ඔබ ග්‍රහ සංයෝගයක්‌ පිළිබඳව දැනුවත්ද? | Gurukam.net - Gurukam.Net

Tuesday, June 9, 2020

ඔබ ග්‍රහ සංයෝගයක්‌ පිළිබඳව දැනුවත්ද? | Gurukam.net


මෙහිදී රාශි 2ක්‌ වුවත් යෝග වීම සිදුවිය හැකිය.   එයට අදාළ වන්නේ ග්‍රහයන් දෙදෙනකු හෝ කිහිප දෙනකු අතර පවතින පරතරයේ සම්බන්ධය වේ. ග්‍රහ සංයෝගයක්‌ යනු එක්‌ ග්‍රහයකු තවත් ග්‍රහයකු සමග හෝ ග්‍රහයන් කිහිප දෙනකු සමග එකට පිහිටා තිබීමයි.

එකිනෙක ග්‍රහයාට රශ්මි මාලාව යෝග වන අංශක ප්‍රමාණයක්‌ පවතී. එනම් රශ්මි මාලාව විහිදෙන දුර ප්‍රමාණය වේ. එහිදී රවිගේ රශ්මි මාලාව අංශක 17 ද, චන්ද්‍රයාගේ රශ්මි මාලාව අංශක 12 ද, අනෙකුත් ග්‍රහයන්ගේ රශ්මි මාලාව අංශක 08 බැගින්ද සිදු වේ. මෙය ග්‍රහ ස්‌ඵුටකයේ සිට (ග්‍රහයා සිටින අංශකයේ සිට) දෙපසට විහිදේ. එනම් රවිගේ රශ්මි මාලාව අංශක අට හමාර බැගින් දෙපසට අංශක 17 විහිදේ. එසේම මෙම රශ්මි මාලාවක්‌ ඡේදනය වීම තුළ යෝග නිර්මාණය වේ. එකම රාශියක සිටින ග්‍රහයන් අතර යෝග සිදු නොවන අවස්‌ථා ද ඇත.

 (ඉහත කාරණයට අනුරූපීව) එසේම රාශීන් දෙකක සිටින ග්‍රහයන් අතර ද යෝග සිදු විය හැකිය. එය සිදු වන්නේද ඉහත සදහන් කළ ආකාරයටම රශ්මි මාලාවක්‌ ඡේදනය වීමෙනි. ඉහත මා සදහන් කළ කාරණා ග්‍රහයන්ගේ දෘෂ්ටිවලට ද යොදා ගත යුතු වේ. දළ කේන්ද්‍රයේ එකම රාශියක සිටීමෙන් බැලූ බැල්මට බලගතු යෝග තිබුණ ද ඒවා ග්‍රහයන්ගේ පරතරය අනුව යෝග නොවන අවස්‌ථා ද,

එසේම ග්‍රහයන්ගේ අශූභ යෝග ද දළ කේන්ද්‍රයක දුටු පමණින් පරතරයට අනුරූපීව අශුභ යෝග නොවී සිටින අවස්‌ථා දැක ගත හැකි වේ. එසේම ග්‍රහයන් රාශි දෙකක සිටින අතර ද සංයෝග වන අවස්‌ථා දැකිය හැකිය. නමුත් මේ පිළිබදව පලාඵල කථනයේදී ග්‍රහ ස්‌ඵුටකය පිළිබ`දව (ග්‍රහයන් සිටින අංශක) සදහන් නොවන විට නවාංශකය දෙස බලා දළ අදහසක්‌ ගත හැකි අතර, නවාංශකය පිළිබ`දව ජ්‍යෙdතිෂවේදියා වෙත හසල දැනුමක්‌ තිබිය යුතු අතර, එසේ වුවත් එය සියයට සියයක්‌ සිදු නොවේ.

එය හරියාකාරව නවාංශකයෙන් ප්‍රකාශ කළ නො හැක. මෙසේ මා ප්‍රකාශ කළ දෙය ජ්‍යෙdතිෂය පිළිබ`දව හසල දැනුමක්‌ ඇති අයකුට අවබෝධ වන නමුත්, ඒ පිළිබදව උනන්දුවක්‌ නො දක්‌වන අයකුට අවබෝධ කර ගැනීම අපහසු වේ.

