විවාහය , පොරොන්දම් ගැලපුණු පමණින් සාර්ථකවේද ? | Gurukam.net - Gurukam.Net

Sunday, June 7, 2020

විවාහය , පොරොන්දම් ගැලපුණු පමණින් සාර්ථකවේද ? | Gurukam.net


ජීවිතයේ ප්‍රීතිමත් හා දුක්‌බර අවස්‌ථාවන්වලදීත් මෙම කේන්දර උපයෝගී කරගෙන පිහිට ලබාගන්නට අපගේ පැරණි ජනී ජනයා පුරුදුව සිටියේ ජ්‍යෙතිෂ්‍ය ඉතා වටිනා ශාස්‌ත්‍රයක්‌ නිසාය.දරුවකු මෙලොව එළිය දුටුදා සිට විවිධ කරුණු සඳහා කේන්දරය උපයෝගී කර ගනිති. 
 එහෙත් අද වනවිට මෙම ශාස්‌ත්‍රයටම නිගරු කරමින් ග්‍රහ තාරකාවන්ට කුමක්‌ කළ හැකි දැයි ඇතමෙක්‌ අසයි. 

එහෙත් එලෙස අසල අය භෞතිකවාදීන් වන අතර එසේ කියන අයද හොර රහසේම ජ්‍යෙතිෂ්‍යවේදීන් හා දේවාල කරුවන් වෙත යනු දැකිය හැකිය.උපතේදී පැය 2 1/2 ක ආසන්න කාලයේදී එකම ලග්ගනයක්‌ පමණක්‌ පවතින අතර නවාංශකයෙහි වෙනසක්‌ සිදුවිය හැකිය.

 ලග්න කේන්දරයෙහි ස්‌ථාන දොළහ අප පෙර භවයෙහි කරන ලද කුසල් අකුසල් අනුව ග්‍රහ පිහිටීම් සඳහන් වේ. එය කිsසිවකුටත් වෙනසක්‌ කළ නොහැක. සියලු සැපසම්පතින් හා රූපයෙන් අගතැන්පත් වූවද විවාහයක්‌ නොමැතිව ජීවත්වන උදවිය බොහෝවිට අපට හමුවේ.

 වත් පොහොසත්කම් රූපය ධනය නොමැති වූවද සාර්ථක විවාහ ජීවත ගතකරන අයද එමට ඇත. එසේ වන්නේ පෙර කරන ලද කර්මවලට අනුකූලවයි මෙම කරුණු වටහා නොගන්නා තරුණ පිරිස්‌ කේන්දකර නොගලපා විවාහ වී බොහෝ දුක්‌ කරදරවලට පත්වී ජීවිතය විනාශ කර ගනිති. 

මනා අවබෝධය ඇත්නම් කේන්දර ගැලපීම වුවමනා නැත කියන බොහෝ දෙනාට විවාහ ජීවිතය ගත කරන විට එහි බරපතළ තත්ත්වයක්‌ වැටහෙනු ඇත.ප්‍රධාන විවාහ දෝෂය වන කුජ දෝෂය (භෞම දෝෂය) ශනි මංගල දෝෂය 1,7 රාහු කේතුගෙන් පීඩා වීම, විෂ කන්‍යා යෝග, යෝග මේ ආදි දෝෂය පොරොන්දම්වල විශේෂයෙන් බැලිය යුතුය. 

කුජ, දෝෂ ශනි මංගල 1,7 පාපයන් ඇති කේන්දර හිමි අය එවන් මාරක තත්ත්වයන් පවා ඇති කරන ග්‍රහ පිහිටීම්වලට ගැලපෙන ලෙස විවාහයක්‌ කරගත යුතුයි. එසේ නොමැති වුවහොත් එයින් වන ප්‍රතිඵලය සුබ නැත.
 උපන් මොහොතේ උදාවූ ලග්නයට අනුකූලව යෙදුණු තැනක්‌ අනුව යෙදුනු පොරොන්දම් බැලීමේ ක්‍රමයටවඩා ග්‍රහ පිහිටීම් අනුව විවාහය තෝරාගෙන පොරොන්දම් විස්‌සෙන් වුවමනාව පොරොන්දම් දහයෙන් හයක්‌වත් ගලපා විවාහ වන්නේ නම් එම විවාහයක්‌ වසර පනහක්‌වත් සතුටින් ගත කිරීමට අඹු සැමියන් හට හැකිවනු ඇත.
 සකමා යෝගය කේන්දරයක පවතී නම් විවාහවන සහකරු හෝ සහකාරියගේ කේන්දරයේ එම පිහිටීම නොමැතිවීම විවාහයට සුබ වේ.
  7 වැන්නේ රාහු යෙදුන කේන්ද්‍රයකටද 7 වැන්නේ රාහු හෝ සෙනසුරු ඇති කේන්දරයක්‌ සොයා ගත යුතුමය.
 පොරොන්දම් ටික ගලපාදී 100-70 හෝ 80 හොඳයෑයි කියා ජ්‍යෙතිර්වේදීන් අනුමත කොට දී විවාහ වී ඒවා කැඩි බිඳී ගිය අවස්‌ථා එමට ඇත. 

 තවත් අය සියලු දේපළ නැතිවී මහපාරට වැටුණු වාරද අනන්තය. තවත් සමහර අය රෝගාතුරව සදාකාලික ඇඳට වැටුණ අයත් ඇත.

මෙම කරුණු සලකා බලා විවාහය ජීවිතයේ දෙවැනි උපත සාර්ථකව කර ගැනීමට උනන්දුවන්න.
 වැඩි විස්‌තර ස`දහා 0714983497 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment