නොව හවුල්කරුවන්ගේ කේන්දරවලද පවතී.

 සිකුරු මහ දශාව, ගුරු මහ දශාව ලැබූ කල දියුණුවක් දෙන්නා සේම රාහු, සෙනසුරු, කේතු මහා දශා කාලවල පසුබැසීම්, පාඩු, කඩා හැලීම්, රෝග පීඩා, අනතුරු පවා විය හැකියි. එවැනි සිදුවීම් ව්‍යාපාර පැවැත්මටද බලපායි. ඒ නිසා මේ කාල වකවානු පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමෙන් බාධක අවම කර ගැනීමට හෝ දුරුකර ගැනීමට හැකි වෙයි. මේ සඳහා ශාන්තිකර්ම, හෝම, පුද පූජා පැවැත්වීම සුදුසුය. හොඳට නැකැත් බලා ආරම්භ කරන ව්‍යාපාර වුවද කලකදී කඩාවැටීමට හේතු යෙදේ. එය ඇතැම් විට නැකැතේ වරද නොවෙයි. ව්‍යාපාරයට දැමූ නම විය හැකියි.

 වස්වදින නම් විපත් ගෙන දෙන නම්ද විය හැකියි. නාම පුවරුවේ හෝ ව්‍යාපාරික ස්ථානයේ වර්ණ විය හැකිය. තවත් විටෙක ව්‍යාපාර නාමපුවරුවේ දිග පළල විය හැකිය. සුබ පල දෙන දිග පළලින් යුත් නාමපුවරුව ජය ගෙන දෙයි. බොහෝ විට සුබ පල දෙන්නේ පළල මෙන් තුන් ගුණයක් ඇති හෝ පස් ගුණයක් දිග වූ නාමපුවරුවයි. සම චතුරස්‍ර නාම පුවරුද සුබයි. නාමපුවරුව පමණක් නොව එහි යෙදූ ව්‍යාපාර නාමයේ දෝෂද ව්‍යාපාරයට අහිතකර බලපෑමක් එල්ල කරයි.

ව්‍යාපාරිකයාගේ නමට ගැළපෙන ව්‍යාපාර නමක් විය යුතුයි. ඇතැම් නම් බැලූ බැල්මට ලස්සන නමුත් ඉන් කියැවෙන අර්ථය අහිත කර විය හැකියි. ඇතැම් නම්වල අර්ථය යහපත්ය. එනම් නමට ගැළපෙන අක්‍ෂර, නමට ගැළපෙන යෝනි, නමට ගැළපෙන ගණ සුබ විය යුතුය. බොහෝ අය සිතා සිටිනුයේ දැමූ නම ගැන පමණි. බොහෝ ව්‍යාපාරවලට පළමු නමක්, දෙවැනි හා තෙවැනි නම්ද වෙයි. ප්‍රධාන නාමය සුබ වුවත් දෙවැනි, තෙවැනි, සිවුවැනි නම අහිතකර නම් ප්‍රතිඵලද අහිතකරය. කසුන් හෝටලය, දසුන් ඇඳුම් නිෂ්පාදන, සුන් යන අරුත දෙයි. තවත් නම් අතර ටෙක්ස්ටයිල්, ප්‍රයිවට් ලිමිටඩ්, ලෑන්ඩ් ඇන්ඩ් හෝම්ස්. මෙවැනි උප නම් වෙයි.

 ඒවා පළමු නම සමඟ කොතෙක් දුරට ගැළපේදැයි විමසා බැලිය යුතුය. එපමණක් නොව නාමයේ අක්‍ෂර සංඛ්‍යාවද සුබ විය යුතුය. සංඛ්‍යාව ගැන බැලීමේදී සිද්ධි හෝ ප්‍රසිද්ධි වර්ගයට අයත් නම් යහපත්ය. එනම් අක්‍ෂර සංඛ්‍යාව 8ක් වී නම් 4න් බෙදූ විට ශේෂය 0 වෙයි. එය ශුන්‍ය නිසා ඵල රහිතය. අක්‍ෂර සංඛ්‍යාව 9ක් වී නම් 4න් බෙදූ විට ශේෂය 1කි. එය සිද්ධි ගණයට අයත්ය. එවිට සුබයි.

 අක්‍ෂර සංඛ්‍යාව 11ක් වී නම් ශේෂය 3යි. එය ප්‍රසිද්ධි වර්ගයට ගැනේ. මෙයින් අදහස් කරනුයේ සිංහල හෝ ඉංග්‍රීසි අක්‍ෂර සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වීම සුබ ඵල දෙන බවය. නම් තැබීමේදී ගණ විභාගයද වැදගත්ය. එනම් භූමි ගණය, දේව ගණය, චන්ද්‍ර ගණය හා ජල ගණය සුබ බව කිව යුතුය. සුබ ගණයකට අයත් වී නම් ජය ලාභ සම්පත් ධෛර්යය අභිවෘද්ධිය, ආයුෂ, ප්‍රසිද්ධිය ඇති වෙයි.තවද නම්වල යෝනිද බැලිය යුතුය. එනම් ව්‍යාපාරයට නම් කීපයක් වී නම් සෑම එකකම යෝනි කුමක් දැයි බැලිය යුතුය. යෝනි වර්ග 8කි. එනම් ගුරුළා, බළලා, සිංහයා, දිවියා, නයා, මීයා, ඇතා සහ මුවා වශයෙනි. නාම පුවරුවේ, ලිපි ශීර්ෂයේ නම් කීපයක් තිබුණද මිත්‍ර යෝනි සුබ ඵලද හතුරු යෝනි අසුබ ඵලද ගෙන දෙයි.

එවිට ගැටුම්, භේද, පාඩු ගෙනදෙයි. ඒ නිසා හතුරු යෝනි යෙදීම අත් හැරීමට වග බලාගත යුතුය. හතුරු යෝනි නම් ගුරුළා සහ නාගයා, බළලා සහ මීයා, සිංහයා සහ ඇතා, දිවියා සහ මුවා වශයෛනි. තවද ව්‍යාපාරිකයාගේ නමේද යෝනි බලා ව්‍යාපාර නමේද යෝනි හතුරු - වර්ග වී නම් අහිතකරය.

යෝනි සොයා ගත යුත්තේ අක්‍ෂරවල ස්වර සහ ව්‍යංජන වෙන්කර ඒ එක එකකට අයත්වන ඉලක්කම එකතු කර 8න් බෙදූ ශේෂය අනුවය. ශේෂය 1 වී නම් ගුරුළාය. 2 වී නම් බළලාය. 3 වී නම් සිංහයාය. ශේෂය 4 දිවියා, ශේෂය 5 නාගයා, ශේෂය 6 මීයා, ශේෂය 7 ඇතා, ශේෂය 8 මුවාය. එසේම සෑම කෙනකුගේ කේන්දරයේ තමාට අයත් නැකැතක් වෙයි. එනම් නැකැත් 27න් එකකි.

 අස්විද, බෙරණ, කැති, රෙහෙන, මුවසිරස ආදී වශයෙනි. ඒ අනුව නැකැතට අයත් අක්‍ෂරය සොයා ගත යුතුය. ඉන් තමාගේ නමට අයත් අක්‍ෂරය සොයාගත හැකියි. ඊළඟට ව්‍යාපාර නාමයේ අක්‍ෂරය සොයා ගත යුතුය. ඒ අනුව වඩාත් සුදුසු අක්‍ෂරයකින් නම ආරම්භ කළ හැකියි. තවත් ක්‍රමයකි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ වශයෙන් පංච භූතයන් වෙයි.

සෑම පුද්ගලයකුම මේ එක භූත වර්ගයකට අයත්ය. තමාගේ කේන්දරයේ හෝ නමට අයත් භූත වර්ගයට ගැළපෙන භූත වර්ගය අනුගමනය කළ හැකියි. උදාහරණ වශයෙන් සඳහන් කළහොත් තමාගේ නම මුල් අක්‍ෂර පඨවි යැයි සිතමු. ව්‍යාපාරික නමේ මුල් අක්‍ෂරය ආපෝ වර්ගය වී යැයි සිතමු.

පඨවි තද ගතිය හෝ පස කියා සිතමු. ආපෝ වැගිරෙන බව ඇති ජලය යැයි සිතමු. පසට ජලය වැටුණු විට බීජයක් පැළයක් වැඩේ. එසේ ව්‍යාපාරයද තමාට දියුණු වෙයි. තමාගේ නම 'අ' ස්වර් වී නම් 'ඉ' ස්වරය ආපෝ භූතය. එවැන්නක් සුබය. තේජෝ තේජෝ, පඨවි, පඨවි එකතුව දියුණුව අඩුය. සෑම එකකටම ආපෝ භූත ගැළපෙයි.තවද අංක විද්‍යා ජේ‍යාතිෂ අනුව නම දෛව අංකයට ගැළපෙන ජය වර්ණ භාවිත කළ යුතුය. ව්‍යාපාරික ස්ථානයටත් නාමපුවරුවටත් ප්‍රධාන වර්ණ ලෙස තම ජය වර්ණය භාවිතය සුදුසුය. ඉන් ජය දියුණුව ගෙනදෙයි.

උපන්දින අංකය 2, 11, 29 වී නම් කිරිසුදු, කොළ වර්ණය, ළාකහ ගැළැපෙයි. මේ අංක හිමියාට තද කළු, තද රතු අසුබය. ඒ නිසා අංක විද්‍යාව අනුව තම උපන්දිනය අනුව ජය අංකය සොයා ජය වර්ණ ගත හැකියි. ඕනෑම පුද්ගලයකුට සුදුසු වන ව්‍යාපාර ගැනද ඒවා සාර්ථක වන්නේද යන්න වඩා හොඳින් පැහැදිලි කර ඇත්තේ ඉන්දියානු ජේ‍යාතිර්වේදියකු වන වී.කේ. චතුර්වේද විසිනි. ඔහු විසින් රචනා කළ සමෘද්ධිය හා ජේ‍යාතිෂය, සම්පත හා ජේ‍යාතිෂය යන කෘති දෙක වැදගත්ය. එහි වෘත්තිය ව්‍යාපාර පිළිබඳ හඳුනාගත හැකි යෝගද, 10 රාශි අධිපති සමඟ සංයෝග වූ ග්‍රහයන් අනුවද, ශනි සමඟ සම්බන්ධ වූ ග්‍රහයන් අනුවද හඳුනා ගත හැකි අන්දම පැහැදිලි කර ඇත. ග්‍රහයන් නියෝජනය කරන ව්‍යාපාර, වෘත්තීන් හා කර්මාන්ත වෙයි.

එසේ ග්‍රහ සංයෝග වීම, ග්‍රහ දෘෂ්ටි වැටීමද සුවිශේෂී සාධක වෙයි. ශනි දුෂ්කරතාවෙන් මහන්සියෙන් කටයුතු කිරීම, කුජ ධෛර්යයෙන් අභියෝග ජය ගනිමින් කටයුතු කිරීම, යාන්ත්‍රික හා කාර්මික තාක්‍ෂණික ව්‍යාපාර නියෝජනය කරයි. බුධ සිකුරු කලාත්මක වාණිජ මූල්‍ය කටයුතු නියෝජනය කරයි. ගුරු බුද්ධිමය ක්‍ෂේත්‍ර, ගුරු බුධ යෝග නීති ක්‍ෂේත්‍ර නියෝජනය කරයි. රෙදිපිළි විසිතුරු භාණ්ඩ රූපලාවන්‍ය යෝගය තැනැත්තාට යකඩ, වැලි, සිමෙන්ති ව්‍යාපාර නොපිහිටයි.

 ව්‍යාපාරික ස්ථානවල වාස්තු දෝෂද බැලිය යුතුය. සියලු දේම සර්ව සම්පූර්ණ වුවත් ස්ථානවල  වැසිකිළි කැසිකිළිවල පවා බලපෑමක් ඇති කරයි. ඇතැම් ව්‍යාපාරික ස්ථානයට වැසිකිළි කැසිකිළි වළ දැමීමට ඉඩක් නොමැතිව ව්‍යාපාරික ස්ථානයේ පොළව යට කරයි. තවත් ව්‍යාපාරික ස්ථානයේ වළ කඩය  ඇතැම් තැන් එය ආවරණ කර ඇත. නමුත් මෙහි බලපෑම ව්‍යාපාරය අසාර්ථක වීමට හේතු වෙයි.එසේම තමන් පලඳින ඇඳුම, වර්ණය, මැණික, මෘදුව, ලෝහය, ගෙල යන්ත්‍රය, රුද්‍රක්‍ෂය, වාලම්පුරිය පවා සුබ අසුබ බලපෑම් ඇති කරයි. ඒ නිසා දියුණුවට හිතකර වර්ගය භාවිත කිරීම වැදගත්ය. තවද කිසිම පුද්ගලයකුගේ ග්‍රහචාරය එකම අන්දමකට මුළු ජීවිත කාලයටම නොපවතී. බඹරය වැල්ලේ ගැසුවත් කැරකෙන කාලයක් වේ.

 ව්‍යාපාර කටයුතු යනු ලෞකික ක්‍රියාවලියකි. ආධ්‍යාත්මික දියුණුවට හිතකර වන්නක් නොවේ. මෙය තෘෂ්ණාව, ආශාව මුල් කර ගත්තකි. තමා, තම පවුල සේවක සේවිකාදීන්, කොටස්කරුවන්ගේ ජීවත්වීම හා පැවැත්ම සඳහා කරගෙන යන්නකි. ඒ නිසා ජීවමාන බලයක් ඇති දෙවිවරු, ග්‍රහ දෙවිවරු සිටිති.

එකී තම ඉෂ්ට දේවතාවුන් හා දියුණුව සමෘද්ධිය ගෙන දෙන දෙවිවරුන්ගේ පිහිට ලබා ගත යුතුය. ඒ අතර ගණදෙවි, කතරගම, ලක්‍ෂ්මී, කුවේර, භද්‍රකාලි, සරස්වතී, පත්තිනි විශේෂයෙන් සඳහන් කළ යුතුය. කතෝලික අයටද ශාන්ත අන්තෝනි, මරිය මවුතුමී උදවු කරයි. මේ ආදී කරුණු කෙරේ අවධානය යොමු කරන විට මෙය සංකීර්ණ අභියෝගාත්මක ක්‍රියාවලියක් බව කිව යුතුය.

උත්සාහය, කැපවීම අතරට ඉහත අදහස්ද ප්‍රයෝජනයට ගැනීමෙන් ව්‍යාපාර සාර්ථක ගත හැකියි.


No comments:

Post a Comment