 එසේම ග්‍රහ යෝගවලදී ද ග්‍රහයන් සිටින අනුපිළිවෙළ අනුව එකම යෝගය විවිධාකාරව යෙදිය හැකිය. එහිදී උදාහරණයක්‌ ලෙස රවි, බුධ, ශුක්‍ර යෝගය ග්‍රහයන්ගේ පිහිටීම අනුව පෙළගැස්‌වීමේදී 1. රවි, බුධ, ශුක්‍ර 2. රවි, ශුක්‍ර, බුධ 3. බුධ, රවි, ශුක්‍ර 4. බුධ, ශුක්‍ර, රවි 5. රවි, බුධ, ශුක්‍ර 6. ශුක්‍ර, බුධ, රවි යන ආකාරයට ක්‍රම 6කට යෙදේ.

එහිදී ඵල දීම එකම ආකාරයෙන් සිදු නොවේ. නමුත් දැක්‌මට අනුව එකම සම මිශ්‍රණය බැවින් ප්‍රතිඵලවල සමාන බවක්‌ ද පවතී. මේ ආකාරයට බැලු බැල්මට බලවත් බව පෙනෙන යෝග සූක්‌ෂ්ම පරීක්‌ෂාව තුළ බල රහිත වීම ද, අනිටු විපාක ඇති යෝග කිසිදු අහිතකර ප්‍රතිවිපාකයක්‌ නොදෙන යෝග බවට පත් වන අවස්‌ථා ද ඇත.

 මීට අමතරව ජන්ම පත්‍ර පරීක්‌ෂණයේදී නවාංශකය, නැකත පිළිබ`දව විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතු අතර, ග්‍රහ යෝග ද ඉහත ස`දහන් කළ ආකාරයට සූක්‌ෂම ලෙස පරීක්‌ෂා කළ යුතු වේ. එසේ කිරීම තුළින් අතීත, වර්තමාන, අනාගත යන කාලවලට අදාළව නොවරදින පලාඵල හා අනාවැකි ප්‍රකාශ කළ හැකිය.  උදාහරණයක්‌ ලෙස වෘශ්චික ලග්න හිමියාට ධර්ම කර්මාධිපති යෝගය යෙදෙන්නේ රවි, චන්ද්‍ර යෝග වීමෙනි. එහිදී රවි හා චන්ද්‍රයාගේ පරතරය (ග්‍රහ ස්‌ඵුටකය) අංශක දහ හතර හමාරක්‌ විය යුතු වේ. එනම් වෘශ්චික ලග්නයෙන් ඉපදී, අමාවක සිට පැය 16ක්‌ පමණ (ඉංග්‍රීසි පැය) දෙපසට දිනය තුළ මෙම යෝගය ක්‍රියාත්මක වන බව වෙනත් ආකාරයකින් ද තීරණය කළ හැකිය. එනම් මෙහිදී ග්‍රහ ගණිතය කුමන ආකාරයෙන් වුවද එකම සිද්ධාන්ත මත පදනම් වේ. එකම කරුණ පැතිකඩ කීපයකින් ජ්‍යෙතිෂයේදි නිර්ණය වේ.

තවද, ජ්‍යෙතිෂ න්‍යායයන් සදහා විවිධ පැතිකඩවල් කීපයක්‌ ඔස්‌සේ එනම්, උපන් දිනය පදනම් කර ගෙන හදහන සෑදීම හා එම ග්‍රහ පිහිටීම පදනම් කර ගෙන එහි විලෝමය තුළින් උපන් දිනය සෙවීම පරිණත ජ්‍යෙdතිෂවේදියකුට අපහසු දෙයක්‌ නොවේ. එය පුදුම විය යුතු කරුණක්‌ ද නොවේ.

උදාහරණයක්‌ ලෙස රවි හා චන්ද්‍රයා අතර පවතින සම්බන්ධය තුළ උපන් දිනය ද, ශනි, රාහු, ගුරු පදනම් කරගෙන වර්ෂය ද සෙවීම කළ හැකිය. මෙහිදී මාතෘකාව වෙනම දිශාවකට යොමු වූයේ ග්‍රහ ගණිතය පිළිබදව ඔබව දැනුවත් කිරීමටය. ඉහත ආකාරයට ග්‍රහ යෝග සිදුවන ආකාරය පරීක්‌ෂා කිරීම සදහා ග්‍රහයන් වෙන වෙනම විශ්ලේෂණය කළ යුතු අතර, එය ඉතා සංකීර්ණ වුවත් අනාවැකිය හා එහි සඵලතාවය ඉතා ඉහළ අගයක්‌ ගනී.

 මෙහිදී පාඨක ඔබට පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ එම යෝගවල බලපෑම ප්‍රකාශ කිරීමට ඉතා සූක්‌ෂමව කේන්ද්‍ර සටහන පරීක්‌ෂා කළ යුතු  බවත්,  ග්‍රහ සංයෝග දුටු පමණින් එහි ඵල දීම ඒ ආකාරයෙන්ම සිදු නොවන බවත්ය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment