ඔබ නොදත් ජ්‍යෙතිෂයේ හොද සහ නරක | Gurukam.net - Gurukam.Net

Friday, June 5, 2020

ඔබ නොදත් ජ්‍යෙතිෂයේ හොද සහ නරක | Gurukam.net


පැළයක්‌ වැඩෙන්නට කිසියම් ශක්‌තියක්‌ අවශ්‍යයි. මේ ආකාරයට බලන විට අප හැමටම ශක්‌තිය ඕනෑ කරනවා.  අපි ජීවත්වන්නේ විශ්වය තුළ. සියලුම සත්ත්වයන්ට ජීවත්වන්නට කිසියම් ශක්‌තියක්‌ ඕනෑ කරනවා.  ඒක අපට නොඅඩුව ලැබෙනවා. විශ්වය තුළින් විශ්ව ශක්‌තියත්, ශරීරය තුළින් ශරීර ශක්‌තියත් නොමිලයේ ලැබුණට සිවුපාවා එම ශක්‌තිය උගේම ශරීර වින්දනය සඳහා පමණක්‌ම යොදා ගන්නවා.

 ලෝකය, සමාජය දියුණු කරන්න ඌට අවශ්‍ය නැහැ. පැළයක්‌ වවාගෙන කන්න ඌට අවශ්‍ය නැහැ. සතාගේ ඥානය පාවිච්චි වන්නේ උගේම පැවැත්ම සඳහා පමණයි.
 මනුෂ්‍යයාට එහෙම බැහැ. එහෙම කරන එකත් යහපත් නැහැ. විශ්ව ශක්‌තිය විසින් ලැබෙන බලය සුදුසු නුසුදුසු ඒ කිව්වේ යහපත් හා අයහපත් දෙකටම නුවණ පාවිච්චි කිරීමෙන් ඉටු කරනවා.

මනුෂ්‍යයා ඥානය යොදලා හොඳ දේ විතරක්‌ කරන්නේ නැහැ. නරක දේත් කරනවා. මේ දෙකම කිරීම අවශ්‍යද? ඒක ඔබේ තීරණය.අපි වැඩි වශයෙන් කියනවා හැම විටම හොඳම කරන්න ඕනෑ මගෙත් අනුන්ගෙත් යහපත තකා. ඒක හොඳයි. නමුත් එය හැම තිස්‌සෙම හැම විටකම නිවැරදි නැහැ. හැම දෙයක්‌ම හැම තිස්‌සෙම හොඳ නම් ගුප්ත ශාස්‌ත්‍රය බිහි වුණේ ඇයි? ගුප්ත ශාස්‌ත්‍රයේ හොඳ නරක දෙකම කරනවා. මම දන්නේ නැති වුණාට වස්‌කවි සෙත්කවි කියලා දෙවර්ගයක්‌ තියෙනවනේ. කෙනකුට වරදක්‌ පාඩුවක්‌ වුණාම අහන්න කෙනෙක්‌ නැති වුණාම දෙවියන්ට වස්‌කවි කියනවා. සමහරු සීනිගම් දේවාලයට ගිහිල්ලා ගම්මිරිස්‌ අඹරන්නේ. වැරදි නම් රජයට මේවා නවත්වන්න හැකියිනේ.

 මේ ලෝකධාතුව තුළ එක එක ශාස්‌ත්‍ර එක එක විදියට හදාරා ප්‍රයෝජනයට ගන්නවා. පෙර දවස සඳහන් පරිදි කුලහීනයෝ නීච කුළ මන්ත්‍රවලින් රොඩී දැහැනින් පළ ප්‍රයෝජනය ගත්තා. නිවැරදිව ප්‍රතිඵල ලබනවා නම් නිවැරදියි. බොරු කරනවා නම් වැරදියි. ඒ වගේම එක එක පාරම්පරික සෘෂිවරු හිටියා.

අදත් ඒ සමහර සෘෂි නාමයෙන් ශාස්‌ත්‍ර ගොඩනැඟෙනවා. පාරම්පරික ගුරු සම්මත තිබෙනවා. ඈත ඉතිහාසයේ සිට භරණ ගණිත පරම්පරාව තිබුණා. මතක ඇතිනේ. භරණ ගණිතයා ගුරුන්නාන්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට ඕනෑම අවශ්‍ය දෙයකට නැකැත් ලබා දුන්නා විතරක්‌ නොවේ. ඕනෑම ජ්‍යෙෂ්ඨ කටයුත්තක්‌ ඉටුකරදුන්නා. හැම එකක්‌ම ගණිත තත්කාල ක්‍රමයට කළ නිසා රඡ්ජුරුවෝ "ගණිතයා" කියලා කිව්වා. නමුත් රජතුමා භරණ සහ ගණිතයාගේ දුව මෙහෙසිය කමට ගත් අසතුටට මේ භරණ ගුරුන්නාස්‌සේ රජතුමාට කටුව ගැහැව්වා. මෙයාගේ සම්පූර්ණ නම භරණ ගණිතයා. කටුව ගැසූ එක ටිකක්‌ දුරගියා. වැරදි නැහැනේ.

 රඡ්ජුරුවන්ට දඬුවම් දෙන්න කෙනෙක්‌ හිටියේ නැති නිසාත් තමුන් දන්නා ශාස්‌ත්‍රයෙන් ප්‍රයෝජනය ගත්තා. ගුප්ත ශාස්‌ත්‍රය කියන්නේ ඒකයි. ගුප්තව වැඩ කරනවා. ගුප්තව ප්‍රතිඵල දෙනවා. මේ ගණිත පරම්පරාව අදත් ඉදිරියට පවතිනවා. එක එක යුගවල ශාස්‌තෘවරු මිය පරලොව ගියාට ශාස්‌ත්‍රය අදත් පවතිනවා.

භරණ ගණිත පරම්පරාවේ අනු පරම්පරාව තමයි මීපේ ගණිත පරම්පරාව. භරණ ගණිත පරම්පරාව මීපේ ගණිත පරම්පරාව වැඩි වෙනස්‌ කමක්‌ නැහැ. මේ පරම්පරාවල මුල් කොටස ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය වන අතර අග කොටස ගුප්ත ශාස්‌ත්‍රය වනවා.

 සමහර උදවිය ස්‌වකීය නිලය බලය අනිසි විදිහට පාවිච්චි කරලා පොඩි එකා නැත්නම් බැරි එකා නැති කරන සමහර තැන් ගැන අපි අහලා තිබෙනවා. ඔබත් ඒක දන්නවානේ. ඒ පුරුද්ද නරකයි කියලා නොවැටහෙනවද මන්දා. ගුප්ත ශාස්‌ත්‍රය පාවිච්චි කරන්න කලින් ඒ ගැන දෙවරක්‌ කල්පනා කිරීම නියම ගුප්ත වේදියාගේ යුතුකම වන්නේ ඒකේ ප්‍රතිඵලය ගැන දැනුමක්‌ තිබෙන නිසා අවශ්‍යම තැනේදී කරනවා මිස නොකර ඉන්නවා නම් තමයි හොඳ.

 මේ ළඟකදී එක පවුලක්‌ තව කෙනකුගේ ගෙයක්‌ කුලියට ගත්තා. ඉන් පසු කුලිය දුන්නේ මාස 02 ක්‌ විතරයි. හිතවත් කමට අත්තිකාරම් මුදලක්‌ ගත්තෙත් නැහැ. මාස දෙකින් පසුව කුළිය දීමත් නැවැත්තුවා. ඒ ගැන කතා කරන්නට ගිහිල්ලා මේ දෙපළ බහින් බස්‌ වුණා. ඒකේ ප්‍රතිඵලයක්‌ වශයෙන් මේ ගෙයි බිත්ති ක්‍රමයෙන් ගරා වැටෙමින් තිබුණා. ගෙවල් අයිතිකාරයෝ පොලිසි ගියත් වැඩක්‌ වුණේ නැහැ.

 වෙනත් කරන්න දෙයක්‌ නොමැති වූ නිසා ගුප්ත ශාස්‌ත්‍රය ක්‍රියාත්මක වුණා. දින 03 කින් ගෙදර බල්ලා හිටි හැටියෙම මළා. ගෘහ මූලිකයා ගහකින් වැටිලා කකුල කැඩුනා. අදත් ඔප්පලයි. ඊට පසු මේ අය නිවසේ යතුර ගෙදරටම ගිහිල්ලා දුන්නා.අපිට පව් නැහැ. අපි කෙළ් යුක්‌තිය ඇති කිරීම, හොඳ ෙච්තනාවෙන් ගුප්ත වේදියා ආවට ගියාට ගුරුකම් කරන්නේ නැහැ. සමහර මිනිසුන් බැරි එකාව පාගනවා. ගුප්ත ශාස්‌ත්‍රය මැරිල කියලා හිතාගෙන. එතකොට කරදර ඇති වෙනවා.

ගුප්ත ශාස්‌ත්‍රය නරක වැඩ කළාට ඉතාම හොඳ වැඩත් කරනවා. හැමදාව කල් දාන නඩුව ඔය දින 02 කින් අහන්න පටන් ගත්තේ. බොරුවෙන් දිනන විත්තිය පැරදුනේ. මේවා බුදු හාමුදුරුවොත් දේශනා කරලා තිබෙනවා. "මනෝ පුබ්බං ගමා ධම්මා" කියලා. ගුප්තවේදය අවිස්‌වාස කරන අයට මේවා හොඳ පාඩම්.එක්‌තරා මළගෙදරක මිනිය ගෙනියන්න තිබුණේ තව කෙනකුගේ වත්ත අයිනේ තිබූ පුංචි පාරකින්. පුංචි කතා බහකින් මේ අය විරසකයි. එනිසා වත්ත අයිතිකාරයා අර මිනිය තමුන්ගේ වත්ත අයිනේ තිබූ පුංචි පාරෙන් ගෙනියන්න ඉඩ දුන්නේ නැහැ. ඊට පසු කැලෑරොද කින් යුක්‌ත වෙනත් පාරකින් මිනිය ගෙන ගියා.

මොකද ටිකක්‌ කැලෑරොද නොදියුණු ගමක්‌ නිසා. මිනිය වළදාලා හරියට දින 14 යි අර වත්ත අයිතිකාර මිනිහ හදිසියේ මැරිලා අර එපා කිව් පාරෙන් මිනිය කැර කොප්පුවට අරං ගියා. මේවා ගුප්ත විද්‍යාවේ හාස්‌කම් නඩුගන්නත් බැහැනේ. ඒකනෙ මම කිව්වේ ගුප්ත විද්‍යාවේ හොඳ නරක දෙකම තිබෙනවා කියලා. මේ ශාස්‌ත්‍ර ක්‍රමයෙන් අඩුවීමක්‌ ගැන පෙන්නුම් කරනවා. ඒ අඩුවීම කොහොම නතර කරන්නද කියලා හිතාගන්නවත් බැහැ. විශේෂයෙන්ම ගුප්ත ශාස්‌ත්‍රය, ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රය නම් ජ්‍යෙdතිෂ්‍ය කඩ මගින් හරි ගැටගසා ගෙන යනවා. ශාස්‌ත්‍රය දන්න අයට වඩා නොදන්න අය වැඩියි. දන්නා අය නිශ්ශබ්දයි.

 හුඟ දෙනකුට නැත්නම් වැඩි දෙනකුට මන්ත්‍ර කටපාඩම් නැහැ. අමනුෂ්‍ය බය වැඩියි. ඉතින් ගුප්ත ශාස්‌ත්‍රයෙන් වැඩ ගන්න බැහැ. මන්ත්‍රවල අකුරු පෙරළියක්‌. මහප්‍රාණ අකුරු අපි ඒවාට ලඝූ අක්‍ෂර - හර අක්‍ෂර කියනවා. බැඳි අකුරු මේවා කරන්න කලින් සකස්‌කඩය වැනි පොත් කියවලා උගුර හදාගන්න ඕනෑ. ඇයි මතක නැද්ද" සකස්‌කඩය නොකිව් කට - උගේ කට හුඹස්‌කට" කිව්වා. බුද්ධගජ්‍ය කියන පොතත් ඒ වගේමයි දැන් හොයා ගන්නත් අමාරුයි.

 රජය පිළිගත් උපාධි තිබුණට ගෞරව සම්මාන තිබුණට ජ්‍යෙdතිෂය ගැන දැනුමක්‌ නැත්නම් වැඩක්‌ නැහැ. බොහෝ දෙනා සේවයෙන් විශ්‍රාම ගියාට කේන්ද්‍රරයක්‌ හදාගන්න පංතියකට ගිහිල්ලා හය මාසෙකින් පසු කඩයක්‌ දාගෙන ජ්‍යෙdතිෂ පුවරුවක්‌ සවිකර ගන්නවා. එතැන් සිට ජ්‍යෙdතිෂය පිරිහෙනවා. මීපේ ගණිතගේ කියන්නේ මුල සිට අග දක්‌වා සම්පූර්ණ වු පරම්පරාවක්‌. ඉදිරියටත් එසේමයි. මේ ආකාරයට පවතින තවත් පරම්පරාවන් ශ්‍රී ලංකාවේ නැත්තේ නොවේ.

 ජ්‍යෙdතිෂය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් යෝග පිහිටීම් දෘෂ්ටි වගේම ගුප්ත ශාස්‌ත්‍රය හැදෑරීමෙන් දිෂ්ටි මන්ත්‍ර - ජප මන්ත්‍ර - ඉනා මන්ත්‍ර වැනිදෑ ගැන හොඳ දැනීමක්‌ ගන්න පුළුවන්. ගුප්ත ශාස්‌ත්‍රයෙන් පුදුම දේ කරන්න පුළුවන්. ඉන්දියාවෙන් මේ ශාස්‌ත්‍රය ආවට ශ්‍රී ලංකාවේ තමයි වැඩියෙන් පිහිටන්නෙ. අපේ සමාජයේ සමහර අය ඉන්නවා කිරි වෙහෙර වඳින්නේ නැතුව දේවාලය වඳිනවා. දෙවියෝ කියන්නේ කෙනකුට පිහිට වන බලවේගයක්‌ වුණාට දෙවියන්ටත් පොල්ගහන අයත් ඉන්නවා.විෂ්ණු කතරගම සුමන සමන් කියන්නේ මහේසාක්‍ය දෙවිවරු. මහේසාක්‍ය දෙවිවරුන් සෙත්කවි මිස වස්‌කවි අහන්නේ නැහැ. කෙනෙක්‌ තව කෙනකුට උගුල් අටවන විට, එක පිඟානේ බත්කාලා සමගියෙන් ඉඳලා නිලතල වලට අමතක කරනවා. ඒ අය මතක තබා ගත්තොත් වටිනවා, ජ්‍යෙdතිෂය ගුප්ත ශාස්‌ත්‍රය තවමත් ජීවමානයි කියලා. ඔබේම මළගිය කෙනෙක්‌ ලවාමයි ඔබට දඬුවම දෙන්නේ.

 ජීවිතයේ යෞවනය පසුකරමින් යද්දී විවාහ යෝජනා කොච්චර අය ප්‍රතික්‍ෂේප කරනවද. දරුවො නැතිව කොපමණ අය තැවෙනවාද මේ වගේ දේවල්වලට ගුප්ත ශාස්‌ත්‍රය පිහිටවන අවස්‌ථා එමටයි. ගුප්ත ශාස්‌ත්‍රය ක්‍රියා කරවා ගන්න කලින් එහෙම වන්න හේතුව බලාගන්න ජ්‍යෙතිෂය තුළින්.
ඔබේ ජන්මපත්‍රයේ මේ ග්‍රහයෝ නවදෙනා විශාල විස්‌තරයක්‌ පවසනවා. ඒ ගැන වඩා හිතන්න. උඩින් පල්ලෙන් බලන්න එපා ඔබේ ජීවිතයේ ප්‍රශ්නවලට ජ්‍යෙතිෂය හේතුව කියාවි. ගුප්ත ශාස්‌ත්‍රය ඒ ප්‍රශ්න නිරාකරණය කරදේවි. සැහැල්ලුවෙන් ජීවත් වන්න.

ගොඩක්‌ අයගේ ජන්මපත්‍ර පරීක්‍ෂා කිරීමේදී මම දුටුව විශේෂ දෙයක්‌ තමයි ප්‍රමාද වීම. කලින් පරීක්‍ෂා කරගත්තා නම් ගොඩක්‌ කල කිරීම්වලින් බේරෙන්න තිබුණා.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment